IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


’කිසිම අපේක්ෂකයෙක් මැතිවරණ නීති පිළිපදින්නේ නෑ’

(එෆ්.අස්ලම්)

කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නොපිළිපදින බවත් මැතිවරණ නීති වැඩි වීමට ප්‍රධානම හේතුව ඒවාට සම්බන්ධ අපේක්ෂකයින්ට අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් බදුල්ල මැතිවරණ කාර්යාලයේ දී පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ එකදු අපේක්ෂකයකු හෝ අධිකරණය හමුවේ වරදකරු වන්නේ නම් ඔහුට ලැබෙන දඬුවම් අමතරව වසර හතක දේශපාලන තහනමක් පැනවෙන බවත් හූල් මහතා සඳහන් කළේය.

මැතිවරණ තත්වය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සදහා රත්නජීවන් හූල් මහතා අද (2) බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පැමිණි අතර එහිදී සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් සමගින් සාකච්ඡාවක ද නිරත විය.

එම අධීක්ෂණ චාරිකාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රත්නජීවන් හූල් මහතා මෙසේද සදහන් කළේය.

සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් මැතිවරණ කාර්යාලයේ කටයුතු සාර්ථකව සිදුකර තිබෙනවා. නමුත් මේ ප්‍රදේශයෙන් තරග වදින කිසිදු දේශපාලන පක්ෂයක එකදු අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නිසි ලෙස පිළිපදිමින් මැතිවරණ ව්‍යාපාරය කරන බවක් පෙනෙන්නේ නැහැ.

මැතිවරණ නිති වැඩි වීමට ප්‍රධාන හේතුව දේශපාලකයින් මැතිවරණ නීති සෙල්ලමකට ගණන් ගෙන කටයුතු කිරීමයි.මැතිවරණ නීති  කැඩීම් ගැන පැමිණිල්ලක් ලැබීමේදී පොලිසිය එම පැමිණිල්ල විභාග කරන්න ගිහිං අවවාද කර පැමිණෙනවා.දේශපාලකයින් සෙල්ලමකට අරන් සිටින්නේ ඒ නිසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ එකදු දේශපාලකයකුට එරෙහිව හෝ අධිකරණය හමුවේ කරුණු වාර්තා කර වරදකරුවකු කරන්නේ නම් ලැබෙන දඩුවමට අමතරව එකී දේශපාලකයාට වසර 7ක කාලයක් දේශපාලනය කළ නොහැකි වන තහනමක් පැනවෙනවා.

පොලිසිය එසේ නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක නොකරන නිසා තමයි දේශපාලකයින් මේ විදිහට මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරන්නේ. මා විශ්වාස කරනවා මේ ආකාරයේ දැඩි පියවරක් එකදු දේශපාලකයකුට හෝ ගන්නේ නම් නිසැකවම මැතිවරණ නීති උල්ලංඝනය වීම් නවතිනු ඇතැයි කියා.

 



අදහස් (27)

’කිසිම අපේක්ෂකයෙක් මැතිවරණ නීති පිළිපදින්නේ නෑ’

සේන Sunday, 02 August 2020 11:14 AM

කොමිසමේ ඉන්න සමහර කොටි හපුවොත් නීති රීති පිළිපදින්නේ නෑනේ...

:       13       127

කරුණාවති Sunday, 02 August 2020 11:40 AM

ඔයා නීතිය රකින්නෙත් නෑනේ හූල් මහත්තයෝ.

:       17       102

Sisira Sunday, 02 August 2020 11:45 AM

මෙයා නිරෝධානය නීති කඩලා දැන් අනිත් අයට බන කියනවා.

:       14       78

අතුල සෞදි Sunday, 02 August 2020 11:47 AM

මහ කකුළුවො පොඩි එඑවුන්ට කෙලින් යන්න කියලා දෙනවා ....

:       1       82

නෙවල් Sunday, 02 August 2020 11:48 AM

එතකොට උසාවියෙන් සිතාසි නිකුත් කරලා තිබෙද්දි හොරෙන් රටෙන් පිටවුණා කියන්නේ නීත්‍යානුකූලවද? රට ඉඳලා ආපු දුව කාර්යාලයට එක්කගියේ නීත්‍යානුකූලවද?

:       1       74

විජිත් Sunday, 02 August 2020 12:34 PM

ඔබතුමාගේ අදහස් දැක්වීම සාධාරණයි.

:       39       1

sam Sunday, 02 August 2020 12:57 PM

මැතිවරණ නීති කඩ කළ නරකම මිනිසා ඔබයි. ඕනෑම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකුට උසාවියට ​​ගොස් මැතිවරණයක් නොපැවැත්වීමට තර්ක කළ හැක්කේ කෙසේද? මැතිවරණයෙන් පසු ඔබේ බෑග් ඇසුරුම් කර ගෙදර යන්න. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු ලෙස ඔබේ හැසිරීම පිළිකුල් සහගත, බිහිසුණු, කැතයි.

:       0       92

DM Sunday, 02 August 2020 01:11 PM

ඔබතුමත් කොරෝනා නිරෝධායන නීති ගණන් ගත්තේ නෑ නේද?

:       0       32

Prasanna Sunday, 02 August 2020 01:46 PM

ඔයත් ස්වාධීනයි කිව්වට ස්වාධිනම නැනේ ඉතින්.

:       0       0

Aslam Sunday, 02 August 2020 02:14 PM

මේයා කියන ඒවා කවුද ගනන් ගන්නෙ.?

:       0       51

kalu Sunday, 02 August 2020 02:31 PM

එල්ටීටීඊ එකට කඩේ යනගමන්, ලංකාවේ මැතිවරණ නීති ගැන කතාකාරන්න මෙයා කවුද? යහපාලනේ ගෙනාපු පිලිලයක් තමයි. (බොරුවට​) ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කළයුතුමයි...!

:       0       13

Praba Sunday, 02 August 2020 03:20 PM

බල්ලොත් එක්ක නිදා ගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා..

:       0       45

නිලන්ත Sunday, 02 August 2020 04:56 PM

රඟපාන දේශප්‍රියට වඩා ඔබ අවංකයි හූල් මහතාණෙනි. ඒත් ඔබගේ හොඳ සිංහල ජාතිවාදීන්ට පෙන්නන්න බෑ. මේ මාසයේදී ඔබත්, ප්‍රජාතන්ත්‍රවාදයත් ලංකාවෙන් තුරන් වනු ඇත.

:       29       21

රාජන් Sunday, 02 August 2020 05:26 PM

ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන්ට කොමිෂන් සභාවල සාමාජිකත්වය දැරීමත් තහනම් කළ යුතුයි.

:       0       61

Perera Sunday, 02 August 2020 07:11 PM

ඔක්කොම එකයි. කාටවත් ඡන්දෙ දෙන්න එපා. එනකෙනෙක් ඕන විදිහකට ආපුදෙන්. කවුරු ආවත් කරන්නේ අපිට ප්‍රශ්න ඇතිකරලා ඒ අයගේ ප්‍රශ්න විසඳාගන්නා එකයි.

:       0       1

anura Sunday, 02 August 2020 07:26 PM

ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට....

:       0       50

Demuni Uduwara Sunday, 02 August 2020 08:37 PM

පොලිසිය පළමුව පොලිෂ් කළ යුතුයි.

:       0       0

විජේ Sunday, 02 August 2020 09:47 PM

අනේ හූල්, ඔයත් මුලින් රගපාලා....

:       0       10

Bamunuarachchi Monday, 03 August 2020 01:44 AM

ඔබ කොරෝනා නීති පිළිපැද්දේ නැහැ වගේ තමයි. නීති කැඩුවොත් කරන්න ඕනෑ දේත් ඔය නීතිපොතේ සඳහන් වෙලා ඇතිනේ. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. මොකද බලබල ඉන්නේ...?

:       56       6

Ratne Monday, 03 August 2020 03:19 AM

මෙතුමාගේ ප්‍රකාශය 70% ක් පමණ දුරට නිවැරදියි. එතරම් ප්‍රසිද්ධියක් නොමැති පක්‍ෂවල බොහෝ අපේක්‍ෂකයින් මැතිවරණ නීති කඩ කිරීමක් සිදු නොකරයි. බොහොමයක් රජයේ සේවකයින් සඳහා දේශපාලන කටයුතු වලට යෙදීම තහනම් කර තිබෙන නමුත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව සිටිය දී අවස්ථා ගණනාවකදීම පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම කිසිලෙසකින් සාධාරණ නැත...

:       0       3

shan Monday, 03 August 2020 04:27 AM

ඔබත් ඔබේ රාජකාරිය හරිහැටි ඉටුකළේ නැහැනේ.. ඒකත් ඒවගේ තමයි.

:       2       59

විජිත් Monday, 03 August 2020 04:40 AM

ඔබතුමාගේ අදහස් දැක්වීම සාධාරණයි. නමුත් හුල් මහත්මයාණෙනි නීති කඩන දෙස්පාලුවන්ව අත් අඩංගුවට අරන් නිතිය හමුවට ඉදිරිපත්කරන්න පුළුවන්, නීති ගරුක, විනීත, ශක්තිමත් කොන්දක් ඇති පොලිසියක් කොහෙන්ද මේ ධර්ම ද්වීපයේ...?

:       14       10

Sk Monday, 03 August 2020 05:12 AM

මෙයා නිරෝධාන නීති පිලිපැද්දද.?

:       0       0

Rata Perata Monday, 03 August 2020 06:33 AM

කතාව ඇත්ත. තරග නොකරන රටේ නායකයත්, කුඩුකාරයාගෙයි, හොරාගෙයි හැම රැස්වීමකටම යනවා. මේ ඔක්කොම හොරු...

:       1       1

samanthi Monday, 03 August 2020 07:25 AM

මේ කතාව කියන මහාචාර්යතුමත් කොරෝනා නීති පිළිපැද්දේ නැහැ. දැන් කේතලේ කියනවා මුට්ටිය කලුයි කියලා. තමුන් ආදර්ශමත් නොවී අනුන්ගෙන් හරියට වැඩගන්න බලන්නේ කකුළුවෝ...

:       0       57

sharm warn Tuesday, 04 August 2020 03:19 AM

ඔබ කියන කතාව සම්පුර්ණ ඇත්ත. ප්‍රශ්නය තියෙන්නේ එතන තමයි.

:       1       2

Raveendra Tuesday, 04 August 2020 05:23 AM

ඒ කතාව නම් ඇත්ත, ඒවගේම පුදුමයි " සියලුම පක්ෂ " යන වචන දෙකම යොදපු එක ගැන.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 13 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 21 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 164 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 172 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 697 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 215 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site