IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හිස්බුල්ලා ජනපතිවරණයට ආවේ රාජපක්ෂවරුන් හා කළ ගිවිසුමක් අනුවයි’

(නිමල කොඩිතුවක්කු)
 
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්  මහතා පැවැසීය.
 
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබීමට නියමිත ප‍්‍රගතිශීලි මුස්ලිම් ඡන්ද වැළැක්වීම මෙහි අරමුණ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්  මහතා මෙසේද කීවේය.
 
 ‘‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද වැළැක්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් එක්ව එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා.
 
පසුගිය කාල සීමාව තුළ මුස්ලිම් ජාතිකයන්  අන්තවාදය දෙසට ගෙන ගිය හිස්බුල්ලා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට ඉදිරිපත්වී සිටිම ගැන උපවාස කළ අතුරලියේ රතන හිමියන් හා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. හිස්බුල්ලා, කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු අන්තවාදී හා ජාතිවාදී කොටස් පමණක් ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටිනවා.  ඔවුන් බලයට පැමිණියහොත් රටතුළ අන්තවාදි හා ජාතිවාදී ගැටුම් යළි ඇතිවිය හැකියි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයින් තවත් අපේක්ෂකයින්ගේ සහයට ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඉදිරිපත්වී සිටින්නෙ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන නෙමෙයි. මෙවැනි මැතිවරණයකට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ නොහැකි බව 1989 සිට පාර්ලිමේන්තුවේ සිටි ඔහු දන්නවා.
 
පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නා. ජනාධිපතිවරයා විසින් ඔහු නැගෙනහිර ආණ්ඩුකාරධූරයට පත් කළ පසුයි වත්මන් ආණ්ඩුවට අවාසිදායක ලෙස ඔහු හැසිරුණේ. ඒ විදියට ප‍්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂට හෝ ගොඨාභය රාජපක්ෂට විරුද්ධව ඔහු කිසිදු අවස්ථාවක අදහස් පළකළේ නැහැ. දැන් කියනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ බව.
 
ඔහු ඉදිරිපත් වුණේ ඇයිද කියා අපි සොයා බැලිය යුතුයි. එස්.බී.දිසානායක කියා තිබෙනවා හිස්බුල්ලා ඉන්නේ ගෝඨාභය දිනවන්න කියලා. ඒ කියන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩුකරන්න හිස්බුල්ලා ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි.
 
විශ්වවිද්‍යාලයක් හදන්න කියා පිටරටින් මුදල් ගෙන්වාගත් බවට ඔහුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැසිල් රාජපක්ෂ එක්ක එකඟතාවයකට ආවාද කියන සැකය ඇතිවෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියලා රටට හෙළිකළ යුතුයි. මුස්ලිම් ඡන්ද 15,000ක් තියාගෙන ඔහු නටන නාඩගම මොකද්ද කියලා කිව යුතුයි.
 
ජාතිවාදී ප‍්‍රශ්නයක් රට තුළ නිර්මාණය කරන්න බැසිල්, කරුණා, පිල්ලෙයාන්, හිස්බුල්ලා ගහපු ගිවිසුම හෙළි කළ යුතුයි. මොවුන්ට තියෙන එකම අරමුණ ජාතීන් අතර වෛරය ඇතිකරලා ඡන්ද ලබාගැනීම පමණයි. පසුගිය කාලය පුරාවට මොවුන් සිදුකළේ එය පමණයි. පසුගිය කාලයේදී රතන හිමියන් හිස්බුල්ලාට විරුද්ධව උපවාස කළේ එකඟතාවයකින්ද කියන සැකය ඇතිවෙනවා. මොවුන් සියලුදෙනා දැන් ඉන්නේ එකම වේදිකාවේ”යනුවෙන් පවසා සිටියේය.



අදහස් (28)

‘හිස්බුල්ලා ජනපතිවරණයට ආවේ රාජපක්ෂවරුන් හා කළ ගිවිසුමක් අනුවයි’

SAMPATH Monday, 14 October 2019 12:21 PM

බය වෙලා වගෙයි පෙනෙන්නේ.. ඔබතුමාලා දිනනවා නම් මොකද ඔච්චර අඬන්නේ...?

:       943       1116

Rata Perata Monday, 14 October 2019 12:29 PM

මුස්ලිම් විශ්වවිද්‍යාලය දුන්නා, තව්ජිත් ජමාත්ට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා රාජපක්ෂලා එක්ක යන්නේ නැතුව ඉඳීද හිස්බුල්ලා... අපේ වහල්ලුන්ට තේරෙන්නේ නැති වුණාට එයාලාට හොඳට මොලේ තියෙනවා...

:       314       1226

තම්බිදාස Tuesday, 15 October 2019 05:11 AM

මොනවා කිව්වත් සිංහලයා කවදත් මෝඩයි නේ.

:       0       72

lankruwan Monday, 14 October 2019 12:42 PM

හිස්බුල්ල නම් අන්තවාදී තමයි. කරුණායි, පිල්ලෙයානුයි කොටින්ගෙන් අයින් වෙලා අාමි එකට සපෝට් කළ බව කවුරුත් දන්නා දෙයක්. ඔවුන් කොටින්ගෙන් නැගෙනහිර මුදාගන්න ලොකු සපෝට් එකක් දුන්නා. හැබැයි සම්බන්ධන්, විජේකලා, සිවාජිලිංගම්ල නම් තවම ඉන්නේ කොටි එක්ක. තවම ඊළම වෙනුවෙන් පෙනී සිටිනවා. අන්න ඒ අයයි අන්තවාදියන්.

:       315       532

සලමිTuesday, 15 October 2019 05:13 AM

හිස්බුල්ල අන්තවාද්යි කියල කියපු රත්න හාමුදුරුවෝ දැන් ගෝඨාගේ

:       0       94

Chathuri Monday, 14 October 2019 01:55 PM

හිස්බුල්ලගෙයි, රාජපක්ෂ නඩෙයි කියන්නේ එකම කට්ටියක්... වෙනස ජාතියයි, ආගමයි විතරයි. චරිත, ගතිගුණ, කෑදරකම් කිසිම අඩුවක් නැතිව එකා වගේ...

:       591       1453

සේන Monday, 14 October 2019 02:00 PM

මෙන්න මේ කපටි අසත්පුරුෂයින්ගේ කටින් උත්තරේ එළියට පැන්නා... මොවුන්ගේ නිවට කපටි වැඩ කොහොමද? මොවුන් ඔක්කොම අන්තවාදීන්, ත්‍රස්තවාදීන්...

:       663       554

ගොන්නාම්බා Tuesday, 15 October 2019 05:17 AM

දේශපාලනය කියන්නේ අර පඩිකකම වගේ

:       0       7

chandima Monday, 14 October 2019 02:27 PM

වෙනස මොකක්ද? රිෂාඩ් බදුර්දින් වෙනමම ජනාධිපතිවරණයට ඉල්ලුවේ නැත්තෙත් වික්‍රමසිංහ එක්ක කළ ගිවිසුමක් අනුවනේ..

:       866       1116

ChathuriMonday, 14 October 2019 03:07 PM

ඒ වගේ දෙයක් කවදාවත් කතා වුනේ නැහැ. මුස්ලිම් සිංහලයා තරම් මෝඩ නැහැ. වැටෙන මිනිහට අතදෙන කට්ටියක්... එකේ අනික්පැත්ත අපි වැටෙනකම් බලන් ඉන්නේ අනින්න. මහින්ද මෛත්‍රීට කරපුදේ කොහොමද? ආණ්ඩුව පෙරලන්න බැලුව බැරිවුණා. කඹේ කඩාගෙන පැන්නා. දැන් බලය ගන්න ඕනෑ නිසා, හිඟන්නාවත් වඩාගෙන ඇවිදියි.. රනිල් කරන දෙයක් කරන්නේ මොලේ පාවිච්චි කරලා, මහින්ද මෝහෙන් මුලාවෙලා ඉන්නේ, හොඳ නරක පේන්නේ නැහැ... අලුත ගෙනාපු ලේලිලාට වැඩ පෙන්නන්නත් ඕනෑනේ... ඒ පවුල් වලට සලකන්නත් ඕනෑ ඉහළ නිලතල... ඒ පවුල්වලට දීලා කම්බ හොරුන්ගේ නම ගෙනියන්නත් ඕනෑනේ ඒ නිසා, බලය වෙනුවෙන් ජනතාවට කඩේ යනවා...

:       1528       1452

chandimaMonday, 14 October 2019 04:07 PM

චතුරි ලිඳේ ඉන්න මැඩියා වගේ නොදන්නා මගුල් කතා කරන්න එපා. මෛත්‍රී, මහින්දගෙන් කඩාගෙන ගියේ නැහැ. කඩාගෙන ගියා වගේ ඔහෙලව රවට්ටලා යූඑන්පී එකට සහාය දුන්නා... ඒ ඉන් පෙර පැවැත්වුණු දීප ව්‍යාප්ත මැතිවරණයෙන් එජාපෙ වැඩි ඡන්ද ගත්නිසා. එ්ක කණපිට පෙරලෙන නිසා තමයි රනිල් මේ ජනාධිපතිවරනේ එනකල් දීපව්‍යාප්ත මැතිවරණයක් නොපැවැත්වූයේ... එ්ක පවත්වලා පෙරමුණ එකක් හරි වැඩිපුර ගත්තා නම් ඒ ගත්තු පැත්තට අගමැතිකම යනවා. ඒ වගේම කට්ටියක් යවන්න වෙනවා තුනෙන් දෙකක් සහිතව අවුරුදු තුනක් ආණ්ඩුව හෙනියන්න සහාය වෙන්න. මුලින්ම මේ විදියට කරු අනික් පැත්තට පැන්නා. මේ පාර මැතිවරණයෙන් රාජපක්ෂලා තුනෙන් දෙකක් නොගෙන එහෙත් වැඩි ඡන්ද ලබන පක්ෂය වුනොත් බලන්න යූඑන්පියෙන් තරහ වෙලා වගේ පෙන්නලා කට්ටියක් කඩාගෙන අනික් පැත්තට පනින්නේ නැතිද කියලා, බොහෝවිට ඒ පක්ෂයේ නියෝජ්‍ය නායකයා තමයි යන්නේ. දිනන පැත්තට තුනෙන් දෙකක බලය හදලා දෙන්න. මේ අවබෝධතා ගිවිසුම අත්සන් කලේ චන්ද්‍රිකා මහත්මියගේ කාලේ. අපි ඔහෙලා හරක් වහේ මේ සෙල්ලම කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මේ ගිවිසුමේ මහා මොලකරයා රනිල් බව නම් ඇත්තයි.

:       511       620

යාපාTuesday, 15 October 2019 07:34 AM

Chathuri, ඇත්තටම ඔබ වැනි වහලුන් තවත් ඉන්නවද කියලත් සැකයි. මෝහෙන් මුලාවෙලා ඉන්නේ කවුද කියලනම් අදහසින්ම හිතාගන්න පුලුවන්.

:       0       1

senarath Monday, 14 October 2019 02:53 PM

එතකොට හිස්බුල්ලාට තියෙන ත්‍රස්තවාදීන්ට උදව් කළා කියන චෝදනාව, විදේශ වලින් මුදල් හොරට ගෙන්නාගෙන විශ්වවිද්‍යාලයක් හැදුවා කියන චෝදනාව විභාග නොකර යටගහන්නෙත් රාජපක්ෂලාද?

:       25       516

යාපාTuesday, 15 October 2019 07:26 AM

පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ රිශාඩ්ලා ,මුජිබර්ලා අද සජිත්ගේ වේදිකාවේ. හිස්බුල්ලා වෙනම ඉල්ලනවා. ඔය කතා යුඑන්පි අයනම් පිලිගනියි. අනික මේ කතා කරන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රබලම චෝදනාලාභියෙක් නේද.?

:       0       5

kumaa Monday, 14 October 2019 03:02 PM

මුජිබර් තමයි අනිත් කෙනා....

:       183       240

Chooti Monday, 14 October 2019 04:07 PM

මුජිබර් කියන විදියට තර්ක කළොත් රනිල් සහ සජිත් යන දෙපලත් කලේත් බොරු මවා පෑ රණ්ඩුවක් තමන්ගේ ජන විශ්වාසය කඩ කරගත් පක්ෂය එක්සත් කිරීමට සහ නැවත ගොඩ ගැනීමට...

:       0       61

mangalaTuesday, 15 October 2019 03:56 AM

එක තමා සිද්ධ උනේ, මේ ආණ්ඩුවට කරපු දෙයක් පෙන්නන්න නැති වුනා. ඒක නිසා ජනතාවට නාට්‍යක් පෙන්නලා කොකා පෙන්නුවා , කොහොමද ටිකිරි මොලේ

:       0       48

Dasa Monday, 14 October 2019 04:21 PM

හිස්බුල්ලා එජාපයට සහාය දුන්නානම් අද කොහොම නටයිද?

:       33       183

Aris Monday, 14 October 2019 04:26 PM

එහෙම වෙන්නේ කොහොමද? හිස්බුල්ලා පාර්ලිමේන්තු ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්... ඔහු වෙනම ඉල්ලුවාම වමේ ගෝඨාභය මහතාට ලැබෙන ඡන්දයි අඩුවෙන්නේ... දැන් ජේ.වී.පී එක බලන්න. ගියපාර යූ.එන්.පී. යට සහාය දෙන්න ඉල්ලුවේ නැහැ. මෙවර පසුගිය පාලන කාලය තුළ වූ දේවල් නිසා කෙලින්ම යූඑන්පී යට සහාය දෙන්න බැහැ. එ් නිසා වමේ ඡන්ද කඩන්න ඉල්ලනවා. රතු අලි පැටව්...

:       211       318

Bandara Monday, 14 October 2019 05:25 PM

යන්න අනේ බොරු බේගල් අතඅරින්නැතුව

:       2       127

චන්දා Monday, 14 October 2019 08:14 PM

රටේ අනාගතය ගැන පුරාජේරු කියන මෙම අපේක්ෂකයන් කරන්නේ ජාතික වැඩපිළිවෙලක් අරභයා කැප වී සිටින සහ ඒ අරබයා පැහැදිලි ඡන්ද ශක්තියක් ඇති ප‍්‍රධාන අපේක්ෂකයෙකුගේ සටන් පාඨ තමන්ගේ සටන් පාඨ බවට පත් කර ගනිමින් ඔහු පරාජය කර දැමීමට කූඨ ලෙස ක‍්‍රියා කිරීමයි.

:       1       28

Sarath R Monday, 14 October 2019 09:12 PM

ඔය එක්කෙනෙක්වත් නැතිව ගෝටා උඩින්ම දිනනවා.

:       41       214

mangala Tuesday, 15 October 2019 03:53 AM

බය වෙලා ඉන්නේ, මුස්ලිම් ඡන්ද වලින් දිනන්නේ ඉන්නේ, 2015 දී කරපු කුමන්ත්‍රණ මේ පාර හරියන්නේ නැහැ. ජාතිවාදේ ඇවිස්සුවට හරි ගියේ නැහැ නේද? හිස්බුල්ල යුඑන්පි සපෝර්ට් නම් හොදයිද?

:       34       116

මරක්කලයාTuesday, 15 October 2019 05:50 AM

මංගල, ඔයා දන්නේ නැද්ද ජනපති තීරණය කරන්නේ මුස්ලිම් ජාතිය කියලා.

:       0       0

siri Tuesday, 15 October 2019 04:02 AM

රට ජාතිය රකින මිනිසුන් ගෝඨා වටේ එක්වන එකට කුහකයන්ට ඉර්ෂියයි .

:       119       180

Deepal Nirosh Tuesday, 15 October 2019 04:21 AM

බැලිනම් කාගෙ කාගෙත් බුල්ලා හිස්බුල්ලා ද?

:       7       1

vipula Tuesday, 15 October 2019 04:36 AM

රටේ බලය නීති ප්‍රකාරව ලැබුන පසු බලය ගන්න පෙර කිවූ දේවල් නොකර වෙන බහු බුත කරලා කාලය කාල රාජපක්ෂ බීතියෙන් වේලිලා ඉන්නේ .මිනිස්සු රාජපක්ෂලාට ඡන්දේ දෙන්නේ ඇයි කියන එක හොයන්නේ නැතුව එක එක ජාතියේ දේවල් කියල මිනිස්සු පිළිගනීද ? මිනිස්සු පිළිගන්න විදිහේ වැඩක් මේ අවුරුදු පහට කරයිද ? මේකත් එක්තරා ආකාරයේ මානසික ලෙඩක් .

:       1       43

Bamunuarachchi Thursday, 17 October 2019 12:42 PM

හලෝ කරුණා අම්මාන්, පිල්ලෙයාන් යුද්ධය කාලේ ජීවිත පරදුවට තබලා අපිට උදව්කලේ ගිවිසුම් ගහලද කියලා ඇසුවේ නැත්තේ මොකෝ? ගිවිසුම් ගහලා නම් යුද්ධයෙන් පසුව ලැබුනේ මොනවාද කියා දක්කා නේද? ලැබුනේ ඇමතිකමක්... ඡන්දෙන් පැරදිලා විසිවෙච්ච එවුන්ටත් ඇමතිකම් දුන්නා නම් අපිට විශාල වශයෙන් උපකාර කල කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇමතිකම් දුන්නාම ඇති වැරැද්ද මොකක්ද. අදටත් කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඩයස්පෝරාව සමග කතා කරන්නේ සිංහලයා වෙනුවෙන්. රාජපක්ෂලා, හිස්බුල්ලා සමග ඇති ගිවිසුමක් නැත. අපිට කියන්න සජිත් ඔබලා සමග තිබෙන ගිවිසුම මොකක්ද? අපි එක හම්බයෙකුට ඡන්දය දෙන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2374 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 114 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 212 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 225 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 186 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 721 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site