IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ගෝඨාභයට සහය දෙන්නේ ප්‍රතිපත්ති නිසයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා සහ ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බැවින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපතිනිය වෙත දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළේ ඇයිදැයි විමසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය විසින් එවන ලද ලිපියට පිළිතුරු යවමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමට තමන් හදවතින්ම බැඳී සිටින බවත් එම ප්‍රතිපත්ති පාවා නොදෙමින් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කෙරුණු බවත් එහි සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් බැවින් එයට සහය දිය නොහැකි බව සඳහන් කර ඇති මහලේකම්වරයා පක්ෂය වර්තමානයේ ඇද වැටී තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව එක්සත් ජාතික පක්ෂය සමඟ සභාග ආණ්ඩුවකට පිවිසීම බව ද දක්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඇති හොඳම තේරීම හා විකල්පය වන්නේ ඔවුන් සමඟ හවුල් වීම බව ද මහලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

එම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එයට ගෞරව කිරීම තම යුතුකම සහ වගකීම බවත් දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

ශ්‍රී.ල.නි.පය අතීතයේ සිටම පෞද්ගලික අමනාපකම් පසෙකලා රටේ උන්නතිය වෙනුවෙන් එඩිතර තීන්දු තීරණ ගෙන ඇති බව ඔහු එහි සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලද්දේ චීවරධාරියකු වුවත් පක්ෂය තවමත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහ බලවේග පෙරටුකරගෙන කටයුතු කරන බවත්, විජය කුමාරතුංග මහතා ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ යැයි සැකකෙරුණත් 2000, 2004 වසරවලදී එම පක්ෂය හා එක්ව සභාග ආණ්ඩුවක් ද පිහිටවූ බවත් එහි දක්වා තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මීට දින කිහිපයකට පෙර දයාසිරි ජයසේකර මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් විරුද්ධ බව ප්‍රකාශ කර තිබියදීත් ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින්ම පාවාදීමක් බවයි.

පෞද්ගලික අවශ්‍යතාවට පමණක් සීමා වී වටිනා පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙසද ඇය දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබිණි.පක්ෂයේ සභාපති ධුරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ නම්, සභාපති ධුරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා දයාසිරි ජයසේකරට සහය දෙන බව ද එහි සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධාන ගත වූ නිසා නොව පක්‍ෂ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණවලට රැවටීම නිසා බව ද හිටපු ජනපතිනියගේ ලිපියේ සඳහන් වේ.



අදහස් (29)

‘‘ගෝඨාභයට සහය දෙන්නේ ප්‍රතිපත්ති නිසයි‘‘

ලකි - ඇමෙරිකාව Sunday, 13 October 2019 07:02 PM

ඔයාලට බුදු සරනයි!

:       161       53

තේනුවරMonday, 14 October 2019 04:52 AM

දයාසිරි මහත්තයො, හූ කියන ප්‍රතිපත්තිය නිසාද? එදා දුමින්දට අද ජෝන්ට හෙට කාටද හූ කියවන්නෙ?

:       1       90

ශ්‍රීMonday, 14 October 2019 09:45 AM

ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය බලාගන්න රැස්වීමක වේදිකාවට නගින්නකෝ. ඔබට හොඳටම තියෙයි ප්‍රතිපත්තිය.

:       0       1

Bishan Sunday, 13 October 2019 07:26 PM

සහය දුන්නට වැඩක් නෑ පොහොට්ටුවේ එක්කෙනෙක්වත් ඔයාලාට ඡන්දේ දෙන්නේ නෑ. අනේ සාදු ගෙදරටම වෙලා ඉන්න. ඔයාලව අපිට එපා.

:       7       204

sisira Sunday, 13 October 2019 10:13 PM

කප්පන්න බැරි ඇත සිඹීම හෙවත් කනකොට කබරගොයාත් තලගොයා විදිහට පෙනීම.

:       5       88

pj Sunday, 13 October 2019 10:30 PM

ප්‍රතිපත්ති අඩුවක් නැතිව ගැලපෙනව

:       0       142

ලුම්බිණි Sunday, 13 October 2019 10:41 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමට තමන් හදවතින්ම බැඳී සිටින නිසාද ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ උන්නේ? මොනවද මේ කියවන්නේ?

:       8       44

රවින් Monday, 14 October 2019 12:31 AM

අත්තෙන් අත්තට පනින නියම ප්‍රතිපත්ති තියන කෙනෙක් තමා මේ කියන්නේ.

:       0       234

චමින්ද Monday, 14 October 2019 12:52 AM

අනේ ඔඹේ ප්‍රතිපත්තිය. වඳුරො වගේ එහාට පනිනවා මෙහාට පනිනවා. නුඹලා වැනි අය නිසයි මේරට අවුරුදු 72 ක් තිස්සේ ආපස්සට යන්නේ .

:       0       367

rohana Monday, 14 October 2019 01:10 AM

බොරු බයිලා කියන්න එපා මන්ත්‍රී තුමෝ. වාසියට මිසක් වෙන මොනවත් නෙවෙයි. ශ්‍රීලනිපයෝ මේ වෙලාවේ අසරණයි ඔබතුමාලා කරපු වැඩේට. දැන් ඉතිරි වෙලා ඉන්නේ වෙල්ගම මහත්තයා විතරයි.

:       0       278

sunil perera Monday, 14 October 2019 01:45 AM

ඇත්තම කතාව නම් ගෝටගේ කරපිටින් අනාගත තාන්න මාන්න ලබාගැනීමේ අරමුණ බව ඇල්පිටිය ඡන්දෙන් පේනවා. ඔක්කොම පක්ෂ එකට හිටියත් පොහොට්ටුව තනියම උනත් ඉදිරියෙන්.....

:       255       502

Pali Monday, 14 October 2019 03:13 AM

ප්‍රතිපත්තියක් කවදත් තිබුනේ නැත. ගාන කපාගන්න ප්‍රතිපත්තිය නම් තිබුනා. ප්‍රතිපත්තියක් නැති එක ප්‍රතිපත්තියක් ව ඇත.

:       0       222

lasantha Monday, 14 October 2019 03:22 AM

ඒ කාලේ සුද්දෝ විඳපු වරප්‍රසාද ඔක්කොම අඩුවක් නැතුව ඊටත් වඩා වැඩියෙන් දැන් රට පාලනය කරන කළු සුද්දෝ ටික භුක්ති විඳිනවා. හැම වෙලේම සාමාන්‍ය බහුතර නුගත් ඡන්ද දායකයන් නිසා සාමාන්‍ය උගත් මිනිස්සුන්ටත් මේ රටේ දිගටම දුක් විඳින්න තමයි වෙලා තියෙන්නේ .

:       0       177

pj Monday, 14 October 2019 04:02 AM

මෑත කාලයේදී පොහොට්ටුවට සහයෝගය දුන්න කීප දෙනෙක් පක්ෂයෙන් නෙරපුවා නේද ?

:       19       64

de silva Monday, 14 October 2019 04:25 AM

ඝෝටට නම් හොඳ හෝ නරක හෝ යම්කිසි ප්‍රතිපත්තියක් තිබෙනවා නැතිනම් යුධේ කාලේ දිගින්දිගටම ආරක්ෂක ලේකම් කම දරන්න බැහැනේ ? , නමුත් මම දන්නා තරමින් ඔබතුමාට නම් එහෙම කිසිම ප්‍රතිපතියක් නැහැ , ඔබතුම පනින පනින පැත්ත පරාදය, මම නම් හිතන්නේ නැහැ ලබන පාර ඔබතුමාට පාර්ලිමේන්තු යන්න පුළුවන් වේවි කියල .

:       0       101

sena Monday, 14 October 2019 04:46 AM

තමුන්නාන්සේ ප්‍රතිපත්තිය කියන්නේ තමුන්ගේ බඩගොස්තරේ පමණක් නම් ඔබතුමා හරි.

:       0       36

ajith Monday, 14 October 2019 05:05 AM

බලාපොරොත්තුවෙන චන්ද ප්‍රතිපලය වැරදුනොත් නැවත යු එන් පියට එකතු වෙන්නේ නැත කියල මොකක්දැ දෙන සහතිකය.

:       0       100

අදුරට එක පහනක් Monday, 14 October 2019 05:18 AM

බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත.

:       0       22

de silva Monday, 14 October 2019 06:09 AM

ශ්‍රී ලනිපේ ඉඳල , එජාපෙට පැන්න , ඊට පස්සේ මහින්දගේ ඔඩොක්කුවට පැන්න , එතනින් මෛත්රිගේ ඔඩොක්කුවට පැන්න ඊට පස්සේ ඝෝටගේ කරට පනින ගත්තු උත්සාහය වැරදිලා දැන් කකුල් දෙක ළඟ වැටිලා ,, කලිසන් කකුලේ හරි එල්ලිලා ඉදිරියට යන්න හදනවා . පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රතිපත්ති නැති පුද්ගලයන් අතින් බලනකොට අනිවාර්යයෙන්ම අංක 1 එස් බීට හිමිවෙනවා , ඔබතුමාට අනිවාර්යයෙන් අංක 2 හිමිවෙනවා.

:       1       240

wimal Monday, 14 October 2019 06:52 AM

මේ වෙලාව අනුව ඔයාල ගත්ත තීරණය අති විසිස්ටය් 100% අපගේ ප්‍රණාමය. පොහොට්ටුවට ජයවේවා. අරමුණක් නැතිව අදහස් පළකිරීමෙන් වලකින්න.

:       42       205

Dharmatileke Monday, 14 October 2019 07:04 AM

නිදහස් පක්ෂේ සරණාගතෙයෝ තමයි ඔහෙලා

:       0       6

රොශාන් Monday, 14 October 2019 07:11 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති අය තමයි ප්‍රතිපත්ති ගැන කථා කරන්නේ

:       0       17

amila Monday, 14 October 2019 07:37 AM

ප්‍රතිපත්තියක් නැති මිනිස්සු කොහොමද ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. අද රට වැටිලා තියන අගාදෙට 50% ක් වග කියන්න ඕන මෙයාල. යහපාලනේ ගගා යුඑන්පි එක්ක දීග කාල එක දිරෝගන්න බැරුව දැන් එනවා අලුත් දීගයක් කන්න. මෙයාලව මිනිස්සු ප්‍රතිෂේප කරන්න ඕන දැන්වත් මේ එක්කෙනෙක්ට හරි දෙන මනාපෙකින් ජනතාව කරන්නේ රට තවත් අනතුරේ හෙලන එක.

:       0       0

de silva berlin Monday, 14 October 2019 08:06 AM

මෙතුමා පසුගිය අවරුදු 15 තුල මැතිවරණ වල සහය දුන්න හැම පැත්තක්ම පක්ෂ පාට කුමක් වුනත් පරාදය , මෙදාපාර ගෝඨාභය මහත්මයටත් එම දෙයම වෙන්න පුළුවන්.

:       0       45

Kumara Monday, 14 October 2019 08:59 AM

කරකියා ගන්න දෙයක් නැතිව නෙවෙයි..

:       0       2

sirimal Monday, 14 October 2019 09:02 AM

අනේ නිකන් ඉන්න අපේ මහත්තයා. මෙයාගේ ප්‍රතිපත්ති අපි දන්නේ නැද්ද? එජාපයෙන් පැනලා ශ්‍රී ලංකා එකට හේත්තු වුනේ කිසිම ප්‍රතිපත්තියක් නිසා නෙවේ.. රනිල් එක්ක ඉන්න බැරිකමට. ඔය ප්‍රශ්නෙම තිබුණත් බුද්ධික වගේ අය කට්ට කාගෙන ඒ පක්ෂයේම හිටියා... දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා ඉවරයි. ඡන්දය ඉවරවෙනකල් ඔය ප්‍රතිපත්ති පිළිගන්නවා කියලා කියයි. මතක තියා ගත්තොත් හොඳයි මහත්තයෝ... බැරිවෙලාවත් දිනුවොත් ඔය පොරොන්දු, පත්තර සේරම යන්නේ කුණු බාල්දියට. ඊට පස්සේ වැඩ කෙරෙන්නේ අයියටයි, මල්ලිටයි වුවමනා අාකාරයටයි. එ්කේ දෙකක් නැහැ ඔන්න. දැන්මම කියනවනේ දිනුව දවසේ ඉඳලා අධිකරණයේ වැඩ කරන්නෙත් " මට ඕනෑ ආකාරයටයි" කියලා. ඒ ගොල්ලන්ගේ අණ පිලිඅරගෙන වැඩ කරලා දැන් නඩු වැටිලා ඉන්න සේරම දෙනා "නිදොස් කොට නිදහස් කරනවා" කියලනේ කියන්නේ. එහෙම කරන්න හිතාගෙන ඉන්න අයට ඔය කඩදාසි කෑල්ලක අත්සන් කරන පොරොන්දු පත්තරයක් ඉරලා දානඑක මහ කජ්ජක්ද? අන්තිමට ඔය ගොල්ලන්ටත් වෙන්නේ ජනාධිපති මන්දිරයේ පිළිකන්නට වෙලා දෙන දෙයක් සූප්පු කරකර කාලය ගෙවන්නයි. කීවා කියලා ලියලා තියාගන්න...

:       0       188

කපුරු හාමි Monday, 14 October 2019 09:25 AM

තමුන් වගේ ප්‍රතිපත්තියක් නැතිකෙනෙක් ගැන කවර කතාද? මහින්දට බැනපු තමුන් අන්තිමට ගිහින් සාටකේ එල්ලුණා. අනුන්ගේ කූඩාරම් වලට රින්ගන්නේ නෑ කියාපු කෙනානේ. දේශපාලුවන්ට කොහෙද ලැජ්ජාවක්? උන් බලලෝභී, අවස්ථාවාදීන්...

:       0       0

jgath Tuesday, 15 October 2019 03:17 PM

ගෝඨා දින්නයෙන් පස්සේ කාට කාටත් ප්‍රතිපත්ති හම්බවෙයි බලමු .

:       0       0

de silva Wednesday, 16 October 2019 09:50 PM

ගෝඨා දිනුවොත් සති 2-3ක් ඇතුළත මුලින්ම අාප්ප කාලා කළු කෝපි බීලා පැත්ත මාරු කරපු පුද්ගලයාව රිමාන්ඩ් කරලා නඩු පවරනවා අර ගියපාර ෆොන්සේකාට කළා වගේ.., දෙවනුව අර උස, කෙට්ටු ඇමතිට, දත්දොස්තර මහත්මයාට සහ හම්බන්තොට මන්ත්‍රී වීර මහත්මයාට බඩු හම්බවෙනවා. ඊළඟට ඔබතුමා ඇතුළු පිරිසට, දැන් ඔබතුමාට වෙලා තිබෙන්නේ" මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 123 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 261 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1121 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 148 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site