IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ‘‘

(නිමල කොඩිතුවක්කු)

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) කොළඹදී පැවසුවාය.


කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේබව පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී  ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරයාට නාමයෝජනා හිමිවනු ඇති බවද  ප්‍රේමචන්ද්‍ර මහත්මිය  පැවසුවාය.

 

 



අදහස් (38)

‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ‘‘

rocky Wednesday, 26 February 2020 02:06 PM

මමත් ඒ කතාව පිළිගන්නවා. ඔහු කලේ වරදක් නොවෙයි, එක අතකින් බැලුවාම හොඳ දෙයක්. ඒවා මාධ්‍යවලට දීපු එක, මාධ්‍යවලින් සමාජ ගත කරපු එක ඒ ගොල්ලන්ගේ වරදක්... රන්ජන් මේ ජල්බරියට මුහුණ දුන් විදිහත් මම අගය කරනවා. ඔහුට නාමයෝජනා දිය යුතුමයි...!

:       222       2307

DilWednesday, 26 February 2020 03:39 PM

රන්ජා යවන්න ඕනේ පාර්ලිමේන්තුවට නොවේ. මුල්ලේරියාවටයි.

:       795       726

kamaniWednesday, 26 February 2020 05:38 PM

ඔබ මුල්ලේරියාව ගැන හොඳට දන්නවා වගෙයි.. ඔබත් ඒ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තනේ. නමුත් ඔබ බෙහෙත් හරියටම අරගෙන නැහැ. තවම අර පරණ අමාරුව තියෙන බව ඔබගේ කොමෙන්ට් එකෙන්ම පෙනෙනවා. නැවත ඔය කියන තැනට ගිහින් හොඳ දොස්තර මහත්තයෙක්ම හම්බ වෙන්න. මොකද සමහර වෙලාවල් වලට මානසික රෝගීන්ම දොස්තරලා විදිහට රඟපාලා ඒ ගොල්ලන්ට දුන්නු බෙහෙත් නිකම් ඉන්න අයට පොවනවා. සමහරවිට ඔබත් ඒවගේ කෙනෙකුට අහුවුණාද දන්නෙත් නැහැ. ලැජ්ජාවෙන්න එපා... රෝගය ගැන සම්පූර්ණ විස්තරයම දොස්තර මහත්තයාට කියන්න. සමහරවිට ඔබ ඒ ඉස්පිරිතාලෙන් පැනලා ආව කෙනෙක් නම් ගේට්ටුව වැදීම ඒ ගොල්ලෝ ඔබව අල්ලාගනිවි..

:       0       0

maalakaThursday, 27 February 2020 01:16 AM

ඔයා ඉන්නේ ඒ මතේද?

:       0       14

සමන්ත Wednesday, 26 February 2020 02:06 PM

කවුරු කොහොම කිව්වත් රන්ජන්ට නාම යෝජනා දිය යුතුයි. පාර්ලිමේන්තු යන නොයන එක මහජනතාව තීරණය කරයි....

:       47       805

Ruhunu Wednesday, 26 February 2020 02:24 PM

ඔබතුමියට කරපු දේ වරදක් නැතිනම් අපටත් ප්‍රශ්නයක් නැහැ.

:       22       418

max Wednesday, 26 February 2020 02:31 PM

මොන ජාතියේ අයවලුන්ද යනවග පහුගිය කාලයේ රටටම එළිවිය... ඔබ දෙපළම නැවත පාර්ලිමේන්තුවේ දකින්නට නොලැබීම අපේ පැතුමයි.

:       1277       1568

Dil Perera Wednesday, 26 February 2020 02:48 PM

අපි අහපු දුරකථන සංවාදවල තිබුණු වචන, වෙනත් ඕනෑම ආයතනයක (පාසලක, විශ්ව විද්‍යාලයක, රැකියාව කරන ස්ථානයක, ආගමික සිද්ධස්ථානයක, බසයක, ...) දෙපාර්ශවයක් අතර වුණි නම්, කියපු පුද්ගලයාව පිළිකුලෙන් සලකා, පොලිසියට පැමිණිලි කරනු ඇත. මැයට නම්, මේවා සුළු දේවල් විය හැකිය. නමුත් රටේ පරමාදී ස්ථානය මෙතරම් පිළිකුල්වී ඇති කාලයක, එහි පාරිශුද්ධභාවය ඉහළ නැංවීම වෙනුවට, පාපතරයින්ව ආරක්ෂා කිරීමට තැත්දරනා මෙම මන්ත්‍රීතුමිය, අද අම්මා කෙනෙක් නේද? අනිකුත් රටේ දරුවන්ට ආදරයක් මෙතුමියගෙන් අපි බලාපොරොත්තු වන්නේ නැත. නමුත්, අවම වශයෙන් තම දරුවෙකුට ආදරයක් ඇති මවකුගෙන් මෙවන් ප්‍රකාශයක්, රටේ ජනතාව වන අපි කිසිදා බලාපොරොත්තු නොවුනෙමු. භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අද අප අතරේ නැතිවීම, අපට දුකකි. නමුත් මෙවන් ප්‍රකාශවලට සවන් දීමට නොහැකිවීම, එතුමා කරන ලද පිනකි. ඉදිරිපස නොව, පිටිපස කතා කරලා තියෙන්නේ...

:       2375       2601

samiraWednesday, 26 February 2020 05:40 PM

ඔබ ඔය කියන ශුද්ද වූ ස්ථානවල රන්ජන් කියපු කතා කියන්නෙම නැතිද...? කියන්නේ නැතිවුණත් ඒවා ඔක්කොම "කරලාම" තියෙනවා. ඔබගේ ශුද්ධ වූ ස්ථානවල... ලැජ්ජයි හලෝ...

:       0       0

RaveendraWednesday, 26 February 2020 05:40 PM

පැරණි කියමනක් තිබෙනවා "ඔටුකිරිවලට සුනඛ ධේනුවත් සාක්කි" කියලා. එම කියමන මෙම ස්ත්‍රියට මනාවට ගැලපෙනවා. රටේ වැදගත් ස්ථානවලට පත්කළ නිසා මහජනතාව දැන් දුක්විඳිනවා. ඉදිරියේදීවත් අප මහජන සේවය සඳහා පත්කරගත යුත්තේ මහත්මා ගතිගුණවලින් පරිපූර්ණවූ නිහතමානි, අවංක පුරවැසියන් බව අපම තීරණය කළයුතුයි. එමගින් මෙවන් අය එම වැදගත් ස්ථානවලට පත්වීම වළක්වාගත හැකිය.

:       0       1

NadeekaWednesday, 26 February 2020 09:45 PM

ඔය හඬ පට මාධ්‍යට දුන්නේ රන්ජන් නෙමෙයි, අපි හැමෝටම පුද්ගලික ජිවිතයක් තියෙනවා

:       0       0

maalakaThursday, 27 February 2020 01:17 AM

ඔයා ඉන්නේ මොන සුරඟන ලෝකෙද ?

:       133       29

lanka Wednesday, 26 February 2020 02:57 PM

මේ දෙන්නට මේ කිසිම දේශපාලන අයිතිවාසිකම් නොදිය යුතුයි. දෙන්නෙත් නැහැ. පුළුවන් නම් මාරයිනුත් එක්ක ඇවිල්ලා උස්සගෙන යනවා...!!! 

:       570       1064

Kumara Wednesday, 26 February 2020 06:29 PM

රංජන්ව නවත්වාගන්න කාටවත් පුළුවන් කමක් නැහැ.

:       0       0

Ghani Wednesday, 26 February 2020 06:31 PM

මේ දෙන්නම එක අත්තේ ගෙඩි... මොවුන්ට නිසි දඬුවම් ලබාදෙන තුරු අප බලා සිටිමු.

:       0       0

Kamal Wednesday, 26 February 2020 06:32 PM

ලැජ්ජාවක් නැතිව කතාකරන හැටි විතරක්...

:       0       0

Nimanthi Wednesday, 26 February 2020 06:33 PM

කොළොන්නාවේ කොරෝනා වෛරසය...

:       0       0

vidya Wednesday, 26 February 2020 08:39 PM

පාර්ලිමේන්තුවේ පොඩි ළමයි ඉන්න තැන රනිල්ට බැන්න කෙනාට ඇමතිකම් දීලා තියනවා නම් රන්ජන්ට මැතිවරණයට තරඟ කිරීමට ඉඩ දිය යුතුයි.

:       0       13

ලුම්බිණි Wednesday, 26 February 2020 11:30 PM

අද පාර්ලිමේන්තුවේ ඉන්න මහා පරිමාණ හොරුත් එක්ක බැලුවම හිරුනිකාලා, රන්ජන්ලා වැරදි කරපු අය නොවෙයි...

:       129       176

susantha disanayaka Thursday, 27 February 2020 01:12 AM

මැක්ස් සහ ඩීල් හොඳ ඩීල්කාරයින් වගේ කමෙන්ට් වලින් පේනවා. සමාජයක හරි වැරැද්ද කතා කරන්න බැරි නම් භාෂණයේ නිදහසක් තිබේද? ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද? වාමාංශික පක්ෂ රටවල් කාලා හප කරන්න විතරයි දක්ෂ... හැම අතින්ම අදක්ෂයි රටවල් දියුණු කරන්න. මේක මේ 21වෙනි ශත වර්ෂයට පා තබලත් මේ දූපත්වාසීන්ට නොතේරෙන එක ගැන තියෙන්නේ පුදුම කණගාටුවක්...

:       0       46

Ratna P Thursday, 27 February 2020 01:41 AM

රන්ජන් වරදක් කරලා නැහැ කියාලා හිරුනිකා කියනවානම් ඉතින් මොන කතාද.?

:       2       24

MD Thursday, 27 February 2020 02:29 AM

ඔයාලගේ පක්ෂයේ ඉන්න අය දිහා බලනකොට කිසිම වැරැද්දක් නැහැ එයාගේ... වරද තියෙන්නේ ඡන්ද දායකයින්ගේය..

:       0       28

Sarath Thursday, 27 February 2020 02:33 AM

ඔව් ඉතින් රන්ජන්ට නාම යෝජනා දීලා අායෙත් ගත්තාම වැඩ නවත්තපු තැන ඉඳලා අායෙත් පටන්ගන්න පුළුවන්නේ. කරපු දේවල් අනුව ඕක නොකිව්වොත් තමයි පුදුමේ.

:       0       41

නෙවිල් Thursday, 27 February 2020 02:34 AM

අනේ බබා, දේශපාලඥයෙක් විදිහට විනිසුරුවන්ට බලපෑම්කරන එක හරි කියලාද ඔයා කියන්නේ ? .

:       25       31

rocky Thursday, 27 February 2020 02:36 AM

හොරකම්, තක්කඩිකම්, මිනීමැරුම්, දේශද්‍රෝහීකම් ආදියට චෝදනා ලැබූ පාර්ලිමේන්තු ඉන්න අයටත් වඩා ලොකු වරදක් මේ දෙන්නා කරලා තියන බව, මේ සමහර කොමෙන්ට් කරන අය හිතන බව පෙනෙනවා. හරිම සුද්ධවන්තයෝ නෙව. අනේ මෙහෙමත් රටකනේ අපි ජීවත් වෙන්නේ!!

:       11       33

jayasekara Thursday, 27 February 2020 03:39 AM

අනේ බබෝ... ඔයත් ඊළඟ පාර ගෙදර තමයි.

:       49       200

Bandara Thursday, 27 February 2020 03:57 AM

දීකිරටඑ පූසොත් සාක්කියි...

:       19       10

charith Thursday, 27 February 2020 04:19 AM

විකෘති ආශාවල් පිරුණු කීදෙනෙක් මේකෙ අදහස් ප්‍රකාශ කරලා තියෙනවද කියලා බලන්න. මනස අවුල් වෙච්ච මිනිස්සු දැන් ඉන්නේ හැමතැනම... ලැජ්ජාවක් නැතිකම ඔක්කෝටම වඩා ලොකුයි.

:       4       1

vipula Thursday, 27 February 2020 04:55 AM

රන්ජන්ට නාමයෝජනා දෙන්න එපා... එ් මනුස්සයාගේ රැකියාව කරගන්න ජනතා බලය ඕනේ නැහැ. ගැහැණු ගෙදරට ගෙන්වාගෙන කරන රැකියාව කරන්න රටේ බලය ඕනේ නැහැ...

:       22       10

ranjith Thursday, 27 February 2020 05:53 AM

පාර්ලිමේන්තුව නැති කරන මෙවන් පුත්ගලයින් පක්ෂයටත්, පාර්ලිමේන්තුවටත් හානියක් මිස යහපතක් කරාවිද?

:       25       5

anura nanayakkara Thursday, 27 February 2020 06:23 AM

මේ දෙදෙනාම පාර්ලිමේන්තුවට නොතේරීමට ජනතාව වග බලාගත යුතුයි.

:       55       18

Bamunuarachchi Thursday, 27 February 2020 06:34 AM

ඔව්, බබා එයා කිසිම වරදක් කර නැහැ. බබා දන්නවනේ එයා කරපු දේවල් නේද? අපිට නම් අහන් ඉන්නත් ලැජ්ජයි...

:       26       1

BamunuarachchiSaturday, 29 February 2020 07:50 AM

නාම යෝජනා නොදුන්නැයි කියලා ඒ හාදයාට ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිහට දෙපැත්තෙන් ඔයගොල්ලෝ කැමති ඕන පැත්තක වැඩ පුළුවන් සජිත්ම කියලත් නැහැ, රනිල් කියලත් නැහැ, බබා කියලත් නැහැ... වෙලාවට මිනිහා පැත්ත තෝරා ගනී.

:       0       0

mp Thursday, 27 February 2020 06:47 AM

දෙන්නටම හොඳවයින් දෙකක් ලැබෙයි.

:       12       0

Ajantha Thursday, 27 February 2020 07:44 AM

අනේ කොහොමහරි දෙමු.

:       14       0

Bandula. Thursday, 27 February 2020 07:46 AM

බබාලා කොහොමත් කැමතියි එයා එනවට නේද? තවත් හඬපට තියනවද බබා ඔයාගේත්...

:       41       0

kamani Thursday, 27 February 2020 07:55 AM

දුරකතනයකින් මම ඔබ අමතමි... සිරගෙයි සිටින නිසා... මගෙහිත හඳුනන ඔබ පිළිගත්තද? පටි ගත කරපු කතා...

:       17       4

වීරවිජේ Thursday, 27 February 2020 08:14 AM

සියලු සාක්ෂි තියාගෙන හිටියේ තමන්ගේ හා පක්ෂයක් ආරක්ෂා කිරීමේ අරමුණෙන්.. රටකට ආදරේට මිනිසුන්ට ආදරේට නෙමෙයි..

:       8       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 170 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 55 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 522 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 586 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1044 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 981 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site