IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘සමාජයෙන් රෝගීන් හඳුනාගන්නේ නම් ඒ බව දැනුවත් කරනවා‘‘

(දිමුතු සදරුවන්)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා හා සමාජ මාධ්‍ය හරහා පුවත් වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

එහිදී අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ කීය.

                   ‘‘අද දින ඕමානයේ සිට පැමිණි තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කුණ්ඩසාලේ ප්‍රදේශයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයකුගේ භාර්යාව සහ මාමණ්ඩි කෙනෙක් කොවිඩ් 19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම ලංකාපුර හඳුනාගත් රෝගියාගේ එනම් කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියාගේ තවත් ඥාතියෙක් කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රාජාංගනය ප්‍රදේශයේ සිදුකළ පී සී ආර්  පරීක්ෂණ වලදී තවත් පුද්ගලයෙක් කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා පැතිරෙන බව කී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් කියා සිටියේ,කන්දකාඩු  මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරින්, රැදවියන් ලෙස සිටිය අය තම නිවෙස්වලින් නැවත නිරෝධායනය සඳහා කැඳවාගෙන යෑමේ දී මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි. ආරක්ෂක අංශ හා සෞඛ්‍ය පරීක්ෂකවරු විවෘතව මෙම කටයුත්තේ නිරත වෙනවා.

තවද රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහල කොවිඩ් ආසාදිත රෝගියකු වාර්තා වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම රෝහලෙන් වාර්තා වූ ආසාදිතයා ද  කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබෙන බව ද මේ වනවිට එම රෝහලේ 48 ක් පී සී ආර් පරීක්ෂණ සිදු කර තිබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

 

 

 



අදහස් (3)

‘‘සමාජයෙන් රෝගීන් හඳුනාගන්නේ නම් ඒ බව දැනුවත් කරනවා‘‘

Nuwan Wednesday, 15 July 2020 03:45 AM

මෙල්බර්න් නුවර දෙවෙනි රැල්ල එන්නෙ සිකුරුටි ගාඩ්ලගෙ අයතා හැසිරීම් නිසායි කියවෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. කන්දකාඩුවල පරීක්ෂණ නොකලේ ඇයි. එතන වෙච්ච අඩුපාඩු මොනවාද යන්න ජනතාවට දැනගන්න අයිතියක් නැද්ද?

:       20       12

Anton Fernando Wednesday, 15 July 2020 04:04 AM

දැන් මේ හම්බෙන රෝගීන් වෙන සමාජයකද.?

:       18       15

wicky Wednesday, 15 July 2020 05:12 AM

ඡන්දෙන් පස්සේ කියන්න පුළුවන් 100 ගුණාකාර වලින් එතකන් ඉමුකෝ.

:       34       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 265 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 539 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 656 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 547 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 158 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1743 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site