IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘වී මිල ගැන නිසි විසඳුමක් නැති නම් පාරට බහිනවා‘

(කාංචන කුමාර ආරියදාස)


වී අස්වැන්න ලැබීමට ආසන්නව පවතිද්දී මේ වන විට රටේ විශාල වශයෙන් වී මිල පහත වැටී  ගොස් ඇතැයි ද කඩිනමින් මේ තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් නොවුන හොත් ඉදිරියේදී  ගොවි ජනතාව සමඟ පාරට බසින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.


නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේ  වී මිල පහත වැටීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් 15 දින දඹුල්ල ප්‍රදේශයේ පවත්වමිනි.


වී අලෙවි මණ්ඩලය තම සංවිධානය මගින් ලබාදුන් යෝජනා  මේ  වසරේ සිට  ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණ පිළිබඳව සහාය පළ කරන බව පවසා සිටි අතර ඉදිරියේදී ගොවීන්ගෙන්   මිලදී ගන්නා වී අලෙවි නොකර සහල් බවට පත්කර සහන මිලට ජනතාවට සහල් අලෙවි කිරීමේ වැඩසටහන පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට ස්තුතිවන්ත වන බව ද සඳහන් කළේය.


එහෙත් මෙහිදී නාමල් කරුණාරත්න මහතා විශේෂයෙන් සඳහන් කළ සිටියේ පසුගිය කන්නවල රටේ හාල් අවශ්‍යතාවයට වඩා සහල් නිෂ්පාදනය වී තිබුණු බවත් එමෙන්ම අනවශ්‍ය ලෙස සහල් තොග විදේශ රටවලින් ගෙන්වා ඇති බව ද සඳහන් කළේය. 


සහල් මිල විශාල වශයෙන් ඉහළ දමා   ජනතාව පහසුතාවයට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේය.


තම සංවිධානය මගින් රජයට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් පිළිබඳවද සඳහන් කරමින් එම යෝජනා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කළ බව ද සඳහන් කළේය. 


ඉන් එක් යෝජනාවක් බවට පත්ව ඇත්තේ වී මිලදී ගැනීමේදී ගොවියා අපහසුතාවයට පත්වන ආකාරයේ ලියකියවිලි ඉවත් කිරීම, ඒ සඳහා පොහොර නිකුත් කළ නාම ලේඛනය  යොදා ගැනීම, ගොවීන්ගෙන් රජය වී මිලදී ගැනීමේදී දින ගණනාවක් තිස්සේ දිගු   පෝලිම්වල තබා ගැනීමකින් තොරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීම, එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 වෙනුවට වී කිලෝ හාරදහසක් මිලදී ගැනීම, එමෙන්ම ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග පුද්ගලික  ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීම නැවතීම, එම වී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කරුවන් සමග එක්ව සහල් බවට පත්කොට( වී එම් වී  රයිස් ) නැමැති නාමයකින් සහතික මිල ගණන් යටතේ අලෙවි කිරීම,   බෑගයක් නොමිලේ ලබාදීම යන කරුණු වලට එකඟතාව පළ කළ බව හෙතෙම කියා සිටියේ ය.



අදහස් (19)

‘වී මිල ගැන නිසි විසඳුමක් නැති නම් පාරට බහිනවා‘

රවින් Sunday, 15 July 2018 09:52 AM

පහුගිය කන්නයේදී රාජ්‍ය ආයතනවලට නොදී පුද්ගලික අංශයට පමණක් ගොවීන් තම අස්වැන්න ලබාදුන්නා නේද? රාජ්‍ය වී ගබඩා හිස් කියලා ප්‍රවෘත්ති තිබුණා. මේ පාරත් ඒ වැඩේම කරන්න බලාගෙන පුද්ගලික අංශය තම තොග වෙළඳපොලට නිකුත් කරන්න ඇති. එතකොට වැඩේ පටන් අරන්තියෙන්නෙ කවුද.? දුක කියන්නේ කාටද? දේශපාලුවෝ ගැන හිතන්නේ නැතුව තම සාමාජිකත්වය දැනුවත් කර මිල පාලනයක් තමන් විසින්ම ඇති කරගත්තොත් හොඳ නැද්ද?

:       0       20

සතයපාලMonday, 16 July 2018 07:25 AM

පසුගිය කන්නයදී රාජය අංශයට වී ලබා දෙන්නේ කොහොමද නියගය නිසා කුඹුරු පාළුවෙලා තිබුණා....... බහුතරයක් ගොවින්ගේ.ආණ්ඩුව අමුඩය ගහගෙන වැඩේට බහින්න ලෑස්තීවෙන කොට මුදලාලී ගේ දොරකඩටම ඇවිත් ආණ්ඩුවේ ගානට වැඩියෙන් ඉතිරි වී ටික අරගත්තා. එක දේශපාලන වාසියට ගත්ත ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් දුන්නා පෞද්ගලික අංශය වී සියල්ල මිලදි ගත් නිසා රජයේ වී ගබඩා හිස් උනා කියලා. රටට ණය වෙලා වගා කර ගත්ත වී ටික කවදා හරි ආණ්ඩුව මිලදී ගන්න කම් ගෙදර තියාගෙන බලාගෙන ඉන්න ගොවියට බැහැ.ගොවියා ණය ගෙවන්න ඕනා දරු පවුල නඩත්තු කරන්න ඕනා ඊළග කන්නය වගා කරන්න බිත්තර වී තෙල් බෙහෙත් පොහොර කුලීය හොයා ගන්න ඕනා මේවට ඕන කරන සල්ලී භොයන්න තමයි වී ටික විකුණන්නේ. ඊළගට ආණ්ඩුවක වගකීම වෙන්න ඕනා ජාතියටම කන්න දෙන ගොවියාව ආරක්ෂා කරන්න අස්වැන්නට හොද මීළක් නිසි කළට අවශය බිත්තර වී තෙල් බෙහෙත් සහා පොහොර සැපයිම ඒවා නිසි ලෙසට ඉටු කරන්න බැරීනම් ඒ ආණ්ඩුවට විරුද්ධව ගොවියා පමණක් නොව බත්කන සියලු රට වැසියන් පාරට බැසිය යුතුය.

:       0       0

Bamunuarachchi Sunday, 15 July 2018 10:00 AM

මේක මාර වැඩක්නේ... හැම මගුලකටම පාරට බහිනවලු. හලෝ අපිට බත් කන්න බැරි වුනොත් පාන් කනවා. ඔහෙලට වී ටික විකුණාගන්න බැරිවුනොත් වහ තමයි කන්න වෙන්නේ. එ්ක මතකතියා ගෙන අපිට පුස්පාට් දාන්න එපා.

:       806       358

Sanath KandySunday, 15 July 2018 10:47 AM

ගොවියන්ගේ දුක දන්නේ කුඹුරකට බැහැල උදැල්ලෙන් නගුලෙන් වැඩක් කරපු කෙනෙක් විතරයි. මෙයානම් සිංහල හාලේ බත් කාපු කෙනෙක් වෙන්න බෑ.

:       20       401

මාවිල්මඩ වජිර හිමිSunday, 15 July 2018 10:52 AM

ගොවියන්ට අපහාස කරන්න එපා බමුණු. අම්මගෙන් කිරි බීපු කෙනෙක් විතරයි අම්මගේ අගේ දන්නේ. බත් කාපු කෙනෙක් විතරයි ගොවියාගේ අගේ දන්නේ.

:       45       379

BamunuarachchiSunday, 15 July 2018 04:07 PM

අපේ හාමුදුරුවනේ බොහෝ ජනතාව රැකියාවක් කර වැටුපෙන් ජීවත් වෙන මිනිස්සු. වැටුප් ලබන්නවුන්ට ඔය ආකාරයට වටුප් වැඩිවෙන්නේ නැත. අස්වැන්න ලැබෙන කාලෙට මිල අඩුවීම සාමාන්‍ය දෙයක් උනාට අපරටේ අස්වන්න් ලැබෙන කාලෙට මිල වැඩිවෙනවා. අස්වැන්න නොලැබෙන කාලෙට ළූණු, අල, හාල් මිල අඩුයි. අස්වැන්න ලැබෙන කොට මිල වැඩී. එහෙමනම් කුඹුරු සිල්ලම සංචාරකයින්ට ගොල්ෆ් පිට්ටනි කරලා ඉන්දියාවෙන් හාල් ළූණු අල ලාබෙට ගෙනාවාම ඉවරයිනේ. එතකොට වාරිමාර්ග, වගා රක්ෂණ, ගොවි රක්ෂණ, පොහොර ප්‍රශ්න කිසිවක් නැහැ නේද. ඉන්දියාවේ ම්රිස්, ළූණු, අල, හාල්, ලාබ ඉන්දියාවේ වගාවන් කරන්නේ වෙනස් ක්‍රමයකටද?

:       0       0

ධනුෂ්කSunday, 15 July 2018 02:25 PM

බමුණු මහතා ගැන අහිතක් හිතන්න එපා. මෙතුමා විතරයි ලංකාවේ අවුරුදු 80ක් පහුකරලත් ස්මාර්ට් දුරකතනයකින් මෙහෙම අදහස් දාන්නේ. අපි එතුමා ගැන අාඩම්බර විය යුතුයි. හබැයි එතුමාගේ අදහස් ගැන නම් ..!!!

:       0       18

BamunuarachchiSunday, 15 July 2018 04:10 PM

අදහස් රැඩිකල් වාදීද?

:       0       0

Lakmal Sunday, 15 July 2018 10:03 AM

අනේ බහින්න... අනේ... බැහැ බැහැ ඉන්නේ. දේශපාලනය ගෑවිලා තියන කල් කොහේ බැස්සත් වැඩක් නැහැ.

:       0       97

Senarath Sunday, 15 July 2018 10:40 AM

වී ගොවින් කියන්නේ හොරු නෙමෙයි, ඒ මිනිස්සු වැස්සට වෙන හානි, නියගයෙන් වෙන හානි, අලින්ගෙන් වෙන හානි කියන සේරම අවදානම් වලට මුහුණ දීලා ලබාගන්න අස්වැන්න, දේශපාලුවන්ගේ ඥාතීන් ගේ මෝල්වලට තුට්ටු දෙකට ලබාගන්න කරන මගදී වලට විරුද්ධව තමා සටන. එක අපි තේරුම් ගන්න ඕනේ. මේ ගොවියෝ ඇත්තටම කුලිකාරයෙක් සොයන මුදල ලබාගන්නේ නැහැ තමන්ගේ ශ්‍රමයට. මේ උදවියගෙන් වැඩිදෙනා ගොවිතැන කරන්නේ පාරම්පාරිකව කරගෙන ආපු නිසා සහ අනුන්ගේ කුලිකරන්න යන්න අකමැති කම නිසා. මේ උදවියට මේක කරගෙන යන්න රජය උදව් කළ යුතුයි....... එහෙම නැත්නම් තව අවුරුදු10 කදී 15 කදී වෙන්නේ අපිට රටේම හාල් අවශ්‍යතාව පිටරටින් ගෙන්න. දැන් ඉන්න නායකයෝ කුඹුරු ගොඩකරන්න කතා කලාට ඩි එස් සේනානායක මහත්තය වගේ නායකයෝ ලොකු කැපවීමක් කරලා , උනන්දු කරලා පොළොන්නරුවේ ගොවියෝ රැකගත්තේ.

:       0       256

kalani Sunday, 15 July 2018 10:55 AM

ශ්‍රී ලංකාව කියන්නේ පෙරදිග ධාන්‍යාගාරය. එවැනි විරුදාවලියක් ලැබුණේ සිංහල රජවරු ගොවියා ශක්තිමත් කළ නිසා. සොයා බැලු නිසා. වැව්, අමුණු පිළිසකර කරද්දී උනන්දු කළ නිසා... පෞද්ගලික අංශයේ වී මිලට ගැනීම කරනුයේ දේශපාලකයින්ගේ ඥාතින්, හිතවතුන්. වී අලෙවි මණ්ඩලයට තනිවම වී මිලට ගැනීම අපහසුකර තිබෙන්නේ දේශපාලන බලපෑම් නිසා... එම තත්වයන් නිසා ගොවියන් සූරාකෑමට එරෙහිව පාරට බැසීම හැර වෙන කුමක් කළ හැකිද? බත් වෙනුවට පාන් කෑමට සුදානම් වෙන්නේ පාට කන්නාඩි දමාගත් බටහිර ගැති කළු සුද්දන්... ජාතිය සහලින් පෝෂණය කරන ගොවියන් වෙනුවෙන් පෙනීසිටීම දේශපාලනය නොවේ. ජනතා රජයක වගකීම ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මිස කූට ව්‍යාපාරිකයින් රැකගැනීම නොවේ. ජාතිය වෙනුවෙන් දහදිය හෙලන මිනිසුන් නොසලකන රජයකට විරුද්ධත්වය පෑම වරදක්ද? නොඇසූ කන්ව, අන්ධව, ගොළුව සිටීම, වහල් සමාජයකට අයත් දීනකමක් මිස දියුණු ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවලියක් නොවේ. අරගලයකින් මිස පාලකයින් කැමැත්තෙන් කිසිවක් ලබාදී නැත.

:       48       175

V.warnakulasuriya Sunday, 15 July 2018 11:10 AM

සිරිලංකාවේ තරම් විශේෂඥයන් සිටින රටක් ලොව තවත් නැත. වැඩිකමට පිටරටද පටවති. වාර්ෂිකව මේ ඇසෙන අදෝනාව ඉවරයක් නැත්තේ අඥානයින් වැඩිකමටද යන්න සිතන්නට සිදුවී ඇත. ගංවතුර කාලයට කැළණි ගඟේ පාලම උඩට එනවා.වතුර බහිනකොට නැවත නවාතැනට යනවා. මේකත් ඒ වගේම තමයි. නාමල් මහත්තයෝ;පාරට බහින්නේ නැතුව නිවැරදි දේ කරන්න ඔබතුමන්ලාටවත් දැකීමක් නැතිද? අපිට මේක අහලා එපා වෙලා ඇත්තෙමු. අපේ ජනාධිපතිතුමාට අනුව වහින්න එපා කියලා දේව කන්නලව්වක්වත් කරමුද? ඔබලා පාරට බහිනකොටත් අපිට ඉවරයක් නැති කරදරයක් හැමදාම.

:       82       55

Bandara Sunday, 15 July 2018 02:10 PM

පාරට බසිති. ටී වී එකේ පෙන්නති. සල්ලිත් එකතු කරති. සතියක් ගිය තැන නටපු සියල්ලම අමතකකර අලුත් සටන් පාඨයක් සොයා නැවත වෙනත් තැනකින් පාරට බසිති. මේ විෂම චක්‍රය ගැන පොතක් ලිවිය හැකිය.

:       10       26

kalani Sunday, 15 July 2018 02:21 PM

ඇත්ත අවුරුදු හැත්තෑවක්ම අපි අත්දැක්කේ වැඩකරන ජනතාව ගැන නොසොයපු රජයන් තමයි. උද්ඝෝෂණ හැරෙන්නට වෙන කළහැකි දෙයක් යෝජනා කරන්න.

:       0       14

kumara Sunday, 15 July 2018 08:00 PM

බමුණු මහත්මයා වෙත. අවුරුදු 80ක කෙනෙක් කියන කථාවක්ද ඕක. පුළුවන්නම්‍ සතියක් එකදිගට පාන් කාලා පෙන්නමුකෝ. "එ්ක මතකතියා ගෙන අපිට පුස්පාට් දාන්න එපා". මේගොල්ලෝ අභියෝග කරන්නේ පවතින ආණ්ඩුවට. මෙතැනදී ඔබතුමා "අපි" ලෙස අදහස් කරන්නේ ඔබතුමා ආණ්ඩුව නියෝජනය කරන බව ද? ඔබතුමා ආණුඩුවේ මාධ්‍ය අංශයේ පුද්ගලයෙක් ද? අතිශයින්ම ලැජ්ජයි.

:       0       0

rohana Monday, 16 July 2018 02:36 AM

දන්නේ නැති නිසා අහන්නේ වැඩි මිලට ගත්තොත් ගොවියා ගොඩ අපි අමාරුවේ අඩු මිලට ගත්තොත්?

:       0       0

Nuwan Monday, 16 July 2018 06:56 AM

යෝජනා කරන්න ඕන කෙනෙකුට පුලුවන්. නමුත් ක්‍රියාත්මක කරන්න අමාරුයි . මුලින්ම කරන්න ඕන ගබඩා පහසුකම් වැඩි කරන එක. ඊට පස්සෙ පාලනයක් ඇතුව වෙළදපොලට වී නිකුත්කරන්න ඕන. මේ වැඩේට පවුද්ගලික අංශය සහභාගි කරගන්නව ඇරෙන්නට වෙන විකල්පයක් නෑ. ඒ විතරක් නෙවෙයි මේ වී තොග වලට ආරක්ෂාව සපයන්න හමුදාව යොදාගන්න පුලුවන්. මේවා කරන්න නීති වෙනස් කරන්න වෙනවා. සහල් මෝල් කාරයොන්ගෙ බඩට වදින්නත් බෑ. අවුරුදු 3න් විසදුමක් දෙන්න බැරිනම් අලවි මන්ඩලය වහලා දාලා වී ගොවිතැන නතර කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් හැම එකාම මේකට එකග වෙනවා.

:       0       0

Bamunuarachchi Monday, 16 July 2018 02:42 PM

කුමාර මහතා මම නියෝජනය කරන්නේ නිශ්චිත වැටුපක් ලබන කප්පරක බදු ගෙවන වැටුපෙන් ජීවත් වන ජනතාවයි. ඒ ගොල්ලෝ උදේට, රෑට කන්නේ පාන් නැතිනම් පිටිවලින් සාදා ගත් කෑමක්. එමනිසා ඒ ගොල්ලන්ට පාන් අමුතු කෑමක් නොවෙයි. මම කන්නෙත් උදේට දුඹුරු පාන් පෙති දෙකයි. රෑට දුඹුරු පාන් පෙති දෙකයි. දවල්ට විතරක් අඩියක් ගහලා බත් කනවා. එමනිසා මට කෑම ලොකු ඉෂූ එකක් නොවෙයි. අපි දවසට 4 සැරයක් බත් කන මිනිස්සු නොවෙයි. එ් නිසයි තාම දොස්තර කෙනෙක් ඇඟට පිහියක් තබා නැත්තේ...

:       0       0

Bamunuarachchi Monday, 16 July 2018 02:46 PM

කුමාර මහතා, මම අවුරුදු 20ක් පිටරට හිටියා ඔබ සිතන වාද උදේට සහ රෑට කැවේ බත් කියලා... බත් කෑවානම් උසේ හැටියට බර තියා ගන්න බැරිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 974 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 427 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 393 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 256 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 449 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 449 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site