IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘සියළු ආගම් වලින් උගන්වන දයාව කරුණාව වැරදි ලෙස අර්ථකථනය සමාජයට අහිතකර බලපෑමක්‘


(අංජුල මහික වීරරත්න සහ සිතුම් චතුරංග මරදමඩු පුදබිමේ සිට)
            
සියළුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ‍්‍රී ලාංකික සමාජයට අහිතකර බලපෑමක් සිදුවී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මන්නාරම මරදමඩු පුදබිමේදී අද (15) පැවසීය.

ආගම්වල දයාව සහ කරුණාව විකෘති කරමින් වෛරය පතුරවන්නට කිසිවකුටත් ඉඩලබා නොදෙන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ මන්නාරම මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේවමෙහෙය අවස්ථාවට සහභාගී වෙමිනි. 
ශ‍්‍රී ලංකාවේ රජ්‍ය නායකයකු මරදමඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගීවු දෙවන වතාව ලෙස අග‍්‍රාමාත්‍ය වරයාගේ පැමිණීම සිනිටුහන් විය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස පළමු වරට මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගීවී ඇත්තේ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාය. 

මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මරදමඩු දේවස්ථානයේ පරිපාලන කටයුතු සඳහා එම්මානුවෙල් ප‍්‍රනාන්දු මන්නාරම රඳගුරුතුමන් වෙත මුදල් චෙක්පතක්ද ප‍්‍රධානය කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරඳගුරු තුමන් ප‍්‍රමුඛ අගරඳගුරුතුමන්ද එම්මානුවෙල් ප‍්‍රනාන්දු මන්නාරම රඳගුරුතුමන් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකාවේ රඳගුරුතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් අවසන් දේව මෙහෙය පැවැත්විණි.

 මෙම අවස්ථාවට උතුරේත් , දකුණේත් ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් සහභාගීවී සිටියහ.

                                                
(ජයාරූප - ශාන්ත රත්නායක)    



අදහස් (7)

‘සියළු ආගම් වලින් උගන්වන දයාව කරුණාව වැරදි ලෙස අර්ථකථනය සමාජයට අහිතකර බලපෑමක්‘

ජයන්ත මිලානෝ Wednesday, 15 August 2018 09:31 AM

ඔබතුමා හරි ජේසුස් වහන්සේගේ ප්‍රේමය, දයාව, කරුණාව හරියට නොදත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්දැයි හරියාකාරව නොදන්නා නිසා පූජක පක්ෂය නොමග ගිහින්. එහෙව් එකේ ඔවුන්ගේ වචනය අහන ජනතාව කොහේ සිටීද? "තට මෙන් තාගෙ අසල්වැසියාට ප්‍රේම කරව" යන වචනයෙන් මුලු දේව වචනයම සම්පූර්ණ වේ.

:       0       8

රජින්ද Wednesday, 15 August 2018 10:11 AM

ප්‍රේමය, දයාව, කරුණාව ඕවා දැන් වචන පද ටිකක් විතරයි. දේශපාලන මඩ ගොහොරුවේ එරී පතුලටම කිඳා බසින් ඉන්න අයත් දැන් ගොඩ ඉන්න අයට කියනවලු අරහෙම කරපල්ලා, මෙහෙම කරපල්ලා කියා. මේ රටේ සියලුම ආගම්-ජාතීන් අතර තිබු බැඳීම් නැති කලේ මේ රට දේශපාලනීකරණය වූ දවසේ පටන් බව දනිමු. මේ රටේ මිනිසුන්ට බලහත්කාරයෙන් දේශපාලන ගුණ්ඩු කවා ඒ හරහා බලය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ජනතාව පිල්වලට බෙදා භේදබින්න කලේ අන්තවාදී දේශපාලුවන් නොවේද?

:       0       39

rajiinda replyWednesday, 15 August 2018 10:36 AM

ඔය කියන අන්තවාදී දේශපාලකයන් පාර්ලිමේන්තු යැව්වේ අපිමනේ... එහෙනං මේ ප්‍රශ්න සේරටම මුල අපි. දේශපාලකයෝ අන්තවාදී නම් ඒ අයට ඡන්දෙ නොදී ඉන්න එකනේ කරන්න තියෙන්නේ. ඒ වුණත් මිනිස්සු එකම ගොන් වැඩේ හැමදාම කරනවා.

:       0       26

RaveendraWednesday, 15 August 2018 01:23 PM

රජින්ද මයාවෙත, ඇත්තෙන්ම මේ අයව තෝරගත්තෙත් අනාගතේ තෝරගන්නෙත් ඔබ, අප සියල්ලෝම නොවේද? මේ අසුචි නාගත්ත අම්බරුවන් දැන් ඔබට, අපට මෙන්ම සියලුම ලක්වැසියන්ට උපදෙස් දෙන්නේ තම තමං හරිම පිරිසිදු අවංක පිරිසක් ලෙස නොවේද?

:       0       0

සමානව සැලකීම Wednesday, 15 August 2018 10:44 AM

සංහිඳියාව, සාමය පතුරවන්නෝ භාග්‍යවන්තයෝය. ඔවුන් (ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු අය) දෙවියන්වහන්සේ දකින්නෝය. (බොදු අය) නිවන් යන්නෝය. දෙවියන්වහන්සේ මිනිසාට හොඳ නරක තේරුම් ගෙන හොඳ තෝරා ගැනීමට නිදහස දී තිබේ. මෙම රජයද එලෙසම වර්ජනය කිරීමේ නිදහස දී තිබේ. සියලු දෙනා සමානව සැලකීමට රජයේ සියලු අයට සමාන පඩි වැඩි කිරීමක්...

:       7       65

jayWednesday, 15 August 2018 11:55 AM

දැන් 10,000 දීල අවුරුදු 3 නේද තාම ? ඔය වැඩි කරපු එකෙන් තමා රටේ ආර්ථිකය වැටුනේ. ආයේ පාරක් වැඩි කරන්න රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය කොච්චර වැඩි වෙලාද ?

:       0       10

අවසන් කාලය Wednesday, 15 August 2018 10:58 AM

අප දැන් සිටින්නේ ලෝකයේ අවසන් කාලයේය. එය ඉතා අමාරු කාලයකි. මෙම පීඩන ස්වාභාවික විපත්, අධික රස්නය, අදික වැසි, නායයාම්, සුනාමි, අධික සුලන්, අධික මරණ අනුපාත වනු ඇත. මිනිසුන්ට අධික කේන්තියාම, බහුල අනතුරු, බහුල වර්ජන සිදුවේ. බොහෝ විට මෙම පීඩන කාලයේ ලංකාවේ මීලග නායකයා රනිල් හෝ සිරිසේන විය හැක.

:       8       96

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 78 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 267 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1344 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2957 4

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3521 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site