IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


’තෙල් මිල ගැන බොරු කියමින් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට චෝදනා නගනවා’


 
රංජන් කස්තුරි
 
තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
 
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.
 
  ‘‘හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි ආණ්ඩුවට ගල් ගහන්න පටන් අරගෙන.තෙල්මිල හා තෙල්මිල සූත්‍රය ගැන එතුමා විකෘති අදහස් කියනවා.මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමාගේ කාලයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 120 යිලු.ඒක බොරුවක්.මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේදී එනම් 2015 වසරේ ජනවාරි මාසය වනවිට පෙට්රල් ලීටරය රුපියල් 150යි එහෙම බැලුවම එදාට වඩා තෙල්මිල අද අඩුයි.
 
මිල සූත්‍රය රටට අවශ්‍ය දෙයක් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩු වැඩි වෙනකොට එහි වාසිය හෝ අවාසිය හෝ ජනතාවට යනවා. අපට මතකයි 2014 දී ලෝක වෙළඳ පළේ තෙල්මිල සැලකිය යුතු ලෙස අඩු වුණා.හැබැයි තෙල් මිල අඩුවීමේ වාසිය එදා ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ.



අදහස් (25)

’තෙල් මිල ගැන බොරු කියමින් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට චෝදනා නගනවා’

senarath Friday, 13 July 2018 03:01 PM

2005 සිට 2015 කාලයේදී තෙල් බැරලය ඩොලර් 128 ටත් ගියා. ඒ වුනාට රටේ යුද්ධයක් තිබිලත් පැට්‍රල් මිල උපරිමය ගියේ 150 ට. ඒත් මේ රජය යටතේ ලෝක තෙල් මිල ඩොලර් 75 සිට 28 ට අඩුවෙලත් පැට්‍රල් මිල රුපියල් 117 ට වඩා අඩුකලාද. අඩුම තරමේ ඒ අධික ලාභයෙන් සංවර්දන වැඩක් කලාද? අධිවේගී මාර්ග කිලෝමීටරයක් එදා කල උපරිම මිල රුපියල් බිලියන 7. එදා කරපු අධිවේගී මාර්ග වලින් වැඩි කොටසක් හොරකම් කළා කිව්වා. එත් අද එයට වඩා මිලක් ගෙවනවා. අද තෙල්මිල එදාට වඩා අඩුනම් මොනවටද බස්ගාස්තු වැඩිකළේ ? දුම්රිය ගාස්තු වැඩිකළේ ? මේ සියල්ලෙන් දුප්පත් මිනිහට වැදුනේ .

:       6109       8684

nishanFriday, 13 July 2018 11:47 PM

බොරු කියන්න එපා. 2015 දී බොරතෙල් බැරලයක් ඩොලර් 40 යි.

:       11       0

SenarathSunday, 15 July 2018 11:17 AM

බොරුද කියල බලන්න 2015 ජනවාරි 8 තිබුණු මිල. බැරලය ඩොලර් 75 යි . මාස කිහිපකින් තෙල් මිල අඩු උණු බව ඇත්ත. ඒ වෙනකොට බලයේ හිටියේ මේ කාලකන්නි ආණ්ඩුව. කෝ තෙල් මිල එකට සාපේක්ෂව අඩුකලාද ? ඒ ගැන තමා මම කියල තියෙන්නේ.

:       0       1

.සතයපාලSaturday, 14 July 2018 01:24 AM

බොරු සංඛයා ලේඛන ඉදිරිපත් කරන්න එපා. රාජපක්ෂලාගේ කාලයේ සියලුම බදු ගෙවලා සංස්ථාවටත් ලාභ තියලා රුපියල් සීයයට පැට්රල් ලීටරය දෙන්න කියලා උසාවිය දුන් තීන්දුවට පයින් ගහලා මහින්ද තමයි ගිනිගානට පැට්රල් වික්කේ. එපමණක් නොවේ වර්තමාන තෙල් මිලට ඩොලරයේ අගය ඉහළ යාමත් බලපානවා. පසුගිය පාලන කාලය තුල චීනයෙන් ගිනි පොලියට ගත්ත අසීමිත ණය කන්දරාව ගෙවීමට සිදුවී තිබෙන්නෙත් වර්තමාන රජයට වන අතර ඒ ගත්ත ණය වලින් බිලියන ගණන් හොරකම් කිරිම හා කල ආයෝජන වල ප්‍රතිලාභ රටට නොලැබීම යන කාරණා නිසා ඒ බර දැරීමට රටට සිදුවී ඇති බව රාජපක්ෂාලාට කඩේ යන පිරිස හැර අනික් සියල්ලන්ට අවබෝධ වී ඇත.

:       7293       6710

BamunuarachchiSaturday, 14 July 2018 06:51 AM

හලෝ සිහි බුද්ධියෙන් කතා කරන්න. පැට්‍රල් නිකන් උනත් දෙන්න පුළුවන්... රටේ අනිකුත් වියදම් වලට මුදල් නිකන් ලැබෙනවා නම්. ඇයි මේ පැට්‍රල් ගැනම කතා කරන්නේ? කතා කරන්න අනිකුත් බදු ගැනත් මේවා ඔක්කොම එකට සම්බන්ධ දේවල්. රජයක බදු අඩු වැඩිවීමත් මේසන් බාස් කෙනෙක් කපරාරුවට අඩු මුදලක් දමා ටයිල් ඇල්ලිල්ලටයි, ගඩොල් බැඳිල්ලටයි වැඩි මුදලක් දානවා වගෙයි. මහින්ද පැට්‍රල් මිල නග්ගලා විශ්‍රාමිකයාගේ බැංකු පොලියට බදු ගැහැව්වේ නැත. දොස්තර ගාස්තුවටල වැට් ගැසුවේ නැත. පැට්‍රල්වලට වැඩිමුදලක් ගෙව්වේ වාහන තිබෙන අය පමණයි.

:       164       282

BamunuarachchiSaturday, 14 July 2018 06:52 AM

මෙයා අර කව්ද කිව්වා වගේ කියන්නෙම මෝඩ කතාවක්...

:       0       124

LapayaSaturday, 14 July 2018 09:26 AM

දවල් බත් එක පිනට සිරිකොතෙන් කෑවම ඕනේ හිඟන්නෙකුට පේන්නේ ඔහොම තමයි...

:       575       1695

lal suranjithSaturday, 14 July 2018 12:28 PM

සත්‍යපාල කෙසේවෙතත් ලපයා නම මැදමූලනෙන් පින්බත් කනවා වගෙයි.

:       350       124

senarathSaturday, 14 July 2018 03:22 PM

ඔබට 2005 සිට 2015 කාලයේ පැට්‍රල් මිල බලාගන්න පුළුවන් තෙල් සංස්ථාවෙන් හෝ මහබැංකු වාර්තාවලින්. ඩොලරය 132 සිට 162 ට ගියේ මේ ආණ්ඩුවේ නිද්‍රාශීලි බව සහ මහබැංකු හොරකම නිසා. මේ රජය මේ අවුරුදු 3 ට ගත් ණය මුදල් රාජපක්ෂ පාලන කාලයේදී ගත් ණයට වඩා වැඩියි. ඒ ගත් ණයවලින් රාජපක්ෂ ණය ගෙව්වා නම්, ණය කන්ද 2015ට වඩා අඩුවෙන්න ඕනේ. ඒ වෙනුවට ණය වැඩිවෙලා. ඒ මුදල් වලින් මේ රජය සංවර්ධන වැඩ කළාද? නුවර අධිවේගී මාර්ගයේ සුළු කොටසක් ඇරෙන්න කිසිවක් කෙරුනේ නැත. ඒ බව ජනතාව වටහාගත් නිසා පසුගිය පොඩි ඡන්දයට හොඳ පිළිතුරක් ලබා දුන්නා අමතක නොවෙන්න.

:       31       421

BamunuarachchiSunday, 15 July 2018 04:52 PM

ඔබ අසන ප්‍රශ්නයට අර්ජුන මහතාගේ උත්තරය මෙන්න "රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් එය ඉතා අත්‍යවශ්‍ය නිසා යැයිද එම හේතුව නිසා අකමැත්තෙන් වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙදී තෙල් මිල වැඩි කිරීමට එකඟ වීමට සිදු වු බවද අමාත්‍යවරයා පැවසීය." අර්ජුනගේ මෙම පිළිතුර මහින්දට වලංගු නැද්ද?

:       0       0

සතයපාල Friday, 13 July 2018 04:24 PM

ඇත්ත කියලා කොහොමෙයි ඡන්දයක් කරන්නේ. !

:       634       534

Nuwan Friday, 13 July 2018 10:42 PM

මංගල තරම් බොරු කියන ඇමති කෙනෙක් තවම මේ ලංකා ඉතිහාසයේම බිහිවෙලා නැ සෙනරත්ගේෙ ගේ කතාව හරි. තාම බොරතෙල් බැරලයක් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් 75 අවට .. මහින්දගේ කාලේ එකේ මිල 120 වගෙත් වැඩි උන.. 2016 ඉදල බොරතෙල් බැරලයක් ඩොලර් 20 ගණන් වලටත් ගියා . ඒකාලේ මේ මිල සූත්‍රය දැම්මනම් රුපියල් 60 අඩුවෙන් පෙට්‍රල් ලීටරේ ගන්න තිබුන. එත් එහෙම කලේ නැ. දැන් තෙල් මිල වැඩි වෙනකොට මිල සූත්‍රය දානවා. මෙහෙම මිනිස්සු රවට්ටන්න එපා ඇමතිතුමා. මොකද දවසක මේවා ඔබතුමාට පළදෙනවා. කර්මය විශ්වස කලත් නැතත් පළදෙනවා හැමට සමානව. නාමල්ගේ ලම්බෝගිනි තියෙනවා කිව්වා. කෝ දැන් ඒවා.කුලියට රේස් වලට ගෙන්නපු වාහන ඔක්කොම නාමල්ගේ කිව්වා. තව මොනවද නොකිව්වේ . මෙය තමා රනිල්ට මිස්ට බීන් කිව්වේ. ප්‍රේමදාස ජනධිපති ට කොච්චර බොරු චෝදනා කලද?

:       0       1

Adam Friday, 13 July 2018 11:15 PM

මෙතුමාගේ මොලේ අමාරුව එන්න එන්නම වැඩිවෙනවා අනුන් ගැන බණ කියනවයි... අහිංසක මිනිස්සුන්ව සුරගෙන කනවයි ඇරුණම වෙන වැඩක් නැහැ

:       0       1

Mahee Saturday, 14 July 2018 01:25 AM

බලයට පත් වුණාම කරන සියලුම දේවල් බලයේ ඉන්න කට්ටියට ඉතාම වටිනා ජනහිත කාමී දේවල්. අනික් පැත්තට වෙලා කෙළ හලමින් ඉන්න පිරිසට ඒ සියලුම දේවල් ජනතා විරෝධී වැඩ. ඊ ලඟට තට්ටුව මාරු වුණාමත් ඒ ගොල්ලන් කිව්ව ටික මේ ගොල්ලන් කියනව. මේ ගොල්ලන් කිව්ව ටික ඒ ගොල්ලන් කියනවා. හිස් වචන විතරයි. හැබැයි ඉතින්, කවදාවත් බලයට එන්න බැරි කට්ටියට දෙගොල්ලන්ගෙම වැඩ ජනතා විරෝධී ක්‍රියා. පව් කියලත් හිතෙනව.

:       193       140

Sapumal. Saturday, 14 July 2018 02:43 AM

ඔබතුමා හොරකම් නොකරන හොඳ ඇමතිවරයෙක්. එ්ත් මුදල් ඇමැතිකම ඔබතුමාට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. රවී කාලා විනාශ කරපු අමාත්‍යාංශය තමයි ඔබතුමාට හම්බ වුනේ. අනික අමාත්‍යාංශ නිලධාරීන් දක්ෂ බුද්ධිමත් කට්ටිය වෙන්නත් බැහැ. නැතිනම් ඡන්දයක් ළඟ තිබියදී මේ විදිහට නිතර නිතර තෙල් මිල වැඩිකරයිද? කොහොම වුනත් වෙන කරන්න විකල්ප ඔය විශාල පඩි සහ පහසුකම් ලබන නිලධාරීන් නොමැතිද? මේ තත්වය පොහොට්ටුවේ ජයග්‍රහණයට පාර කැපීමක් නොවන්නේද?

:       1738       1855

MaheeSaturday, 14 July 2018 07:02 AM

මංගලට ඇති චරිත සහතිකය කුලියට ලියපු එකක් වෙන්න ඇති නේද?

:       417       210

SapumalSunday, 15 July 2018 04:00 AM

" අනුකම්පා සහිත දේ පෙන්වයි 'සදය' නම " " එසේ නොවන දේ 'නිර්දය' ලෙසින් නම " "ඒ බව නොදත් අය කැතකොට මගේ නම" " කුලියට කහින කැත මිනිසෙකු නොවෙයි මම "

:       0       432

senaSaturday, 14 July 2018 07:51 AM

සපුමල් මහත්තයා බොහොමයක් නිලධාරින්ට ඕනේ මේ ආණ්ඩුව වට්ටලා බලය ඇති කෙනාට හේත්තුවෙලා හොරකම් කරන්න.

:       689       456

SamanalayaSaturday, 14 July 2018 09:31 AM

ඔබතුමා කරන වැඩේ හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන්නේ නැහැ. හේතුව එතුමාට ඉන්නේ පුතාලම තුන් දෙනෙක් නිසා. එ්කයි වෙනස. ඔබතුමා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ගල් ගැහුවට, මේ රටේ ඉන්න කිසිම මනුස්සයෙක් පිළිගන්නේ නැහැ මහින්ද මැතිතුමා පඳුරු අස්සේ ඉඳගෙන ගල් ගහනවා කියලා.

:       659       1438

airia Saturday, 14 July 2018 02:44 AM

පොලිස් ඉන්ස්පෙක්ටර් චාර්ල්ස් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂව මරන්න කුමන්ත්‍රණය කරමින් සිටියි.

:       184       45

Shan Saturday, 14 July 2018 06:13 AM

රාජපක්ෂලා කවද්ද ඇත්ත කිව්වේ? හැමදාම බොරු කියකියා ඡන්දෙ අරගෙන හොරකම් කරපු එක තමයි කළේ.

:       216       25

siri Saturday, 14 July 2018 08:56 AM

විකෘති අදහස් කෙසේ වෙතත්, ඔබගේ විකෘති ආශාවන් ගැන ජනතාව දන්නවා.

:       5181       6557

SAM Saturday, 14 July 2018 10:04 AM

අසව්... අසව්.. සත්‍යපාල බේගල් කියන හැටි...

:       1008       1678

සතයපාල Sunday, 15 July 2018 04:00 AM

සනත් නැවත ඔබ ව්‍යාජ සංඛයා දක්වයි ඩොලරය තවම 162 ට ගොස් නැත එය අද දින වනවිට 159.90 කී. මෙසේ ඩොලරය බාල්දු උනේ මහා බැංකු හොරකම නිසාම විතරක් නොවේ රාජපක්ෂ යුගයේ සිදුවු ග්‍රීක බැදුම්කරය හෙජීන් ගිවිසුම එයාර් බස් ගණුදෙනුව මිග් ගණුදෙනුව වැනී අපමණ දුෂිත ගනුදෙනු රාශියක් හේතුවෙන්ය. රාජපක්ෂලා ගත්තට වැඩිය මේ ආණ්ඩුව මේ ආණ්ඩුව ණය ගත් කථාවද රාජපක්ෂලාගේ අතේ රෝලක් පමණයි. එය මහා බැංකු වාර්ථා මගින් සනාත කල නොහැකියි. ඒ ගැන ඊට වැඩිය කියන්න දෙයක් නැති අතර රාජපක්ෂලා හා වික්‍රමසිංහලා මේ රටට කල හා කරමින් ඉන්න විනාශය ගැන පැහැදිලි අවබෝධයකින් කතා කරනවා ඇරෙන්න කිසිවකුගේ වහලකු නොවන බව සදහන් කරනු කැමැත්තමී.

:       251       0

BamunuarachchiSunday, 15 July 2018 05:19 AM

ඉතින් බල බල ඉන්නේ ඔප්පු කොරලා හිරේ යවන්නකෝ. දැන් හෙජින් ගිවිසුම ගැන මොකද කියන්න? ඔන්න තෙල් මිල ඉහල යන්න පටන් ගත්තාලු. කීවොත් මැටි කතාවක්ම තමයි

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 21 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 362 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 751 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 267 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 182 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 178 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 194 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1395 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site