IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නෑ‘‘

(ප්‍රසාද් රුක්මල්)

පළාත් සභා විසුරුවා හැරියත් තව වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නොපැවත්වෙන බවත් ජනාධිපති මැතිවරණයෙන් පසුව  ඉදිරියේදී පැවත්වීමට නියමිත   පාර්ලිමේන්තු , පළාත් සභා,ප්‍රාදේශීය සභා  මැතිවරණ  කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (15) පැවසීය.

ඌව පලාත් සභාවේ පැවති “සුරපුරක් හදන පරපුරක් සමඟ ඌව  වෙල්ලස්ස  ගොඩනගන ඉදිරි  දැක්ම” පිළිබඳව ඌව පළාතේ  රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ආණ්ඩුකාරවරයා මේ බව කීය.

ඌව පත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද පැවසීය.

‘‘මම නීතිඥවරයෙක්. මම හොද ආදායමක් අතහැර මේ වැඩේ බාරගත්තේ ජනාධිපතිවරයා මේ තනතුර බාර ගන්න කීව නිසා. මම මේ පළාත දියුණු කරන්න සංවිධානය කරන්න ආවේ. මට මේ පළාතේ බිම් අගලක් අයිති නෑ.

ආණ්ඩුකාරවරයා ලෙස මට  පාර අතුගාන්න තියෙනවා නම් මම එය කරනවා. මේ අපේ රට, පළාත  එය දියුණු කරන්න ඕන. අපි ආකල්පමය  වශයෙන් වෙනස් වෙන්න ඕන.

දේශපාලනඥයින් බාර් පර්මිට් අරන් තියෙන්නේ. ගමේ අහිංසක  මිනිහට රා බෝතලයක් හදාගෙන බොන්න බෑ. පොලිසිය අල්ලනවා. මම පොලිසියට ඒ අහිංසක ජනතාව  අල්ලන්න එපා කීවා.

ගුරුවරුන්ට  වැඩ කරන්න පුලුවන් ළඟම තැන පාසල දෙන්න. දුරට යන්න නොදී  ගුරුවරුන්ට නිවස ළඟම පාසල දෙන්න. දුරට දැමීමෙන් ඔහුනගේ හිත කලකිරිලා මානසිකව වැටෙනවා. පවුල් ප්‍රශ්න  ඇති වෙනවා.

සෞඛ්‍ය  පත් වීම් 14000ක් එක්තරා ඇමතිවරයෙක් දුන්නා. දැන් ඉන් පවුල් 7000කගේ පවුල් කඩාකප්පල් වෙලා තිබෙන්නේ.

මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම්  පී. බී. විජේරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල  යන මහත්ම මහත්මීහු  ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

 



අදහස් (11)

‘‘වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නෑ‘‘

Chandana F Tuesday, 15 October 2019 03:20 PM

අප පාට පක්ෂ නොබලා සත්‍යට ගරු කල යුතුයි.

:       6       32

Rasika Tuesday, 15 October 2019 03:40 PM

මම දැකල තියෙනවා මීගමුවේ ඉදන් මතුගම වැඩට එන ගුරුවරු . මාසේ වැටුප 30 000

:       0       4

de silva Tuesday, 15 October 2019 06:01 PM

පළාත් සභා සදහටම එපා

:       0       78

Bamunuarachchi Wednesday, 16 October 2019 12:42 AM

බොහොම ඉස්සර 1950 ගණන්වල ගුවන් විදුලියේ ගිය එච්.ඩී.විජේදාස මහතාගේ විහිළු තහළු වැඩසටනකදීත් ගෙවල් ලඟින්ම රැකියා කරන ස්ථාන ඉඳිකර දෙන්න යෝජනා වුනා. ඒ විහිළුව සැබෑවෙන්න යනවාද කොහෙද. කොහොම උනත් පළාත් සභා නැති එකමයි හොඳ. එත් එක එක ආණ්ඩුකාරයාට ඕන විදිහට රට පාලනය වෙන්න ගියොත් රටට මොකද වෙන්නේ. මොකක් උනත් අපිට කමක් නැහැ අපේ ළමයි වෙන රටවල පුරවැසියෝ.

:       17       73

සිසිල් සුදේශ් Wednesday, 16 October 2019 02:04 AM

පුදුම නීතිඥයෙක්! කසිප්පු අල්ලන්න එපා කියලා පොලිසියට නියෝග කරලා! ඌව පලාතට දෙවියන්ගේ පිහිටයි.

:       102       12

රවින් Wednesday, 16 October 2019 03:01 AM

හොඳ වැඩක්. බලන්නකෝ ඔය පළාත් සභා නැතිව එක අවුරුද්දක් දුවලා. එතකොට තේරෙයි පළාත් සභා වල කෙරුණු රාජකාරියක් නැති බව. දෙවැනි අවුරුද්දේ ඔය නාස්තිකාර පළාත් සභා වල සිටිය සේවකයින් අනිකුත් ආයතන වලට අනුයුක්ත කොට අපරාදේ වියදම් කරපු සල්ලිවලින් පාසල්වල වැසිකිලි පහසුකම් , ඔය පළාතේ තියන අබලන් වී ගිය පාලම, විවිධ ගමන් බිමන් දුෂ්කරතා ඇති ගම්මානවලට අවශ්‍ය පාරවල් හා අනිකුත් පහසුකම් ලබාදිමෙන්ම පමණක් අති විශාල සේවයක් කල හැකිය.

:       0       167

saliya Wednesday, 16 October 2019 03:20 AM

අලුත් පනත අනුව පළාත් සභා ඡන්ද තියන එක අගමැතිගේ වගකීමක් බව උසාවියෙන් තීන්දු කලා. අලුත් අගමැති කෙනෙක් ආවොත් ඡන්ද තියේවි. ඒ ගැන ආණ්ඩුකාරය කොහොමද තීරණය කරන්නේ

:       0       10

jaya Wednesday, 16 October 2019 04:01 AM

ගමේ අහිංසක මිනිහට රා බෝතලයක් හදාගෙන බොන්න බෑ. පොලිසිය අල්ලනවා .මම පොලිසියට ඒ අහිංසක ජනතාව අල්ලන්න එපා කීවා.

:       2       6

isuru Wednesday, 16 October 2019 08:29 AM

තනතුර නීතිඥවරයෙක්. හොදවෙලවට ඔය පැත්තට ආවේ. අපේ පැත්තට ආවනම් කසිප්පු අල්ලන එක නවත්තයි. ඔබතුමාගේ ඔය ආකල්පය, වෙනස මසුරන් වටිනවා. අනේ ටිකිරි මොලේ.

:       0       0

සමන්ත Wednesday, 16 October 2019 09:07 AM

මෙතන තියෙන්නේ කසිප්පු නෙමේ රා කියලා. මට කණගාටුව මේ ලංකාවේ මිනිස්සු කසිප්පු සහ රා වල වෙනස හඳුනා නොගැනීමයි.

:       0       0

de silva Wednesday, 16 October 2019 08:52 PM

පළාත්සභා ආණ්ඩු කාරයෝ ඔය එකකවත් රටට අවශ්‍ය දේවල් නොවේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 870 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1981 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2279 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1183 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 310 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2326 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site