IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘‘පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ට නිවාඩු දෙන්න‘‘

(විනීතා එම් ගමගේ)

පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් රෙඩ් සංවිධානය ඇතුළු වෙළඳකලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර ඇත.

සති විසි අ‍ටට වැඩි ගැබිණි මවුවරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් එය ඉතා අහිතකර තත්ත්වයකට යන බව විශේෂඥවරුන් පෙන්වා දී ඇති අතර රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවීමට රජය ගත් තීරණය ඉතා වැදගත් බවත් පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නැවැත්විය හැකි නම් එය ඉතා අගනා තීරණයක් වනු ඇති බව ද එම සංවිධාන කම්කරු අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.

පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනවතුරුත් යොමුවී නැතැයි ද එම සංවිධාන පවසති.

ඇතැම් ආයතන ගැබිණි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇතැයි පෙන්වා දෙන එම සංවිධාන නේවාසිකාගාරවල දී සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කිසිසේත්ම ඉඩ කඩක් නොමැති වීම සමහර ගැබිණි මවුවරුන් මුහුණ දී ඇති ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙයි.

එමෙන්ම බොහෝ ආයතන මේ වනවිට සිදුකරන්නේ ආසාදිතයා පමණක් සේවයෙන් බැහැර කිරීම පමණක් වන බැවින් කම්හල් තුළ සේවය කරන ගැබිණි මවුවරුන් අවදානම් තත්ත්වයේ පසුවන බවද ඔවුහු පෙන්වා දෙති.

ඩාබිඳු සාමූහිකය,ශ්‍රමාභිමානි කේන්ද්‍රය, ජනකලන සමාජ අසපුව, සවිස්ත්‍රි ජාතිකකාන්තා ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වයයන සංවිධාන මෙම ලිපියට අස්සන් කර ඇත.

 



අදහස් (2)

‘‘පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ට නිවාඩු දෙන්න‘‘

bandara Sunday, 16 May 2021 11:48 AM

කවුරුත් ඉල්ලීම් කරන්න කලින් මේ රටේ කම්කරුවන්ගේ අවදානම පිළිබඳව සොයාබැලීමක් කම්කරු ඇමතිවරයාට තියෙනවා. අවාසනාවකට අපට ඉන්නේ පාර්ලිමේන්තුවේත් නිදාගන්න ඇමති කෙනෙක්. අවම වශයෙන් කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමාවත් මේ ගැන කටයුතු කලොත් හොඳයි.

:       0       0

Rathnapriya Sunday, 16 May 2021 02:33 PM

ආණ්ඩුවෙන් නිවාඩු දෙන්න කිව්වත් පොලොන්නරු රෝහලේ ගැබිනි අම්මලාට නිවාඩු දීලා නෑ. ඔබේ වාර්තාකරුවන් හරහා මේ පිළිබඳව රටට හෙලි කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 586 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 260 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 716 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 730 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 291 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 471 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site