IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘‘උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි‘”

(දයාරත්න ඇඹෝගම)

ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී පැවසූහ.

අනුරාධපුරයේ අද (15) පැවති ව්‍යාපාරික හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

මෙහිදි  රතන හිමියෝ මෙසේද පැවසූහ.

 ‘‘සාෆි සිහාබ්දීන්ගේ සිද්ධිය සහරාන්ගේ සිද්ධිය වගේ නෙවෙයි. බෝම්බ කාරයෝ අටදෙනෙක් ආවා. හිටි ගමන් මිනිස්සු මරලා යන්න ගියා. සාෆි සාහබ්දීන් කියන්නේ සිංහල මිනිසුන් යාළු කරගෙන මචං කියා ගෙන උපක්‍රමශීලිව කාන්තාවන් වද භාවයට පත්කළ පුද්ගලයෙක්.

දැනට කාන්තාවෝ 900ටත් වැඩි සංඛ්‍යාවක් වද භාවයට පත්කර තිබෙනවා.අපි නොහිටින්න මේ මනුස්සයා නිදහස් වෙනවා.මේ වාගේ මිනිස්සු 20ක් ලංකාවේ හිටියා නම් අවුරුදු විස්සක් යන කොට ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනවා.මේ වැඩේ කරන්න සවුදියෙන් සල්ලි දිලා තියෙනවා.

එයාගේ ගිණුම් හරියට චෙක් කරලා නැහැ.මේ සියල්ල උසාවියේදී දැන් හෙළිදරව් වෙලා තියෙනවා.වාසනාවට අපිට අධිකරණයෙන් සාධාරණය ඉෂ්ට වුණා. නැත්නම් අපි අන්ත අසරණ තත්වයකට පත් වෙනවා.

ඒ නිසා අපි මේ ප්‍රශ්නයේදී අපි අන්තවාදය තේරුම් ගන්න ඕනේ.අද මද්‍රසා පාසල්වල ඉගෙන ගන්නවා 30,000ක් විතර.මේ තිස් දහස තමයි අන්තිමේදී අන්තවාදි පිරිස. බුදු පිලිම කඩන්න ඕනේ.අල්ලා දෙවියන් වහන්සේ විතරයි ඉන්න ඕනේ. බුද්ධාගම අදහන එවුන් මෝඩයෝ අල්ලා දෙවියන් වහන්සේ අදහන්නේ නියම මිනිස්සු අල්ලා දෙවියන් වහන්සේ අදහන්නේ නැති වුන් මැරුවට කමක් නැහැ.එහෙම වුනාම අපි දිවිය ලෝකයට යනවා.

මේවා ඇත්තද.මේවා උගන්නන්නේ කොහේද.බෝම්බකරුවෝ නෙමේ ප්‍රශ්නේ.තව හිස්බුල්ලා විශ්වවිද්‍යාලය කියලා එකක් හදනවා.රුපියල් කෝටි ගාණක් සවුදි සල්ලි.අපි දැන් බලපෑම් කරලා ඒවා හමුදාවට ගන්න කියලා තියෙනවා.කිසිසේත් ඒ විශ්ව විද්‍යාලය හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඇයි දෙන්නේ නැත්තේ අපිව මරන්න හදන මනස හදන කර්මාන්ත ශාලාව.බෝම්බ කරුවන් නිර්මාණය කරන ෆැක්ටේරිය තමයි මඩකලපුව විශ්ව විද්‍යාලය.අපිට පේන්නේ නැහැ .ඒක කරන්නේ කවුද ආණ්ඩුකාර හිස්බුල්ලා මහත්තයෙක් වාගේ ලස්සනට ඇද ගෙන,ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා වැඩේ ලස්සනට කරගෙන යනවා.මම උපවාස කළෙ‍ ඒ මිනිහා අයින් කරන්න කියලා.එතකොට සහාරන්ට වැඩිය හිස්බුල්ලා භායනකයි.සහරාන්ට වඩා සාෆි සිහාබ්දීන් භායානකයි.

ඊලඟට මේගොල්ල රටේ ආර්ථිකය අල්ලා ගෙන තියෙනවා.නගර ආක්‍රමණය කරලා තියෙනවා.ඉඩම් ඇල්ලීමත් කරගෙන යනවා.

මේ ප්‍රශ්නය අපි තේරුම් ගත්තේ නැත්නම් සම්පුර්ණයෙන්ම අපි විනාශ වෙනවා.මේ සුළු ජාතින්ගේ ඡන්ද ලක්ෂ දහයට බය වෙන්නේ නැතිව,අපි කල්පනා කරන්නේ  මිනිසුන් සියයට දහයක් දිනා ගන්නත්,සිංහල මිනිසුන් වැඩිපුර සමගි වුනොත් අඩුගානේ සිංහලයෝ සියයට හැත්තැපහක් සමගි වුනොත් ප්‍රශ්නය ඉවරයි.

මේ ආණ්ඩුව පවතින්නේ අද කා නිසාද.රිෂාඩ් බදියුදින්,හකීම් සහ සම්බන්දන් නිසා.විශ්වාශභංගයක් ගේනාවට දිනන්න බැහැ.සිංහල බහුතරය විරුද්ධව ඡන්දය දෙනවා අර ගොල්ල ආණ්ඩුව ආරක්ෂා කර ගන්නවා.එහෙනම් මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා සිංහලයන්ගේ එකමුතුකම අත්‍යවශ්‍යයයි.

ඉදිරියේදී ආණ්ඩුවේ බලයට එන්නේ කවුද කියන එක නෙමේ අපට වැදගත් වෙන්නේ.අපේක්ෂකයෝ ගොඩාක් ගැන කියනවා නේ.සජිත් කියනවා,කරු කියනවා,ගෝඨාභය කියනවා.රනිල් වික්‍රමසිංහ හෝ ඔහු නියෝජනය කරන කෙනෙක් දිනුවොත් ඔහු දිනුවත් නැතත් ඔහුගේ රුකඩයක් නම් එන්නේ අපි පරාදයි.

මේ පැත්තේ කඳවුරේ කවුරු ආවත් කමක් නැහැ.එ කෙනාගේ නම වැඩක් නැහැ.අපි බලන්න ඕනේ ඒ අයගේ ප්‍රතිපත්තිය අපිට ඕනේ ප්‍රතිපත්තියද කියලා.මෙන්න මේක පිලිගත්තොත් විතරයි බලයට එන්න පුළුවන් වෙන්නේ.අපි හදන්නේ මේ මතයට නගරවල ලක්ෂ ගාණනාවක ජන මතයක් හදන්න.

මට කිසිම පක්ෂයක් නැහැ.කිසිම පක්ෂයක් නියෝජනය කරන්නේත නැහැ.මම මැද ඉන්නේ.සිංහලයාගේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මම ඉන්නේ.

සියළුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනේ.එකම පාසල් නිල ඇදුමක්.මුහුණ ඔළුව වහන්න බැහැ.ඒවා කරන්න ඔනේ නම් යන්න මැද පෙරදිගට.කන්නන්ගර මහත්තයා කිව්වා වාගේ මධ්‍ය විද්‍යාල,මහ විද්‍යාල,ප්‍රාථමික විද්‍යාල තියෙනවා සියළු දෙනා මේ පාසල්වලට යන්න.උසස් පෙළ සමත්වුණ ගමන් සියළු දෙනා හමුදාවට යන්න.හමුදා පුහුණුවක් දෙන්න.එතකොට අපි එක ජාතියක්.හැමෝම ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ.උතුරු නැගෙනහිර අය දෙමළ ඉගෙන ගත්තට කමක් නැහැ.අනිත් පැතිවල අය අපිට සිංහලෙන් කතා කරලා බඩු විකුණනවා නම් ඇයි සිංහල කතා කරන්න බැරි.

මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට මේ අය එකගකරවා ගන්න ඕනේ. එකම ජාතික අධ්‍යාපන පද්ධතියක් සකස් කළ යුතු බවද උන්වහන්සේ මෙහිදී පැවුසුහ.

 

 



අදහස් (46)

‘‘උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි‘”

pogala-sannaya Monday, 15 July 2019 02:15 PM

උසස් පෙළ අසමත් අය?

:       3       158

Ajith NissankaTuesday, 16 July 2019 12:15 AM

උසස් පෙළ අසමත් අයට යන්න පාර්ලිමේන්තුව තියෙන්නේ !

:       0       33

chandanaTuesday, 16 July 2019 04:32 AM

ඒ අයට ටැබ් දෙමු.

:       1       2

vijaykumarTuesday, 16 July 2019 06:49 AM

උසස් පෙළ අසමත් අය පාර්ලිමේන්තුවට

:       0       70

siva raja Monday, 15 July 2019 03:10 PM

මේක කාලෝචිත වැඩ පිළිවෙලක්, අපි සියළුම පුරවැසියන්ට හමුදා පුහුණුව සහ ඉතිහාසය ඉගැන්වීමක් ඕනා.

:       716       712

මොහොමඩ්Wednesday, 17 July 2019 04:37 AM

මේ වටින් ගොඩින් කියන්නේ තරුණ පිරිස තුල යුධවාදී මානසිකත්වයක් ගොඩනඟන්න ඕන කියලයි. තවත් සරලව කියනවා නම්, මේ රටේ තරුණ ජාතිවාදී බලකායක් නිර්මාණය කරන්න ඕන කියලයි. මේ රටේ ආරක්ෂාවට තියෙන හමුදාව ඕනෑතරම් ඇති (පසුගිය දිනක හමුදාපති තුමා මාධ්‍යයක දී මේ බව පැහැදිලි කලා). මේ රටට දැන් අවශ්‍ය යුධවාදී හෝ ජාතිවාදී පිරිස් නොවේ. මනුෂත්වය අගයන නීතිගරුන තරුණ පිරිසකුයි. පවතින නීතිය තදින් ක්‍රියාත්මක කරන තත්වයකුයි පමණයි.

:       44       2

BamunuarachchiThursday, 18 July 2019 01:01 AM

කරුණාකරලා ඔබලා අන්‍ය ආගමිකයින් මරා දැමිය යුතුයි.... ඔබලාගේ ජනගහනය වැඩිකර ස්වර්ගයට ගොස් 72 දෙනෙකුගේ සැප විඳිමි යන මතය වෙනස් කළොත් බොහෝදුරට තත්වය වෙනස්වේවි. ඔබලා ඔබේ ආගම අනුව හිතන්නයි, සිංහල කොල්ලෝ සාධාරණව හිතන්නයි ගියොත් සිංහල ජාතිය නැතිවේවි... ඔහොම යං කාලය, ප්‍රශ්න හොඳින් හෝ නරකින් විසඳාවි. පල්ලිවල කඩු තියාගෙන සිටියේ කොස් කොටන්නද? අර ගොබ්බයා කීව විදිහට කැලේ කපන්නද?

:       0       29

sharm warnFriday, 19 July 2019 07:22 AM

එහෙම නම් ,ඔබම කියන්න .. සහරාන් යුද මානසිකත්වයකින් නෙමේ ද 300ක් මැරුවේ ? එයාට යුද පුහුණුවක් අපි දුන්න නිසා ද එහෙම වුනේ ? අනුන්ගේ ඇද පලුදු හොයන්න කලින් ඔයාලගේ මිනිස්සුන්ගේ මනස හදල ඉන්න . මේ රටේ කොතැනවත් දෙමල මිනිසුන්ට හෝ මුස්ලිම් මිනිසුන්ට ඉන්න බැරි වෙන තත්වයක් සිංහලයන් ඇති කරලා නැහැ .. අපිට මේ රට රැකීමට ගන්න සුදුසු පියවරක් තමයි හමුදා පුහුණුව තරුණයන්ට දෙන එක .. මම නම් එකට 100% ක් එකයි . යුද මානසිකත්වය ..පුදුම අහිංසක කමක් අප්පා ...

:       0       0

Bamunuarachchi Monday, 15 July 2019 04:47 PM

උසස්පෙළ සමත් සිංහල සිසුන්ට කියා සංශෝධනය කරන්න. මොකද අපිට‍ මෙරට රැකගන්න වෙලා තිබෙන්නේ දෙමල හා මුසල්මානු ත්‍රස්තයාගෙන් අපේ හාමුදුරුවනේ.

:       742       716

liyanageMonday, 15 July 2019 06:19 PM

සත්‍ය වශයෙන්ම මේ බමුණුආරච්චි කියා අදහස් පළකරන්නේ විජාතික ඇමරිකානු හමුදාව ලංකාවට ගෙන ඒමට පසුබිම සකස් කරමින් සිටින්නෙකු කියා සැකයක් පවතී.

:       39       677

BamunuarachchiTuesday, 16 July 2019 12:12 AM

බමුණුආරච්චිගේ යෝජනාවෙයි ඔබේ කතාවෙයි ඇති සම්බන්දය මොකක්ද? අපි උසස් පෙළ සමත් දරුවන්ට හමුදා පුහුණුව දෙන්නේ කා සමග යුද්ද කොරන්නද?

:       14       0

NuwanTuesday, 16 July 2019 06:20 AM

මොකද්ද එකේ තියන වැරැද්ද , පහුගිය කාලේ ඔහේ හිටියේ ඇස් අන්ධ වෙලාද , උසාවිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් ත්‍රස්තවාදීන සති 2න් නිදහස් කරනවා , සිංහල මිනිසුන් වෙනුවෙන් කතා කල අමිත්ව මාස ගණන් හිරේ දානවා, මේක සිංහල බෞද්ධ රටක් කිවොත් වසර 3 කට හිරේ දානවා කියල කියනවා , මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල ඇමතිලා පුන පුනා කියනවා ..තමුන්ගේ කන් බිරි වෙලාද ඉන්නේ

:       351       340

Amila Monday, 15 July 2019 04:49 PM

ඒක නම් හාමුදුරුවනේ මොලේ තියෙන කතාවක්. ඊශ්‍රයල්,නෝර්වේ, දකුනු කොරියා වගේ රටවල් වල එවැනි ක්‍රමයක් තියෙනවා. අපෙත් එවැනි ක්‍රමයක් ගේන්න ඔන එතකොට අපේ මිනිස්සුන්ගේ තියෙන පසුගාමී ගතියත් නැතිවෙලා යාවී.

:       768       658

විජිත්Tuesday, 16 July 2019 03:49 AM

වයස අවරුදු 18 ට වැඩි , හමුදා පුහුණුවට කැමති, නිරෝගී අයට පමණක් පුහුණුව දෙන්න.ඒ පුහුණුව ලබන කාලසීමාවේදී යම්කිසි ගෙවීමක් කරන්න ඒ අයට.

:       0       14

AsankaTuesday, 16 July 2019 06:22 AM

පැහැදිලිව .. එතකොට යම් විනයක් ඇති ශාරීරික යෝග්‍යතාවක් ඇති තරුණ පරපුරක් හැදෙයි. අනික හැම කෙනෙක්ම හමුදා පුහුණුව ලැබුවම කාටවත් කරදර කරන්න එන්නේ නැහැ , දන්නවා අනිකත් දුර්වලයෙක් නොවන වග, ඔය පන්ති බේද කුල මල ජාති බේද නිකන්ම නැතිවෙලා යනවා තරුණයන් අතර කණ්ඩායම් හැගීම වර්ධනය වුනාම. ජපානය කොරියාව ඊශ්‍රායලය සහ තවත් රටවල් මේ මගින් විපුල ප්‍රයෝජන අරන් තියනවා

:       118       169

kenath Monday, 15 July 2019 05:31 PM

හමුදා පුහුණුවට වඩා වටිනවා, උසස් පෙළ සමත් හැම සිසුවෙකුම ඉතිහාසය පිළිබද පාඨමාලාවක් හැදෑරීම. උසස් පෙළ ලකුණුවලට මෙමගින් අමතර ලකුණක් දෙකක් එකතු වන ක්‍රමයක් හැදුවොත් බහුතරයක් ඔය පාඨමාලාව කරනවා සිකුරුයි. ඒ වගේම දියුණු රටවල පුරවැසි බව දෙන විට එරට ඉතිහාසය සංස්කෘතිය ගැන, දේශපාලන දැනීම, එරට පරිපාලනය නීතිය ගැන පරීක්ෂණයකින් සමත් විය යුතුයි. මෙමගින් කොහෙන් ආවත් ඒ හැමෝම එක බෝට්ටුවේ දමන එකයි කරන්නේ. අපෙත් එහෙම එකක් දෙන්න ඕන මොන ජාතියේ උනත්. හරියට 16න් පසුව ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට මේ වගේ පරීක්ෂණයකින් සමත් වීමේ ක්‍රමයක්.

:       9       243

MD Tuesday, 16 July 2019 12:14 AM

අනිවාර්යයෙන්ම කල යුතු දෙයක් හාමුදුරුවනේ. දරුවෝ මතෙන් ගලවගන්නත් පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.

:       1       16

Fz Tuesday, 16 July 2019 01:33 AM

ඉතිහාසය උගෙන මක් කරන්නද

:       9       39

vidya Tuesday, 16 July 2019 03:43 AM

හාමුදුරුවනේ අර ඊශ්‍රායල් වල කරනවා වගේ 18 උනාම හැම ළමයෙක්ම අඩුම තරමේ අවුරුද්දක් ගොවි හමුදාවට සමාන වැඩ පිළිවෙලක් හදල රටට ආදරය ඇති වැඩ පිළිවෙලක යොදන්න ඕනේ .

:       1       5

Neil Tuesday, 16 July 2019 04:25 AM

මේවගේ දේවල් අපිට හිතිලා ගොඩක් කල්

:       1       3

බණ්ඩාර (කැකිරාව) Tuesday, 16 July 2019 04:37 AM

මේවගේ දේවල් යෝජනා කිරීමවත් ශ්‍රී ලාංකීය සමාජය සුදුසු නොවෙන්නේය.. එමෙන්ම එවැනි දෙයක් අතිශය භයානක ප්‍රතිඵල ලබාදීම ඉඩ ඇත. අපේ රටේ ඉතිහාසය,සංස්කෘතිය ,සහ පරිපාලනය නීතිය පිලිබදව නේවාසික පුහුණු පාඨමලාවක් ලබාදීම කාලෝචිතයි.

:       70       75

SOME AYIYA Tuesday, 16 July 2019 05:47 AM

මේක කාලෝචිත වැඩ පිළිවෙලක්,

:       115       101

Tharnaga Tuesday, 16 July 2019 06:02 AM

හාමුදුරුවනේ ඡන්දය අතලඟ නේ

:       67       114

kap Tuesday, 16 July 2019 06:21 AM

අහිංසක මිනිස්සුන්ගේ ළමයි ටික හමුදාවට යයි . පෝසත් එවුන්ගේ ළමයි ටික රට යයි . අනික් එවුන් ටික මහන වෙයි කලේ ගෙවෙනකන්. අනික් ආගම්වල එවුන්ගේ ළමයි මොන හරි ජාතිවාදී , ආගම්වාදී කේස් එකක් ඇදල් උන්ගේ ළමයි බේර ගනී.........

:       16       137

BamunuarachchiWednesday, 17 July 2019 09:53 AM

කීවොත් කියන්නේ ගොන් කතාවක්ම තමයි.

:       2       0

Rata Perata Tuesday, 16 July 2019 06:23 AM

හොඳ අදහසක් කියමුකෝ. ඒ වගේම හාමුදුරුවන්ට ධර්මය කියා දිය යුතුයි.

:       3       145

sadis Tuesday, 16 July 2019 06:39 AM

ස්වාමීන් වහන්ස! අරි අටඟි මගේ යන්න මොකටේ ආයුධ පුහුණු?

:       12       93

de silva berlin Tuesday, 16 July 2019 07:03 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේට මම රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා මම ගරුකරනවා නමුත් උසස්පෙළ සමතුන්ට හමුදා පුහුණුව දීල ගෙදර ඇරියම , ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ට ලැබුන අවි පුහුණුව උපයෝගීකරගෙන මංකොල්ල කන්න සහ පාතාල ක්‍රියාකාරකම් කරන්න පටන් ගතහොත් මොකද කරන්නේ ? හාමුදුරුවනේ අපේ රටට නැත්තේ යුරෝපේ රටවල ඉන්න ආකාරයට පුහුණු ශ්‍රම බලකායක් , හාමුදුරුවනේ උසස්පෙළ සමත්වෙලා ගෙදරට වෙලා ඉන්න තරුණ තරුණියන්ට උසස් ප්‍රමිතියක් ඇති අවරුදු 3 කවත් වෘත්තිය පුහුණු පාඨමලාවක් දෙන්න ඕනේ, එතකොට රට නිකන්ම දියුණුවෙනවා , පසුගිය ප්‍රහාරය වලක්වා ගන්න බැරිවුනේ හමුදාව සහ බුධි අංශ දුර්වල නිසා නොව ඔව්න්ට නිසි දේශපාලන නායකත්වයක් නොලැබුන නිසාය ,

:       1       43

AmalTuesday, 16 July 2019 12:18 PM

උසස් ප්‍රමිතියක් ඇති අවරුදු 3 ක වෘත්තිය පුහුණු පාඨමලාවක් දුන්නට වැඩක් නැහැ, ස්වයං රැකියා වැහෙනවා දැනටමත් අමුද්‍රව්‍ය ගණන් නිසා, රැකියා කරන්න කර්මාන්තශාලා නැහැ, ආයෝජකයෝ නැහැ, රටේ වෙළදාම අල්ලන් ඉන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ, එහි සිංහල ළමයින්ට ඉහල යන්න ලොකු ඉඩක් නැහැ. අවශ්‍ය විනයක් ඇති ශාරීරික යෝග්‍යතාව ඇති තරුණ පිරිසක් බිහි කරන එක. අනාගතයේ ඔවුන්ට බලයට එන්න පාර කපන්න ඕන

:       13       3

isurandi Tuesday, 16 July 2019 08:14 AM

හමුදා පුහුණුවකින් කෙරෙන්නේ අවි පුහුණුවක් සමඟ නීතිගරුක විනයක් ලබාදීම යන්න මගේනම් හැගීම. ඒ නිසා අවි පුහුණුව කෙසේ වෙතත් විනය පිළිබදවනම් (ඒ - ඉසෙඩ්) දෙන්නම වටිනවා.

:       6       102

Kamal Tuesday, 16 July 2019 08:23 AM

ධර්මය පසෙක තියා සියලුම හාමුදුරුවන්ට අවි පුහුණුවත් ලබා දෙනු. කලියුග කාලෙ මෙහෙම බණත් අහන්න ලැබූණානේ.

:       318       148

Fernando Tuesday, 16 July 2019 09:23 AM

මේක හොඳ අරමුණක්. ඉක්මනින් ආරම්භ කරන්න.

:       0       24

shan Tuesday, 16 July 2019 10:26 AM

හාමුදුරුවනේ මීට වඩා හොද නැද්ද උගතුන් පාර්ලිමේන්තුවට යවන්න අවම සුදුසුකම උසස් පෙළ අසමත් අය කියල සහ ඇමති දුරයක් දරන්න අදාල ක්ෂේත්‍රයේ උපාධියක් තිබීම අනිවාර්ය කලානම්. මොකද උසස් පෙළ අසමත් අය යුධ පුහුණුව ලබලා ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධිය අරන් ගෙදර එද්දී වයසට ගිහිල්ල ඒ අයට හැරමිටියෙන් තමා කසාද බදින්න වෙන්නේ. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ උගත්තු දේසපාලන පක්ෂ නායකයෝ වෙලා උගත්තු දේසපලකයෝ උනානම් මොකද රට මේතාක් විනාස කලේ අද පාර්ලිමේන්තුවේ ඉන්න හා උන්න නුගත් දේසපාලකයන් මිස රටේ ජනතාව නෙවේ

:       0       38

menna Tuesday, 16 July 2019 12:25 PM

හමුදාවට පුහුණුවට යවන්න කියල කියන එක කියන්න ලේසියි කරන්න අමාරුයි.

:       0       12

සේනාරත්න Tuesday, 16 July 2019 04:24 PM

හමුදාවකට වඩා සැබෑ විනය ගොඩනැගුණු තැන බුදුදහම. ගැටලුව අද හැමදෙයම වෙනස්වෙලා.. අධ්‍යාපනය තුලින් ඉතිහාසය ගැන හා සැබෑ ආගමික දර්ශනයන් දරුවන් වෙත ලබාදීම වැදගත්. රටේ නීතිය, විනය ඇතිකිරීම කාටත් නීතිය සමානව සලකන තත්ත්වයක් ඇති කල යුතු වගෙම හමුදා පුහුණුව සමාන මානසිකත්වය වර්ධනයක් තරුණ පිරිසට ලබාදීමට වැඩසටහනක් අවශ්‍යයි. එය හමුදාව තුලින් නෙමෙයි වියයුත්තක් උවත් අද තරුණයා වැරදි නම් එයට මෙරට පාලනයන් වගකිවයුතු ප්‍රතිපත්ති නම් කඩදාසි වලින් කවුරුත් ඉදිරිපත් කරයි. නමුත් එය ඉදිරිපත් කරන පුද්ගලයන් හා ඔවුන්ගේ වටේ සිටින අයගෙ අතීතය වඩාත්ම වැදගත් වෙනවා ඉදිරියට රටෙහි නායකයකු තේරුමට...

:       0       8

Chanak los angeles Tuesday, 16 July 2019 08:54 PM

අපිට කනගාටු බුද්ධ පුත්‍රයන් බුදුන්ගේ දහමට පිටුපාමින් කටයුතු කරන එකටයි .

:       196       15

vidya Wednesday, 17 July 2019 12:57 AM

එතකොට හාමුදුරුවනේ පාර්ලිමේන්තුවේ ඉන්න අපොස සාපෙ වත් නැති අයට මොකද කරන්නේ ?

:       0       1

Saman Wednesday, 17 July 2019 01:10 AM

එතකොට උසස්පෙළ සමත් දෙමළ, මුස්ලිම් ළමයින්ටත් හමුදා පුහුණුව දුන්නට කමක් නැද්ද ?

:       0       6

jim kuru Wednesday, 17 July 2019 03:13 AM

ධර්මය දේශනා කරගෙන ඉන්න අපේ හාමුදුරුවනේ...

:       34       12

Christopher H.D. Wednesday, 17 July 2019 04:12 AM

ඊට වඩා හොඳ නැද්ද නිකම් කකා බිබී ඉන්න අයව හමුදාවට ගත්ත නම්?

:       0       7

thilakasiri Wednesday, 17 July 2019 11:59 AM

අනේ බුදුන්වහන්සේ දේශනාකළ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධි පාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝජ්ජංග, අරි අටගි මග ඔස්සේ ප්‍රත්‍ය සම උත්පාදනය හේතු ඵල ලෙස දකින සියුම් ප්‍රඥාව ඇතිකරගැනීමට ගිහිගෙය අත්හැර ගිය ඔබ ඔය කරන වැඩේ දෙව්දත් කල වැඩේටත් වඩා නුසුදුසුය. බුදුන් වහන්සේගේ ලේ සෙලවීම නිසා දේවදත්ත බුද්ධාන්තර ගණන් අපායේ පැසෙන්න හේතු ඇතිකරගත්තේය. බුද්ධ පුත්‍රයෙකු ලෙස පෙනීසිටිමින් අබුද්ධ වැඩ කිරීම නිසා (නිවැරදි දැකීම, කල්පනාව, සිහිය, අරමුණ, වචනය, උත්සාහය, ක්‍රියාව, හා ජීවනය) ඔබට දැනටමත් නැති බව නම් ඉතා පැහැදිලිය. පුලුවන්නම් හතර අපායේ නොවැටී බේරෙන්න. ඒ සඳහා සෝවාන් විය යුතුය... නොහොත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා සීලබ්බත පරාමාසයෙන් මිදිය යුතුයි. සකෘදාගාමී වීමට නම් කාමච්ඡන්ද හා ව්‍යාපාද ප්‍රහීන කළයුතුය. අනාගාමී වීමට කාමචන්ද හා ව්‍යාපාදය ප්‍රහීන විය යුතුය. එවිට මාන්න උද්දච්ච රූපරාග, අරූපරාග හා අවිද්‍යා (රාග, ද්වේශ මෝහ) ප්‍රහීන වී රහත් ඵලයට පත්වෙන්නේය. මගඵලලාභී ගිහියන් හා රහත් ඵල ලාභී පැවිද්දන් අදත් සිටිති.

:       34       1

sharm warnFriday, 19 July 2019 07:32 AM

ඔබ කියන දේ ගැන ආපහු හිතලා බලන්න. උන්වහන්සේ මෙහෙම කියන්නේ උන්වහන්සේගේ පෞද්ගලික ලාභයක් පතාගෙනද? ඔබ කියන විදියට මේ රටේ පැවිදිතුමන්ලාටයි. වහගෙන හිටියා නම් 21 වෙනිදා තව මොනවා වෙන්න තිබුණද? ඔබේ දහම් දැනුම අගය කරනවා. එකක් මතක තියාගන්න. "සංග්‍රාමයට නවගුණවැල ගෙන නොඑනු.. සංග්‍රාමයෙන් පසු නවගුණවල ගනිනු .." සංග්‍රාමයෙන් පස්සේ උන්වහන්සේ ධර්මය දේශනා කරාවි. අපේ තරුණ තරුණියන්ට හමුදා පුහුණුව දිය යුතුයි. එහෙම කළ යුත්තේ මිනී මරන්නට නොවෙන බව අවබෝධ කරගන්න. එයින් අපේ නොහික්මුණු තරුණ පරපුර යම් තරමකට හික්මීමක් සහිතව රට, ජාතිය ගැන හැඟීමක් ඇතිව හරි හමන් අනාගත පරපුරකට හරවන්න පුළුවන්... තේරුම් ගන්න.

:       0       0

Chandimal Thursday, 18 July 2019 03:54 AM

අපේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත කතාවක්. අද අපේ තරුණ පරපුර දන්නේ මුහුණු පොතේ ගිහින ලෝකෙනැති ඕපාදුප හොයන එක සහ ඒවාට ලයික් දමන එක විතරනේ. සිංහල අපි බෙදිලා ඉන්න තරමට අනෙක් අය‍ට පුළුවනි අපට ගහන්න.

:       0       36

de silva Thursday, 18 July 2019 09:03 AM

හාමුදුරුවනේ ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය නිතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම් , නඩු පමාවීම වැනි දේවල් , ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයක ඉන්නේ එක විනිසුරුවරයෙකි , කරුණාකර මේ ඉන්න විනිසුරුවරු ප්‍රමාණය දෙගුණයකින්වත් වැඩි කරන්න , නීතිපති දෙපාර්තමේන්තුවට කරන දේශපාලන බලපෑම් අඩු කරන්න කටයුතු කරන්න , ඔබ වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මේවා යෝජනා කරන්න පුළුවන් . ලංකාවේ මිනියක් මැරුවත් මාස 3ක් රිමාන්ඩ් එකේ ඉඳල නඩුව ඉවරවෙනකම් අවරුදු 10-20 එළියේ ඉන්න පුළුවන් ,

:       0       1

jayawardana Thursday, 18 July 2019 11:58 AM

විවිධාකාර නම් වලින් තියෙන පාසල් සියල්ලම එක නමකින් නම්කරන්න. පාසලේ නමට ගමේ නම ඉදිරියෙන් ලියන්න. ජාතික පාසල්,වන් ඒබි පාසල්,වන් ඒබී සුපර්,ලයිට් හවුස් පාසල් සියල්ලම අහෝසි කරලා ග්‍රාම සේවක වසම් දෙක තුනකට හෝ ජනගහනය 5000 කට එක ප්‍රාථමික පාසලක් නම් කරන්න. එතකොට බර අඩුවෙන කොට සිංහල අම්මල තාත්තල තව තවත් දරුවො හදාවි. ඒ වගේම ගමින් ගමට වෛද්‍ය පහසුකම් ඇති කරන්න. වෙනද වගේම ගමේ පන්සල වටා මූලික අධ්‍යාපනය ඇති කරන්න. එතකොට නිකකම්ම සිංහල දරු පරපුර වැඩි වේවි. දරැවන් දෙමාපියන්ට බරක් නොවන විදියට දැනුනොත් සිංහල දරුවො බිහිකරාවි. එතකොට ඒකත් හොද විසදුමක්. කොහොමටත් ඔබ වහන්සේගේ උත්සාහය,කැපකිරීම,ජාති හිතෛෂීභාවය,දහමට තිබෙන ඇල්ම ගෞරවය එය ආරක්ෂා කිරීමට දරණ උත්සාහය අපි ඉතාමත්ම අගේ කරනවා. ඔබ වහනසේනට නිදුක් නිරෝගී ජීවිතයට වාසනාව උදාවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

:       0       92

lalithm Friday, 19 July 2019 03:30 AM

හරිහැටි නීතිය ක්‍රියාත්මක කරන පරිසරයක් හැදුවම හොඳටම ඇති. හමුදා පුහුණුව නොවේ තරුණ තරුණයින්ට ජීවත් වීමට සුදුසු වෘත්තීය පාඨමාලා හදාරන එක අනිවාර්ය කරන්න. එතකොට නිකන්ම රට ඉදිරියට යාවි. සමෘද්ධිය වගේ හොරු බෝ කරන වැඩසටහන් වලට යන මුදල ඒවාට යොදවන්න.

:       11       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 70 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 507 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 239 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1114 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 542 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 623 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1420 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1345 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site