(අනීෂා මානගේ)
‘‘මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා‘‘ යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද (7) තංගල්ලේදී පැවැති පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
‘‘කොළඹ දිස්ත්‍රීක්කයේ විශ්ව විද්‍යාල හැටහුටහමාරක් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රීක්කයේ දෙකක් තිබෙනවා. මාතරට විශ්වවිද්‍යාලයක් තිබෙනවා. හම්බන්තොටට විශ්ව විද්‍යාලයක් නැහැ. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. සූරියවැව අධිතාක්ෂණික විශ්ව විද්‍යාලයක්, තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණය කියන තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මං සාකච්ඡා කරලා ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා. හම්බන්තොට දැනුම් කේන්ද්‍රයක් බවට පත් කරනවා‘‘ යැයිද කීවේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා‘‘
priya Sunday, 07 June 2020 10:27 AM
ලංකාවට විශ්ව විද්‍යාලය අවශ්‍යයයි. හැබැයි අවශ්‍යතාවය තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ආසන්නව.
rukman gamage Sunday, 07 June 2020 10:29 AM
පිට්ටනියෙන් හදන්න බැරිවෙච්ච පාඩුව මෙන්න විශ්වවිද්‍යාලයකින් ගන්න හදනවා. ඉස්කෝල තරමටම මේ දුපතේ විශ්වවිද්‍යාල ඇත. මෙන්න මෙයාට ඒවත් මදි වෙලා.
samantha Sunday, 07 June 2020 10:31 AM
හම්බන්තොටම දාන එක කාලෝචිතයි. හදිස්සියකට බඩු ගන්න පොළට යන්න එයාපොර්ට් එක ලඟින්ම දාන්න. හවසට සෙල්ලම් කරන්න මහින්ද රාජපක්ෂ ක්රිඩාංගනයකුත් තියෙන එකේ වරායට යන්න විශ්ව විද්‍යාලෙ ඉඳන් බස් එකකුත් දැම්මානම් ගමෙන් බඩු ටිකකුත් ගෙන්න ගන්න පුළුවන්. සම්මන්ත්රණ ශාලාවකුත් තියෙන එකේ...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 10:31 AM
තවම දිනලා තියෙන්නේ ජනපති තුමා විතරයි. ඒ නිසා ඡන්දෙ දිනලා ඉන්පස්සේ ඔය කතාව කියන්න. මේකත් , අර ක්‍රීඩාංගනය වගේ කතාවක් උණොත්. ලැබෙන්න තියෙන ඡන්ද මෙයා අඩු කරනවා.
isurandi Sunday, 07 June 2020 10:38 AM
ඔහොම කරගෙන යද්දී හම්බන්තොට ලංකාවේ අගනගරය කරනවා කියලා කියන්නත් බැරි නැහැ..
විනිවිද Sunday, 07 June 2020 03:50 PM
හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පෙර එම දිස්ත්‍රික්කයේ ජනගහනය පාසල්වලින් පිටවන සහ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන පිරිස සහ කොපමණද කියා සොයා බලන්න. නොඑසේනම් මේවනවිට හම්බන්තොට වරාය, ගුවන් තොටුපල, ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට කලාපුරය ඇතිකර සිදුව ඇති විනාශයට තවත් අලුතින් එක්කිරීමට ඔබ සිතනවා වෙන්නට ඇත. ඔබ දේශපාලනයෙන් සමුගන්නට පෙර " බන්දුල ගුණවර්ධන හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලය" කියා ඔබගේ නමත් ගසා ගැනීමේ සිහිනයක ඔබ සිටිනවා වෙන්නට ඇත. කෙසේවෙතත් කැලයේ වාසය කරන අලින්ට පවා මේවන විට යන එනමන් නැතිව තිබෙන්නේ ඔබලාගේ රජය විසින් හම්බන්තොටට ගෙනවිත් තිබෙන්නාවූ සුදු අලින් නිසාය. අප ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට විරුද්ධ නොවෙමු. නමුත් හෝමාගම අාරම්ඹ කිරීමට සිටි ක්‍රිකට් ක්‍රීඩාංගණය පටන් ගැනීමට නොහැකිවූ ඔබ යළිත් මේ සුදානම් වන්නේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කිරීමටද? මේ කිසිවක් කිරීමට පෙර නිසි ආකාරයට පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කොට පාසල් සිසුන්ට අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාව සලසා දෙන්න. ඔබගේ ක්‍රියාවන් නිසා වර්තමාන රජය අපහසු තත්වයට පත් නොකරන්න...
sidath Sunday, 07 June 2020 10:43 AM
දැන්ද කොළඹින් පිටත් ලංකාව කියලා මතක් වුණේ?
MaheshSunday, 07 June 2020 11:35 AM
නෑ මෙයාට ඉදිකිරීම් පිස්සුවක් ඔලුවට ගහලා. ආර්ථික ප්‍රශ්න ඇති.. කීයක් හරි හොයාගන්න ක්‍රමයක් හොයන්නේ...!
විජිත් Sunday, 07 June 2020 11:03 AM
ආ දැන් ආසියානු සංවර්ධන බැංකුවට ගිහින්ද හිඟමනේ..? හැබැයි... එකක් දැනගන්න ..ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. ඒගොල්ලන්ගේ පොලිය ඉතාම අඩුයි..නමුත් නීති තදයි. ඒ ගොල්ලෝ අපේ අයගේ ව්‍යාපෘති වාර්තා අධ්‍යයනය කරනවා. එ්කට අවුරුද්දක්වත් යනවා. අනුමත වුනොත් ඒ අයගේ නිරීක්ෂණ මත තමයි සියල්ල සිදුවන්නේ. මුදල් එකපාර ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ. ව්‍යාපෘතිය කොටස් වලට කඩා, කොටසකින් කොටසට තමයි මුදල් ලබාදෙන්නේ. එ්ත් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම තෘප්තිමත්නම් පමණයි පළමුවැනි කොටසේ වැඩ නිමාවී ඇති ආකාරය ගැන... හම්බන්තොටට එයාර්පෝර්ට් එකක් හැදුවා. අලිමන්කඩවල් වහලා දාලා. කුරුල්ලෝ මරලා. අද අලි හැමතැනම. ඉඳලා හිටලා හදිස්සියකට යන එන ගුවන් යානාවක් හැර කිසිවක් මෙහි නොඑන බව දන්නෝ දනිති. ඊගාවට හාබර් එකත් හැදුවා. මුදල් හිලව්වට රට චීනාට උගස් කළා. නියමිත ණය ගෙවාගන්න බැරිව පසුගිය ආණ්ඩුව ඒක ජපානයට උකස්කළා. හැබැයි බන්දුල ගුණවර්ධන ඔබ කියන විදිහට ඔබ ආර්ථික විද්‍යා ඔස්තාර් කෙනෙක් නම් ඔය විශ්වවිද්‍යාලය හදන්න දෙන සල්ලිවලින් රුපියලක් හොරකම් කරලා පෙන්වන්න. ආසියානු සංවර්ධන බැංකුවෙන් හොරකම් කරන්න බැරිබව කවුරුත් ඔබටකිවේ නැතිද ...?
Sarath Silva Sunday, 07 June 2020 11:09 AM
අනේ හොඳයි. බයියන්ට රටේ ලෝකයේ දැනුම ලබාගන්න පුළුවන් වෙනවා.
මෙදමූලනේ Monday, 08 June 2020 01:41 AM
අන්තිමට රාජපක්ෂලගේ නම තමා ඒකටත් දාන්ඩ වෙන්නේ.
KoralageMonday, 08 June 2020 02:33 AM
ඇත්තටම මේ බයියන්ට මොලේ කළඳක්වත් නැද්ද? මොකද මේ අය කියන වංචාසහගත පට්ටපල් බොරු වලට රැවටිලා මෙයාව කොළඹින් ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන එකනේ පුදුමේ. අපේ රටට මේ මෝඩ තකතීරු ඡන්ද දායකයන් ඉන්නකම් ගොඩඒමක් නැහැ..
jahath Sunday, 07 June 2020 11:20 AM
මෙයානිසා මහින්ද මහත්තයත්, ගෝඨාභය මහත්තයත් නිකන් විනාශ වෙනවා. රුපියල් 2500 කින් මාසයක් පවුලකට ජීවත්වෙන්න පුළුවන් කිවේ මෙයානේ...
දොළුකන්දSunday, 07 June 2020 04:04 PM
අනේ පව් කිරි සප්පයෝ දෙන්නා... මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා...?
Begger Sunday, 07 June 2020 11:21 AM
එතකොට ඔයා පිට්ටනිය හදන් නැත. අනේ මහත්තයෝ තවත් නම් ණය ගන්න එපා.. අපිට ගෙවාගන්න බෑ වස්තුව ඕවා... ණය නොවී හිඟාකෑවත් සැපයි. ඔයාට ඕනෑම නම් තව වරායක් හදමු... (පොඩියට කාඩ් බෝර්ඩ් වලින්)
thridu Sunday, 07 June 2020 11:22 AM
මෙයාගේ කයිවාරු නිසා ජනාධිපතිතුමා හෑල්ලු වෙනවා..
itantha Sunday, 07 June 2020 11:24 AM
ගුණවර්ධන ගැන රටම දනී.. ජනපති අගමැති පව්...
kithsiri Sunday, 07 June 2020 11:25 AM
රුපියල් 2500 යේ කෙනානේ මෙයා ඉතින්... තව කතා මොකද?
isirini Sunday, 07 June 2020 11:26 AM
බුදු සරණයි රටට...
නොකවුට් Sunday, 07 June 2020 11:28 AM
හම්බන්තොට ජනතාවගෙන් උපහාරය...
Mahesh Sunday, 07 June 2020 11:34 AM
මේ මනුස්සයාට පුදුම ඉදිකිරීම් පිස්සුවක් තියෙන්නේ. ඉස්සෙල්ලා වැඩකට නැති පිට්ටනියක් හදන්න හැදුවා... මෙච්චර විශ්වවිද්‍යාල රටේ තියෙද්දී තව එකක් හදන්න හදනවා ණය අරන්... ලොකු කොමිස් එකක් ගහගන්න පොටක් පාදගන්න වගේනේද හදන්නේ ඇමතිතුමා..?
sam Sunday, 07 June 2020 11:44 AM
මෙයා මේ කරන්නේ අගමැතිගෙයි, එ් පවුලේ අයගෙයි හිත දිනාගෙන මෙයාගේ තනතුර ආරක්ෂා කර ගන්න හදන උත්සාහයක්..,
wicky Sunday, 07 June 2020 11:45 AM
බලමු මේ සැරේවත් වැඩේ හරියාවිද කියලා...
sam Sunday, 07 June 2020 11:48 AM
ඔබතුමාගේ කට්ටියට ආහාර ලබාගන්න ඕනෑ නිසා... හිඟාකාලා හරි එහෙත් තණකොළ පිට්ටනියක් හදාගන්නේ නැද්ද?
Siva Sunday, 07 June 2020 11:53 AM
ග්‍රවුන්ඩ් එකට වැඩිය ගාණක් මාටියා ගහගන්න පුලුවන් වෙයි නේද ඇමතිතුමා?
sanjeewa jayasingha Sunday, 07 June 2020 12:13 PM
මෙගා ඩීල් එකකින් කීයක් හොයාගෙන නැවත තායි සවාරියක් යන්න වගේ කල්පනාව.
Raveendra Sunday, 07 June 2020 12:26 PM
ක්‍රිකට්වලට නෑකම් කියනා බන්දුල නාමේ .. ඇනුනා නේද ග්‍රවුන්ඩ් හදන්නට ගොස් ඒනාමේ... ආර්ථික විද්‍යාවට හොඳටම ප්‍රසිද්ධ බන්දුල නාමේ.. ඇන ගන්නද යන්නේ නැවතත් බන්දුල නාමේ..
Raveendra Sunday, 07 June 2020 12:30 PM
කෙරුවත් විහිළුවක් බන්දුල අයියාට... අමනාපද මා සමගින් හිත රිදුණාට.. සරසවියක් හදනවා කිව්වට අපේ අයියාට... සතුටුයි අපට කෙරුවොත් එය ඉක්මණට...
රවින් Sunday, 07 June 2020 12:32 PM
මෙයාගේ මොලේ අමාරුවද? ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනි හදන්නයි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හදන්නයි යන්නේ? තියෙන දේවලින් උපරිම ප්‍රයෝජනය ගෙන එ්ම ආයතන වැඩි දියුණුකර රටේ ආර්ථිකය නැවත ගොඩ නගා ගන්නේ නැතිව කොමිස් ගහන්න පුළුවන් ආකාරයන් හොයනවා. නරකද ජාත්‍යන්තර වැසිකිලියක් හදා ගත්තොත්. සදහටම එ්කේ ඇතුළට වෙලා ඉඳිය හැකියි.
thilak Sunday, 07 June 2020 12:43 PM
දියගම ක්‍රීඩාංගණය හදන්න ගිහිල්ලා, දැන් හොඳටම මොලේ...
Nirosha Sunday, 07 June 2020 12:44 PM
එ්කටත් සල්ලි හොයන්න රට රටවල් ගානේ යනවද?
sena Sunday, 07 June 2020 12:53 PM
ඩොලර් බිලියන 5ක් එක විශ්ව විද්‍යාලයකට? - රුපියල් 2500 කින් (ඒ කියන්නේ ඩොලර් 12.60 කින්) පවුලකට මාසයක් කල් ඇදලා ඉන්න පුළුවන්.. මේ රටේ ඩොලර් බිලියන 5ක් මොකටද එක විශ්වවිද්‍යාලයක් හදන්න. මොකක්දෝ ගෝනි සෙල්ලමක් තියෙනවා බන්දුල මහත්තයාගේ...
Buddika Sunday, 07 June 2020 12:53 PM
ඔය අලි ඉන්න කැලයක් එළි පෙහෙළි කරලා හැදුවා නම් හොඳයි. මොකද මත්තල අලි අද ගම්වදිනවනේ.. අනික හම්බන්තොට ලොකු සංවර්ධන ව්‍යාපෘති ගොඩක් කළා නොවැ. එයාර්පෝර්ට් එක, වරාය, ක්‍රිකට් ක්‍රීඩාංගණ වගේ දේවල්... අද ඒවගේ මහා දැවැන්ත ආදායමින්නේ මේ රටේ බොහෝ දේවල් කරන්නේ නේද? අමතක වුණු සම්මන්ත්රණ ශාලාවකුත් හැදුවනේ...
විපරමා Sunday, 07 June 2020 12:54 PM
ක්‍රිකට් පිට්ටනිය හදන්ඩනේ හිතාගෙන උන්නේ. මේ වැඩෙනුත් හොඳ කොමිස් කුට්ටියක් ලැබෙයි නේද?
Don Sunday, 07 June 2020 01:32 PM
ටියුෂන් මාස්ටර් දැන් වැඩකාරයා වෙලා, ලෝකයේම ලොකුම ක්‍රිකට් පිටි හදනවා, විශ්ව විද්‍යාල හදනවා. කොහොම හරි ඩොලර් කුට්ටි හොයන්න, රට වෙනුවෙන් පුදුම කැක්කුමක් තියෙන්නේ...
siri Sunday, 07 June 2020 01:32 PM
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකුත් හදලා අගනුවර එහාට ගෙනගියාට පස්සේ තියෙන්නේ දළඳා මාලිගාවත් මාරු කරන එක විතරයි. අපේ පැරණි රජවරු වැඩකලේ එහෙමනේ...
Hafeel Sunday, 07 June 2020 01:33 PM
පස්සෙ කියන්න එපා හිඟා කාලා හරි ... හදනවයි කියල.
Prabha Sunday, 07 June 2020 01:59 PM
ඉස්සෙලම හදන්නේ පිට්ටනියද, විශ්ව විද්‍යාලයද.?
rocky Sunday, 07 June 2020 03:05 PM
දැන් තියෙන ටික වත් හරියට කොරගන්න බැරි බව පෙන්නේ නැද්ද?
Champa Sunday, 07 June 2020 03:15 PM
තවත් එකක් ඒ පාර. හෝමාගම ක්‍රිකට් පිට්ටනිය. ගල්කිස්සේ කෘත්‍රිම වෙරළ. දැන් විශ්ව විද්‍යාලයක් හදන්න බිලියන් 5ක් ණයට ගන්නවලු..! කවුද පිටිපස්සේ ඉන්නේ? මිස්ටර් ටෙන් පර්සන්ට්ද? අතිගරු ටෙන් පර්සන්ට්ද?
thilak Sunday, 07 June 2020 04:52 PM
අර රුපියල් 2500 වගේද ?
lalithm Sunday, 07 June 2020 05:02 PM
වයිමා සෑහෙන්න නොවෙයි, නොසෑහෙන්න ලොක්කන්ගේ පිටිපස්ස හෝදනවා. ලොක්කෝ දෙන්න පරිස්සම් වුනොත් හොඳයි. හෝදන ගමන් සයනයිඩ් ගාන්නත් බැරි නැහැනේ.
thushari Sunday, 07 June 2020 05:02 PM
අපරාදේ..., අපේ රට හා අපේ ජනාධිපතිතුමාට අපගේ ගෞරවය..!!!
kumaari Sunday, 07 June 2020 05:04 PM
මුහුණ කෝච්චියට තිබ්බ සතයක් වගේ කට ඇරියොත් ඉවරයි..
sg Sunday, 07 June 2020 06:17 PM
මෙය නිකම්ම විහිලුකාරයෙක් වෙලානේ...
Perera Sunday, 07 June 2020 07:00 PM
මොලේ කොරෝනද කොහෙද?
විජේ Sunday, 07 June 2020 11:36 PM
දූලාගෙ දෑවැදි තාම හොයලා ඉවර නෑ??
chandima Monday, 08 June 2020 01:09 AM
එතකොට ඒ පැත්තේ ඉඳන් වයඹට ඇවිත් වයඹ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිහින් අන්තිමේ වයඹ අපිට කොකා පෙන්නන්න වගේ යන්නේ?
අමල් Monday, 08 June 2020 01:12 AM
ලොකු වතුර ටැංකියකුත් හදන්න වේවි.... ශුෂ්ක කලාපේ වතුර හිග නේ.
wasantha Monday, 08 June 2020 01:51 AM
ණය ගෙවීමේ අර්බුදයක් ලංකාවට තියන බව හැමෝම කියද්දී රට විනාශ කරන්න මේ මනුස්සයට තියන පිස්සුව.
Prasad Monday, 08 June 2020 01:55 AM
යකාගේ හැටියටනේ විමානේ. කොමිස් ගන්න පුළුවන්න්නනම් වැසිකිළිත් හදයි.
sas Monday, 08 June 2020 02:44 AM
ඉදිකිරීම් වැඩ වලට මෙයාට තියෙන්නේ පුදුම තදියමක්. සමහරවිට කොමිස් කුට්ටියක් කඩා ගන්න වෙන්නැති. අලුතෙන් විශ්ව විද්‍යාලයක් අවශ්‍යද යන්න තීරණය කළ යුත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මිස දේශපාලකයන් නොවේ.
MADUSHI Monday, 08 June 2020 05:11 AM
අලුත් ඒවා හදන්න කලින් දෙනාට තියන ඒවාට පහසුකම් දෙන්න, ඒවා යාවත්කාලීන කරන්න, පුළුල් කරන්න වැඩිපුර සිසුන් ගන්න පුළුවන් වෙන විදිහට. අනන්ත දුෂ්කරතා අතරයි වෛද්‍ය පීඨ, ඉන්ජිනේරු පීඨ පවා පවත්වාගෙන යන්නේ...
සේන Monday, 08 June 2020 05:32 AM
අලුත් ක්‍රීඩා පිටි නැතුව මේ වගේ දෙයක් නිකමට කිව්වත් කමක් නෑ...
Nuwan Monday, 08 June 2020 09:23 AM
කට ඇරියොත් පට්ටපල් බොරු කියන්නේ.
jiwa Monday, 08 June 2020 05:13 PM
මෙහෙමත් කෙබර අරින ඇමතිවරු මෙයා නිසා ගරු ජනාධිපතිතුමා අනාථයි..