IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් බෙදලා‘‘

(දයාරත්න ඇඹෝගම)

ලංකාවටම රැකියා දෙන්නේ ලක්ෂයයි. සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරයටම  රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.

        ‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව අය කියනවා ඊළග ආණ්ඩුවේ අහවල් ඇමති මම කියලා, තව අය කියනවා මම තමා අහවලාගේ නියෝජිතයා කියලා.

මේ සේරම කරන්නත් අපි අනුරාධපුර‍ දිස්ත්‍රික්කයේ  හත් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න අවශ්‍ය ඡන්ද ටික හදලා ඉන්න ඕන නේද? ඒ ටික හැදුනම නේද කවුද යවන්න ඕන කියලා හිතන්න ඕන.

මිනිස්සු රවට්ටන අය පාර්ලිමේන්තු ගියාට ර‍ට හැදෙන්නේ නෑ. ඉස්සරලම රට හදන්න හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න පදනමක් අපි හදා ගන්න ඕන. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ මතවාදයේ හිට ගන්න පිරිසක් පාර්ලිමේන්තු යවන්න පුළුවන්.ඊට පස්සේ අපි ජීවත් වෙන කාලයේ මේ රටේ වෙනසක් දකින්න පුළුවන්.

ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා කියලා එතුමා මැජික් කාරයෙක් නෙමෙයි. මේ රට වෙනස් කරන්න.ඒ සඳහා අපි එතුමාට උදව් කරන්න අවශ්‍යයි.එතුමා බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන.

මේ රටේ වෙනස් කළ යුතු බොහෝ දේ තියෙනවා.එකතු කළ යුතු බොහෝ දේවල් තියෙනවා. අයින් කරන්න ඕන දේවල් බොහෝමයක් තියෙනවා.

සමහර නීති පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන.නායකයාට ඕනකම තිබුණට විතරක් මේවා කරන්න බෑ.සමහර නීති තියෙන්නේ සුද්දාගේ කාලේ ඒවා.අපේ පාරවල් කාපට් වෙලා, ගුවන් පාලම් හැදිලා තියෙනවා, එඅධිවේගී මාර්ග හැදිලා තියෙනවා. හැබැයි තාමත් අපේ පාරක වේග සීමාව පැයට කිලෝ මීටර 80 යි,

ගම් පාරවල් වලත් 80 ට වඩා යනවා.තාම රටේ නීතිය තියෙන්නේ 80 යි.මේවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තියෙන්න ඕන.

පහුගිය කාලවල මැතිවරණයක් අපි දිනුවම පැරදුන අයව ගණන් ගත්තේවත් නෑ, පැරදුන කෙනා කොන් වෙනවා.දැන් එහෙම කරන්න බෑ.දෙකට බෙදිලා හිටිය පක්ෂවල නායකයෝ දැන් එකතු වෙලා සන්ධාන හදලා තියෙනවා.

ඉතිහා‍සයේ ඉඳන් අපේ පුරුද්ද තිබුණේ අපි ආණ්ඩුවක් හදා ගත්තම උදව් නොකරපු එකෙකුට ලං වෙන්න දෙන්නේ නෑ.ඇයි තහඩු ටික, කොන්ත්‍රාත් ටික, රැකියා ටික, අපිටම ගන්න.

අපි රටක් විදිහට විනාශය කරා යනවා මිසක් සංවර්ධනයකට යන්නේ නෑ.මේ දේශපාලන බෙදීම මැතිවරණ කාලයට පමණක් සීමා කරලා රට හදන කණ්ඩායම විදිහට හැමෝම එකට අත්වැල් බැඳ ගත්තොත් හැමෝම මේ කඳවු‍රේ සාමාජිකයෝ කර ගත්තොත් අපිට ලේසියෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න පුළුවන්‘‘ යැයි දුමින්ද දිසානායක මහතා මෙහිදි පැවසිය.

 



අදහස් (20)

‘‘අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් බෙදලා‘‘

chandima Wednesday, 26 February 2020 03:14 PM

මේ ලක්ෂ දෙකක් ඉල්ලුම්පත්‍ර අරගැනීමෙන් පෙනෙන්නේ මෙයාලා පාලනය කළ කාලයේ රැකියා නැත්තවුන් ලක්ෂ දෙකක් හෝ ඊටත් වැඩියෙන් ඉඳිද්දී මේ උදවිය තීරුබදු රහිත වාහන වලින් රජයේ වියදමින් බාල් නැටූ බව නොවේද?

:       41       120

නිමල් Wednesday, 26 February 2020 05:30 PM

ඔබතුමා කලබලවෙන්න එපා. රාජපක්ෂ සහෝදර සමාගම රටට සේවය කරන්නේ ඔහොම තමයි. රුපියලක් වියදම් කරලා රුපියල් 1000ක් කියවනවා. එම සමාගමේ හැටි ඔහොම තමයි. ඒකට සෙට් වුණු එම සමාගමේ වැඩකරන කොල්ලෝ දෙන්නා විමල් සහ ගම්මන්පිල ළඟින්ම තබාගෙන ඉන්නේ එ්කනේ... ඔය කුණු සුද්ද කරන රජකාරියටනේ... එ් දෙන්න නම් පඩි නැතිව වැඩකරනවා.

:       2       211

කටුකන්න තිස්ස Thursday, 27 February 2020 07:27 AM

සිරිසේන හැර වාහන ගත්තු අය අරන් නැහැ වගේ නේද? කමක් නැහැ ජොනි අන්කල් කිව්ව නිසා ඇත්ත වෙන්න ඕනේ. මොකද හරි අවංක හොර බොරු නැති කෙනෙක්නේ...

:       0       3

ලැවොයිසියර් Wednesday, 26 February 2020 03:37 PM

ඡන්ද වැඩට ලක්‍ෂ දෙකක් උඩින්ම... කල්ල මරේ තමයි.

:       0       58

Sara Wednesday, 26 February 2020 03:58 PM

බිල්ඩිම අරගත්තේ මෙයාද?

:       2       121

Sunil gikiyanage Wednesday, 26 February 2020 04:38 PM

සබීතා බිල්ඩිමෙන් කීයක් ගත්තද කියනවාද? කෘෂිකර්මය දියුණු කාලේ කොහොමද කියලා පැහැදිලි කරන්න බලන්න.

:       1       247

Chandana F Wednesday, 26 February 2020 05:24 PM

කියන්නේ එකක් කරන්නේ තවෙකක්... අපි බබ්බුද?

:       0       165

Nimal Wednesday, 26 February 2020 05:57 PM

මෙයා බිල්ඩිමට බිල දාන පරක්කුවෙන් සල්ලි ගෙවන්න සූත්තර පුංචා ලැහැස්තිවෙලා හිටියා. මේ කවුරුත් එකට තමයි ඒවා කලේ. අපිට පෙනෙන්න එළියට ඇවිත් ගහගන්නවා...

:       0       0

Pradeep Wednesday, 26 February 2020 06:02 PM

කලබල වෙන්න එපා මහත්තයෝ.. ජනතාව දන්නවා කාවද ඊළඟ පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ කියලා. ඔය දාර්ශනික අදහස් පලකරන ඔබ පහුගිය කාලේ ක්‍රියාකළ අකාරය ජනතාවට අමතක නෑ. කෘෂිකර්ම ඇමැතිවෙලා ඉන්නකොට අඩුම තරමින් තමන් ඉන්න පළාතේ ජනතාවට මොනවද කලේ? සබීතාගේ බිල්ඩිමට කුලී ගෙව්ව එක හැර...

:       0       20

dee Thursday, 27 February 2020 12:12 AM

20000, ලක්ෂ 2 වෙලා... මෙයා ගමයාගේ ගෝලයෙක්නේ... ඒ නිසා නිදහස ලැබිලා අවුරුදු 30යි වගේ මෙයාලට 20000 පේන්නේ ලක්ෂ 2 වගේ.. අංක ගණිතය දන්නේ නැහැ...!!!

:       2       21

dee Thursday, 27 February 2020 12:32 AM

මෙයා අංක ගණිතය දන්නේ නැහැ... ගමයාගේ ගෝලයෙක් නේ...

:       2       5

Hafeel Thursday, 27 February 2020 01:54 AM

ඒ කියන්නේ පාරේ වේග සීමා වැඩිකරන්න 2/3 බලය ඕනද? රට හදන්න එක කොහොම වුනත්, සබීතා ගොඩනැගිල්ලෙන් මෙයා ගොඩවුණා.

:       0       61

Hudson Thursday, 27 February 2020 01:59 AM

ඡන්දෙට ඉස්සෙල්ල කියපු දේවල් හැටියටනම් අපි හිතුවේ ගෝඨා මැජික් කාරයෙක් කියලා තමයි.

:       0       136

lalithm Thursday, 27 February 2020 02:48 AM

පරිභෝජන කෘෂිකර්මයෙන් සහ වන්දනාකරුවන්ගේ පිහිටෙන් දිවි ගෙවා ගන්න අනුරාධපුර ජනතාවට රැකියා ලක්ෂ දෙකක් දෙන්න පොරොන්දුවෙනවට වඩා ඒ පළාතේ තියෙන ආදායම් මාර්ග දෙක වැඩි දියුණු කරන්න උදව් උනානම් කොච්චර නම්බුද? කෘෂි ආර්ථිකය වී වලටම කොටු කරන්න හදන මෝඩ පාලකයින්ට නොතේරෙන දෙයක් තමයි රටේ මිනිසුන්ට බත්ම ගිල්ලවලා මදි, පලතුරු හොඳ එළවලු වගේ දේවලුත් කවන්න පුරුදු කරන්න ඕනේ කියන එක. එළවලු පලතුරු වැඩිපුර පරිභෝජනය දියුණු කරන මගක් අපේ පෝෂණ වේදියෝවත් අර බයිලා ගහන දොස්තර සමිතියවත් මිනිසුන්ට කියා දෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ නොවී ඉන්න එකට අකමැති ඇති.

:       0       37

janahitha Thursday, 27 February 2020 03:24 AM

සබිතගේ බංගලාව එකතු කරන්න වෙනවා, පොහොර සහනාධාර අයින් කරන්න වෙනවා, ඕක නේද කියන්න ඕනේ.

:       0       33

Rohana Thursday, 27 February 2020 05:59 AM

කිසිඳු පක්ෂයකට හෝ කණ්ඩායමකට 2/3 බලයක් දීම සුදුසු නොවන බව මගේ අදහසයි. මේ රට පාලනය කිරීමට බහුතර බලය හොඳටම ප්‍රමාණවත්... 2/3 බලයදීම් මගින් ජනතාවට අහිතකර අණපනත් සම්මත කරගන්න ඉඩ තිබෙනවා. රට අරාජික වෙනවා.

:       0       159

rohan Thursday, 27 February 2020 07:28 AM

අනුරාධපුරේට ලක්ෂ 2ක් නම් ලංකාවටම ඉල්ලුම්පත් කෝටි 2ක් වත් බෙදන්න ඇති.... මේක තමයි ලංකාවේ ඡන්ද දායකයින් රවටන දේශපාලනේ...

:       0       1

kamal koyrala Thursday, 27 February 2020 07:35 AM

සහෝදරවරුනි, කවුරු මොනවා දුන්නත් ගන්න නැතිනම් ඒ අය අමනාප වෙයිනේ. ඡන්දෙ දවසට ඔබේ සුදුසු තීරණය ගන්න මැකොට මේවා අල්ලස් වගේ නොපෙනෙනවද?

:       0       1

LANKA Thursday, 27 February 2020 08:59 AM

2/3 දුන්නොත් මුළු ලංකාවම ඉවර කරලා අලුත් ලංකාවක් හදනවා කියයි.

:       0       1

chinthana Thursday, 27 February 2020 11:20 AM

මාර්ගවල උපරිම වේගය 70යි. කවද්ද 80 කලේ? තාම පුවරුවල තියෙන්නේ 70. මෙතුමා ඉතින් වාහනයක් එලවන්නේ නැති නිසා ඕවා දන්නේ නෑ. මොනවා කරන්නද? මහාචාර්ය චන්න ජයසුමනටයි, උද්දික ප්‍රේමරත්නටයි ඡන්ද කැඩුණාම මෙතුමාට ජාතික ලැයිස්තු පිහිට තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 92 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1004 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 469 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 259 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 177 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 320 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site