නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (16) පැවසීය.
එමෙන්ම කතානායකවරයා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැඳී පාවිච්චි කරනවා මිස සාධාරණත්වයේ හැන්ද පාවිච්චි නොකරන බවද මන්ත්‍රීවරයා කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.
අපිට විපක්ෂනායක ආර්.සම්පන්ධන් මහතා සම්බන්ධයෙන් පෞද්ගලික ගැටළුවක් හෝ ඔහුගේ ජාතිය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. විපක්ෂනායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ආණ්ඩුව ආරක්ෂාකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්වාධීනවීම පිළිබඳව කතානායකවරයා දුන් තීන්දුව අපි පිළිගන්නේ නැහැ. ඔහු තමන්ගේ මධ්‍යස්ථ බව පාර්ලිමේන්තුවට පෙන්විය යුතුයි.
කතානායකවරයා ආරක්ෂාකළ යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව නෙවෙයි. අද ඔහු පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැන්ද මිස සාධාරණත්වයේ හැන්ද නෙවෙයි.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’කතානායකවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පෙනී සිටිය යුතුයි’