(ඉන්දිකා රාමනායක)
හුංගම දෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු සතුව තිබූ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත් වීමේ සිද්ධිය අත් වැරදීමකින් සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් බවට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී ඇති බව පොලිස් කොමිසම කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටු රැස්වීමේ දී පොලිස්පතිවරයා මේ බව වාචිකව කමිටුව හමුවේ ප්‍රකාශ කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.
හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේ දී ඉකුත් (19) හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු පොලිස් අණනොතකා යතුරුපැදියක් පළා යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් සැකකරුවන් ලුහුබැද ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ පොර බැදීමකදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඒ අසල වෑන් රථයක සිටි හුංගම හාතගල පුරාණ රජමහා විහාරයේ වැඩ විසූ බුත්තල උණවටුනේ සීලරතන (21) හිමියෝ සිද්ධියෙන් අපවත් වුහ.
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘හුංගම වෙඩි තැබීමෙන් හිමිනම අපවත් වීම අත්වැරැද්දක්’