IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘හොඳම විකල්පය අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම තිබෙන හොඳම විකල්පය යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය.

අයවැයක් හෝ අයවැයක් සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් හොඳම දේ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම යැයි ද හෙතෙම කීය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

        “වත්මන් දේශපාලන අර්බුදය ආර්ථිකයට ලොකු බලපෑමක් කර නැහැ. දැනට තිබෙන නෛතික ප්‍රතිපාදනවලට අනුව විශාල බලපෑමකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යන්න පුළුවන්. මූලධර්මවලට බාධාවක් නැහැ. විදෙස් ණය ගෙවීමට ප්‍රශ්නයක් නැහැ. විදෙස් මූල්‍ය අංශය කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතිනවා. අයවැයක් ඉදිරිපත් කළ නොහැකි නම් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම තමයි තිබෙන හොඳම විකල්පය”.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් 5 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේය. ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. එම ආණ්ඩුව යටතේ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමට නියමිතව තිබූ නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එය ද ඉදිරිපත් කළ නොහැකි විය.  



අදහස් (1)

‘‘හොඳම විකල්පය අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම‘‘

Bamunuarachchi Wednesday, 14 November 2018 04:41 PM

ඔබ හරියට හරි. අතුරු ගිණුමක් නැතිනම් අයවැයක් සම්මත කොර ගන්න. සම්මත නොවුවහොත් බහුතරයක් නොමැති නිසා විසුරුවා හරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 3 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 117 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 149 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 653 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 201 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 909 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site