IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘‘දැනට එජාපයේ ඉන්න සාමාජිකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරනවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

දැනට ජාතික දේශපාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) කොළඹදී පැවැසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිපදෙනකුගේ නම් දැනට ඉදිරිපත් වී ඇති බවත් අත්දැකීම් බහුල සාමාජිකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කීය.

රුවන් විජයවර්ධන මහතා ඉදිරිපත් වන්නේ දැයි විමසූ විට තමන්ට ඒ සඳහා කාලය ඇතැයි ද තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ සිටින බව ද විජයවර්ධන මහතා කීවේය. 

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී ඇතැයි ද කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කර පරිණත අත්දැකීම් බහුල නායකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව ද ඔහු කීවේය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තවමත් කාලය තිබෙන බවත් ඒ සඳහා ඉක්මනින් පක්ෂය තුළින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව හෙතෙම කීවේය.



අදහස් (5)

‘‘දැනට එජාපයේ ඉන්න සාමාජිකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරනවා‘‘

chandima Tuesday, 09 July 2019 03:56 PM

ඒ කියන්නේ එතකොට සජිත්ට දුන්නේ ඇමක්ද?

:       16       204

chandima Tuesday, 09 July 2019 04:20 PM

ඔබතුමා ඔයකිව්වට තව ජේෂ්ඨයෝ ඉන්නවා කියලා, අපේ ඇම්ඩන් මල්ලි ඔය ඔක්කොම කරකවලා අතාරිනවා... ජනාධිපති ඡන්දෙට ඉල්ලන්න විතරක් නෙමෙයි දිවුරුම් දෙන්නත් ඇඳුම් එහෙම මැදගෙන ඉන්න...

:       1       119

td Tuesday, 09 July 2019 04:34 PM

දැනට ජාතික දේශපාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව කියා තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තව ලක්ෂ ගණනක් සාමාජිකයන් සිටි. කෙසේ වෙතත් පක්ෂයේ තෝරාගැනීමත් පාක්ෂිකයාගේ තෝරා ගැනීමත් වී යුත්තේ උගත් සහ බුද්දිමත් නායකයකි. එය අත්‍යවශ්‍ය කරුණකි. නො එසේ නම් රටටත් ලංකාවේ ඉතිරිවී සිටින ජනතාවටත් ජනසවියේ පිටවත් නැතිවීමට ඉඩ තිබේ. විශේෂයේ අලුතින් හිතන අලුත්දේ ලබාගැනීමට කැමති නායකයකු විය යුතුමය. නව ලංකාවක් ගැන සිහින මවන්නක්කු විය යුතුය. ලෝකය ගමන් කරන දිශාව හදුනා ගත හැකි විය යුතුය. නොඑසේන ලංකාවේ සිටින උගතුන් බුද්දීමතින් සියල්ල රටින් පිටවීම වැලැක්විය නොහැකිය.

:       6       52

ජයන්ත මිලානෝ Wednesday, 10 July 2019 04:01 AM

Td, ඔබ කියන්න විදිහට උගතුන් බුද්දිමතුන් රට හැරදාල අමුතුවෙන් යන්න දෙයක් නැ දැනටමත් ගිහින් ඉවරයි .දැන් යන්න ඉන්නෙ දුප්පතුන් ඔවුනුත් බෝට්ටුවලින් යනවා. මම දැක්ක විදිහට ජයවර්ධන මහත්තයාගේ කාලෙ සිට මේදක්වාම රට පාලනය කලෙ ඔය කියන මනුෂ්‍යයන් තමයි . ඔවුන් කලේ සුද්දට ඕනෙ විදිහට. රටේ සම්පත් කුනු කොල්ලයට විකුනා ඔවුන් සැප ගත්ත. අපිට ඉතිරි වෙලා තියෙන්නේ උහුලන්න බැරි ණය බරක්.

:       0       6

Sunethra Wednesday, 10 July 2019 06:37 AM

ඔය ජනාධිපති කම ගත්ත කියලා මොනවා කරන්නද? ඔක්කොම විධායක බලය දැන් තියෙන්නේ වෙන කෙනෙකුටනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 586 0

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 301 0

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 396 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 871 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 291 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1920 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1417 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site