IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් රටේ නැහැ‘‘

(අනීෂා මානගේ)

අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන්න එන පොරෝකාරයාටත් ගහ හෙවණ දෙනවා. ඒ වගේ තමයි මේ පාරත් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසූයේ මාතර සිට මත්තල දක්වා ඉදිකළ නව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවකුඹුක දක්වා කොටස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රොහාන් රත්වත්තේ, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර පාලටුව අධිවේගී පිවිසුමේ සිට මැති ඇමතිවරුන් ඇතුළු පිරිස අඟුණකොළපෑලැස්ස බරවකුඹුක අධිවේගී පිටවීමේ දොරටුව දක්වා පැමිණියහ.

බරවකුඹුක අධිවේගී පිවිසුම ආසන්නයේදී උත්සව සභාව පැවැති අතර එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේය. 

 ‘‘අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන්න එන පොරෝකාරයාටත් ගහ හෙවන දෙනවා. ඒ වගේ තමයි මේ පාරත්.

මේ  පාර විවේචනය කරන්න එන අයත් විවේචනය කරලා පාර හදපු අපිව ගෙදර යැවූ අයත් අද යන්නේ මේ පාරෙ. ඒ පාරෙ ඇවිත් තමයි අපිට බැනල යන්නේ. පාර හදන්න ගිය වියදමින් රත්තරන්වලින් කාපට් දාන්න පුළුවන් කියූ අයත් හිටියා.

2015 ආණ්ඩුව පෙරලන්න කතා කරන්න ගියෙත් හයිවේ එකේ බව පස්සේ කාලෙදි ලොකුවට කිව්වා. හයිවේ එකේ යන ගමන් සැටලයිට් ෆෝන් එකෙන් කතා කරල තමයි ආණ්ඩුව පෙරලුවේ. රටට වෛර කරන පිරිසට දැන් මේ රටේ ජනතාව නැවත ස්ථානයක් හදල දීල තිබෙනවා.

අධිවේගී මාර්ගය හදනකොට කළ එක් විවේචනයක් තමයි මේ වගේ මාර්ගවලින් කාටද ප්‍රයෝජනයක් තිබෙන්නේ. සමහරු මාළු ගෙනියන්න කිව්වා. අද මේ ව්‍යාපෘතියෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නෙ ලොකු මිනිස්සුද කියල මම අහනවා.

අද මේ හයිවේ එක වැහුවොත් රටට මොකක් වෙයිද. රට පස්සට යනව නේද. මොනතරම් රටේ කටයුතු අවුල් වෙයිද මේවා හිතන්න. අපිට විවේචන ආවේ නිකන් නෙවෙයි. අපි මේ කළ ව්‍යාපෘතියෙන් දිස්ත්‍රික්ක තුනක ජනතාවට සේවයක් ලැබුණා.

කොළඹ, කළුතර, ගාල්ල. ඒවායි මුලින්ම සම්බන්ධ වුණේ. මේ රටේ සියයට පහලොවක ජනතාව ජීවත් වුණේ ඒ දිස්ත්‍රික්ක තුනෙයි. දැන් මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකත් මෙයට සම්බන්ධ වෙනවා. කතරගමට ගියාම පාර අවසන් වෙද්දී ඌව පළාතත් සම්බන්ධ වෙනවා.

මේ පළාත් නැගිටිනවට අකමැති දේශපාලකයෝ ඉන්නවා. අධිවේගී මාර්ගයේ තලගොයි, කබරගොයි දැක්කේ මේ අයයි. මම මේවා කියන්නේ හේතු ඇතුවයි.

2005 චන්ද්‍රිකා මැතිණිය ඉන්න ආණ්ඩුවේ ඉද්දී අධිවේගී මාර්ගයට මුල්ගල් තියල ඇවිත් නාමයෝජනා බාර දීලා මම අත්සන් කළේ. අද අපේ උපන්ගමට අධිවේගී මාර්ගය සම්බන්ධ කරනකොට නැවතත් ජනාධිපතිවරයා මාව අගමැති විදියට නම් කර තිබෙනවා.

මම එදා මහාමාර්ග ඇමතිවරයා විදියට වැඩ බාරගත්තේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවර දක්වා නිදහසේ යන්න බැරි රටක. ඒවා දැන් හුඟක් අයට අමතකයි. මන්නාරමේ මඩු දේවස්ථානයට යන පාර  අලුතින් හදාදෙන්න කියා මගෙන් ඉල්ලීමක් කළා. ඉතාමත් හොඳ තත්ත්වයේ පාරක් මම හදල දුන්නා.

මන්නාරමේ බිෂොප්තුමා මට ආරාධනා කළා එම මාර්ගය විවෘත කරන්නට. එදා අපේ රටේ සටන් විරාමයක් ක්‍රියාත්මකව තිබූ කාලයක්. මේවා හුඟක් අයට දැන් අමතකයි. උතුර නැගෙනහිර යනවා නම් කොටින්ගෙන් අවසර ගන්න ඕනෑ. මඩු පාර විවෘත කරන්න නම් මට ලියුමක් දෙන්න කිව්වා කොටි නායකයාට. අගමැතිතුමා වුණත් කොටින්ගෙන් අවසර නැතුව යන්න හම්බවෙන්නෙ නැහැ කියලා ලියුමක් ඉල්ලුවා. මම කිව්වා අගමැති විදියට පාර හදලා ඒකෙ යන්න මට එල්.ටී.ටී.එකෙන් අවසර ගන්න ඕනෑ නැහැ කියලා.

මම එහෙම අවසර ගන්නෙත් නැහැ කිව්වා. හැබැයි එහෙම අවසර ගන්නෙ නැතුව මට ඕනෑ විදියට පාරෙ යන්න දිනයක් මම වැඩිකලක් යන්න කලින් හදල දෙන්නම් කිව්වා.  ඒ වගේම මඩුවලට යන්න අපි යුද්ධය අවසන් කරන්න එදායි අපි තීරණය කළේ. එදා සිට අපි පාරවල් හදන්න පමණක් නෙවෙයි. හදපු පාරවල්වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයකුත් මේ රටේ ඇති කළා. ඉදිරියටත් අපි මේ රටේ පාරවල් හදනවා වගේම ඒ පාරවල්වල නිදහසේ යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. මැතිවරණයේදීත් මිනිස්සු අපෙන් ඉල්ලුවේ ඒකයි.

අධිවේගී මාර්ගයේ පළමු කොටස ගාල්ල දක්වා ඉදිකරලා ඉතාම ඉක්මනින් ජනතාවට අපි බාර දුන්නා. ඒ දවස්වල දින කිහිපයක් පයින් යන්න බයිසිකල්වලින් මිනිස්සු ඉල්ලුවා. ඒකට අවස්ථාව අපි දුන්නා. මිනිස්සු සතුටු වුණා.

යහපාලන ආණ්ඩුව බලයට ආපු ගමන් මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළේ නිකන් නොවෙයි. මත්තල ගුවන්තොටුපොළ පාවිච්චි කරන්න බැරි විදියට විනාශ කළා. වී ගබඩා කරලා වීවලට කළ අපහාසය, අපේ සංස්කෘතියට කළ අපහාසය පමණක් නෙවෙයි ගුවන්තොටුපොළට කළ විනාශයට වග කියන්න ඕනෑ කවුද.

මොකක්ද දකුණත් එක්ක තිබෙන වෛරය. අද වෙනකොට ගුවන්තොටුපොළේ තිබෙන වටිනාකම ලෝකයට දැනී තිබෙනවා. කොරෝනා රෝගීන් ආවාම ඒ අය නිරෝධායනය කරන්න පහසුකම් ඇතුව රටට ගත්තේ මත්තල හරහා.

හම්බන්තොටට වරායක් ඕනෑ කියලා තීරණය කළේ එදා ඩී.ඒ.රාජපක්ෂ ඉන්න කාලෙයි. මේක අපිට කතා කළේ ඒ අයයි. නමුත් මේක කරගන්න බැරි වුණා. අපිට චීන රජයෙන් විශාල මුදලක් ලබා දුන්නා. ඒවායින් තමයි අපි මෙය කළේ. වරාය හදද්දි මෙය දකුණෙන් එහාට අරගෙන යන්න ගොඩක් අයට ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි අපි විශාල බාධා, ද්‍රෝහිකම් මැද්දේ දකුණට වරායක් හැදුවා.

යහපාලන ආණ්ඩුවක් ආපුගමන් කළේ ඒවා විකුණලා දාපු එකයි. දැන් කියනවා විකුණුවේ නැහැ අනූනව අවුරුද්දකට බදු දුන්නාලු. හෙක්ටයාර පන්දහසක්. මේවා මේ රටේ ජනතාවගේ දේපළයි. මේ තත්ත්වය ඇති කරගත්තේ කවුද. මිනිස්සුන්ට බොරුව පුරවලා ඇති කළ වෛරය එදා 2015දී පිටකළා.

අපිව පැරදුනේ නැහැ. අපිව පැරැද්දුවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණත් මේවා ඇතුළේ තිබුණා. මම ඒවා ගැන කතා කරන්නෙ නැහැ. අපි කවදත් පෙදු ජනතාවගේ දේශපාලන වුවමනාවන් තේරුම් අරගෙන වැඩ කළ අයයි.

ඒ වෙනකොට තිබුණ තිබුණ භීෂණකාරී යූඑන්පී ආණ්ඩුවට එරෙහිව කොළඹ සිට කතරමට පාදයාත්‍රා ගියා. කොළඹ ඉඳන් තිබෙන හැම ගල් කැටයක්ම මම පාගා තිබෙනවා. හන්දිවල තිබෙන පිච්චෙන මිනී දැක්කා අපි. මේවා අරගෙන අපි ජිනීවාත් ගියා. ජනතාවගේ දුක් අහගෙන අපි කිව්වා. එදා මම ජනතාවගේ දුක් අදෝනා අහගෙන ගිය මුළු දුරම අද වර්තමාන පරපුරට අධිවේගී මාර්ගයේ සැපපහසුවට යන්න සැලස්වන්න පුළුවන්කම ලැබුණු එකට අපි සන්තොස වෙනවා.‘‘ යැයි අගමැතිවරයා පැවසීය.

 

 



අදහස් (33)

‘‘අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් රටේ නැහැ‘‘

Kalana Sunday, 23 February 2020 05:05 PM

ඔබතුමා කියන දේ ඇත්ත....

:       660       642

BamunuarachchiSunday, 23 February 2020 11:35 PM

මම මේක භාරගන්න අවස්ථාවේම කිවුවා, මේක භාරගන්න එපා කියලා, ආණඩුව එයාලටම කරගෙන යන්න දෙන්න කියලා. හැබැයි වැඩිදෙනා කිව්වේ භාරගෙන අපි මේක කරමු කියලා. නමුත් අපිත් මිට පෙරත් පොඩි වරදක් කළා 2018 ඔක්තෝබර් කලබලේම අපි ආණ්ඩුවක් පිහිටුවන්න හැදුවා. මම අගමැති හැටියට පත්කලා. නමුත් අපිට බහුතරයක් එකතුකර ගන්නත් බැරිවුනා. ඉතින් ඒක කර ගන්නත් බරිවුනා. අපෙත් වැරදි තියෙනවා හාමුදුරුවනේ අපේ මිනිස්සුත් කලබලේට තීන්දු තීරණ ගන්නවනේ. මම කලබල නැතිව හෙමින් ගියාට අපේ අනෙක් කට්ටියට ඉවසීමක් නැහැ.

:       10       34

ranaMonday, 24 February 2020 05:25 AM

මෙය බොරුවක්නේ.., මහින්ද මහතා සහ පිරිස වේදිකාවල මොනවද කිව්වේ? අගමැති වෙනකම් ඉවසන්න බැරුව නේද සිටියේ? නැවත ඔබ ඇත්ත නැත්ත කරන්න එපා...

:       0       31

roshan Sunday, 23 February 2020 10:09 PM

වැඩිම විවේචනය වුනේ මත්තල ගුවන්තොටුපල මහින්ද ගෝඨාට රට කරගෙන යන්න දෙන්නේ නැහැ. තවම පට්ට හොරුටික වටේට තියාගෙන රට විනාශ කරනවා. මහින්ද ඉවත්වෙලා ගෝඨාට දුන්නොත් හරි...

:       13       70

Ruwan Sunday, 23 February 2020 11:06 PM

අධිවේගී මාර්ගය තරම් ගසා කෑ වෙනත් ව්‍යාපෘතියක් රටේ නැහැ

:       43       145

Perera Sunday, 23 February 2020 11:59 PM

මොකද නැත්තේ...හම්බන්තොට වරාය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය එහෙම.

:       27       109

Asanga Monday, 24 February 2020 12:32 AM

හේතුවත් ඔබතුමා දන්නවනේ ඉතින්....

:       0       62

mahinda Monday, 24 February 2020 12:37 AM

අර ගොල්ල කරපු වැරදි නිවැරදි කරන්න දැන් වෙලාව ඇවිත් තිබෙනවා

:       7       1

Bamunuarachchi Monday, 24 February 2020 01:02 AM

ලස්සන වැඩේ කියන්නේ අධිවේගී මාර්ගයේ 100යට යන ගමන් බනින්නේ විවේචන කරන්නේ... ගමන අවසානයට ගිහිල්ලා කියන මිනිත්තු 45 ආවා කියලා. ඊට පස්සේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන ගමන් කියනවා මේ මාර්ගයට කිලෝමීටරයකට මෙපමණ මුදලක් ගියා... එ්ක අපරාදේ.. අපි එහෙම කරන්නේ නැහැ. හැබැයි ඔවුන්ට අවුරුදු 4 1/2 ටම මුල්ගලක්වත් තියා ගන්න බැරිවුණා.

:       238       184

dama Monday, 24 February 2020 01:03 AM

කට්ටිය කෝටිපතියන් වුණෙත් ඕවා නිසානේ... නේද මහින්ද මහත්තයෝ?

:       26       200

BamunuarachchiTuesday, 25 February 2020 05:17 AM

ගිය අවුරුදු 4 1/2 රටට කිසිම වැඩක් නොකර කට්ටිය කෝටිපතියෝ උනා, රටට වැඩකරලා කෝටිපතිය උනා. මේවා දැකලා පිනට කෝටිපතියෝ උන අයගේ හෙන්චයියන්ට ජුවල්. නිකන් කෝටිපතියෝ උන එවුන්ව දකින්නේ නැහැ. වැඩ කරලා කෝටිපතියෝ උන අයව පමණක් දකිනවා.අසුභ වාදීන් කියන්නේ මොවුනට. මොනවා කරන්නද හලෝ ඔහෙලා ගැන වෙනම පොත් ගණන් ලියන්න පුළුවන්?

:       1       0

Chathuri Monday, 24 February 2020 01:12 AM

රටේ මුදල් වලින් රටේ සම්පත් දියුණු කරලා ගන්න නායකයින් දැනගන්න ඕනෑ. නායකයින් පත් කර ගන්නේ ඒ නිසයි. අධිවේග මාර්ග හදනකොට, නායකයින්ගේ පහළ ඉන්න කට්ටියගේ පවුල් ජීවිත. සීඝ්‍රයෙන් දියුණු වෙන්නේ කොහොමද? හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුණා කියන්නේ ඕවට... කිසිම පක්ෂයකට හෑල්ලුවට කතා කරන්න බැහැ... උජාරුවෙන් මේ මුදල් ජනතාවගේ බදුමුදල් වලින් කිසිම නායකයෙක්ට උදම් අනන්න බැහැ. මේවා කෙරුවේ අපි කියලා. මෙහි මූලික සැලැස්මේ මේ ඉඳලා. වැඩ කරපු ඉංජිනේරු මහත්වරුන් පිදිය යුතුයි. ඒ කට්ටියව මල්මාලා දමලා පිළිගන්න. නමුත් කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ...

:       50       116

Mahesh Monday, 24 February 2020 02:26 AM

නමුත් මේවා දැන් යල් පැන ගිය සංකල්ප අද කාලයත් එක්ක බැලුවහම. මේ ක්‍රමය එක්ක නාගරික තදබදය වැඩිවෙනවා. විශේෂයෙන්ම කොළඹට ඇතුලු වෙන වාහන වැඩි වෙනවා. දැන් ඕන පොදු ප්‍රවාහනය වැඩි දියුණු කරන්න පුලුවන් සැහැල්ලු දුම්රිය වැනි ක්‍රම.

:       88       99

සෑම් Monday, 24 February 2020 03:41 AM

රාජපක්ෂලා කලේ අධිවේග මාර්ග හදලා අධිවේගයෙන් මහජන මුදල් ගසා කාපු එකයි. උදාහරණ ඕනෑතරම් උසාවිවල නඩුවලින් පේනවා. එ් නිසා දරුණු විවේචන ලැබෙන එක සහතික ඇත්ත...

:       59       157

arunaMonday, 24 February 2020 04:08 AM

ඔව් අර සිල්රෙදි නඩු, ලිත් නඩුවලින් පෙනෙන්නේ...

:       0       45

සමන්ත Monday, 24 February 2020 04:02 AM

මේ කතා කරන්නේ බයිලා. හැබැයි අද පිළිඅරගෙන තියෙනවා ජිනීවා ගිහින් කරපුවා. එදා ජිනීවා හොඳයි. අද හොඳ නෑ. අපිට එදත් අදත් හොඳ නෑ. අනික මේ කියන බයිලා අතරේ අධිවේගී මාර්ග සහ වරාය ගැන කියනවා. මේවා පට්ට බොරු. අපි ඉතිහාසය දන්නවා. පත්තරේ දානවා නම් ලියනවා. ඇත්ත තමයි මේ අධිවේගී මාර්ග ජාලය ගැන ඉස්සෙල්ලාම කතා කලේ යූ.ඇන්.පී ආණ්ඩුව වීම... ඒ බොහෝ කාලයකට කලින්. ඒ අතරේ තමයි A.N.S කුලසිංහ මහත්මයා කටුනායකට යන්න අර්ධ වශයෙන් පාර හැදුවේ. එ්ක සාර්ථක වුනේ නැහැ. 1990 න් පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ දක්ෂිණ අධිවේගයට මුල් ගල තිබ්බේ. මහින්ද පාරේ කොටසක් මාතරට හැදුවට මේ කොටස හැදුවේ යහපාලන ආණ්ඩුවෙන්. එ්ක මීට කලින් සිරිසේන විවෘත කළ එකක්. එ්ක හැදීමේ ගෞරවයවත් යහපාලන ආණ්ඩුවට දෙන්න තරම් නිහතමානී නැහැ. දැන් බලමු මෙයාලා කොහෙන්ද නුවර කොටසට සල්ලි හොයාගන්නේ කියලා. අනික හම්බන්තොට වරාය රාජපක්ෂලාගේ අදහසක් නෙමෙයි. සුප්‍රසිද්ධ මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ ආරියශීල වික්‍රමනායක මහතාගේ අදහසක්. ඔහු තමයි මෙහි වැදගත්කම ගාමණී දිසානායක ප්‍රමුඛ එ.ජා.ප රජයට කියලා තිබ්බේ. ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් දන්නවා. මේ කියන්නේ බොරු...

:       171       121

RajaMonday, 24 February 2020 06:29 AM

බොරු කියන්න එපා... මේක සැලසුම් කලේ 2010 දී. ගිය අවුරුදු පහ නැත්නම් මේක 2016දී ඉවර වෙලා රටේ අනිත් සංවර්ධන වැඩ යනවා. රටේ කරුමෙට පත් වුණු යහපාලන ආණ්ඩුව රට කෑවා...

:       48       69

සමන්ත Monday, 24 February 2020 01:10 PM

බයියන් හිතාගෙන ඉන්න විදිහ ගැන ආයේ අමුතුවෙන් සහ අලුතෙන් කියන්න දෙයක් නෑ. ඕක තමයි ඇත්ත. ඔහෙලා හිතාගෙන ඉන්න විදිහ ඒවා දැනගත්තම කුඩුවෙලා යනවා. ඔහෙට ඕනේ නම් ගිහින් ඉතිහාසගත කරුණු හොයලා බලන්න පුළුවන් නේ. ඇයි මගෙත් එක්ක වාද කරන්න කාලේ නාස්ති කරන්නේ? ලිඛිත සාක්ෂි තියෙනවනේ. තවත් ඕනේ නම් 2002 දී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ඉදිරිපත් කල" යලි පුබුදමු ශ්‍රී ලංකා " වැඩ සටහනේ එන තොරතුරු සහ සැලසුම් බලන්න පුළුවන්... ඒවා ඉදිපත් කලේ නිකම් නෙමේ. විශාල කැපවීමකින් සහ පර්යේෂණ කරලා. සර්බානා, මොරටුව විශ්ව විද්‍යාලයේ උගතුන්ගේ දැනුම සහ උපදෙස් ඇතුව බව එදා කිව්වා. ඒ වෙද්දී මහින්දලාට සහ පොදු පෙරමුණු ආණ්ඩුවට වැලේ වැල් නැතිව හිටියේ. මහින්ද මේක දැකලා පණ ගහලා ඇවිත් 2005දී ආණ්ඩුව ගත්තම එතෙක් ඒ.ජා.ප. රජය කල කටුනායක ගුවන් තොටුපොළේ නවතම පර්යන්තයේ වැඩ කටයුතු වල සිට, මාතර සමරවීර පාලම මෙන්ම හම්බන්තොට වරායටත් තමන්ගේ නම දාගත්තා. තණමල්විල හදන්න තිබුණු කාර්මික කලාපය සහ ගුවන් තොටුපොල නිසි සැලසුමකින් තොරව මත්තලට ගෙනත් රට ණය කාරයෙක් කරලා, ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් හදලා රට බංකොලොත් කළා. තව දැනගන්න

:       0       1

dare Monday, 24 February 2020 04:58 AM

හයිවේ හැදුවට කවුරුත් විවේචනය කළේ නැහැ. 225 විපක්ෂයේ ඉන්න සෙට් එක විවේචනය කරන්න ඇති. එ්ක ඉතින් 225 එකනේ... රටේ මිනිස්සු විවේචනය කලේ මහා පරිමාණයෙන් හයිවේ වලින් ගසා කාපු එක...

:       0       68

Senevirathne Monday, 24 February 2020 05:15 AM

මෙතුමා කුල කියනවා, වැඩ කරපුවට, ඒකට තමයි පත්කරලා තවත් වතාවක් පත්කලේ. ගැහුවා නම් ඒක ඔබතුමාගේ හිත දන්නවා. හොඳ තියෙනවා. ඒත් අධිවේගය දැකලාවත් නැති මිනිස්සු අති විශාල කොටසක් දුක් විඳින බව අමතක කරන්න එපා...

:       0       24

lalithm Monday, 24 February 2020 05:48 AM

අගමැතිතුමනි, ඇත්තටම රටේ අඩුමමිලට හොඳින්ම දෙන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමය දුම්රිය නොවේද? රට වටේටම විදුලි දුම්රිය මාර්ග දමලා ප්‍රධාන ස්ථානවලින් බස් පටන් ගන්න දැම්මා නම්... රටේ ප්‍රවාහනයට ඇත්ත විසඳුම අධිවේගී මාර්ග නොවෙයි නොවේද?

:       70       81

allionMonday, 24 February 2020 06:22 AM

දුම්රියට හැමෝටම ඇක්සස් කරන්න බැහැ. අනිත් එක තමන්ට ඕනේ ගමනක් අවශ්‍ය වෙලාවට යන්න බැහැ. ඉස්සෙල්ලද පාරවල් හදන්න ඕනේ මිනිස්සුන්ට තමන්ගේ වැඩ ටික ඉක්මනට කරගන්න. ඊට සමගාමීව දුම්රිය හැදුවට කමක් නැහැ. මිනිස්සුන්ට ලෙඩක් හැදුණාම බබාලා හම්බ වෙන්න ගියාම, සංචාරකයන් ආයෝජකයින් අාවාම දුම්රිය නෙමෙයි පාරවල් ටික හොඳට තියෙන්න ඕනේ. ඔය වෙන රටකට ගිහිල්ලා බලන්න.

:       2       28

lalithmMonday, 24 February 2020 08:27 AM

ඔව් එ්ත් අධිවේගී මාර්ග නොවෙයි. ඒවායින් ඔබ ඔය කිව්ව දේවල් මොකුත් වෙන්නේ නැහැ. එක්තරා කොටසකට පමණක් සේවය... ලෝකේ රටවල් බොහෝ ගණනකට මා ගිහින් තියෙනවා. රැකියාවට සහ සංචාරයට.... වැඩිදුර ඕනේ නැහැ. මැලේසියාව වගේ රටක තත්වය බලන්න. අපි ජපානේ වගේ ඉහළ දියුණු රටවල් දිහා බැලුවත් ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය දුම්රිය, බස් පටන් ගන්නේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව... සංචාරකයින් වුණත් බලන්නේ අඩු වියදම් සහ සැපපහසු ස්වාධීන ප්‍රවාහන ක්‍රම...

:       9       20

allionMonday, 24 February 2020 09:03 AM

මැලේසියාව දියුණු කළේ අධිවේගී මාර්ග හදලා.... හොඳට හොයලා බලන්න.

:       0       4

lalithmMonday, 24 February 2020 10:01 AM

මිනිසුන් එදිනෙදා වැඩට යන්නේ අධිවේගී මාර්ගවල නොවෙයි. LRT /MRT / mono rail වල... ප්‍රධාන නගර අතරත් දුම්රිය විශිෂ්ටයි. අධිවේගී මාර්ගවල මෙහෙ වගේ තමයි. ටිකට් බුක් කරලා යන එක... එහෙත් එය ප්‍රධාන ප්‍රවාහන මාර්ගය නොවෙයි. අනික ඒ රටේ මෝටර් රථ හදන බහුලව පාවිච්චි වෙන රටක්. ඒ වුණත් නාගරික තදබදය අවම කර තිබෙන්නේ දුම්රියෙනුයි. සිංගප්පූරුවත් එහෙමයි...

:       0       23

allionMonday, 24 February 2020 11:17 AM

දුම්රිය එපා කියන එක නෙමෙයි. ලංකාව වෙනස්. මලයාසියාවේ කුවාලාලම්පූර් වල තමයි එ්ක දියුණු... ඉස්සෙල්ලද පාරවල් ටික හොඳට හදලා තමයි දුම්රිය දියුණු කරන්න ඕනේ... මිනිස්සු සියයට 75ක් පාවිච්චි කරන්නේ පාරවල්... නිෂ්පාදනය අඩු කාලෙකින් ගමේ ඉඳලා නගරයට යන්න පාරවල් ඕනේ... දුම්රියට එන්න පාරවල් නැතිව පුලුවන්ද? දුම්රිය දියුණු කළ යුතු නමුත් පාරවල් ඕනේ නැහැ කියන එක මෝඩ තර්කයක්...

:       1       0

Nuwan Monday, 24 February 2020 07:11 AM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ... අපේ හාන්දුරුවනේ...!

:       0       10

de silva Monday, 24 February 2020 09:35 AM

තිබෙනවා නොරොච්චෝලේ විදුලිබලාගාරය සහ අර අලි ඉන්න කැලේ කපලා හදපු ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපල... මේවා ඔක්කොම වැරදි සංවර්ධන තීරණ..., ප්‍රශ්නෙකට තිබෙන්නේ මෙම සල්ලි විශාල පොලියකට ණයට ගනිපු එක... සල්ලි තිබිලා මේවා හැදුවා නම් කමකුත් නැත. මේවා දැන් ගෙවන්නේ කොහොමද?

:       62       42

Buddika Monday, 24 February 2020 09:40 AM

හරි හේතුව මෙයාම දන්නවා. ලෝක ඉතිහාසයේ අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේදී කිලෝමීටර 1ක් වෙනුවෙන් වැය වූ වැඩිම මුදල මේ සඳහා වැයකළා. ඒක මහාපරිමාණ වංචාවක්, හොරකමක්... රටේ සල්ලි දෙමාපියන්ගෙන් ලැබුණු බූදලයක් නොවන නිසා ජනතාවට පරම අයිතියක් තියෙනවා මේ ගැන කතාකරන්න.

:       0       7

de silva berlin Monday, 24 February 2020 09:44 AM

ලංකාවේ හැම හන්දියක් ගානෙම මිනිස්සු ඉවක් බවක් නැතුව කඩ හදනවා. ඊළඟට පුද්ගලික බැංකුත් තරඟෙට වගේ ශාක විවෘත කරනවා. අවුරුදු 4-5 යනකොට එතන නගරයක් වෙලා.. මාර්ග තද බදයක් නිකන්ම නිර්මාණය වෙලා කරුණාකර ඉවක් බවක් නැතුව කඩ සහ ගෙවල් හදන එක නතර කරන්න. සෑම ප්‍රදේශයකම කඩ සාප්පු ඇති කරන්න මාර්ග පහසුකම්, ඉඩකඩ ඇති ඇති මහා මාර්ගය අසල නොවෙන ස්ථානයක් වෙන් කරන්න. යුරෝපයේ සිදුවෙන්නේ මේ විදිහට, එහෙ හැමපාරක් අසලම තමන්ට කැමති කැමති විදිහට කඩ හදන්න දෙන්නේ නැහැ.

:       0       82

BamunuarachchiTuesday, 25 February 2020 05:23 AM

දැක්කනේද නුවර එලිය පැත්තේ අනවසර ඉඳිකිරීම් ඉවත් කරන්න ගිහාම නාස් ලනුව කඩාගෙන හරකෙක් වළන් කඩේට පැන්නා. ඉතින් කොහොමද අනවසර ඉඳිකිරීම් ඉවත් කොරන්නේ ? හැබැයි ඕල්කොට් මාවතේ තිබුන අනවසර ඉඳිකිරීම් ඒකාලේ ඉවත් උනා ඒවගේ අනිකුත් අනවසර ඉඳි කිරීම් ඉවත් වේවි.

:       1       0

de silva Monday, 24 February 2020 10:43 AM

ඔන්න පටන්ගත්තා... ඔය ගිහින් තිබෙන්නේ එතනෝල් ජොනි ඇතුළු පිරිවරම.., යුද්ධය දිනලා ඉතා විශාල ජන ප්‍රසාදයක් ලබලා තිබුණු ඔබතුමාගේ රජය වැටෙන්න එක හේතුවක් නිසි සැලැස්මක් නැතුව අරම්භකළ ගුවන්තොටුපල, නිතරම ක්‍රියාවිරහිත වන නොරොච්චෝලේ විදුලිබලාගාරය වැනි දේවල් සහ ඔය වටේ ඉන්න මිනිස්සු එම සංවර්ධන ව්‍යාපාරවලින් නොසෑහෙන ලෙස කොමිස් ගැහීම සහ ජාතික ධනය සූරාකෑම... මිනිස්සු දැන් ටිකටික ගෝඨාභය මහත්මය‍ා ගැන විශ්වාසය තබලා... එතුමා සමග රට ක්‍රමයෙන් ගොඩනගමින් ඉදිරියට යන්න හදන අවස්ථාවේ ඔය පරණ හොරු ටික ඉස්සරහට දමාගෙන ඔබතුමා බොරු පාරම්බාන්න ලැහැස්ති වෙන්න එපා. අපි කවුරුත් දන්නවා ඔබතුමා රනිල්, රවී සහ අර්ජුන මහේන්ද්‍රන් එක්ක හොඳ බව, එ්ක නිසා තමා ඔබතුමා දැන් මහබැංකු හොරු ගැන වචනයක්වත් කියන්නේ නැත්තේ? මිනිස්සු ඔය පරණ හොරුන්ට කැමති නැහැ... බොරු නම් බලන්න.. මෙදාපාර පොහොට්ටු ලිස්ට් එකට පැරෂුට්වලින් බස්සන්න වියත්මගේ සාමාජිකයින් සියලු දෙනාවම මිනිස්සු මනාපේ ගහලා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවනවා...

:       0       17

athuraTuesday, 25 February 2020 04:13 AM

ඔයා වියත්මගේද මොකේද කට්ටිය ඇවිත් මුල ඉදලම කන්න පටන් ගත්තහම මහජනයට හපෙත් ඉතුරු වෙන්නෙ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 109 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 144 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 88 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 178 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1989 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 552 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site