IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘රට රැකගන්න දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් සොයා ගත යුතුයි‘‘

 

(මුදිතා දයානන්ද)

 

විදේශීය බලවේගවලින් රට රැකගැනීම සදහා දේශපාලනඥයින් කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි නිසා දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් අප සොයා ගත යුතුයැයි ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධම්මරක්ෂික මහා නිකායේ මහානාහිමියෝ අද (23) පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවසූයේ ජාතික ඒකාබද්ධ කමිටුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ උත්සවයකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා ඔරුමිත්තනාඩුව ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

     ‘‘දේශපාලනඥයින් හැමවිටම හැම දෙයක් ගැනම බලන්නේ දේශපාලන ඇසකින්. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලයට එන්න හා බලයේ රැඳෙන්නයි. ඒ නිසා ඔවුන් ගැන අපට මෙවැනි කාරණාවලදී විශ්වාසය තබන්න බැහැ.

ව්‍යවස්ථාවක් රටකට අවශ්‍ය වන්නේ ඒ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය ගොඩනැගීමට, ජනතාව සුරක්ෂිත කිරීමට. එහෙත් දැන් එය දේශපාලන උවමනාවන් ඉටුකරගන්න ලියවිල්ලක් බවට පත්වෙලා. ත‍්‍රිපිටකයට අනුව මේ මේ දේවල් කරනවා කියලා එක දේවල් ඇතුළත් කරලා මේ ව්‍යවස්ථාවෙන් සෙප්පඩ විජ්ජා පෙන්වනවා.

ත‍්‍රිපිටකයේ කොතැනකවත් පුරාවිද්‍යාව ගැන, සංස්කෘතිය ගැන කතා කරලා නැහැ. මේවා අමූලික බොරු. මේ දේවල් ඇතුළත් කරලා බෞද්ධ අපිව නොමග යවන්න  හදනවා.‘‘



අදහස් (12)

‘‘රට රැකගන්න දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් සොයා ගත යුතුයි‘‘

සතයපාල Tuesday, 23 October 2018 04:57 PM

දේශපාලකයෙක් නොවන පුද්ගලයකුට මේ රටේ පාලකයෙක් වෙන්න හෝ පාලකයෙක් වෙලා රට පාලනය කරන්න හෝ බැහැ.

:       0       0

සතයපාල Tuesday, 23 October 2018 05:09 PM

මේ රට තුල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය හා පක්ෂ දේශපාලනය තුළ දේශපාලකයෙක් නොවන පුද්ගලයකුට මේ රටේ බලයට පත්වෙන්න හෝ රට පාලනය කරන්න බැහැ. එසේ වෙන්නට නම් හමුදා කුමන්ත්‍රණයක් වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයකින් විය යුතුයි. මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය ඉදිරියේ තියාගෙන මේ කියන්නේ එවැනි ක්‍රමයකින් හෝ රාජ්‍ය බලය අල්ලාගෙන රටතුළ ජාතිවාදී අඥාදායක පාලනයක් ඇති කළබව විය යුතුයි. දේශපාලකයෙක් නොවන පාලකයෙක්ට වැඩිය දේශපාලකයින්ට ආනොවඩවන හාමුදුරුවරුන් පිරිසක් දැන් මේ රටට අවශ්‍යයි.

:       0       0

vidya Tuesday, 23 October 2018 05:25 PM

හාමුදුරුවනේ අතන මෙතන කියවන්න්ව් නැතිව. නිකාය තුනම එකතු කරලා තරුණ හාමුදුරුවරුන්ට ආදර්ශයක් ඇති වෙන විදිහට ධර්ම ප්‍රචාරක කට යුතු කිරීම පිළිබඳ දේශනා ටිකක් පවත්වල ආදර්ශමත් වෙන්න්න කියාදෙන්න. නැතිනම් ළඟදීම අපට තමයි බණ කියන්න වෙන්නේ.

:       0       0

Mahee Tuesday, 23 October 2018 08:10 PM

කොහොම හරි බලයට එන්න හදන දේශපාලකයන් ඉන්න රැස්වීමකදී ඔබ වහන්සේ වදාළ එඩිතර වචනය ගැන මාගේ නමස්කාරය... ඔබ වහන්සේ අදහස් කරන වර්ගයේ රටට ආදරේ ඇති කෙනෙක් ලංකාවේ ඉන්නවා නේද දැන්? එයාට තල්ලුවක් දීලා බලමුද?

:       0       0

Chanak Los angeles Tuesday, 23 October 2018 09:42 PM

හාමුදුරුවනේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ පිහිටන්න එතකොට නොමගට යන්නේ නැහැ. කාටවත්ම නොමගකට යවන්නත් බැහැ.

:       0       0

nishan Tuesday, 23 October 2018 11:18 PM

තව එක්කෙනෙක් හිට්ලර් නිකායට සෙට් වෙලා වගෙයි

:       0       0

ලුම්බිණි Wednesday, 24 October 2018 12:32 AM

රට ගිලගන්න බලාගෙන ඉන්න විදේශීය බලවේග මොනවාද හාමුදුරුවනේ? දේශපාලඥයින් හැමවිටම හැම දෙයක් ගැනම බලන්නේ දේශපාලන ඇසකින්. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලයට එන්න හා බලයේ රැඳෙන්නයි කියන කතාව නම් ඇත්ත.

:       0       0

Kumar Wednesday, 24 October 2018 01:36 AM

ලංකාව රටට බිල්ලට දෙන්නේ රට සූරා කන හොරු රංචුවක්නේ. රට බිල්ලට දීල පගාවක් ගනී.

:       0       0

rocky Wednesday, 24 October 2018 01:54 AM

රටට ආදරේ ඇති හොඳ පාලකයෙක් යුරෝපා හවුලෙන්වත් ගෙන්වමු...!

:       0       0

Perera Wednesday, 24 October 2018 03:19 AM

අනේ හාමුදුරුවනේ ඔබවහන්සේවත් එහෙනම් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා දිනලා මේ රටේ ජනතාවට රට රැකගන්න නායකත්වය දුන්නනම් .

:       0       0

channa Wednesday, 24 October 2018 03:38 AM

කාටද කඩේ වඩින්නේ..?

:       0       0

laksman Wednesday, 24 October 2018 12:00 PM

අවසරයි නායක හාමුදුරුවනේ. ඔබ වහන්සේ වදාරන්නේ මොකක්ද කියා අපිට තේරෙනවා. ඔය කියන කෙනා දේශපාලනඥයෙක් නොවි සිටියදී රජයේ මුදලින් විශාල ලෙස මුදල් වියදම්කර තැනුවේ රටද පවුලද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 275 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 64 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 608 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 643 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1077 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1006 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site