(රංජන් කස්තුරි)
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන සාකච්ඡා කිරීම සදාචාරාත්මක නොවන හෙයින් කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඊට විරෝධය දැක්වූ බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කොළඹදී අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.
එවැනි යෝජනාවක් කාගේ උවමනාවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා දැයි තමා නොදන්නා බවද එහිදී ඇමතිවරිය කීවාය.
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ බහුතර සහායක් ලැබී ඇති හෙයින් ඔහුට අනිවාර්යෙන්ම අපේක්ෂකත්වය හිමි වන බවද ඇමතිවරිය පැවසුවාය.
එක්සත් ජාතික පෙරමුණේ ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවා ඉන් අනතුරුව විධායක ජනපති ක්‍රමය අහෝසි කළ හැකි බවද තලතා අතුකෝරාල මහත්මිය කීවාය.
පොහොට්ටුවේ නායකයින්ටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්දැයි සැකමතුවන බවද ඇමැතිවරිය පැවසුවාය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘ඡන්ද කටේ විධායක ජනපති ධූරය ගැන කතා කිරීම සදාචාරාත්මක නෑ‘‘
Mahee Friday, 20 September 2019 01:59 PM
ඇත්තම කියනවා නම්, ඔය කිසිම කෙනෙකුට විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න වුවමනා නැහැ. ජනපතිවරණයෙන් පස්සේ ඔන්න බලන්න ඔය පුරසාරම් දොඩන අපේක්ෂකයන් ඕක නැතිකරයිද කියලා...
NishanSaturday, 21 September 2019 10:39 AM
හරියට හරි. මේ කතා කරන නෝනටත් රටේ ජනතාව ගැන කැක්කුමක් නෑ. එතුමියත් සිහින මවන්නේ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ලොකු තනතුරක් ගන්න. තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවනවා මිසක් විධායක ජනාධිපති පදවිය නිසා රට පත්ව ඇති තත්වය ගැන දැනීමක් ඔවුන්ට නෑ.
kolam bossSaturday, 21 September 2019 05:01 PM
සජිත් සහ ගෝලයෝ ටිකට වෙන්නේ අශ්වයා යවා තබාලා ඉස්තාලය වහන්න සහ ආඳා යවා තබාලා කොළපත ගන්න තමයි. මේ අවස්ථාවේ හරි ජනපතිගෙන් සහ අගමැතිගෙන් මේ ලැබුණු කොළ එලියට සහයක් දෙන්නේ නැතුව අවස්ථාව මගහැරගෙන එක්සත් ජාතික පක්ෂය පැරදුනාට පස්සේ ජනපතිකම අහෝසි කළයුතුයි කියලා කෑගහන්න නම් එපා .
saali Friday, 20 September 2019 02:10 PM
ඔය ගොල්ලන්ට ලොකු ඇමතිකමක් ගන්නට, උගත්කමින් අඩු, අනාගත දර්ශනයක් නැති අයෙක් ඉස්සරහට ගේනවා. උගත් අය ඇයි මේ නූගතුන් ඉදිරියට ගේන්න වලි කන්නේ. කලින් වෙච්ච දෙයින් වත් පාඩමක් ඉගෙන ගන්න මොලයක් නැහැ. උගත්, දක්ෂ කෙනෙක් නැත්ද? අනෙක මෙයා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා රටම දන්නවා. එයයි, මෙයයි එකතු වෙලා හොඳට රට කරාවි...
senaSaturday, 21 September 2019 10:20 AM
පුදුම කාලකන්නි හැතිකරයක්... මේ අයට ඕනේ කොහොමහරි ඡන්දෙ දිනාගෙන රටේ සාරය උරා බොන්න මිසක් රට හදන්න නෙවෙයි...
kin benat Friday, 20 September 2019 02:31 PM
සජිත් හිතන්නේ ජනපතිවරණය දිනන්න පුළුවන් කියල . ඒ නිසා මේක අහෝසි කරනවට මිනිහ කැමති නැහැ .ඒ කලබලය තමයි කැබිනට් රැස්වීමේදී ගෝලයෝ මගින් කරවගත්තෙ . නමුත් මිනිහම දන්නේ නැහැ මිනිහ විධායක ජනපතිකමට ඉල්ලුවොත් ඇපත් නැතුව කන බව . ඊට පස්සේ ගෝටා ආවට පස්සේ ආය කට්ටියවම එකතුකරගෙන මේක අහෝසිකලයුතුයි කියල උද්ගෝෂණ කරයි . තාත්ත කරපු වැඩ වලට පුතාට බලය දෙයිද ? නැහැ ... එකම ජානනේ තියෙන්නේ ..
ශ්‍රීFriday, 20 September 2019 04:56 PM
ගෝඨා ආවට පස්සේ නෙමේ ආපහු ඇමෙරිකාවට ගියාට පස්සේ...!!!
BamunuarachchiSaturday, 21 September 2019 08:26 AM
ඝෝඨාභයගේ හැකියාවන් රටට කරපු දේවල් ගැන කතා නැහැ. එයාගේ පුරවැසිකමයි ගොබ්බ්යින්ට ප්රශ්නය. සින්ගප්පූරු පුරවැසියෙක් මහා භාණ්ඩාගාරයේ අධිපතිවී එය මංකොල්ල කෑමත් ගොබ්බයින්ට ප්‍රශ්නයක් නොවෙයි.
Chanak los angelesSaturday, 21 September 2019 06:48 PM
ලසන්ත, එක්නැලිගොඩ , රවිරාජ් , සිරකරුවන් ඝාතනය කිරීමෙන් ගෝඨාගේ හැකියාවන් තමයි ඔප්පු කර තිබෙන්නේ.
lalFriday, 20 September 2019 05:28 PM
ඒ දණ්ඩේ ගිය හැටි දැක්කාම වැඩක් කරන්න පුළුවන්ද කියලා සැකයි. එකක් ෂුවර්. මැරෙන්න නම් බයයි.
සිරිබිරිස්Saturday, 21 September 2019 01:12 AM
ලාල් මහතාගේ අදහස ඉතාම නිවැරදියි. හිත එකඟ කරගත් සමහර අය ඉතා ඉහළ තිබෙන කම්බිවලත් අත්වැලක් නැතිව යනවා රූපවාහිනියෙන් දැක තිබෙනවා. තවත් දෙයක් තියෙනවනේ.. පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැහැ කියලා...
kobaSaturday, 21 September 2019 03:31 AM
මම සජිත් විරෝධියෙක්, ඒ පුද්ගලයා ගැන තිබෙන විරෝධයක් නෙවෙයි, ප්‍රතිපත්ති ගැලපීමක් නැති නිසයි, මට තියෙන ප්රශ්නය තාත්ත කළ දෙයට පුතා වගකිව යුතු වන්නේ ඇයි? එ්ක නම් බොහොම ප්‍රාථමික මුග්ධ අදහසක්...
athuraSaturday, 21 September 2019 06:30 AM
කින් බෙනට් මහත්මයා ගියපාර ජනාධිපතිවරණයේත් මහින්ද මහත්මයා දිනුම් කියලමයි නේද හිතාගෙන හිටියේ?
Nimal Friday, 20 September 2019 03:16 PM
හප්පොච්චියෙ.....දී කිරට බැලලියොත් සාක්කි කීවාලු!
RaveendraFriday, 20 September 2019 04:56 PM
ඇත්තෙන්ම දියවන්නාවේ ඉන්න 225ට කිසිම සදාචාරාත්මකම නැහැ. ඔතන ඉන්න.. නමුත් කවුරුවත් ඒ ගැන කතා නැහැ.. මේ කොහෙවත් යන ජීවිතයට නොකෙරෙන අටමගල් ගැන කතා...
chandima Friday, 20 September 2019 04:01 PM
මේ ඔබ දකින්නේ ඉතා සූක්ෂම ලෙස සංවිධානය කළ අැස්බැන්දුමකි. මෙමගින් මිනිස්සුන්ට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තිබුණු විරෝධය මුළුමනින්ම රනිල් විරෝධයක් බවට හරවාගැනීමට මගපෑදේ. මේ සූදානම් වන්නේ රනිල් අධම තුච්ච පුද්ගලයෙකු බව තමන්ගේ ආධාරකරුවන්, අනුගාමිකයින් ලවාම හංවඩු ගසාගෙන, පක්ෂයේ අනෙකුත් සියලු හොරුරැලට සුදුහුණු ගමටයි. සජිත්ව වීරයෙක් කරලා රනිල් පරදවා සජිත් දිනනවිට ජනතාව හුරේ දමන තත්වයක් මවාපෑමෙන් පසුව මඩ නාගත්බව පෙන්වා රනිල් පසෙකට වී සුදු හුණු ගෑ සජිත් වීර සෙයියාවෙන් ඇප තැම්පත් කරනු ඇති. එදාට සියල්ල මතක වූ අපේ මිනිසුන්, සජිත් පසුපස ගොස් නැවතත් එජාපය දිනවූ පසුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොඑසේ නම් නව ආණ්ඩුක්‍රම සංශෝධනයක් මගින් රටේ විධායක අගමැති වනහැටි අපට බැලීමට පුළුවනි. සජිත්ගේ පදවි ප්‍රාප්තිය හරහා වහා ආණ්ඩුව විසුරුවා හැරීමේ භීතිකාවෙන් මිදී රනිල් රිසිදේ රටටත්, ජාතියටත් තොණ්ඩුව දමනු.. අද පෙළපාලි යන උන්නාන්සේලාට ගිලන්පස වළඳමින්, දැහැත් සපමින්, පඩික්කම් පුරවමින්, බලාසිටීමට පුළුවනි.
samsnsSaturday, 21 September 2019 09:45 AM
ඉතාම නිවැරදි අදහසක්. මාර්කට් කළ නොහැකි රනිල් වෙනුවට අලෙවි කල හැකියයි සිතන බාල භාණ්ඩයක් ඉදිරියට දාලා වගේ..
රවින් Friday, 20 September 2019 04:26 PM
වැදගත්ම ප්රශ්නය. සදාචාරාත්මක දේශපාලනයක් ලංකාවේ තියනවාද?
thalatha Friday, 20 September 2019 04:43 PM
තමන්ගේත් පක්ෂයේ අනිකුත් හොරුන්ගේත් තලතෙල් ගාන්නට යන එක නමටටත් ලැජ්ජයි...!
Chanak los angeles Friday, 20 September 2019 05:08 PM
විධායකය අහෝසි කිරීම 2015 ඔබලාගේ මැතිවරණ ප්‍රකාශයේ මුඛ්‍ය ප්‍රකාශයයි. ලක්ෂ 65ක් ඡන්දය දුන්නේ ඒ සඳහායි. එහෙනම් කොහොමද ඔබ කියන්නේ මෙය සාදාචාරාත්මක නැහැ කියලා? අපි කියනවා ඔබ ඇතුළු ඊට විරුද්ධ සියලුම දෙනා කර තිබෙන්නේ සදාචාරාත්මක ක්‍රියාවක් නොවේ කියලා...
SLFriday, 20 September 2019 05:49 PM
පොරොන්දු වුනේ දින 100න් අහෝසි කරන්නනේ. දැන් අවුරුදු 5ක් ගියහමද ඕක අහෝසිකරන්න හිතුනේ?
Chanak los angelesFriday, 20 September 2019 07:49 PM
ඒක ඇත්ත ඔහු කොහොමත් පොරොන්දු ඉටුකළේ නැහැ පොරොන්දු නොවූ ඒවානම් කළා අර සාටකව හොරපාරෙන් අගමැති පුටුවට රින්ගවපුවා එහෙම .. මම අහන්නේ ඔබට ඇති ප්‍රශ්නේ මොකක්ද දැන් කරා කියල ? තවම ඔහුගේ දූර කාලය ඉවර නැහැනේ ..
RaveendraSaturday, 21 September 2019 02:41 AM
අම්බර්වන් 225ම බලාංශයේ පන්තියේ ඉඳලම ගණිතයට දුර්වලයි. හැබැයි හොරකමට ඉහළම සාමාර්ථ...
vidya Friday, 20 September 2019 07:42 PM
අනේ නෝනා අර කොළඹ නගරාදිපතිනියත් එක්ක එකතුවෙලා ගැහැණු දරුවන්ට සහ අම්මලාට යන්න පිරිසිදු වැසිකිලි ටිකක් හදන්න පිළිවෙලක් ගැන කතා කරන්නකෝ . තව ටික දවසකින් අපේ රටත් කල්කටාව බවට පත් වෙයි .
siri Friday, 20 September 2019 09:18 PM
සදාචාරය ගැන කතා කරන මෙයට පෙන්නේ නැද්ද මේ දවස්වල දෙන පත්වීම්,උසස්වීම් වගේ දේවල්?ඒවා සදාචාරාත්මකද?
lion Saturday, 21 September 2019 12:43 AM
මොකක්ද එතන තියෙන සදාචාර විරෝධී බව? අපි ඡන්ද දායකයෝ අපිට ඒවගේ දෙයක් පේන්නේ නැහැ. මෙය කළ යුතු දෙයක්... ඔයගොල්ලන්ට ඕනේ ඔතෙන්ට වෙලා බලය පවිච්චි කරකර සැප ගන්න. ඔයාගේ කට විතරයි. අර එක් හොරෙක් විදේශ සේවකයින්ගේ ඇමති වෙලා ඉන්න කාලේ කරපු දේවල් හොයයි කියලා අපි හිතුවා. තාමත් එ්ක කයිවාරු ගහ ගහ ඉන්නවා. ඔහෙලා මක බෑවිලා යන්න ඡන්දෙ දෙන්න අපි බලාගෙන ඉන්නවා. අපිට ඕනේ ඔය දියවන්නාවේ ඉන්න හොරා හැත්ත පන්නන්න.
de silva berlin Saturday, 21 September 2019 01:50 AM
ඕක අර පොරොන්දු වුණු විදිහට දින 100න් කළා නම්, අද සිරිසේන කියන්නේ ජාතික වීරයෙක්, එසේ කළානම් ඔහු මේ විදිහට නිකන් නෝන්ඩි වෙන්නේ නැහැ. සමහරවිට නොබෙල් ත්‍යාගයක් පවා ලැබිලා ජාත්‍යන්තරව පවා ජනප්‍රිය චරිතයක් වෙන්න තිබුණා. ලංකාවේ විධායක අගමැති වෙන්න තිබුණා. මොනවා නැති වුණත් අර විජේතුංග ජනපතිට වගේ.., විශ්‍රාමික ජනපතිවරයෙකුට තිබෙන වරප්‍රසාද භුක්ති විඳිමින් ගෙදරට වෙලා නම්බුපිටින් ඉන්න තිබුණා. අද තිබෙන තත්වය අනුව ජනපතිවරණයෙන් පස්සේ ඔහුට ෆොන්සේකාට වගේ හිරබත් කන්න වෙන්න පුළුවන්...
sam Saturday, 21 September 2019 02:11 AM
සජිත්ට අත උස්සන වැඩිදෙනා මහබැංකු කොල්ලයේදී කෝප් වාර්තාවට ෆුට් නෝට් ගැසූ කල්ලියේ සාමාජිකයින්ය. ඒ නිසා රනිල් ආවත්, සජිත් ආවත් අැලෝසියස්ලා දිනනවා.
suddaSunday, 22 September 2019 06:40 AM
කරූ ආවම නවීන්ට පාර හරි. එතකොට ගාමිණි දිසානායක පරම්පරාව ආපහු දිනනවා. සමහරවිට අපිට ඕස්ට්‍රේලියාවේ ඇපල් වත්තෙන් ගෙඩියක් දෙකක් දෙන්න බැරිත් නැහැ. නැත්නම් මේකේ කොමෙන්ට් දදා එක එක්කෙනාට කඩේ යන අපි ඔක්කොම පරදිනවා.
sam Saturday, 21 September 2019 03:18 AM
අපේ ගොනා අපිට හොඳයි. මේ පාර තලතා දේවී ඕක කියන්නේ සජිත් ගැනද? කලින් නම් ගොන් කරත්තෙක නැගලා ඔය කතාව කෑගගහා ගියේ රනිල් වෙනුවෙන්.
Saman Saturday, 21 September 2019 04:07 PM
වාසි පැත්තට හෝයියා ....
Amila Pelmadulla Sunday, 22 September 2019 04:56 AM
මෙයා මේ සදාචාරයක් ගැන කතා කරනවා.ඒ ගොල්ලෝ සල්ලිකාරයෝලු. වංචා කරන්නේ නැතිලු.