IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් බාල්දු වෙලා‘‘

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

මුලු  ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කීය.

    ‘‘ලෝකයේම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් සියල්ල බාල්දු වෙලා ඉන්දියාව වගේම ලංකාවටත් ඒක බලපා තිබෙනවා. මේ නිසා හැම රටක්ම ප්‍රශ්න තිබෙනවා.

විපක්ෂයට අවශ්‍ය නම් මේ ගැන විවාදයක් තියන්න පුළුවන්.ඒ වගේම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න අවශ්‍යයි.

තෙල් අලෙවි කරද්දී  ගන්න ලාභය දිහා බලන්න.අපි කලින්ම කිව්වා ලෝක වෙළඳ පොළේ තෙල් මිල  වැඩි වුවහොත් අවාසිය ගන්න වෙයි.අඩු වුනොත් වාසිය දෙනවා කියලා මෙතෙක් කල් ඒ වාසිය දුන්නා ‘‘යැයිද අගමැතිවරයා කීය.



අදහස් (15)

‘‘ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් බාල්දු වෙලා‘‘

Perera Tuesday, 18 September 2018 07:41 PM

මම ඉන්න රටේ නම් එහෙම බාල්දුවීමක් පෙනෙන්න නැහැ. ඇමරිකන් ඩොලරයකට මේ රටේ ඩොලරය 1.50. දැන් සෑහෙන කාලෙක ඉඳන් ඒ ගානමයි.

:       0       112

Amila rome Tuesday, 18 September 2018 09:06 PM

මම අද ලංකාවට යුරෝ එකක් දැම්මා රුපිඅල් 191.50 ගානේ. ඒත් මීට මාස 2කට කලින් 170යි.

:       0       69

Prasanna Tuesday, 18 September 2018 09:21 PM

මම වගකීමෙන් කියන්නේ මම ඉන්නේ ඉශ්‍රායලයේ, ගිය සතියේ ඉශ්‍රායලයේදී ඩොලරයට ඉශ්‍රායලයේ ශෙකල් 3.70ක් ගෙවුවා, අද ඩොලරයට ගෙවන්නේ ඉශ්‍රායලයේ ශෙකල් 3.60යි.

:       0       38

Kamalan Wednesday, 19 September 2018 12:41 AM

ඒත් 130 ඉඳන් 160ට වැඩි වුනේ ලංකාවෙන් පා කරපු නිසා නේ. 160-163 විතරයි ඒ ක්‍රමේට වැඩි වුනේ. වැඩි වෙච්ච 3න් 33ම මුවා කරන්න ලෑස්ති වෙන්න එපා.

:       4       67

kapil Wednesday, 19 September 2018 01:32 AM

ඉතින් ඔබ කලින් කීවේ රුපියල ශක්තිමත් කරනවා කියල.

:       0       108

akila Wednesday, 19 September 2018 03:04 AM

මන් දන්නා කාලෙ ඉඳන් රුපියල් 35-36 අතර තිබ්බා එක්සත් එමීර් දිරම් එක දැන් රුපියල් 45 වෙලා. දන්නා කාලෙ ඉඳන් 1.12 අතරේ තිබ්බ ජපාන යෙන් එක දැන් 1.48 යි. මේ උදාහරණ දෙකක් පමණයි, බලාගෙන ගියහම ඩොලරයේ අගය වැඩිවෙන එක ලංකාවේ රුපියලට විතරනේ බලපාලා තියෙන්නේ

:       0       144

suran Wednesday, 19 September 2018 03:58 AM

ආණ්ඩුවත් දැන් හරියට රුපියල වගේ. දවසින් දවස් බාල්දු වෙනවා.

:       16       401

Sanath KandyWednesday, 19 September 2018 07:41 AM

රටක ආර්ථිකය ශක්තිමත් වෙන්නනම් දේශපාන ස්ථාවරභාවය අවශ්‍යයි. ආණ්ඩුව අද වැටෙයි හෙට වැටෙයි කියලා හිතෙනවනම් කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ. මේ ආණ්ඩුවට ජනතාව බලය දුන්නත් බලය ස්ථාවර කරගන්න ආණ්ඩුවට උවමනාවක් තිබුනේ නෑ. රටේ නිෂ්පාදනයන් දියුණු කරන්න කිසිම ආණ්ඩුවක් ක‍ටයුතු කරේ නෑ. මේ දෙගොල්ලම රටේ ආර්ථිකය විනාශ කළා. දෙගොල්ලන්ටම රට ගොඩනගන්න උවමනාවක් නෑ. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එක විතරයි කරන්නේ. ඇයි අපේ මිනිස්සු විකල්පයක් ගැන හිතන්නේ නැත්තේ?අවුරුදු හැත්තෑවක් තිස්සේ රට විනාශ කරපු පිරිසටම තමා මාරුවෙන් මාරුවට බලය දෙන්නේ.

:       28       205

Senarath Wednesday, 19 September 2018 04:13 AM

මෙහෙම මුදල් බාල්දුවෙන රටක් කොහෙද තියෙන්නේ. යුද්ධයක් තිබිලත් 2005 සිට 2015 ට රුපියල බාල්දු වුනේ 109 සිට 132 රුපියල් 22කින්. ඒත් මේ අවුරුදු 3ට කීයක්ද? 132 සිට 166 දක්වා රුපියල් 34ක්.

:       1       264

Sujith Wednesday, 19 September 2018 04:33 AM

අනේ අපේ රටට ගිය කලක්

:       0       132

ruchi Wednesday, 19 September 2018 06:18 AM

කුවෙට් ඩිනාර් එකකට රුපියල් 2014 - 450 - 460 2015 - 460 - 480 2016 - 480 - 500 2017 - 500 - 520 2018 - 520 - 532 ලංකාවේ රුපියල විතරයි බාල්දු වෙන්නේ.

:       5       310

ලුම්බිණි Wednesday, 19 September 2018 09:41 AM

අගමැතිතුමාගේ කතාව ඇත්ත...

:       72       0

SunilWednesday, 19 September 2018 11:05 AM

එතුමා කවදත් කියන්නේ ඇත්ත තමයි.

:       0       0

AriyarathnaThursday, 20 September 2018 05:38 AM

කවද්ද ඇත්ත කිව්වේ............

:       0       0

chathuri Wednesday, 19 September 2018 11:29 AM

ඩොලරය ශක්තිමත් රටවලට ගිහින් දේශනයක් දෙන්න අපිත් සමග එකතු වෙන්න කියලා... ඩොලරය බාල්දු කරන හැටි කියලා දෙන්න. උගතුන්ට රට පාලනය කරන්න නොදී ලංකාවේ වගේ අට පාස් කට්ටිය වැඩටගන්න කියන්න..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 70 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 512 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 387 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 68 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1449 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3203 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site