IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘පාස්කු ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයේ අදහස් වලින් ජනතාවගේ දුක පහව යන්නේ නෑ‘‘

(චමිල් රුපසිංහ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති.

මෙරටට පැමිණි ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිතුමන් සමඟ අද  (27) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ කාදිනල් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.

එහිදී මාධ්‍යවේදියෙකු විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු කොමිසන් සභාවක් පිහිටුවන බවට  පොරොන්දු දී තබෙන බවත් ඒ සම්බන්ධව කාදිනල් තුමාගෙන් විමසූ අවස්ථාවේ කාදිනල් හිමියෝ මෙසේ පැවැසුහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසන් සභාවක් පිහිටුවන බවට ප්‍රකාශ කළත් ඒවා පොරොන්දු පමණක් බවත්  බලයක් නොමැති අය දෙන පොරොන්දු වලට වඩා තමන්ට වැදගත් වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ බවත් උන්වහන්සේ එහිදි කීහ.

කිසිඳු දේශපාලන පක්ෂයකට පක්ෂව කතා කරන්නට තමන් සූදානම් නොමැති බවත් ඒ සම්බන්ධ විනිශ්චය ජනතාව විසින් ගනු ලබනු ඇති බවත් පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධියෙන් පීඩාවට පත්වූ ජනතාවගේ හදවත් යම් ප්‍රමාණයකට හෝ සනසන්න නම් මේ සිදුවීමේ සත්‍යය රටට හෙළිදරව් විය යුතු බවත් එය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කාදිනල්තුමනි ඇයි අපට මෙහෙම දෙයක් කළේ කියා ඒ ජනතාව තාමාගෙන් විමසන බවත් එක් එක් අය මේ සම්බන්ධයෙන් අරක කරනවා මේක කරනවා කිව්වට ඒ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත් බලයේ සිටින පිරිස් මේ සම්බන්ධයෙන් ඊට වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ කීහ.

මැතිවරණය පැවැත්වීමට  පෙර මේ සම්බන්ධයෙන් කොමිසන් සභාවක් පිහිටුවීම වැදගත් බවත් මේ සම්බන්ධව ජනපතිට ලිපියක් යොමු කළත් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් දැන් හැමෝගේම අවධානය යොමුව තිබෙන්නේ දේශපාලන බලය ලබා ගැනීම සම්බන්ධව බවත් උන්වහන්සේ පැවසූහ.

ජනපති විසින් පත්කළ කොමිසන් සභාවේ වාර්තා ජනතාව අතරට නොගිය බවත් ඒ සම්බන්ධව නීතිපති උපදෙස් මත ක්‍රියා කරන බව තමන්ට ලිපියක් මගින් දැනුම් දී තිබෙන බවත්  කී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කිසිදු පක්ෂයකට නැඹුරුවක් නොමැති ස්වාධීන කණ්ඩායමකගෙන් සමන්විත ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති ශක්තිමත් කොමිසන් සභාවක් පත්කළ යුතු බවද එහිදි සඳහන් කළහ.

 



අදහස් (15)

‘‘පාස්කු ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයේ අදහස් වලින් ජනතාවගේ දුක පහව යන්නේ නෑ‘‘

d.upul Tuesday, 27 August 2019 12:28 PM

අපේ හාමුදුරුවරු අන්දනවා වගේ කාදිනල්තුමාව අන්දන්න බැහැ වගේ.

:       59       71

duminda Tuesday, 27 August 2019 12:54 PM

කාර්දිනල්තුමා බලාපොරෙත්තු වෙන්නේ මොනාද කියල තේරුම් ගන්න අමාරුයි . අපිට වඩා කතෝලික ජනතාව බහුතරයක් ඉන්න රටවල මෙවැනිම සිදුවීම් උනා . ඒ අය තත්වය තේරුම් ගත් විදිහත් ක්‍රියා කළ විදිහත් සලකා බැලීම වටී.

:       1008       1005

salindaTuesday, 27 August 2019 01:22 PM

ඔබගේ කණ්ණාඩියේ පාට හොදටම වැඩි වගේ...

:       6       35

NishanWednesday, 28 August 2019 12:27 AM

ඔබ හරි. උන් වහන්සේ එක එක වෙලාවට එක එක දේවල් කියනවා කියන එක නම් පැහැදිලියි. ඔය කතාව බෝම්බ පුපුරපු වෙලාවේ කිව්වා නම් ආණ්ඩුව සහ විපක්ෂය එකතු වෙලා කොමිෂමක් පත් කරන්න ඉඩ තිබුනා. එදා එතුමා කොමිෂන් ඉල්ලිඉමක් කලේ නෑ. එදා එතුමාගේ භූමිකාව උනේ තනිකර ආණ්ඩු විරොධී සහ පොහොට්ටු ගැති ස්වභාවයක්. මේ දැන් තමයි පළමුවරට පොහොට්ටුවේ පටු දේශපාලනයට විරුද්දව කතා කරන්නේ. මේ වෙනස්වීම් නිසයි අවස්තාව මග හැරුනේ.

:       42       2

DilanWednesday, 28 August 2019 03:14 AM

කාදිනල්තුමා බලාපොරොත්තු වෙන්නෙ ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙන එක. බටහිර රටවල් ඔවුන්ට සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කරන්නේ සෞදියේ තෙල් නිසා.

:       3       117

Gamage Tuesday, 27 August 2019 01:27 PM

දැන් පත්කරලා තියෙන්නේ කොමිසමක් නෙවෙයිද ? එකේ ඔය හැමෝම ඉන්නේ . හැම පක්ෂෙකින්ම ඉන්නවා . රජයේ සියලුම ආයතන සම්බන්ධ වෙලා තියෙනවා . රහස් පොලිසිය වගේ ආයතන . පොහොට්ටුවේ අය සම්බන්ධ වුනේ නැතිවුනාට අනිත් අය මොනවා කරන්නද ?

:       926       945

BamunuarachchiWednesday, 28 August 2019 12:17 AM

හා හා බයුද්දීන්ට අත නොතබනු කියා පෙළපාලි ගිය එකත් කොමිසමේ සාමාජිකයෙක්. හොඳයි නේද?

:       9       30

SunimalWednesday, 28 August 2019 11:36 AM

කාදිනල්තුමා කොහොමත් පොහොට්ටුවට කඩේයනවා කියලා මගේ කිතුණු මිතුරෙකුත් කියලා තිබුණා.

:       5       89

Nimal Tuesday, 27 August 2019 02:38 PM

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයෙක් නම් ජනතාවගේ දුක පහ කිරීම සඳහා ශු බයිබලය තුලින් පමණක් ආත්මීකව විසදුම් සෙවිය යුතු වෙනවා. දේශපාලකයින්ගෙන් සහ දෙවියන්වහන්සේගෙන් එකවර විසදුම් සෙවිය නොහැකියි.

:       2       2

පහන් Tuesday, 27 August 2019 03:18 PM

ගමගේ, ඔය කමිටුවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ජනාධිපති සිරිසේනට සහ ඔහු විසින් පත්කළ නිලධාරීන්ට වරද පටවා දේශපාලන වාසියක් ගෙන ඊලඟ ජන්දයෙන් තම ගොඩ වැඩිකරගැනීමේ උත්සහයක් බව පේන්නෙ නැද්ද ? ඔය කමිටුවේ ජනාධිපති නීතීවේදීන්ම දෙතුන්දෙනෙක් ඉඳලත් යම් වැදගත් ප්‍රශ්නයක් හරි අහන්නේ ෆොන්සේකා විතරයි. මේගොල්ලෝ උසාවියේදී සාක්කිකරුවන්ගෙන් ප්‍රශ්න අහන්නෙ කොහොමද ? මේකෙදි නිකං ඔලුව අතගාලා යවනවා.

:       46       4

Amila Tuesday, 27 August 2019 04:15 PM

දේශපාලනය කරලා හත්පොලේම ගාගෙන දැන් විහිලුවක් වෙලා..

:       10       43

Jerami Tuesday, 27 August 2019 05:31 PM

මොන කොමිසමේ මොන තීදුවක් දුන්නත් පිළිගන්නේ නැතනම් කුමක් කරන්නද. ඔබ බල පොරොත්තු වන තීන්දුව කුමක්ද කියා කවුද දන්නේ. ගොටාබය ජන්දිපතිවෙලා කොමිසමක් පත් කරලා මොන තීන්දුව දුන්නත් ඒක ඔබ පිළිගන්න බලාගෙන ඉන්න බව නම් අපිට තේරෙනවා.

:       4       32

athura Wednesday, 28 August 2019 04:20 AM

ඔන්න දැන් බමුණා,සේන වගේ කට්ටිය මේක බලල කාදිනල් තුමන්ට බනින්න පටන් ගනී.

:       11       6

Bamunuarachchi Wednesday, 28 August 2019 09:14 AM

කාදිනල්තුමනි, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයට දේශපාලන වශයෙන් අදහස් දක්වනවා හැරෙන්නට වෙන කළහැකි යමක් තිබේද? ඔවුන්ට ක්‍රියාත්මක හැකි බලයක් නොමැත.

:       1       7

කරුණාරත්න Saturday, 31 August 2019 02:33 AM

කාදිනල් උන්වහන්සේ බලපොරොත්තුවන්නේ ප්‍රහාරය පිටුපස සිටින ලොක්කන්ව ඇල්ලීමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 92 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 207 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 289 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 689 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1073 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 877 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site