IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘එජාප අපේක්ෂකයා ගැන තීරණය ලබන සතියෙ ගන්නවා‘‘

(රන්ජන් කස්තුරි සහ නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය ලබන සතිය ඇතුළත ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේ පැවැත්වෙන බවත්  එහිදී ජනාධිපතිවරන අපේක්ෂකයා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින්ගේ එකඟතාවය තුළ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ලබන සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (20)

‘‘එජාප අපේක්ෂකයා ගැන තීරණය ලබන සතියෙ ගන්නවා‘‘

chandima Wednesday, 18 September 2019 07:13 PM

කරුට ඡන්දෙ ඉල්ලන්න දෙනවා. එතකොට සජිත් තරහා වෙලා අනික් පැත්තට යනවා. මීළඟ ඡන්දෙට අවුරුදු දෙකක් විතර තියලා ආපසු එනවා. ඕක නිකන් සංසාර චක්කරේ වගේ තමයි. නමුත් සංසාර චක්කරේ තේරුම් ගන්න හුඟක් මිනිස්සුන්ට බැරුව වගේ මේ චක්කරේ තේරුම් ගන්නත් හුඟක් මිනිස්සුන්ට බැහැ.

:       0       0

isuru Wednesday, 18 September 2019 08:05 PM

තීරණ ගන්න පක්ශේ කැඩුනොත් ඔයාලම රටට වග කියන්න.

:       0       3

Gamarala Thursday, 19 September 2019 01:16 AM

පුළුවන් වෙයිද ඔය වැඩේ කරන්න? අනිත් ඔක්කොම වැඩ පටන් අරන්. මැකෝ කොඩිය ඔසවා තියෙන්නේ. දැන් අනිත් අය දුවනවා. තාම බැරි වුණා නේද ධාවකයා සොයාගන්න. දැන් ඉතින් ඕක පැත්තකට දාලා අපිට සපෝර්ට් කරන්න.

:       1       26

කෝ දහනායක Thursday, 19 September 2019 01:22 AM

රට ගැන සිතන්නේ නම් උගතෙක් (සාමාන්‍ය පෙළ විභාගය අසමතෙක් සුදුසු නොවේ) බුද්ධිමතෙක් මෙන්ම ඉදිරි දැක්මක් හා නිර්මාණශීලිත්වයක් ඇති රජයේ සේවකයින් විශ්‍රාමගන්නා වයස නොඉක්මවූ කෙනෙක් තෝරා ගැනීමට කටයුතු කරන්න.

:       90       174

කෝ දහනායක Thursday, 19 September 2019 01:22 AM

රට ගැන සිතන්නේ නම් උගතෙක් (සාමාන්‍ය පෙළ විභාගය අසමතෙක් සුදුසු නොවේ) බුද්ධිමතෙක් මෙන්ම ඉදිරි දැක්මක් හා නිර්මානශීලිත්වයක් ඇති රජයේ සේවකයින් විශ්‍රාම ගන්නා වයස නොඉක්මවූ කෙනෙක් තෝරාගැනීමට කටයුතු කරන්න.

:       28       73

nandana kumar Thursday, 19 September 2019 01:29 AM

සමනල කණ්ඩායම සජිත්ට නොදී ඉන්න වගේ...

:       1       90

ranjith Thursday, 19 September 2019 01:36 AM

තවකල් තියෙනවනේ...

:       1       3

Sanka Thursday, 19 September 2019 01:47 AM

මේ මහා ලේකම් කියන්නේ මොන ගොන් කතාවක්ද? UNP එකේ රටේ ඉන්න සියලුම පාක්ෂිකයන් අද දන්නවා තරගයක් දීලා දිනන්න පුළුවන් එකම කෙනා සජිත් බව. මේක අතේ තියෙන දිනුමක්... මේ මහා ලේකම් මේක නොදන්නවා නෙමෙයි, තියෙන අලුගුත්තේරුකම... තරගයට අගමැති අාවොත් නිකම්ම බන්දේසියක තියලා හොරුන්ට දුන්නා වගේ වෙයි. කරු ආවොත් අගමැති විපක්ෂ නායක වෙයි. මේ තරම් අනුවණ නායකත්වයක් ඇති එජාපයට අබ සරණයි.

:       115       1200

karthini Thursday, 19 September 2019 03:29 AM

බාලගිරි දෝසේ...!

:       0       41

sisiraThursday, 19 September 2019 07:40 AM

පව් නේද ?

:       0       0

Chanak los angeles Thursday, 19 September 2019 03:55 AM

අපි නම් දන්නවා කව්ද කියලා. ඒ පාර්ලිමේන්තුවේ සාටකයින්ගේ තර්ජනවලට නොබියව මුහුණ දුන් සෙන්පතියානේ...

:       40       116

sharm warn Thursday, 19 September 2019 04:10 AM

කවුරු හරි පිට කොන්දක් නැති අයෙක්ව දාවි සූත්තර පුංචාගේ නූල්වලින් නටවන්න බලාගෙන... කාව දැම්මත් පරදිනවා කතා දෙකක් නැතුව..

:       106       312

Rizwan Thursday, 19 September 2019 04:14 AM

ජනාධිපතිවරණයෙන් පසුව නම් කරන්න...

:       0       32

upali Thursday, 19 September 2019 04:55 AM

බාලගිරි අද නොවෙයි හෙට...

:       0       8

Sugath Premalal Thursday, 19 September 2019 05:43 AM

දැනටමත් හැමෝගේම සමනල තටු බිඳිලා තියෙන්නේ.. කළ අකුසල කර්ම මේ භවයේදීම පටිසන් දෙනවා...

:       0       109

thilakasiri Thursday, 19 September 2019 05:44 AM

අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීමට පළපුරුද්දෙන් තොර තීන්දු තීරණ ගනිමින් වේගවත් මානසිකත්වයකින් ක්‍රියාත්මක වන තරුණයින් තමන් මෙන්ම තම සමාජයද වනසද්දී මොවුන්ගෙන් වන විනාශය අවමකර ගැනීමට පළපුරුද්දෙන් විමසිලිමත් තීන්දු තීරණ ගනිමින් නිසි වේගයෙන් වැඩිහිටියන් නිරන්තරයෙන්ම ක්‍රියාකළ යුතුය. සජිත් ජනපති කලොත් මැරබලය හා රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවා තම අහිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම දේශපාලන පරිණතභාවය යයි සිතා ක්‍රියාකළ ඔහුගේ පියා තමනුත්, එජාපයත් විනාශ කර තිබියදී ඉවසීමෙන් හිස නමාගෙන පැරදි පැරදී අපහාස විඳිමින් බැනුම් අසමින් අද දිනන තත්වයට එජාපය පත්කළ රනිල් වැනි රාජ්‍ය තන්ත්‍ර ඥානය හා සියුම් ප්‍රඥාව ඇති පළපුරුදු නායකයෙක් සිටීම පක්ෂයේ මහා වාසනාවකි. හැමෝගෙම දුර්වලකම් පාලනය කර වටිනාකම් වලින් උපරිම ඵල නෙලීමට දන්නා රනිල් සජිත්ගේ දුර්වලකම් පාලනයකර වටිනාකම්වලින් රටට මෙන්ම පක්ෂයට යහපත කර සජිත්ටද සුදුසු තැනදී ඔහුව සමනය කරයි.

:       135       35

gon molayaThursday, 19 September 2019 07:13 AM

මහත්තයෝ, මොකක්ද මේ කියන්න හදන්නේ? බර වචනවලින් ඔය කියන්නේ සජිත් බුද්ධිමත් රනිල් එයාව පාලනය කරනවා කියන එකද? වෙන්නත් පුළුවන්. මට නම් ඔය දෙන්නම අර අනික් පක්ෂ දෙකේ ලොක්කෝ දෙන්නා වගේම රටම රවට්ටන රැවටිලිකාරයෝ දෙන්නෙක් විතරයි.

:       0       0

dilal Thursday, 19 September 2019 06:08 AM

ඉහළ නායකයින්ට මේ ප්‍රශ්නය විසඳන්න බැරිනම් ප්‍රශ්නය විසඳන්න ශාඛා සමිතිවලට පවරන්න. මෙන්න ඉතාමත් සරල ක්‍රමයක්... සියලුම ශාඛා කාන්තා තරුණ සමිතිවලට දන්වන්න ඔබේ කැමැත්ත රනිල්ටද? සජිත්ටද? කියා කොළයක සඳහන් කර (නම ගම අවශ්‍ය නැහැ) ලියුම් කවරයක දමා අලවා සිරිකොතෙන් එවන ඡන්ද පෙට්ටියට දමන්න කියා... දිනයක් දන්වා වාහන 25ක් දිස්ත්‍රික්ක 25ට යවන්න ඡන්ද පෙට්ටි සමග. ඡන්ද පෙට්ටි ආපසු ගෙන්වාගෙන ගැන බලා වැඩි ඡන්ද ගත් තැනැත්තා නම් කරන්න..

:       0       36

Rasika Thursday, 19 September 2019 07:05 AM

තමන්ගේ පක්ෂෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරුව අවුරුදු ගානක් වෙනවා. එහෙම නායකයෙක් නැති පක්ෂෙකට, පක්ෂයවත් හරියට හසුරවගන්න බැරිනම්, කොහොමද රට හදන්නේ ? රටට නායකත්වය දෙන්නේ ?

:       0       36

kamal Thursday, 19 September 2019 08:47 AM

අපි නම් තීරණය ගිය මාසෙම ගත්තා.

:       0       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 85 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 449 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 458 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 720 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 621 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 96 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site