IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘සුරක්ෂා‘ රජයට පවරාගන්න

(බිඟුන් මේනක ගමගේ)

සුරක්ෂා පාසල් සිසු රක්ෂණය පෞද්ගලික අංශයෙන් රජයට පවරා ගන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

රජය සුරක්ෂා රක්ෂණයට කරන විශාල ආයෝජනයට සාපේක්ෂව පාසල් දරුවන්ට ප්‍රතිලාභ නොලැබෙන බැවින් මෙම ඉල්ලීම කළේ යැයි එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.

එම රක්ෂණ ක්‍රමය ආරම්භ කළ 2017 වසරේ දී රජය ඊට මුදල් රුපියල් මිලියන 2700ක් වෙන් කළද පාසල් දරුවන්ට ප්‍රතිලාභ හිමිවුණේ රුපියල් මිලියන හාරසියයක් පමණකැයි කී හෙතෙම එමගින් සිදුවන්නේ පෞද්ගලික සමාගම්වල මඩිය තරකිරීමක් යැයි චෝදනා කළේය.

මේ වනවිට එම රක්ෂණය පෞද්ගලික සමාගමකට ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යැයිද අධ්‍යාපන ඇමතිවරයා ඒ ගැන දැනුවත් කළේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.



අදහස් (5)

‘සුරක්ෂා‘ රජයට පවරාගන්න

Mahesh Saturday, 07 December 2019 12:56 PM

රක්ෂණය ගැන මෙලෝ අවබෝධයක් නැති රතු පක්ශකාරයෙක්.

:       8       102

Nana Saturday, 07 December 2019 05:30 PM

එපා. පුද්ගලික අයගේ සේවය ඉතා ඉහළයි SLICට වඩා...

:       114       0

ලුම්බිණි Sunday, 08 December 2019 12:03 AM

මමත් හිතන්නේ ලංකා ගුරු සංගමයට රක්ෂණය ගැන මෙලෝ අවබෝධයක් නැහැ කියලා.

:       7       9

Rata Perata Sunday, 08 December 2019 08:31 AM

ඒක හොඳයි. ආයෙත් ඔක්කොම එකතුවෙලා කොමිස් ගහන්න පුළුවන්නේ...

:       4       1

ටි ඉන්දික Sunday, 08 December 2019 11:45 AM

පුද්ගලික අංශය තමයි මේ යෝජනාව රජයට ඉදිරිපත් කලේ.. මෙහෙම රක්ෂණයක් දරුවන්ට කරමු කියලා.. නිර්මාණශිලී අදහසක් ඒක.. මේ අධ්‍යාපනය ගැන මොලෝ හසරක් දන්නේ නැතිව පාරේ ඉන්න වෘත්තීය සමිතිකාරයින් මොනවද දන්නේ..? ඔවුන් අධ්‍යාපනයට සේවයක් කරලද ඔය කෑ ගහන්නේ..

:       6       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 981 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2325 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1014 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 187 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 811 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 407 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site