IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා‘‘

(නිමල් ජයරත්න)

එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත්.කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් දා ගත් බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.

මේ දෙදෙනාගෙන් එක් කෙනෙක් රාජ්‍ය සේවකයෝ ගස් බැන්ඳා බවත් අනිත් කෙනා මිහින් ලංකා විනාශ කරලා රටේ සල්ලි විනාශ කරපු කෙනා බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය.

මනම්පිටියේ මෛත්‍රී ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැළියට එක් වෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්ව එම රැළියේදී ජනතාව ඇමතූ වසන්ත සේනානායක මහතා මෙසේද අදහස් දැක්වීය.

 ‘‘පාස්කු ප්‍රහාරයෙන් පසු අපේ රට ලේ විලක් බවට පත්වුණා.ඒ කාලේ සමහර ඇමැතිවරු එක එක දේවල් කිව්වා.එක්කෙනෙක් කිව්වා ළමයි රක්ෂණය කරලා තියෙන්නේ පාසල් යවන්න කියලා.අනිතා කෙනා කිව්වා බෝම්බ ප්‍රහාරයෙන් පසසේ ඇමරිකාවෙන් අපේ රටට සල්ලි ටිකක් ආවා කියලා.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුරතල්ලු ටික අද පක්ෂය විනාශ කරනවා.

අපිට ලොකු ගමනක් යන්න තියෙනවා.මේ රට සංවර්ධනය කරන්න ඕන.ඔබේ දරුවන්ට අනාගතයක් තිබිය යුතුයි. මේ රටේ ආරක්ෂාව ස්වෛරීභාවය රැකගන්න ඕන.ඒකට එකම සුසංයෝගය තමා මහින්ද ගෝඨා සුසංයෝගය.අපි ඒ ගමන යන්නේ අද එකතු වෙලා.

ගෝඨා - මහින්ද සමඟ ඒ ගමන යමු.ඒ සඳහා ජයග්‍රාහි එකම මාවතද ගෝඨා - මහින්ද සුසංයෝගය‘‘ බවද වසන්ත සේනානායක මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු විශාල පරිසක් එක්ව සිටියහ.  



අදහස් (27)

‘‘එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා‘‘

sirimal Friday, 08 November 2019 01:58 PM

කවද්ද මේ මහත්තයාගේ " වීඩියෝ පට" එලියට දාන්නේ? මේවාත් රස මුසු වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...?

:       3       164

Amila Friday, 08 November 2019 02:42 PM

සතිගාණක් තිස්සේ තටමලා තටමලා මේ මැතිවරණයේ පළමු පිම්ම පැන්න වසන්තට අපෙන් සුබපැතුම්...! ගිනස් වාර්තා පොතට අනිවා එකතු කළයුතු අරුම පුදුම චරිතයක් තමයි ඉතින්..

:       10       244

Mahee Friday, 08 November 2019 02:47 PM

ඔව් ඔව් ඔන්න එ්කට අපේ පක්ෂේ... එක කුණු පොදක් නෑ. කට්ටිය වුණත් හතර පෝයට සිල් ගන්නවා එක පොදියට, කුඩුකාරයන් කියන්නේ කවුද කියලා අපි අහලවත් නෑ. ඔය දැන් අනික් පැත්තේ ඉන්න රජයේ සේවකයන් ගස් බැන්ද කෙනා අපේ පක්ෂේ කවදාවත් හිටියෙත් නෑ. කොටින්ම මං වුණත් මැරිලා ඉපදුනේ දවස් දෙකතුනකට කලින්. තමුන්නාන්සේලාත් එහෙම නේද?

:       26       583

සෙනෙවිරත්න Friday, 08 November 2019 04:40 PM

සරණ ගුනවර්ධන දැන් පන්සලක ඉන්න බව දන්නවද? අපේ පක්ෂයේ හුඟක් දෙනෙක් හතර පෝයට සිල් ගන්නවා..

:       54       138

lalithmSaturday, 09 November 2019 07:26 AM

ඒ කලේ කරපුවා ඵලදීලාද?

:       1       5

RaveendraFriday, 08 November 2019 09:01 PM

ඔබගේ අදහස් සහතික ඇත්ත දැන් බැලුවාම "225ම සත්ගුණවත් පිං කඳන් " මේ අයට ඡන්දෙ දුන්නු ටකරන් අනුභව කරන සියලුම ඡන්ද දායකයන්ට තමයි ගහන්න ඕනේ..

:       1       79

විනිවිද Friday, 08 November 2019 02:53 PM

එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා නම් එම කුණු සුද්ද කිරීමට මැතිවරණය අවසන් වනතෙක් නොසිට කුණු සුද්දකරන පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව කුණුවලකට වැටී ඇත. 16 වැනිදායින් පසුව කුණුගොඩ / කුණුවල සදහටම වසා දැමෙනු ඇත.

:       128       294

සුනිල් Friday, 08 November 2019 03:09 PM

ඇත්ත කථාව, එක කෑල්ලක් අද ගියා... ඉතුරු ⁣දෙන්නයි.

:       41       131

Hafeel Friday, 08 November 2019 03:20 PM

මෙයා තව ටික දවසකින් කියාවි මහින්ද, ගෝඨා සුසංයෝගය හරියන්නේ නැහැ කියලා. මොන අපේක්ෂකයා වෙනුවෙන් මෙයා පෙනී සිටියද, මෙයාගෙන් අඩු තරමින් ඡන්ද 50ක්වත් හරවන්න බැහැ...

:       34       284

Banda Friday, 08 November 2019 04:02 PM

වැඩකට නැති අය කී දෙනෙක් නම් එව්වද?

:       1       67

Chanak los angeles Friday, 08 November 2019 05:24 PM

නිරිසතාට සුදුසු ස්ථානය වන නරකාදිය සොයා යාම ගතියයි ..

:       144       271

චන්දන Friday, 08 November 2019 05:48 PM

මිට කලිනුත් එහාට පැන්න මේ අය මොකටද එජාපයට?

:       1       192

siri Friday, 08 November 2019 06:47 PM

පොළොන්නරුවේ පැවැත්වුණු පොදුජන පෙරමුණේ රැලියේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාව පවත්වන අතර මැදදී කිසියම් පිරිසක් ජයගෝෂා නඟමින් වසන්ත සේනානායක මහතා සෙනඟ මැද්දෙන් වේදිකාවට රැගෙන එනු දුටු ගෝඨාභය මහතා ඒ ගැන උරණ වූ වීඩියෝවක් දැන් තියෙනවා..

:       2       140

AmilaSaturday, 09 November 2019 04:42 AM

ඒක තමා සැබෑ ස්වරූපය. ගිය ආණ්ඩුව කාලේ වසන්තය ඔහොම වැඩක් කළා නම් මෙලහකට කොහේ හරි රෝහලක ඇඳක තමයි. දේශපාලනය කරන අයට ඔහොම චණ්ඩි පාර්ට් නම් අහිංසක මිනිස්සුන් ගැන කවර කතාද..?

:       2       91

කපුරුහාමි Friday, 08 November 2019 06:52 PM

ඒකටත් එක්ක අපේ පක්ෂය... පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම සුද්දවන්තයෝ.. දූෂිත පවුල් පාලනේ ගැනවත් අහලාවත් නැතුව ඇති...

:       10       131

Chanak los angeles Friday, 08 November 2019 08:26 PM

‌‌ගෝඨාභය සහ මහින්ද යන දෙදෙනාම අමතක වීමේ රෝගයට ප්‍රතිකාර ගන්නා දෙපලකි. එක්තරා මැදිරියට පැමිණි ගෝඨා හා මහින්ද රූ ගත කිරීම වලට සහභාගි වී ඇත.

:       2       43

Chathuri Friday, 08 November 2019 08:53 PM

එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙමේ, මේ ඉස්ගෙඩි සේරමගේම කුණු තියෙනවා. කාටද කියන්න පුළුවන් මම සුදනා කියලා...? කට්ටියක් කනවා ආපහු තව කට්ටියක් ගොඩදානවා... අවුරුදු හතරෙන් හතරට. හොරකමින් කුඩු, එතනෝල් මහා පරිමාණ හොර බිස්නස් තමයි. කවුරුත් කරන්නේ, සුදු රෙද්ද ඇඳලා පිරිත් නූල් බැඳලා මල් වට්ටිය අතින් අරන් තමයි වැඩ අරඹන්නේ... හාමුදුරුවරු මේ ඇත්තන්ට ආශිර්වාද කරන්නේ යෝධ බල ශක්තිය ලැබෙන්න කියලා.... හරියට මහන්සි වෙලා වැඩ කරන කට්ටියනේ...

:       1       41

Mf Friday, 08 November 2019 08:55 PM

ගෝඨා ජනාධිපති වුණොත්... අලුත් අමාත්‍යාංශයක් හදනවා...

:       1       3

Chanak los angeles Friday, 08 November 2019 09:33 PM

අපි දුටුවා මොහු වේදිකාවට එනකොට කතාකරමින් සිටි අපේක්ෂක කතාව නවතලා අහනවා මම කතාකරනකොට මොකටද මේ පුද්ගලයව මෙතනට ගෙනාවේ කියලා.. අපි අහනවා මේ විදියට බැනුම් අසමින් තමන්ගේ ආත්මය පාවාදෙන්න මොහු මොකට ඉපදුණාද කියලා... ඒ වගේම පේනවා නේද ජනපති අපේක්ෂකයා ඔහුගේ කතාවට බාධාවෙනවා කියා කේන්ති ගිහින් තිබෙන හැටි..

:       3       22

sisira Friday, 08 November 2019 09:42 PM

අරුවක්කාලු කසල අංගනයට යවන්න...

:       1       49

Chanak los angeles Friday, 08 November 2019 09:56 PM

කැලිෆෝනියාවේ නිශ්ප්‍රභා කළ ලසන්ත ඝාතන නඩුව අායිමත් ඇදෙන ලකුණු.. එහෙනම් එවකට තිබූ රජය මහින්දගේ රජයයි.

:       2       9

BamunuarachchiSaturday, 09 November 2019 12:19 PM

ඒ නඩුව රබර් වලින් හදපු එකක්.. එ්කයි ඇදි ඇදී තියෙන්න. මේ හිවලත් අර එළුවාගේ මොකක්ද දැන් වැටෙයි, දැන් වැටෙයි කිය කියා දැන් අවුරුදු ගාණක් පස්සෙන් යනවා. ඔය නඩුව දැම්මාට වැඩක් වෙන්නේ නැහැ. දැන් ඒ උන්දැ නඩු කියන්න ලැජ්ජාවට... මොකෝ දැන් ඝෝඨාභය මහතාගේ පුරවැසිකම ගැන කතා නොකරන්නේ?

:       1       1

ajith Saturday, 09 November 2019 01:48 AM

එක්සත් ජතික පක්ෂයටත්, සේනානායක පරපුරටත් නින්දා කරනවා. කිසි ප්‍රතිපත්තියක් නැහැ. කුණු එකතු වෙන්නේ කුණු සමග යන කියමන සත්‍යයි. ඔප්පු කළාට බොහොම ස්තුතියි.

:       6       170

Bamunuarachchi Saturday, 09 November 2019 04:11 AM

කුණු ගොඩවල් නොවෙයි එකම කුණුගොඩක්. අර මනූෂ කියනවා සජිත් කියනවාලු දූෂිතයින් කිසිවෙකුට කැබිනට් ඇමතිකම් දෙන්නේ නැහැ කියලා. එජාපෙ දූෂිත නැති අය ඉන්නවා නම් ඒ ඊයේ පෙරේදා ආපු පසුපෙලේ ගොයියන් ටිකයි. ඒ අයට පුලුවන්ද ඇමතිකම් කරන්න. දූෂිතයින් කිසිවෙකුට කැබිනට් ඇමතිකම් දෙන්නේ නැතිනම් රනිල්ට මොකද වෙන්නේ?

:       303       49

sirimalSaturday, 09 November 2019 10:15 AM

කොහෙද අප්පා මෙච්චර කල් අන්තර්ධාන වෙලා උන්නේ? ඔබතුමාගේ අපබ්‍රංශ කියවන්න නැතුව බුකිය නිකන් පාලුවට ගිහිල්ලයි තිබුනේ.

:       1       25

Suanjith Saturday, 09 November 2019 06:41 AM

අපි හැමෝම දන්න දෙයක් තමයි උෟරෙක් කොච්චර පිරිසිදු තැනක තිබ්බත් උෟ යන්නේ ජරා කුණුවලවල් හොයාගෙන කියලා...

:       55       91

දෙනෙත් Saturday, 09 November 2019 09:07 AM

ඔය මොනවත් නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ... ගෙම්බා ගාවට ගියාද, ගෙම්බා ගෙට ආවද කියන එකයි ගැටළුව...

:       1       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 118 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 707 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 584 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 537 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 274 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 714 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site