IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න නමින් හෝ විද්‍යුත් ඡන්ද ගණනයක් හෝ ඕනෑ‘‘

විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම්  මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිත කරමින්  ඡන්ද ගණනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී  පැවසීය.


 එය එසේ කළහොත් තමාටත් රටේ උගත් බුද්ධිමත් මහජනතාව මෙන්ම අන්තර්ජාතිකවද  වඩාත්  පිළිගත හැකි ක්‍රමයක් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.


 එමෙන්ම  රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල තීරණ ගැනීමේදී  ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් හඬ අනුව බහුතරය තිරණය කිරීම  කාලෝචිත නොවන බවද  විනිවිද භාවයකින් තොර බවද ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළේය.


මෙම රැස්වීම සඳහා  ආරාධනා ලැබ තිබු සියලු පක්ෂ  තම නියෝජනත්වය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් සහභාගී  නොවන බව ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබු අතර ජනධිපතිවරයා එය සභාවට ඉදිරිපත් කළේය.


එමෙන්ම හෙට(19)   පැවැත්වෙන  පාර්ලිමේන්තුවේදී  ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී තිරණය කිරීමට නියමිත අතර  ගැටුම්වලින් තොරව සාමකාමී අන්දමින්  කටයුතු කිරිමට ද   මෙහිදී  එකඟතාවකට පැමිණියේය.


මෙම හමුව පැය දෙකකට ආසන්න කාලයක් ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ලේකම් කාර්යාලයේදී  පැවැත්විණි.

(36698)

(ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය) 



අදහස් (15)

‘විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න නමින් හෝ විද්‍යුත් ඡන්ද ගණනයක් හෝ ඕනෑ‘‘

nishantha Sunday, 18 November 2018 03:22 PM

මේ දෙගොල්ලොම එකතුවෙලා ජනතාව ගොනාට අන්දවනවා වගේ...

:       0       17

Nissanka Sunday, 18 November 2018 03:43 PM

රනිල්ව අයින් කළේ විශ්වාසභංග ගෙනැල්ලද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑලු. බහුතරය අත්සන් කරලම දීලා තියෙද්දී තවත් මොනවාද? හෙටත් ඕක කඩාකප්පල් කරනවා.

:       0       13

sandy123 Sunday, 18 November 2018 03:47 PM

කීවෙනි තුරුම්පුවද ඇද්දේ?

:       0       13

ගල්කටස් Sunday, 18 November 2018 03:51 PM

විශ්වාස භංගය නියමිත පරිදි ගෙනත් නියම විදිහට සමිමත කරන එක සියල්ලන්ගෙම වගකීමකි. ඔය ඔක්කොටම මුල හදිසිය ජනතාව හැටියට අප බලා සිටින්නෙ නුඹලා වැඩ කරන අාකාරයයි.

:       0       34

විජිත් Sunday, 18 November 2018 03:53 PM

එදා ඉඳන්ම රට කාපු, අදත් කන හෙටත් කන්නට බලාගෙන ඉන්න ඡයාරුපයක්. ශ්‍රී ලංකිකයිනි කවදාද ඔබ මේ සත්‍ය තේරුම් ගන්නේ. එදාට අපි ඔක්කොම දිනුම්. රටත් දිනුම්.

:       0       27

Chandima Sunday, 18 November 2018 04:27 PM

එකත් අන්තිමේදී හරිගියේ නැති උනොත් මොකද ඊළඟට කරන්නේ? කොම්පියුටර් ජිල්මාට් එකක් වත් කරගන්න බලනවද? මොකද ඒකට නම් වැඩ දන්නා කට්ටිය පොහොට්ටු පිලේ ඉන්නවා.

:       6       17

Saman Sunday, 18 November 2018 04:40 PM

‘‘රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණාවලදී හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නැහැ. තමන්ට මෙන්ම රටේ උගත් බුද්ධිමත් ජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය වන්නේ හඬ අනුව ඡන්දය ගණන් ගැනීම නොව මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයෙන් ඡන්දය ගැනීම" බව ජනාධිපතිවරයා අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවති සර්ව පාක්ෂික හමුවේදී සඳහන් කළේය. -නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෙ කිව්වලු. ඔක්තෝබර් 26 වෙනිදා මහින්දට අගමැතිකම් දුන්නෙත් ඉලෙක්ට්‍රොනික් ගණනයකින් වෙන්නැති.

:       0       6

රොමේෂ් Sunday, 18 November 2018 04:42 PM

මේක යම්තාක් දුරට හොඳ වැඩක්, නමුත් ආණ්ඩුවේ (ජනාධිපති විසින් පවතිනවායි උපකල්පනය කරන නමුත් පාර්ලිමේන්තුව තුල නීතිමය වලංගුභාවයක් නොමැති) අස්ථාවරභාවයට සහ රටේ ඉදිරිගමනට මෙය විසඳුමක් නොවෙයි. ගතයුතු හොඳම පියවරවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත සහිත පුද්ගලයෙක් අගමැති ලෙස පත්කර රට ඉදිරියට ගෙනයාමයි. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනගතනොහැකි පුද්ගලයෙක් නාමිකව අගමැති ලෙස පෙන්වාදීමෙන් කිසිඳු ප්‍රයෝජනක් රටට ඇතිනොවේ. ජනාධිපතිතුමා තම විසින් සිදුකරනලද වරද නිවැරදි කළයුතුව තිබේ. ඔහුගේ උපකල්පනයට අනුව එය නිවැරදිනම් පාර්ලිමේන්තුව තුල එය නිවැරදි කලයුතුයි. මක්නිසාදයත් 2019 සඳහා විසර්ජනපනත හෝ අතුරු සම්මත ගිණුමක් සම්මතකරගනීමට නොහැකිව රටේ ඉදිරිගමන පිළිබඳව ජනතාව සාධාරණ බියකින් සහ සැකයකින් සිටී.

:       0       22

Sam Sunday, 18 November 2018 04:56 PM

නිකම් මොකට බයිල කියනවද ? අන්තර්ජාතිකව නම් ඡන්දය තිබුන හැටි මාධ්‍ය හොඳට පෙන්නුවා. ගැලරියේ තානාපති නිලදාරීනුත් හිටියනෙ.

:       0       0

Manoj Sunday, 18 November 2018 06:25 PM

එසේ කිරීමට ඉඩ නොදෙන කණ්ඩායම්වලට දෙන දඬුවමත් සඳහන් කළා නම් හොඳයි නේද?

:       11       25

ජ්නිත් Sunday, 18 November 2018 07:43 PM

මේ කරන වැඩ මහා පුදුමයිනේ.

:       13       3

Chanak Los angeles Sunday, 18 November 2018 10:04 PM

ඒ කියන්නේ හොර ආණ්ඩුවට බලය ලැබෙනකන් හනුමන්තා එක එක සෙල්ලම් දමනවා කියන එකනේ ?

:       7       25

Ranaweera Sunday, 18 November 2018 10:18 PM

හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් මේ අපේ දේශපාලකයෝ.....

:       9       4

rocky Monday, 19 November 2018 12:52 AM

ජනාධිපතිට වුවමනා වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුලදී මිනි මැරුම් කීපයක් කරවන්න වගේ. ඔය කියන විදිහේ චන්ද විමසීමක් කරන්න සුදුසු පසු බිමක් පාර්ලිමේන්තුව තුල ඇති කරන්න බැරි බව ඔහු හොඳටම දන්නවා.

:       7       24

පෙරුමාල් Monday, 19 November 2018 05:52 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕන

:       13       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 98 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 53 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 75 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 222 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2655 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 235 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site