IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයෙන් ආර්ථිකය අගාධයකට වැටිලා’


 
 
 
රංජන් කස්තුරි

 
සිරිසේන - රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා රට ආර්ථීක වශයෙන් බලවත් අගාධයකට පත්ව ඇතැයි හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ දී අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.


එක් පුද්ගලයකුගේ හීනමානය දුෂ්ටකම හා වගකීම් විරහිතභාවය හේතුවෙන් මුළු මහත් රටක් හා ජනතාවක් ආර්ථික වශයෙන් අවපාතයට ලක් කිරීමට ඉඩ නොතැබිය යුතු බවද එහිදී මංගල සමරවීර මහතා කීවේය.


පාර්ලිමේන්තුව පිළිගන්නා නීත්‍යනුකූල අගමැතිවරයෙක් ,කැබිනට් මණ්ඩලයක් සහ මුදල් ඇමැතිවරයෙක් නොමැතිව ලබන ජනවාරි මාසයේ සිට රටේ ආර්ථීක පවත්වාගෙන යන්නේ කෙසේ දැයි තමා නොදන්නා බවද මංගල සමරවීර ඇමැතිවරයා පැවසීය.


ලබන ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියනයක අතිවිශාල ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ අතිවිශාල ණය මුදලක් ගෙවීම ශ්‍රී ලංකාවට සිදුවන අතර එම ණය ගෙවීම පමා කළහොත් ජාත්‍යන්තර වශයෙන් හා ආර්ථික වශයෙන් රට බලවත් අගාධයකට පත්වන බවද එහිදී සමරවීර මහතා සඳහන් කළේය.
එහිදී මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.


මේ ආණ්ඩුව නීත්‍යනුකූල නොවන බව කතානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද රටේ තිබෙන්නේ ජාත්‍යන්තරය පවා පිළිනොගන්නා ආණ්ඩුවක්.පාර්ලිමේන්තුවේ අද නීත්‍යානුකූල මුදල් ඇමැතිවරයෙක් නැහැ. ඊට ඉදිරියට ගෙනයන්න, මුදල් වෙන්කරන්න ක්‍රමයක් නැහැ.මේ ආණ්ඩුවට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමටවත් බලයක් නැහැ. බහුතරය නැති පක්ෂයක්. ඒ අනුව මුළු රාජ්‍ය ක්‍රියාවලියම ඇණහිටින තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (22)

‘සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයෙන් ආර්ථිකය අගාධයකට වැටිලා’

senarath Tuesday, 20 November 2018 03:27 PM

2015 ජනවාරි සිට 2018 ඔක්තෝබර් වෙනකොට ඩොලරය රුපියල් 132 සිට 176.5 දක්වා වැඩි උනේ යහපාලනය රටේ ආර්ථිකය හසුරවපු හොදකමට වෙන්න ඇති .

:       0       32

Bamunuarachchi Tuesday, 20 November 2018 04:12 PM

නිකන් පිස්සු කෙලින්න එපා හලෝ... බැංකු කොල්ලයත් එක්ක කඩා වැටුණු ආර්ථිකය තවත් වැටෙනවා. මේ රටේ යුද්ධයක් තිබිලත් රට මෙහෙම වැටුනේ නැත. අවුරුදු 4 ට මුදල් ඇමැතිලා දෙන්නයි. පළමුවෙනියා කරපු හරිය ලෝකෙම දන්නවා. මෙයා අපිට බයිලා කියනවා.

:       0       31

upali Tuesday, 20 November 2018 05:00 PM

මහලොකු මිස්ටර් ච්ලේං බැංකුව කඩපු වෙලාවේ ආර්ථිකය කොහෙද තිබුනේ මතකද?

:       0       27

Ruhunu Tuesday, 20 November 2018 05:03 PM

ඔබතුමාලා කරනකොටත් එහෙම තමයි.

:       0       17

bert Tuesday, 20 November 2018 08:28 PM

කලින් කොහෙද දන්නේ නැහැ තිබුනේ?

:       0       14

V.warnakulasuriya Tuesday, 20 November 2018 09:44 PM

රට ගොඩ ගැනීමට පැමිණ සියලු සැප සම්පත් භුක්ති විඳිමින්, පරම්පරා කිහිපයකට වස්තුව රැස්කර සුළු කාලයකට විවේක ගන්නා අපේ දේශපාලකයින්ගේ වාදන තැටිය නැවත නැවතත් අපි අසමු. මාරුවෙන් මාරුවට අසන මේ ආර්ථික අගාධය ගැන සළකනවිට ශ්‍රී ලංකික ජනතාව මෙපමණ කලක් ගතකර ඇත්තේ නිසැකයෙන්ම අගාධයකමය. එහෙත් බොහෝ දේශපාලකයින්ගේ රාජකීය වාසනාවන්ත ජීවිත පැවැත්ම සහ රැස්කර ඇති වත්කම් බලනවිට ආර්ථික අගාධයට හේතුවත් ජනතාවට පැහැදිළි වියයුතුයි. ආර්ථික අගාධයක ඇති රටක් ගොඩ ගන්නට පෙර සියලුම දේශපාලකයන් තමන් ඉන්නා ආත්මාර්ථකාමී කමෙන් ගොඩ එන්නට සිතිය යුතු වන්නෝය. එසේ නොවන්නේ නම් මේක ආර්ථික අගාධය විකුණාගෙන කෑමක් පමණකි.

:       0       24

anon69 Tuesday, 20 November 2018 09:52 PM

"ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණත්වයට පත්වන විට, ජනාධිපතිවරයාගේ කාර්යාලය නියෝජනය කරන්නේ ජනතාවගේ අභ්‍යන්තර ආත්මයයි. සමහරක් ශ්‍රේෂ්ඨ හා මහිමාන්විත දිනයක දී දේශයේ සාමාන්‍ය ජනයා අවසානයේ ඔවුන්ගේ හෘද ආශාව කරා ළඟාවනු ඇත. ජනාධිපති කාර්යාලය නිශ්චල අඥානයෙකු හා සම්පූර්න ප්‍රාග් ඓතිහාසික මෝඩයක් විසින් අල්ලා ගනු ඇත.

:       0       15

wimal Tuesday, 20 November 2018 11:59 PM

නැත්නම් ආර්ථිකය ඉතාම හොඳ මට්ටමක තිබුණා . අපිට ඒ බව තේරුණා.

:       0       24

Adam Tuesday, 20 November 2018 11:59 PM

අහිංසක ජනතාවට පුළුවන් තරම් බදු ගහලා උලා කෑවා. දැන් ඇවිත් වැදී බන කියනවා.

:       0       13

Psr Wednesday, 21 November 2018 02:40 AM

ඇයි පහුගිය ටිකේ අපි නිදාගෙන හිටියා කියලද තවත් හිතන් ඉන්නේ ... ඈ.. සමනළයිනි...?

:       2       48

දිල්මු Wednesday, 21 November 2018 03:25 AM

අපොයි ඔව් ඔහේලා ගොඩක් ඉහළින් ඔසවල තිබ්බනේ ඊට කලින්

:       1       67

Senarath Wednesday, 21 November 2018 03:43 AM

යහපාලන රජය යටතේ 2015 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් වෙනකොට ඩොලරය රුපියල් 132 සිට 176.50 දක්වා ඉහළ ගියේ ආර්ථිකය හසුරවපු හොද නිසාද? . හාල් විතරක් නෙමෙයි පොලුත් පිටරටින් ගෙනාව මතක නැතිද ?

:       2       328

කොලිත Wednesday, 21 November 2018 04:31 AM

අගමැතිකමට විරුද්ධව උසාවි යන්න....

:       0       16

ruchi Wednesday, 21 November 2018 05:35 AM

මංගල - ආර්ථිකය කඩාකප්පල් කලේ ඔබ ඇතුළු ඔබගේ පසුගිය රජයයි. වංචා සහගත ලෙස ලෝකයේ හොඳම මුදල් ඇමති පට්ටමක් රටට පෙන්වා සියලුදේ කණපිට හැරවුයේ ඔබයි. අලුත් ආණ්ඩුවකට මැජික් පෙන්නන්න බැහැ. රට විනාශ කල වගකීම චන්ද්‍රිකා ඇතුළු ඔබසැම බාරගත යුතයි.

:       257       2500

Chanak Los angelesWednesday, 21 November 2018 07:16 AM

අනේ ඔව් ඔව් රාජපක්ෂලා රටේ ආර්ථිකය නගා සිටුවන්න ඔවුන්ගේ ඉඩකඩම් විකුනලා මුදල් දැම්මා

:       439       3

ruchWednesday, 21 November 2018 08:58 AM

ලොස් ඇන්ජලීස් වල ඉඳල සුද්දන්ට කත් ඇද්දට වැඩක් නැහැ. ඔබතුමා ගේ දායකත්වය මොකක්ද ශ්‍රී ලංකා ආර්ථිකයට? අපි ලංකාවේ ඉන්න නිසා අපිට අපේ රට ගැන ලොකු වේදනාවක් තියෙනවා.

:       0       0

samantha Wednesday, 21 November 2018 06:11 AM

එතකොට ඔය කියන විදිහට සති 2 කට කලින් ඉතා සුඛිත මුදිත කිරි පැණියෙන් ඉතිරෙන ලංකාවක්ද තිබුනේ? ඔයාලා තණකොළ කෑවට රටේ මිනිස්සු බත් කන උදවිය.

:       0       18

hira Wednesday, 21 November 2018 06:39 AM

රටේ ආර්ථිකය නැති බංගස්තාන කලේ රවී සහ ඔබයි. එහාට මෙහාට බෝලේ ගහන්නේ නැතුව කරන්න පුළුවන් කෙනෙක්ට සහයෝගය දෙන්න පුරුදුවෙන්න. රටේ මිනිස්සු දන්නවා ඔබ තුමාගේ කට ඇරියොත් කෙබර අත් අරින්නේ කියලා.

:       0       18

Rata Perata Wednesday, 21 November 2018 07:04 AM

මේවා කිය කිය ඉඳලා වැඩක් නෑ,

:       0       2

Hafeel Wednesday, 21 November 2018 07:25 AM

ආර්ථික ආර්ථික ගැන කතා කරන්න නැතුව වෙන මොකුත් මාතෘකාව නැද්ද? ආර්ථික ශක්තිමත් කිරීම, හොරුන් දුෂිතයන් අල්ලන එකත් තව දුරටත් වලංගු නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය, පොදු අපේක්ෂකත් දැන් ජනතාවට තිත්තයි. වෙන මොනව හරි මාතෘකාවක් හොයා ගන්න වෙනවා.

:       0       4

SUMEDA Wednesday, 21 November 2018 08:19 AM

ආර්ථිකය කඩා කප්පල් කලේ මහින්දවත් සිරිසේනවත් නොව පසුගිය රජය වුනු ඔබගේ ආණ්ඩුවෙනුයි. දැන් කිඹුල් කඳුල් හලන්න එපා ආර්ථිකය කඩා වැටුනා කියලා. ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ.

:       1       351

Ravi Wednesday, 21 November 2018 09:24 AM

හොදම වැඩේ තමයි බෝට්ටුවකින් හරි වෙන රටකට යන එක. ඔක්කොම එකතුවෙලා රට කෑවා

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 477 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 860 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 734 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 997 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 776 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site