IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘තෙල් මිල සූත්‍රය අහෝසියි‘‘

(ඩයනා උදයංගනී)

මහ බැංකු අධිපතිවරයා කුමක් ප්‍රකාශ කළ ද තෙල් මිල සූත්‍රය මේ වන විට අහෝසි කර ඇතැයි කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

රජය කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ගන්නා තීන්දු අනුව මිස මහ බැංකු අධිපතිවරයා ගන්නා තීන්දු අනුව නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය රජය මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය අයුරින් නොවන නිසා ජනතාවට සහන ලබාදීමට කිසිඳු බාධාවක් නැතැයිද ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ තෙල් මිල සූත්‍රය තවමත් අහෝසි කර නැති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්, එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (10)

‘‘තෙල් මිල සූත්‍රය අහෝසියි‘‘

සෙනෙවි Thursday, 15 November 2018 01:24 PM

අනේ අනිච්චං ගාමිණී ලොකු ගේ ඔයාට කම්කරු අැමතිකම,

:       0       1

athura Thursday, 15 November 2018 01:51 PM

යන්න මහත්මය යන්න බොරු නොකිය. බලේ නැතිකාලේ කිව්ව දේවල් ඔයාල බලයට ඇවිත් කවද්ද කලේ.

:       0       1

de silva Thursday, 15 November 2018 03:44 PM

දේශපාලකයින්ට මිල සුත්‍රය ඕනෑවෙන්නේ බොරතෙල් මිල නගිනකොට, බහිනකොට එ්කට විරුද්ධ වෙනවා. කරුණාකර මිල සුත්‍රය නැවත පනවන්න.

:       0       1

චමින්ද Friday, 16 November 2018 01:21 AM

මහ බැංකු අධිපති නොදැන මුදල් සම්බන්ද කටයුතු සිදුවෙන්නේ නැහැ. මන්ත්‍රීතුමෝ බොරු කියන්නේ ඇයි. දැනට ලෝක වෙළඳපොල‍ේ තෙල්මිළ ඉතාම පහල බැහැපුනිසා මේ රටෙත් මිල අඩුකලේ.

:       0       2

ruwan Friday, 16 November 2018 01:30 AM

ලෝක වෙළඳපොල තෙල් මිල අඩුවෙලා. මිල සුත්‍රය තිබුනානම් පාරිබෝගිකයන්ටත් තෙල් මිල අඩුවෙනවා. මිල සුත්‍රය නැතිනම් ඒ වාසිය පාරිබෝගිකයන්ට ලැබෙන්නේ නෑ.

:       0       6

Rohana Friday, 16 November 2018 02:44 AM

කවුද ඇත්ත කියන්නේ ?

:       0       2

Kumar Friday, 16 November 2018 02:48 AM

තෙල් මිල සුත්‍රයක් නැතිව කොහොමද වෙනස්වෙන බොර තෙල්මිල සමග මිල වෙනස් කරන්නේ. ඇමෙරිකාවේ සෑම සමාගමකම බොර තෙල් මිල අනුව මිල වෙනස් කරන්නේ සුත්‍රයක් මාර්ගයනි. ලංකාවේ ඉන්දන මිල වෙනස් කෙරන්නෙ ජනාධිපති කියන ආකාරයටද?

:       0       8

jayampathi Friday, 16 November 2018 02:57 AM

පාර්ලිමේන්තුවෙවත් නැති පොහොට්ටු සාමාජිකයෙක් කොහොමද රටේ තෙල් මේල ගැන කතා කියන්නේ? හරිනම් මෙයා ශ්‍රීලනිපයෙන් ඉවත් වුනාට පසු නීතියනුකුලව මන්ත්‍රී කෙනෙක් වත් නොවේ

:       0       25

Deepal Nirosh Friday, 16 November 2018 04:17 AM

තෙල් මිල සූත්‍රය අහෝසි කිරීම හොඳයි කියමුකො, ඒත් දැන් රටට අත්‍යාව්‍යශ අපේ රටේ අගමැති ජනාධිපති තමුනට අවශ්‍ය වේලාවට වෙනස් කරන ඉන්දියානු දේශපාලන සූත්‍රය අහෝසි කර ගැනීමයි.

:       0       4

dhamneth Saturday, 17 November 2018 01:59 AM

මිල සුත්‍රය තිබුනානම් නොවැම්බර් 10 වෙනිදාට මිල කියක් අඩුවෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 115 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 83 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 615 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 46 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2015 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 382 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site