IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘දේශපාලන පක්ෂ වලට ඉහළින් ශක්තිමත් ජනතා සන්ධානයක් ගොඩනගනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉහළට ඔසවා තැබිය හැකි ශක්තිමත් ජනතා සන්ධානයක් දේශපාලන පක්ෂ වලට ඉහළින් ගොඩනගමින්  ඊළඟ මැතිවරණ සඳහා තරඟ කරන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (12) පැවැසීය.

ඊළඟ  අගමැති ජනාධිපති අපේක්ෂකයා නම් කරගෙන එම ජනතා සන්ධානය ගොඩ නැගිය නොහැකි බවත්  සියලු දෙනාම  නායකයන් වන ලෙස මෙම නව සන්ධානය ගොඩනගන බවද රණවක මහතා සඳහන් කළේය.

‘‘ප්‍රජාතන්ත්‍රවාදය වල දමයි. රට අනතුරේ. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට  ජන බලයෙන් පිලිතුරු දෙමු‘‘ යනුවෙන් සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ ජන හමුවකට කොළඹ නව නගර ශාලාවේදී එක්වෙමින් ඒ මහතා  මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.

      ‘‘අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියකට අපි පැමිණිලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් පසුගිය සති දෙකක කාලය තුළ ව්‍යවස්තාව, සදාචාරය පිලිබඳ කිසිදු  තැකීමකින් තොරව මේ රටේ සෑම ජන කණ්ඩායමකටම සෑම පුරවැසියකුටම පිලිකුලක් ඇතිවෙන විදියට ක්‍රියාකළා.

අද මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයක් නැහැ. අද එතුමන්ව දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කරලා ඉවරයි. අද මෛත්‍රීපාල සිරිසේන  මහතාට තමන් වෙනුවෙන් කියලා කිසිම  කෙනෙක් නැති තත්වයකට පත් වෙලා තියෙනවා.

මහින්ද තමන්ට දීපු තනතුරට කෙළෙහි ගුන දැකුවූයේ  මුලුමනින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව බවට පරිවර්ථනය කරලා දේශපාලන අනාථයෙක් බවට පත්කරලයි.

සිරිසේන මහතාට කොහිල කටු ඇනි ඇනි හරි මේ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්ක හිටියනම් එතුමාට 2020 වෙනකම්  යන්න තිබුණා. මහින්ද අගමැති කිරීමෙන් එතුමන්ට අද එම ධූර  කාලය අවසන් වෙනතෙක් මහින්ද  රාජපක්ෂ මහතාම ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ රාජපක්ෂලා නෙමෙයි.

සිරිසේන  මහතාගේ ගුණමකුකම්  ගැන, අකෘතඥකම් ගැන, ව්‍යවස්තා විරෝධී, සම්ප්‍රදා  විරෝධි කාරණා ගැන අපි කතා කිරීම ඇත්තටම පිලිකුලක්. අපිට නැවතත් සතුරු කඳවුර මුන ගැහිලා තියෙනවා. මේ  රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රාජපක්ෂ ජුන්ටාව තමයි අද අපි ඉදිරියේ තියෙන ප්‍රබලම අභියෝගයයි. ඒ අභියෝගය ජයගන්න ඉදිරි කාළයේදි අපි කටයුතු කළ යුතුයි.

නැවත බලයට එන්නට වලිකන මේ පිරිසේ තත්ත්වය අපි පසුගිය සති දෙකක කාලය තුළ දැක්කා. මේ  රාජපක්ෂ ජුන්ටාව පරාජය කිරීමට දේශපාලන පක්ෂ, සංවිධාන ජාති ආගම් භේද  වලට උඩින් ශක්තිමත් ප්‍රබල  ජනතා සන්ධානයක්  බිහිකරගැනීම අද අපි ඉදිරියේ තියෙනවා.

නැත්නම්  මේ රාජපක්ෂ ජුන්ටාවේ යකඩ රෝලට මේ රට අනාගතයේදී යට වෙනවා. ඒකට අපි කවුරුත් සුදානම් විය යුතුයි.  2015 ජනවාරි 08 සිවිල් සංවිදාන, වෘත්තීයවේදීන්, ආගමික නායකයින් එක්ව ගෙන ගිය  සටනටත් වඩා ශක්තිමත්ව එකට එකතු වෙලා  මේ පුලුල් ජාතික සන්ධානය ගොඩනැගිය යුතුයි.

ඊළඟ මැතිවරණ අපි කරන්න ඕන කොළ පාටින්ද,  නිල් පාටින්ද, රතු පාටින්ද නෙමෙයි. ඊළඟ මැතිවරණ අපි  කරන්න ඕන මේ රටේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉහළට ඔසවා තබන්න පුලුවන් ශක්තිමත් ජනතා සන්දානයක් පක්ෂ වලට ඉහලින් ගොඩනගමින්  කියලා කියන්න ඕන.

ඊළඟ  අගමැති අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා නම් කරගෙන නෙමෙයි  මේවා කරන්න ඕන. අපි සියලු දෙනාම  නායකයන් වන ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට නායකත්වය දෙන්න පුලුවන් අලුත් සන්ධානයකින් තමයි මේක ජයගන්න පුලුවන් වෙන්නේ යැයිද ඔහු එහිදි පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාද මෙහිදී අදහස් දැක්වීය.

   ‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත්වෙලා එදා පළමු මාධ්‍ය හමුව පැවැත්වුනේ මේ නව නගර ශාලාවේදියි. ඉන් පසුවත් එතුමත් මමත් අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයේ විවිධ උත්සව වලට සහභාගි වුණා.  අද මට සහභාගි වෙන්න  තියෙන්නේ එතුමන්ට විරුද්ධවයි. ඒක තමයි මේ දේශපාලනයේ දෛවය කියන්නේ.

විධායක ජනාධිපතිධූරයට එරෙහිව අපි මේ සටන ආරම්භ කළේ 1978 අවුරුද්දේ සිටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිය ආණ්ඩුවෙන් එළියට එන්නත් ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

ඒ වෙනුවෙන් මගේ ස්ථාවරයේ මම දිගටම ඉන්නවා. කිසිදු වෙනසක් නැහැ. මම ඔය විධායක පුටුවේ වාඩි වුනත් මමත් වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා අපි මේ විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ අහෝසි කළ යුතුයි.

විධායක ජනාධිපතිධුරයට විරුද්ධව අපි 78 සටන් කරනවිට අපි තරුණයි. දැන් අපි මහලුයි. ඒත් අපි තවමත් මේ විධියක ජනාධිපතිධුරයට එරෙහිව සටන් කරනවා.

විධායක බලය නැති කරන්න ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් නැති බළතලත් පාවිච්චි කරමින් සිටිනවා. 

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වගේ කටයුතු කරයි කියලා කවුරු හරි අඩුම තරමින් හිනෙන්වත් හිතලා තියෙනවද? පොළොන්නරුවට වෙලා රට පාලනය කරන්න ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා අද මේ විදියට වෙනස් වෙලා තියෙනවා.

අපි මේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවළට එරෙහිව පුළුල් ජනතා සන්ධානයක් ගොඩනැගිය යුතුය. ඒක පාටවල් දෙකක් තුනක් නෙමෙයි දේදුනු සන්ධානයක් අපි ගොඩනගනවා‘‘ යැයිද ඔහු එහිදි පැවැසීය.



අදහස් (13)

‘‘දේශපාලන පක්ෂ වලට ඉහළින් ශක්තිමත් ජනතා සන්ධානයක් ගොඩනගනවා‘‘

Nihal Monday, 12 November 2018 06:27 PM

මෙවර නම් ඇපත් නැතිවෙයි...

:       0       0

SHAKTHI Monday, 12 November 2018 07:56 PM

දේශපාලන පක්ෂවලට මුවා වෙලා රට වැනසුවා ඇතිවෙලාද?

:       0       0

vipula Tuesday, 13 November 2018 03:04 AM

ජනතාව මේ අය දේශපාලනයෙන් අතුගාදමයි

:       0       0

sam Tuesday, 13 November 2018 03:32 AM

දෙන්නම ජනාධිපති වෙන්න දතකන නිසා බලය ගන්න ඕනෑම දෙයක් කරාවි. මෙච්චරකල් රනිල් වික්‍රමසිංහ මහතා යනකොට තමන්ට බලය ගන්න හිටියා, දැන් සජිත් ආවොත් තමන්ගේ වැඩේ වරදීවි කියලා වෙනම එන්න ලාස්තිවෙනවා. මම යුඑන්පී නෙවෙයි නමුත් මේ දෙන්නට වඩා සජිත්ට මම ගරු කරනවා,

:       0       0

ananada Tuesday, 13 November 2018 04:30 AM

මොනව උනත් ඔබ දෙපලම ජනතාව දෙකයි පනහට දමල උද්දච්ච විදියට තමයි පහුගිය කාලේ කතා කලේ, හැසිරුනේ. කණගාටුයි එම හැසිරීම . අනෙක් කට්ටියට හොද පාඩමක්.

:       77       324

hira Tuesday, 13 November 2018 05:51 AM

ඔයාට මේ සැරේ ඡන්දෙන් අබ සරණයි.

:       56       251

sopi Tuesday, 13 November 2018 06:14 AM

දේදුනු පායන්නත් අහසක් තිබිය යුතුයි ... බලය ලබාගන්නත් ජනතා කැමැත්ත තිබිය යුතුයි ..

:       7       147

Chandana Tuesday, 13 November 2018 06:19 AM

එතකොට ඔය සන්ධානේ ඉන්න අලුත් දේශපාලන මුහුණුද? කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ....

:       3       42

Hafeel Tuesday, 13 November 2018 06:48 AM

මෙවර ඡන්ද පොරුන්දු ඉදිරිපත් කරනවිට හොරු අල්ලන බව කියන්න එපා. මොකද්ද හිර ගෙවල් සේරම ඔබල අල්ලපු හොරුන්ගෙන් පිරිලා. එතන ඉඩ කඩත් මදි. කන්න බොන්නත් අනවශ්‍ය මුදල් නාස්ති.

:       0       94

Thusitha Tuesday, 13 November 2018 07:58 AM

සූදානම් වෙලා ඉන්න .කුඩුවේ කම්බි කුරු ගනින්න .හොර ගමන් ගිහින් අහිංසක කොල්ලෙක් යට කළා

:       0       0

isurandi Tuesday, 13 November 2018 08:03 AM

කිව්වත් වගේ ඡන්ද වැඩකටයුතුවලදී සුරංගනා කතා නොකියන තරමට දෙගොල්ලන්ටම වාසිවෙයි.

:       0       0

rama Tuesday, 13 November 2018 08:36 AM

ඡන්ද එපා කියල මහජනතාව ඉස්සරහට ඡන්දෙ ඉල්ලන්න එන්නේ රෙදි ඇඳගෙනද? ලැජ්ජයි හලෝ..

:       0       0

Bandula. Tuesday, 13 November 2018 09:29 AM

කල කල දේ පල පල දේ .... කියල තිඅනවනේ! එනිසා සක්තිමත එකෙක් අල්ලාගෙන ඉන්න තමා වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 4 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 0 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 89 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1645 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 490 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 578 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site