IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ස්විස් කුමාර් පොලිසියට ගෙන ආවේ වෙනත් පැමිණිල්ලකට‘

(සිරාජ් හසීම්)

යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් ස්විස් කුමාර් නැමැත්තාව පොලිසියට ගෙන රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාල සැකකරුවෙකු වශයෙන් නොවන බවත් ස්විස්කුමාර් නැමැත්තා පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවත් හිටපු යාපනය  මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් අද(19) පැවසීය.

එලෙස පැමිණිල්ලක් සිදුකර ස්විස් කුමාර් නැමැත්තා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට යැයි කියමින් කැටුව ගිය බවත් මෙලෙස සිදුකරන්නැයි උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් වෙත උපදෙස් දුන් බවත් උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් තමන්ට කී බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් කීවේය.

පසුගිය 2015 මැයි මස 13 වනදා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනය පුංකුඩිතීව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ දෙවන අධියරේ දෙවන දින සාක්කි විමසීම අද (19)වනදා අන්නාලිංගම් ප්‍රේමශංකර්,මානික්කවාසගර් ඉලංචේලියන්, බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුවිණි.

විත්තිකරුවන් වන බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්,බූබාලසිංගම් ජෙයක්කුමාර්,බූබාලසිංගම් තවක්කුමාර්,මහාලිංගම් ශෂිතරන්,තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි),පලනි රූපසිංහම් ගුහදාසන්,ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවන් 09 දෙනාද අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ සිටියහ.



අදහස් (1)

‘ස්විස් කුමාර් පොලිසියට ගෙන ආවේ වෙනත් පැමිණිල්ලකට‘

පුෂ්පා Thursday, 20 July 2017 02:04 AM

දැන් හැම දෙයක්ම අවුලෙන් අවුලට යන්නෙ. නඩුත් එහෙමයි, අනිත් සෑම දෙයක්මත් එහෙමයි. අපි ඔක්කොම ඉන්නෙ පඹගාලක පැටලිලා. කවද කෙළවර වෙයිද කියල දන්නෙ දෙයියො තමයි.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1779 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 902 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 720 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 611 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 554 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site