IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ව්‍යවස්ථාවට පයින් ගසා දමන්න බැරි බව ඔප්පු වුණා’

අංජුල මහික වීරරත්න

 

ව්‍යවස්ථාවට පයින් ගසා පැත්තකට දමන්නට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු වූ බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ අරලිය ගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (13) පැවැසීය.

පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය යනු ජනතාවගේ ජයග්‍රහණයක් බව කී වික්‍රමසිංහ මහතා හෙට (14) පාර්ලිමේන්තුවට පැමිණ බහුතරය පෙන්වා රජයේ වැඩකටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ද පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසුව මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

“ජනතා පරමාධිපත්‍යයට විජයග්‍රහණයක් ලැබුණා. ව්‍යවස්ථාව නැවත වතාවක් තහවුරු වුණා. දේශපාලන ශීලාචාර බව පියවරකින් ඉදිරියට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අපි අගය කරනවා. ව්‍යවස්ථාව ඉරා දමන්නට ගිය අවස්ථාවක ව්‍යවස්ථාවට පයින් ගසා පැත්තකට දමන්නට නොහැකි බව පෙන්වා දී තිබෙනවා. 

පාර්ලිමේන්තු බලය ආරක්ෂා කරන්නට ක්‍රියාකළ කතානායක කරු ජයසූරිය මහතාට ද අපගේ ස්තූතිය පළ කරනවා. මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, සියලුම ආගමික නායකයන් මෙන්ම සිවිල් සංවිධාන මේ ජයග්‍රහණය පිටුපස සිටිනවා. අප කළේ ජනතා අයිතීන් රැක දීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ පාපන්දු ගැසීමට කාටවත් බැහැ.

රටේ නීතිය කාටත් පොදුයි. අපේ මේ සටන ජයග්‍රහණය කරනවා. අපේ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වනවා. ජනාධිපතිවරයා විසින්ම හෙට (14) පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තුවට ගොස් අපේ බලය පෙන්වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්නැයි සියලුම රාජ්‍ය සේවකයන්ට දන්වා සිටිනවා. අධිකරණ තීන්දුවට අනුව ක්‍රියා කරන ලෙස ද අවධාරණය කරනවා. කතානායකවරයා හමු වී ගත යුතු පියවර තීරණය කරන ලෙස ද පොලිසියට දන්වා සිටිනවා. 

අපේ බහුතරය තවත් වැඩිවෙනවා. පාර්ලිමේන්තු ජය යනු ජනතා ජයක්. ලබන 15 වැනිදා දහවල් ලිප්ටන් වටරවුමේදී මේ ජයග්‍රහණය සැමරීම සඳහා විශාල රැළියක් පැවැත්වීමට අපි තීරණය කර තිබෙනවා”. 

 



අදහස් (3)

‘ව්‍යවස්ථාවට පයින් ගසා දමන්න බැරි බව ඔප්පු වුණා’

Bamunuarachchi Tuesday, 13 November 2018 03:51 PM

යම්කිසි ක්‍රියාදාමයකට විරුද්ධව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණාම ඒ ක්‍රියාදාමය අධිකරණය විසින් තාවකාලිකව නැවැත්වීම සාමාන්‍ය අධිකරණ සිද්ධාන්තයක්... එමනිසා ඔබලාගේ පෙත්සම් වලංගු වුණා කියන අදහස බුද්ධිමත් ජනයා පිළිගන්නේ නැත. මෝඩ රැලකට නම් මේ තාවකාලික තහනම විජයක් ග්‍රහණයකි. දෙසැම්බර් මස ලැබෙන තීන්දුව කාගේ වාසියට ලැබෙනවාද කියන දේ වෙනම කාර්යයකි.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 13 November 2018 05:32 PM

යළිත් වරක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ පද්ධතිය ජයගෙන ඇති බව මෙම "තාවකාලික" ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් මොනවට පැහැදිලි කර තිබෙනවා. ලබන දෙසැම්බර් 7 වැනිදා මීටත් වඩා තීරණාත්මක තීන්දුවක් ලැබී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට යලිත් ඔසවා තැබීමට අවස්ථාව ලැබේවායි පතමු!

:       0       0

vipula Wednesday, 14 November 2018 03:01 AM

මහ බැංකුවට ගහපු පහර හොඳටම ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 14 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 327 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2895 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 611 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1263 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 165 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site