IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනිය හය වැනි තැනට ගෙනාවේ මමයි‘‘

(ඩයනා උදයංගනී)

රූපවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැමිණි කාලයේදී යැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය අද (12) පැවසුවාය.

රූපවාහිනී සංස්ථාවට පසුගිය ජනවාරි මාසයේ සිට මහා භාණ්ඩාගාරයෙන් කිසිඳු මුදලක් ලැබී නැතැයි කී සභාපතිනිය මේ වන විට එහි සේවක පඩි නඩි ගෙවීම ඇතුළු සියලූ පාලන කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ ලබන ආදායම්වලින් බවද සඳහන් කළාය.

රජයේ සංස්ථාවක් වන තම ආයතනය පවත්වාගෙනයාමට භාණ්ඩාගාරයෙන් යම් මුදලක් ලැබිය යුතු බවද ඇය ප‍්‍රකාශ කළාය.

ස්වාධීන රූපවාහිනී සේවයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වන කැලූම් පාලිත මහීරත්න නැමති අය රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කියා පැමිණියත් ඔහුගේ පත්වීම පිළිගැනීමට නොහැකි නිසා තමන් සභාපතිධූරයේ දිගටම කටයුතු කළ බව ද ඇය කීවාය.

නව සභාපතිවරයා බව කියමින් කැලූම් පාලිත මහීරත්න මහතා පසුගිය දිනෙක සංස්ථාවට පැමිණි අවස්ථාවේ තමන් ජනාධිපතිවරයාගෙන්, පත්වීම අනුමත කළ යුතු ජනාධිපතිවරයාගේ කමිටුවේ සාමාජිකයකුගෙන් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වයාගෙන් ඒ ගැන විමසූ බව කී සභාපතිනිය ඔවුන් එවැනි පත්වීමක් නොකළ බව පැවසුවේ යැයි ද ප‍්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය මේ බව පැවසුවේ එම සංස්ථා පරිශ‍්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික රූපවාහිනිය කෙරෙහි ප්‍රේක්‍ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු එහි කාර්ය මණ්ඩලය වැඩසටහන් 32ක් සැලසුම් කළ බව කී සභාපතිනිය ඉන් 15ක් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, එම වැඩසටහන් වෙත ඉහළ ප්‍රේක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන බවත් කියා සිටියාය.

රටවල් 26ක් සමඟ තරඟ කර ආසියාවේ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති අංශයට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන 7ක් සහ ජාතික මට්ටමේ සම්මාන 21ක් ගතවූ වසරක කාලයේදී ජාතික රූපවාහිනී සේවයට හිමිව තිබෙන බව ද ඇය ප‍්‍රකාශ කළාය.

ජාතික රූපවාහිනී සේවය යම් ප‍්‍රගතියක් ලබමින් තිබියදී නව සභාපතිවරයෙකු පත්කිරීමට ගත් උත්සාහය හේතුවෙන් මතුවීමට ගිය අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කළ යුතු බවද ඇය කීවාය.

ජනාධිපතිවරයා අභියෝගය භාර ගනිමින් රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා නොගත්තේ නම් සංස්ථාවේ පරිපාලන කටයුතු කඩාකප්පල්වීමට තිබූ බව ද ඇය කීවාය.

තමන්ට රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට අවශ්‍ය සුදුසුකම් නොමැති බවට ඇතැමුන් චෝදනා කළත් තමන් මෙම තනතුරට පත්වූයේ රූපවාහිනී සංස්ථා පනතට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබූ නිසා බවත්, ඒ සඳහා අවශ්‍ය කමිටු අනුමැතිය ද තමාට හිමිවූ බවත් සභාපතිනිය පැවසුවාය.

රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)

 



අදහස් (17)

‘‘අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනිය හය වැනි තැනට ගෙනාවේ මමයි‘‘

sena Thursday, 12 September 2019 01:24 PM

අනේ මෙයාලාගේ බයිලා... ඕක තිබුනේ පළවැනි ස්ථානයේ කියලා කියන්නේ නැත්තේ මොකද?

:       360       430

kasunThursday, 12 September 2019 04:28 PM

අටවැනි තැනට වැටුණේ යහපාලනයෙන් පස්සේ... ඊට ඉස්සර 4ට තිබුනේ..

:       3       82

Mahee Thursday, 12 September 2019 01:55 PM

ලොකුම සුදුසුකම වනාහි පන්දම් ඇල්ලීම නමින් නීතිගතව තිබේ. එය කළ නොහැකි නම් ඒ ආයතන ප්‍රධානියාට අත් වන්නේ ඔබතුමියට අත් වූ ඉරණමයි.

:       91       138

SLThursday, 12 September 2019 02:46 PM

මෙයා පන්දම් අල්ලපු කෙනාට බලය නැහැ දැන්...

:       156       180

nishaThursday, 12 September 2019 04:26 PM

ඒ මොකද අගමැතිට තාම බලය තියෙනවා.

:       14       1

Dasun Thursday, 12 September 2019 02:34 PM

මෙතුමියගේ ආගමනය සමග සැලකිය යුතු ප්‍රගතියක් පෙනෙනවා. ඒක පිළිගත යුතු සත්‍යයක්. තවත් දියුණු කළ යුතු බොහෝ දේ ඇත. ජාත්‍යන්තර සම්මාන නිකන් දෙන්නේ නැහැනේ...

:       230       438

sirimal Thursday, 12 September 2019 03:00 PM

කවුරු මොනවා කිව්වත් මෙතුමියගේ කාලයේ රූපවාහිනියේ ප්‍රවෘති ප්‍රකාශනයන්හි බොහෝදුරට සමබරතාවය රැක්කා. දේශපාලන කතිකාවල්වලට හැම පක්ෂයකම අය සහභාගි කරවා ගත්තා. අපට මතකයි ඉස්සර ඒවගේ වැඩ සටහන්වල කතාකලේ ආණ්ඩුවේ කට්ටිය විතරයි. ඒ කාලේ මාධ්‍ය සදාචාරය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතුව තනිකර දේශපාලන ප්‍රචාර ගෙනගිය හැටි.. මේ අදහස් දක්වා ඇති අයට අමතකද? " තිස් අවුරුදු ශාපකාරි යුද්ධය අවසන් කළ කෙනෙකුට කළගුණ සැලකීමක් වශයෙන් ඔබේ ඡන්දය දෙන්න" කියලා කිසි ලැජ්ජාවක් නැතුව හැම වැඩසටහනකදීම කිව්වා. ඒ වගේම රජයේ මාධ්‍ය ආයතනවල සම්පත් එවකට පැවති රජයේ දේශපාලන රැස්වීම් ප්‍රචාරය කිරීමට භාවිතා කළා. රජයේ මුදල් වලින් පොල්ගස් උසට තෙල් බේරෙන පින්තුර සහිත කටවුට් සවි කළා. දැන් ඉතින් ඒවගේ කාලයක් නැවතත් උදාවෙන හැඩයි...

:       216       626

WasudewaFriday, 13 September 2019 02:32 AM

අපි ඊයේ දැක්කා මෙයාගේ මහා පම්පෝරි, අවලස්සන කතාව. රූපවාහිනියේ සමබරතාවය රැකුණේ මෙයාගේ ඇති කෙන්ගෙඩියක් නිසා නෙමෙය‍ි. සමබරතාවය රැකුණේ යහපාලනයේ ඉහළ බලධාරීන් රූපවාහිනියට ඇඟිලි නොගහපු නිසයි. පරණ රෙජීමය කාලේ ඊයේ කතාව මෙයා කළා නම් අද වෙනකොට මෙයා ඉන්න තැනක් හොයාගන්නත් බැරිවෙයි. මේ වගේ උද්දච්ඡ අයට තනතුරු දීමෙන් පත්කරපු බලධාරීන්ට අද උත්තර නැහැ.

:       228       513

janahitha Sunday, 15 September 2019 08:33 AM

හ්ම් අම්මපා තවත් පාරම්පරික යූ.එන්.පී. උත්තමයෙක්.., වර්තමාන බලය තියෙන අයට කඩේ යන මිනිස්සුත් ඉන්නවා නොවැ. සමනලයෝ සුළුජාතික මලට පමණක් පියසර කරන කාලේ.... අබුද්දස්ස කාලේ

:       175       49

CHANDIMA Thursday, 12 September 2019 03:44 PM

දිගටම උන්නා නම් බින්දුවටම ගේන්න තිබුණා.

:       538       592

CHANDIMAThursday, 12 September 2019 05:33 PM

තේරෙන්නේ නැතිද? එහෙම එක එක අඩුවෙලා ගියාම අන්තිමට බින්දුවනේ..

:       1       2

Prabha Thursday, 12 September 2019 04:30 PM

එහෙමනම් මෙයාට ක්‍රිකට් ටීම් එක බාරදෙමු. 5වැනි තැනටවත් ගේන්නේ නැත.

:       1       62

ලුම්බිණි Friday, 13 September 2019 01:14 AM

'මෙම තනතුරට පත්වූයේ රූපවාහිනී සංස්ථා පනතට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබූ නිසා කියන්නේ' ඇත්තටම තිබෙන සුදුසුකම් කිව්වා නම් නේද හොඳ?

:       1       79

chinthaka Friday, 13 September 2019 02:07 AM

මොනවා වුණත් මම මේ කාන්තාවට ගෞරව කරනවා සත්‍ය ප්‍රකාශ කිරීම ගැන... මෙයා කියන්නේ "මම පලවෙනි තැනට නෙමෙයි, හය වෙනි තැනට ගෙනාවා" කියලා. ඕක යහපාලන අගමැතිතුමා කිව්වා නම් කියන්නේ මම දහවැනි තැන තිබුණු නාලිකාව පලවෙනි තැනට ගෙනාවා කියලා..

:       13       67

Ruwan Friday, 13 September 2019 07:15 AM

හුළං කිරිල්ලි නෙවෙයි හුළං බැහැපු කිරිල්ලි...!

:       3       116

somachandra Friday, 13 September 2019 11:27 AM

ඉනෝකා ජාතික රූපවාහිනියට සුදුසු සහ දක්ෂ පුද්ගලයෙකි. ඒ සඳහා අපි ඇයට කාලය ලබා දෙමු.

:       133       36

මාකඳුරේ මංජුලා Monday, 16 September 2019 01:41 PM

ලස්සන වෑහෙනවා. ඇත්තටම හරිම ලස්සනයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 748 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 141 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 959 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 988 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1307 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1175 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site