(නිමල කොඩිතුවක්කු)
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම සහ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 31 වැනිදාට පෙර සිදුකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
සන්ධානය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්න සියල්ලක්ම මේ වනවිට අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානයේ මහ ලේකම්ධූරය, මූලස්ථානයේ ලිපිනය සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර සන්ධාන නායකත්ව මණ්ඩලය එකඟතාව මත අවසන් තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘31 ට පෙර නව සන්ධානය පිහිටුවනවා‘‘
saliya Friday, 23 August 2019 02:41 PM
ඉදිරියට එන්න... උගතෙක්, දක්ෂයෙක් ඉදිරිපත් කරන්න බල කරන්න. ගොනා බඳින කණුවක් බලයට ගේන්න එපා. කලින් සැරේ කරපු වැඩෙන් කන පරිප්පු හොඳටම ඇති...
විජිත් Saturday, 24 August 2019 03:39 PM
වෙන කව්රුත් අවශ්‍ය නැහැ.දැන් නව බලවේගය බිහිවෙලා ඉවරයි...එන් පි එම් කියන්නේ ඒකයි. දොස්තර විනයා ආරියරත්න, ආචාර්ය අජිත් කොලොන්නේ, හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ,නාගානන්ද කොඩිතුවක්කු, හිටපු අල්ලස් කොමසාරිස්තුමිය දිල්රුක්ෂි වික්‍රමසිංහ......වැනි ශ්‍රී ලංකාවේ සිටින ඉහලම වුර්තිකයින්ගේ සහභාගිත්වයෙන් පිහිටුවා ගත්ත ප්‍රභලම සංවිධානයක්.සමාජ මාධ්‍යවල සිටින අයටනම් මේ අය අලුත් අය නොවෙයි.ළඟදීම දවසක කොළඹ විශාල රැස්වීමක් පවත්වා ඒ අයගේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.එදාට ඔබ සැමගේ සහභාගිත්වය සහයෝගය ලබාදෙනමෙන් අපේ මේ ලස්සන එහෙත් අභාග්‍යමත් රටේ නාමයෙන් ඉල්ලා සිටිනවා.
sumedha de silvaSunday, 25 August 2019 08:19 AM
විජිත්, අපිත් ඔය සංවිධානය සමග ඉන්නවා. ඒ අයගේ වියවස්තව නියමයි. මේ දියවන්නාවේ ඉන්න නාකි, කපටි අලුගුත්තේරු හොරු ඔක්කොම ඒ වගේම ඔවුන්ගේ පස්ස පැත්ත සෝදන ' වහල්ලුන්' රැලත් මේ සැරේ නම් හැඳිගෑවිලාම යාවි. අපේ මේ පණිවිඩය දැන් හැම ගෙයක් ගානෙම ගිහින් වටහා දෙනවා. ඔබ කිව්ව විදිහට ළඟදීම කොළඹ ඒ අයගේ ප්‍රථම රැස්වීම පවත්වනවා. එයින් පසු ඒවටා ඇතිවන ජන ගඟ බලාගන්න පුළුවනි. ඇත්ත, මේ අපට ලැබෙන අවසාන අවස්ථාවයි... එක්කෝ රට දිව්‍ය ලෝකයක් වේවි..!!! නැත්නම් මේ නරි රැලත් එක්ක නැතිවෙලාම යාවි... ඇමෙරිකන්, චීන හමුදා රටේ හැම පැත්තක්ම ටිකෙන් ටික අල්ලා ගනීවි...
සවින් Sunday, 25 August 2019 08:21 AM
මම නාගනන්ද මහත්මයාට තමයි ඡන්දය දෙන්නේ. මේ පාර මගේ පන්තියේ හිටපු යහළුවෝ ඔක්කොමත් එතුමාට ඒ වගේම ඔබ කිව්ව සංවිධානයට තමයි පක්ෂව ඉන්නේ..
siraj Friday, 23 August 2019 03:37 PM
ඡන්දේ ළංවෙනකොට ජාතික, ආගමික ආලය වැඩිවීමක් බලාපොරොත්තු වන්න.
Chandra Friday, 23 August 2019 04:40 PM
ආපෝ, බලෙන් ඉල්ලන අය නම් කළොත් පරණ කෙරුවාවට වැඩිය අනාථ වෙනවා.
chandima Friday, 23 August 2019 10:58 PM
සන්දාන නොගහ කොහොමද අගමැතිකම බේරාගන්නේ?
mp Saturday, 24 August 2019 01:46 AM
ඔහෙලගේ හෙළ උරුමය මකබෑවුනාද?
aruna Saturday, 24 August 2019 04:13 AM
දැනට තිබෙන පක්ෂවල එන්න අයගෙන් සුළු පරිසක් පමණයි රටට වැඩක් ප්‍රයෝජනයක් ගත හැක්කේ. එබැවින් අඩුමතරමින් ජාතික ලයිතුව ඉජ්නේරු හා තාක්ෂණික ප්‍රවීණයන්ගෙන් බහුතරය හා කළමනාකරණ හා මුදල් යන පැති වලින් පිරවීමට කටයුතු කල යුතුය. එය ඔබට පහසුවෙන් හැක. එවිත තිබෙන මෙම ප්‍රශ්න විසද සංවර්දනය කල හැක. ජය.!!
Keppetipola Saturday, 24 August 2019 06:07 AM
හැමදාම චම්පිකගේ වැඩේ ඡන්දයක් ලං වෙනකොට අලුත් සංධාන, අලුත් වැඩපිළිවෙලවල් හදන එක. මෙච්චර කල් එක එක්කෙනාගේ නැට්ටේ එල්ලිලා හදපු කිසිම දෙයක් චම්පිකට වාසිවුණාට රටත්, ජනතාවත් විනාශය කරා යන එක විතරයි වුනේ.. චම්පික හිතන් ඉන්නේ ජනතාව කන්නේ තණකොළ කියලා.
arunaSaturday, 24 August 2019 07:53 AM
ඔහු ඉතා බුද්ධිමත් යමක් කළ හැකි නායකයෙක්. ඔහු අත්දැකීම් සමග බොහෝ සෙයින් දියුණුවී ඇති බවයි පෙනෙන්නේ. එම නිසා මොහුටත් අවස්ථාවක් ලබාදිය යුතුයි. ඔය කියන විනාශයක් රටට වෙලා නැහැ. විශාල අනපේක්ෂිත ප්‍රශ්න හා අභියෝග හා ව්‍යවසනයෙන් මැද රට යම් තත්වයකින් පවත්වා ගැනීමට හැකිවී තිබෙනවා. ඒ නිසි ලෙස අර්බුද කළමනාකරණ කර ගැනීමට හැකිවී තිබෙනවා.
sisira Saturday, 24 August 2019 06:43 AM
බාලගිරි දෝෂයද මහත්තයෝ?
sirimal Saturday, 24 August 2019 08:14 AM
ඔබතුමාගේ නමත් ලැයිස්තුවට දාගන්න නේද ඔය දඟලන්නේ? අපේක්ෂකත්වය ලැබුණොත් හොඳට හිටී...
nimal Saturday, 24 August 2019 08:51 AM
සජිත් වැඩ කරන්නේ ප්‍රේමදාස අගමැති යුගයේ (1977-1987) පරිදිමයි. පුංචි ගෙවල්, ඉතා පටු (මගී) පාලම් තමයි විවෘත කරන්නේ. ඒවා ඉදිරි අවුරුදු 10ක් තුළ කඩලා හදන්න වෙනවා.
සේන Saturday, 24 August 2019 10:41 AM
සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමත්, උන්වහන්සේ ජාතිය පිබිදවූත් පිනෙන් සිංහල බෞද්ධ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගොස්, බල තණ්හාවෙන්, මාන්නයෙන්, වෛරයෙන් ඉදිමී පුපුරා ගිය, දේශපාලන කුණු බක්කියට දැමිය යුතු පුද්ගලයෙකි. උගත්කම්වලින් ඵලක් ගත නොහැක්කේ අකුසල මූල ප්‍රබල නිසාවෙනි.
AmilaSunday, 25 August 2019 06:35 AM
හරියට ධර්මය ඉගෙනගන්න..