IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘වසර අග අනිවාර්යයෙන්ම ජනපතිවරණය පැවැත්විය යුතුයි’

(මුදිතා දයානන්ද)

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකින් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බවද ඒ අනුව මේ වසර අවසානයේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (22) පැවසීය.

ඔහු මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

තමන්ගේ ධූර කාලය වසර පහද හයද යැයි සිරිසේන ජනාධිපතිවරයා වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටි බවද එහිදි ඔහුගේ ධූර කාලය වසර පහක් බවට තීන්දු කළ බවද හේරත් මහතා පැවසීය.

එම තීන්දුව ලබාදුන්නේ 78 ව්‍යාවස්ථාව අනුව ජනාධිපති ධූරයේ දිව්රුම් දී අත්සන් කිරිමෙන් පසු ධූර කාලය එළැඹෙන බවට වන වගන්තිය අනුව ඔහු 2015 ජනවාරි 9 දා වැඩ ධුරයේ කටයුතු ඇරඹු බවට තීන්දු කිරිමෙන් හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිගේ ධූරකාලය වසර පහක් බවට වන වගන්ති සළකා බලා බවද හේරත් මහතා පැවසීය.

ඒ අනුව නැවත නැවතත් ජනාධිපතිගේ ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමෙන් පළක් නොවන බවද ඔහු පැවසීය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පෙන්වා දෙන පරිදි කුමන මැතිවරණයක් කල් දැමූවද කිසිම හේතුවක් නිසා ජනාධිපතිවරණයක් කල්දැමීමට නොහැකි බවද ඒ අනුව මේ වසර අවසානයේ එය පැවැත්විම අනිවාර්යයක් බවද හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

‘වසර අග අනිවාර්යයෙන්ම ජනපතිවරණය පැවැත්විය යුතුයි’

amila Monday, 22 July 2019 07:28 AM

මේ ඔයාල මගුල් බෙර ගහල ගෙනාපු සරල ජනපති නේද? මොකද දුම්මල ගහලවත් එලවගන්න බැරිද.

:       288       147

vivek Monday, 22 July 2019 07:54 AM

ප්‍රශ්නේ අවරුදු 5 පටන් ගන්නේ කවද ඉඳන්ද කියන එක. අපි බලමු අධිකරණයෙන් මොකද කියන්න කියල.

:       35       19

Raveendra Monday, 22 July 2019 08:06 AM

අනේ මේ අපේ රතු මලයනේ... මලය මේ සැරේ කාටද කඩේ යන්නේ ..??? න මේ නිකං ඇහෙන්නේ අපි ,කැමති නැත්නම් නොකිව්වට කමක් න...

:       7       15

MD Monday, 22 July 2019 10:34 AM

අර කරු ළඟට දිව්වා වගේ නෙමෙයි දෙසැම්බර් ළංවෙනකොට හොඳට දුවන්න පුරුදු වෙන්න. ගෝඨා ඉන්නේ ඔන් යුවර් මාක්... කියාගෙන හොඳේ...

:       1       4

Bandula. Monday, 22 July 2019 11:54 AM

අනේ මේ රතුඅලි මල්ලිනේ... මොකෝ මේ ඔයත් ජනපති වෙන්නද? දැන් කඩේ යන්නේ නැද්ද කාටවත්ම...?

:       0       16

shan Monday, 22 July 2019 12:05 PM

"හඳට බුරන බල්ලෝ " වේදිකා නාට්‍ය යලිත් රඟදැක්වේ. ඇතුල් වීම නොමිලේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 917 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2078 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2404 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1238 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 316 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2386 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site