IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘කාන්තාවන් වඳ භාවයට පත් කළේදැයි දැන ගන්න විශේෂඥ පරීක්ෂණයක් අවශ්‍යයි‘‘

(චමිල් රුපසිංහ)

වෛද්‍ය සාෆිගේ සිද්ධියට අදාළව කාන්තාවන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ 1000 ක් පමණ ලබාගෙන තිබෙන බවත් ඒ සියල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

කාන්තාවන් වඳ භාවයට පත් කළේද යන්න සත්‍ය වශයෙන්ම දැන ගැනීමට විශේෂඥ පරීක්ෂණ අවශ්‍යය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේය.

මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද (15)  පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය සාෆි සතු වත්කම් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත් මේ පිළිබඳ අවබෝධයක් නොමැති අය විවිධ ප්‍රකාශ කරන බවත් මෙහි පරීක්ෂණ තවම අවසන්ව නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන් කර ඊට අදාළ උදෘත ගොනුව නීතිපති වෙත කඩිනමින් බාර දීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවත්  සිද්ධියට අදාළ විමර්ශන සඳහා කාලයක් ගතවන බවත් මේ වන විට විශාල විමර්ශන සංඛ්‍යාවක් සිදුකර අවසන් බවත් රුවන් ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ මේ වන විට ජීවතුන් අතර සිටින සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බවත් ඊට වක්‍රව සහය දුන් පිරිස් මේ දිනවල වරින් වර අත්අඩංගුවට ගනිමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් එහිදී පැවසීය.

 

 



අදහස් (9)

‘‘කාන්තාවන් වඳ භාවයට පත් කළේදැයි දැන ගන්න විශේෂඥ පරීක්ෂණයක් අවශ්‍යයි‘‘

ගල්කටස් Thursday, 15 August 2019 01:27 PM

අර ශානි කියන මහත්මයා ගැනද ඔය කියන්නේ මෙලෝ හසරක් දන්නෑ කියලා...

:       88       101

Don Thursday, 15 August 2019 02:10 PM

විශේෂඥ පරීක්ෂණ අවශ්‍ය නෑ. මහදුරු රත්නයන්ගෙන් ඇහුවම ඇති...

:       82       123

Sugath Thursday, 15 August 2019 02:27 PM

මට නම් මෙයාගෙයි, කැබිනට් ප්‍රකාශකගෙයි වෙනසක් පේන්න නැහැ.

:       24       231

Shantha P Thursday, 15 August 2019 03:25 PM

එහෙනම් රට භාරගන්න වලිකන මහත්තයෙක් කියන්නේ තවම 50% ක් එළියේ කියලා...

:       21       84

beau Friday, 16 August 2019 12:35 AM

දැන් පොලිසිය නිදහසට කරුණු හොයනවා සාෆිව බේර ගන්න.

:       36       132

Bamunuarachchi Friday, 16 August 2019 01:14 AM

ඉස්සෙල්ලම හිතන්න මේ සාෆි කියන දොස්තරයාගෙන් සිසේරියන් සැත්කම කර ගත් සිංහල මව්වරුන් 1000 පමණක් වඳ භාවයට පත්වුයේ කෙසේද? අනික් දොස්තරවරුගෙන් සිසේරියන් සැත්කම කර ගත් මව්වරුන්ට එසේ වෙලා නැත. රජය හදන්නේ කේස් එක ඔප්පු උනොත් රටේ සිදුවන කලබගැනිය යටපත් කරන්නයි.

:       143       54

Ajith NissankaFriday, 16 August 2019 05:39 AM

ඕවා බොරු තර්ක. මව්වරුන් ලක්ෂයක් ඇවිත් පැමිණිලි දැම්මත් නියම පරීක්ෂණයක් නොකර ඔප්පු කරන්න බැහැ.එහෙම පරීක්ෂණයක් උසාවිය නියෝග කරත් පැමිණිලිකරුවෝ මග අරිනවා.

:       0       1

amila peiris Friday, 16 August 2019 04:03 AM

දොස්තරගෙන් සැත්කම් සිදුකල සිංහල ජාතික අම්මලට දෙවන දරු උපත සිදුනොවන්නත්, සිංහල ජාතික නොවන අම්මලට දෙවන තෙවන දරු උපත් සිදුවෙලා තියනවනම් අායෙ ඉතින් මොන පරීක්ෂණද? පොලිසිය දොස්තරව ගලවගන්න විශේෂඥ පරීක්ෂණ ගළපන්න හදනවා.

:       82       105

vernonFriday, 16 August 2019 08:10 AM

එහෙම කියන්නේ ඔය ගැන කියනා මාධ්‍ය සහ තවත් කිහිප දෙනෙකු පමණයි. අනෙක් අතට ඔහු ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙකුත් නොවේ. ඔබ කියනා ආකාරයේ යමක් තහවුරු කරන්න නම් සා‍ෆි සම්බන්ධ වුනා කියන සියලුම සැත්කම්වල මව්වරු ගෙනැල්ලා පරීක්ෂා කරන්න වෙනවා. මොකද ඒ මව්වරුන්ගේ සාඵල්‍යතාව, ගර්භාෂයේ තත්ත්වය, තවත් දරුවෙකු සෑදීමට ඔවුන්ට තිබෙන ඇත්තම වුවමනාව ඒ හැම දෙයක්ම පරීක්ෂා කරන්නෙ නැතිව ඇත්ත මොකක්ද හොයන්න බෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1203 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 363 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site