IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘සජිත් එනවා‘ දෙවැනි රැළිය මාතරදී

(අංජුල මහික වීරරත්න)
 
“සජිත් එනවා” දෙවන ජන රැළිය මාතරදී ලබන සිකුරාදා (23) ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් පවත්වන බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
 
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කර ගැනීම සඳහා වන මහජන පෙළගැස්ම වෙනුවෙන් මෙම ජනරැලි  මාලාව සංවිධාන කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
 
“සජිත් එනවා” පළමු ජන රැළිය බදුල්ලේදී ඉකුත් 12 වනදා පැවැත්වුනේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංවිධායකත්වයෙනි. එහි දෙවන ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් මාතරදී පැවැත්වීමට නියමිතය.
 
එක්සත් ජාතික පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරගැනීමේ සටන අනිවාර්යෙන්ම ජයගන්නා බව කී අමාත්‍ය හරින ප්‍රනාන්දු මහතා ඉන් අනතුරුව දැනටමත් රටේ නිර්මාණය වී ඇති ජන රැල්ල අනුව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙකු ඉතා පහසුවෙන්ම බිහි කර ගැනීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
 
 ජනතාව ඉල්ලන ජනතාවගේ අපේක්ෂකයා පත් කිරීම පක්ෂයේ වගකීම බව කී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යම් හෙයකින් ඒ වගකීම පැහැර හරිනු ලැබුවහොත් එය සමස්ථ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පරාජයක් වනු ඇති බව පැවැසීය.



අදහස් (30)

‘සජිත් එනවා‘ දෙවැනි රැළිය මාතරදී

gunarathna Monday, 19 August 2019 07:09 AM

මොකක්ද මේ ඔබතුමා කරන විහිලුව? පක්ශේ කවුරුත් නම් කරලා නැති වෙලාවක මෙහෙම කරන එක විහිළුවක් නේද? අඩුගානේ ඔබේ රැස්වීමකට පක්ශේ සභාපති හෝ ලේකම්වත් එනවනම් මිනිස්සුන්ට විශ්වාසයක් එනවා. ඔබතුමා ලොකුවට හිතාගෙන හිටියට ගමේ ගෙවල් ගත්ත පවුල්වලවත් ඡන්ද ඔබතුමාට නැති වග ඔබතුමාම දන්නවා .

:       1201       1604

සමන් - ඕමානයMonday, 19 August 2019 07:55 AM

පව්, මට නම් මෙයා ගැන දුකත් හිතෙනවා.

:       1       0

Amila Monday, 19 August 2019 07:12 AM

එක්සත් ජාතික පක්ෂය පැරදුනත් අලුත් කෙනෙක් විපක්ෂ නායක වෙන එක හොදයි.

:       0       60

wimalMonday, 19 August 2019 10:18 AM

නායකත්වයට සුදුසු නැත්නම් අලුත් කියලා වැඩක් තියෙනවද?

:       102       6

Lakai Monday, 19 August 2019 07:27 AM

ඡන්දෙන් පස්සේ සජිත් යනවා වෙයිද දන්නේ නෑ...

:       77       98

Mama Monday, 19 August 2019 07:28 AM

ඔබ කරන දේ හරිද ? කරුණාකර නියම නායකයෙකු සේ වැඩ කරන්න . නැතහොත් ජනතාව ඔබෙන් ඈත්වේවි .

:       138       352

ගල්කටස් Monday, 19 August 2019 08:07 AM

රනිල් එනවා රැළිය ලගදීම බලාපොරොත්තු වන්න .

:       110       141

Raveendra Monday, 19 August 2019 08:19 AM

අප සියල්ලෝම එනවා සහ යනවා. එය තමයි ලෝක ධර්මතාවය. හැබැයි වැඩිදෙනෙකු සිතන්නේ එනවා පමණයි ආපහු නොයා සදාකල් වැජබීමටය.

:       0       34

රවින් Monday, 19 August 2019 08:28 AM

"සජිත් එනවා " ? අපි දෙනවාද ????

:       12       59

pasi Monday, 19 August 2019 08:34 AM

සජිත් එනවා අපි යනවා...

:       9       56

Thilina Monday, 19 August 2019 08:38 AM

රටක් හදන්න කළින් තමන්ට කියලා විනයක් තිබිය යුතුයි. තමන් විසින් තමන්ම පුම්බාගන්න යන එකෙන් වෙන්නේ තවත් ඡන්ද කඩාගන්න එක විතරයි ..එක ගමක් හදලා දිස්ත්‍රික්ක තුනක විතර පෝස්ටර් අලවනවා.. පෙට්ටි ගෙවල් හද හද යන මෙයා ජනාධිපති කලොත් රටේ ඉතුරු කැලෑවත් කපලා ගෙවල් වලින්ම පුරවනවා.

:       148       263

wimal Monday, 19 August 2019 08:39 AM

සජිත් එනඑක හීනයක්. මේ රටට දැන් තිබෙන තත්වේ අනුව ඔයාලා බැහැලා යන්න රට කාපු ගොත්‍රිකයිනි. මිනිස්සුන්ට ලොකු බොරු පොරොන්දු දුන්නේ එහෙම නම් ඔයාලා ඉන්නේ දැන් තියන රජයමනේ... කරලා පෙන්වන්න පුළුවන් නේද? අවුරුදු 4 කටවල් උල්කරගෙන ඕපාදූප හොයහොයා බොරුව කරලා රට අගාධයට ඇදලා දැම්මා. මේ ගමන නම් UNP ඉවරෙටම සෙත්තපෝච්චි. දැන් ඉන්න ජනතාව හොඳ කල්පනාවකින් ඉන්නේ. අපේ පැතුම ගෝඨාභය රාජපක්ෂ 1000%. "ගෝඨා අපිට අපි ගෝඨාට.". ජයවේවා...!!!

:       207       423

Sumith Jayasekara Monday, 19 August 2019 08:44 AM

ජාතික නායකයෙක් වුණාම දර්ශනයක්, ප්‍රතිපතියක් තියෙන්න ඕනේ.. නැතුව මම ප්‍රේමදාසගේ පුතා කිව්ව පලියට මිනිස්සු ඡන්දය දෙන්නේ නැ. සජිත් අඩවෙනතුරු ජාතික ප්‍රශ්න ගැන වචනයක් කතාකරලා නැහැ. මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණ කාලේ මෙයාගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කළොත් මෙයා යටින් වැඩ කළේ කාටද කියලා පේනවා. අපි නම් මෙයාට ඡන්දය දෙන්නේ නැහැ..

:       92       334

Bamunuarachchi Monday, 19 August 2019 08:52 AM

ඉතින් ඔබලා මේ වගේ කෙනෙක්ද රටේ ජනාධිපති කර ගන්න හදන්නේ...?

:       0       5

isurandi Monday, 19 August 2019 08:55 AM

මේ මනුස්සය තිබ්බ ගරුත්වයත් නැති කරගත්ත මේ දෙයින් . නායකත්වයට පොරකන බව පැහැදිලියි .

:       8       160

Kamalsiri Ratnayaka Monday, 19 August 2019 09:05 AM

දැන් ආවා ඇති. දැන් යන්න .

:       37       60

Anura Monday, 19 August 2019 09:08 AM

සජිත් එනවා. ගෝඨාභය ඇමෙරිකා යනවා .

:       553       304

Saththaya Monday, 19 August 2019 09:09 AM

ආයෙත් අර අදින්නේ පවුල් බලයට . දැන් ඡන්දදායකයන් ඉස්සර වගේ පවුල් බලයට යටවෙන්නේ නැහැ . අනික මේ දගලන්නේ ජනතාවට තියෙන ආදරයටද ? නැහැ . අපිට අවශ්‍ය අවංක සමාජ සේවකයෙක් . දැන් උදව් කරන අයට ඉල්ලන ඉල්ලන දේ දෙන්න බලාගෙන වෙන්න ඇති මේ 'එනවා ' කියා පාඨය කිය කියා ඇවිදින්නේ . අවොත් ඉතින් වෙන රටක් හොයා ගන්න වෙනවා . වෙන විසදුමක් නැහැ .

:       0       0

DRSHANI Monday, 19 August 2019 09:12 AM

රට ගැන ආදරයක් ඇති කිසි කෙනෙක් සජිත්ව නිර්දේශ නොකරයි. මන්ද මොහු රටක ජාතික නායකත්වයකට තිබිය යුතු දුරදර්ශි බව පරිණතකම හා අනෙක් සුදුසුකම් මොහු සතු නොවන නිසාය.

:       0       0

Prabha Monday, 19 August 2019 09:40 AM

සජිත් එනවා.. ඇවිත් යනවා...

:       0       12

thilakasiri Monday, 19 August 2019 09:54 AM

පාසල් යන ළමුන්ගේ පටන් රටේ මුළු ජනතාවටම නොහොඹිනා ආදර්ශයක් දෙමින් ඉන්නේ... සජිත්ට ජනපති අපේක්ෂකත්වය දුන්නොත් එජාපයත් එම පහත් අාදර්ශයමයි රටට දෙන්නේ. සජිත් ඇතුළු ඔහුගේ කල්ලියම ගියත් දිනන්න පුළුවන් තත්වයට එජාපය අද පත්වී තිබෙන්නේ රනිල්ගේ පලපුරුද්ද නිසාම ලබා තිබෙන සියුම් ප්‍රඥාව හා උපාය කෞශල්‍ය ඥානය නිසයි. තරුණයින් ජවසම්පන්න නිසා එයාලට හිතෙනවා වුණාට එයාලට වයසක අයට වඩා නිවැරදි තීන්දු, තීරණ හරියට ගන්න පුළුවන් කියලා එයාලා දන්නේ නැහැ පලපුරුද්ද තුළින් ලැබූ අත්දැකීම් ඇති ශරීර සෞඛ්‍ය හොඳ වයසක අය ඒ ඒ පළපුරුදු අංශ සඳහා ගන්න තීන්දු තීරණ ඉතා ප්‍රායෝගික හා නිවැරදි මෙන්ම ඵලදායී බව. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේ මේ බව ඔප්පුකරලා පෙන්නුවේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය නම් වූ අවසාන මහසුත්‍රය දේශනාකරද්දී... ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා යුරෝපා රටවල පලපුරුදු වැඩිහිටියන්ගේ අදහස්වලට ගරු කරන්නේ මේ නිසයි. පහුගිය දවස්වල ටීවී ඔස්සේ 60 පැනපු වැඩිහිටියන්ට තීන්දු, තීරණ ගන්න බැහැ කියලා වැරදිම වැරදි පුහුමතයක් මතුකරමින් අදහස් දැක්වීම රටේ හැදෙන පරපුරට දුන්වැරදි ආදර්ශයකි...

:       303       435

Sinhalaya Monday, 19 August 2019 09:57 AM

පිටකොටුවේ සාංචි ආරච්චිගේවත්ත කියන තැනතමයි ප්‍රේමදාස පවුලේ මුල් වාසස්ථානය. දන්නා කෙනෙක් කියනවද රණසිංහ ප්‍රේමදාසගේ හිටපු සහෝදර සහෝදරයින්ට වුණු දේ? ප්‍රේමදාස ලොක්කා සේරම ගෙදරින් එලවලා දාලා සියලු දේපල තමාගේ නමට ලියාගෙන මියයන්න පෙර වයෝවෘද්ධ තමාගේ පියාගේ අත්සනත් බලහත් කාරයෙන් ගත්තා කියලා තමයි තතුදත් පැරැන්නෝ කියන්නේ. පියා නොකළදේ පුතා නොකළොත් නොට්ටිගේ පුතා කියනවලු. ඒ වගේ තමයි දරුවෙක්, මල්ලෙක් නැති අනාගත පරම්පරාවක් ගැන හිතන්න බැරි විදිහට පත්කරගන්නවද? අප‍ දරුමල්ලන්ට අනාගතයක් ගැන හිතන්න පුළුවන් රටක් හදන්න පුළුවන් මිනිහෙක් ගැන අපි හිතනවද? ඔබට බාරයි.

:       109       125

RaveendraMonday, 19 August 2019 11:23 AM

ඇයි ඉතින් " පුරසඳ අයිස්ක්‍රීම් මාලිගය" (දැන්නම් එහෙම අයිස් ක්‍රීම් මාලිගයක් නැහැ එතන) ගැන දන්නා අයත් ඉන්නවා. ඒ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ.

:       0       0

vipula Monday, 19 August 2019 10:02 AM

මෙතුමා කරන්නේ විහිළු වැඩ. පක්ෂයක් හැටියට ගන්න ඕනේ තීන්දු පෝස්ටර් ගහලාගන්න පුළුවන්ද? විහිළු කරන එකේ සීමාවක් තියෙනවනේ... අපේ ජනාධිපතිතුමා වගේ එයාගේත් විහිළුවල සීමාවක් නැහැ.

:       60       210

ranil Monday, 19 August 2019 10:14 AM

අනේ අපරාදේ මම ඉන්දියාවේ ගිහිල්ලා මගේ බරට රත්තරන් පූජාකරලා බාරවුණත් වැඩේ හරියන පාටක් නෑ.

:       0       2

sirisena Monday, 19 August 2019 10:16 AM

අාපු පයින් අපහු යන්න වෙනවා. එ්ක සිකුරුයි.

:       0       10

sampath Monday, 19 August 2019 11:52 AM

එක්සත් ජාතික පක්ෂය අනුරට ඡන්දේ දීලා ඔහුව ජනාධිපති කරනවා ඔන්න බලන්න...

:       0       0

Ndk Monday, 19 August 2019 12:19 PM

පක්ෂ ද්‍රෝහීන්ට අපේ ඡන්දය නැත. ඉස්සෙල්ලාම විනය හදාගන්න. ඊට පස්සේ ඡන්දෙ ගැන බලමු. මොන පක්ෂයෙන් ආවත් නායකයෙක්ට විනයක් තියෙන්න ඕනේ. විනයක් නැතුව රටක් හදන්න බෑ පුංචි සිරිසේන..

:       1       515

ChandraMonday, 19 August 2019 04:47 PM

හරියට හරි, පියන් වැඩක් බාර දෙන්නත් විනයක් තියෙන්න එපැයි. හිතුමතේ වැඩ කරන්න බැහැනේ... මේ කියමන ඉතාම අගය කරනවා...

:       0       0

Bamunuarachchi Monday, 19 August 2019 12:21 PM

ලඟදී අපායට ගියකෙනෙක් මට ලියා ඒවා තිබුණා අපායෙත් කටුඉඹුල් ගස්වල, ලෝදිය හැලියේ නම ගහලා තිබෙනවා කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 242 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 643 1

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 184 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 314 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1582 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 291 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site