IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ ද හින්දු පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටිනවා ‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ ‘රෝ සංවිධානය’ උත්සාහ කරනවා යන ශීර්ෂයේ යටතේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තම වාර්තාකරිනිය සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බව එන්. රාම් මහතා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ. 

ඉන්දියාවේ ‘පර්යේෂණ හා විශ්ලේෂණ අංශය (රෝ සංවිධානය)’ තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යලය සහ තවත් පාර්ශ්ව කිහිපයක් නිවේදන නිකුත් කළ අතර කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම පුවත් වාර්තා අසත්‍ය යැයි අවධාරණයෙන් කීය.

‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

         “අපේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය තම පුවත වාර්තා කිරීමට පෙර ස්වාධීන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින්ම තමන් ලද තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් කරන්නට ඉඩ දෙන්න.  කරන ප්‍රකාශ නිසා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. එහෙත් අපි අපේ  වාර්තාකාරිනිය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවත වෙනුවෙන් පෙනි සිටිනවා”. 

 

 



අදහස් (14)

‘‘ ද හින්දු පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටිනවා ‘‘

සමන් - ඕමානය Friday, 19 October 2018 02:46 PM

රටක පාලකයින් පරිණත හා දූරදර්ශී වියයුතුයි. විශේෂයෙන්ම, බාහිර රටවල් සමග, සංවේදී රාජතාන්ත්‍රික කටයුතුවලදී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. ගමේ ගොඩේ කඩ මණ්ඩියකදී කරන චෝදනා, වහසිබස් වගේ දේවල් නොකළ යුතුයි. මට පෙනෙන්නේ අපි හත් පොලේ ගාගත්තා වගෙයි.

:       0       514

Thushara Friday, 19 October 2018 03:15 PM

රාජ්‍යතාන්ත්‍රික බවකින් තොරව පම්පෝරි ගැහුවා කට්ටියගේ අවධානය ගන්න... දැන් ගලේ පහරපු බළලා වගේ වහගන්න විදියක් නැතිව දඟලනවා. ඊළඟ පාරවත් රාජ්‍යයක් පාලනය කරන්න සුදුසු පුද්ගලයෙක්ව රටේ නායකයා කරන්න පක්ෂ භේදයකින් තොරව.

:       6       447

OMGSaturday, 20 October 2018 03:32 PM

හිතාගෙන ඉදලා ඇති බෝක්කුවක් උඩ කතා කලේ කියලා.

:       0       1

JVP karaya Friday, 19 October 2018 04:10 PM

මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා..

:       236       456

CuscoSaturday, 20 October 2018 03:45 AM

ජවිප මහතාණෙනි, ඔබ ව්‍යංගයෙන් කියන දෙය වැටහේ..

:       7       0

Neel Perera Saturday, 20 October 2018 05:46 AM

අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළවත් පාස් නැති අය ⁣මේ ප්‍රකාශන කරන්න ඇති...

:       0       3

NASRUDIN Saturday, 20 October 2018 09:19 AM

දැන්නම් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන හත් පොලේම අතුල්ලා ගෙන වගේ පේන්නේ....

:       0       1

chandana F Saturday, 20 October 2018 12:33 PM

දේශපාලනය කියන්නේ විශිෂ්ඨ ක්‍රියාදාමයක්...කරන්න... කරවන්න... අට පාස් වෙලා බැහැ. අනේ මෙහෙම දේශපාලකයෝ..!!!

:       0       115

SamwilSaturday, 20 October 2018 03:20 PM

ඩී. එස්. සේනානායක මහත්තයා ගොවිජනපදේ ඇති කලෙත් සිරිමාවෝ මැතිනිය නොබැඳි සමුළුවේ නායිකාව උනෙත් විබාග පාස් වෙලා නොවයි.....

:       0       0

dasunMonday, 22 October 2018 11:42 PM

ඒක හරි. නමුත් ඔවුන්ට සහ ප්‍රේමදාස සහ රාජපක්ෂ කියන නායකයන්ට හොඳ දක්ෂකම් සහ නායකත්ව චරිත තිබුනේ. ඔවුන් ඒවායින් හොඳ දේ විශාල ප්‍රමාණයක් කරා. නායකත්වය නැති කෙනෙක්ට ඉත්තෙක් වෙනවා ඇරෙන්න වෙන දෙයක් බැහැ. එකයි මේ පෙන්නුම් කරන්නේ.

:       0       0

Chaminda Saturday, 20 October 2018 02:11 PM

ලංකාවේ නම් මෙලහකට වෙන ලොවෙත් නැති කෙනෙක් මට්ටු කරලා කට්ටිය මාරුවෙයි .ද හින්දු’ පුවත්පතේ නායකයන්ගේ කොන්ද හොදට තියෙන්න බව පේනවා අපේ ලොක්කෝ හත් පොලේ ගාගෙන බවයි පෙන්නේ

:       0       0

OMG Saturday, 20 October 2018 03:30 PM

දේශපාලනයට ඇවිල්ල එච්චර මෙච්චර කාලයක් කිව්වට වැඩක් නැහැ. කව්ද කිව්වා වගේ අගමැති වෙන්නේ නැතුව ජනාධිපති වුන නිසා අත්දැකීම් ඇත්තෙම නැහැ. කාලය වැඩක් නැහැ මොලයට වැටිලා නැත්නම්.

:       0       0

Jaya Sunday, 21 October 2018 03:27 AM

කාලා වරෙන්කො ඉතින් !

:       0       0

Saththaya Sunday, 21 October 2018 07:36 AM

දැන් ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ උගතුන් ගැන , ඒ කියන්නේ මහාචාර්යවරු සහ ජ්‍යෙෂ්ඨ ගුරුවරු රටට තමන්ගේ බුද්ධිය යොදවල රට ගොඩ නැගීමට දායක වෙනවද ? අතරමන් කරන්නේ ජනතාව . ලෝකයා ඉදිරියේත් ලාංකිකයන්ව හැල්ලු කරලා . අපිට එදා වේල නැතුව දුක් විදිනවා . පසුගිය යුගයේ රටට දායාද කලේ කාව හරි හූරන් කාපන් නියාය . හේතුව ඔවුන්ට හැමදාමත් බලයේ රැදීමට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 508 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 261 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 593 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 94 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 72 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 735 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site