IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ලිච්ඡවී රජ දරුවන් අද සිටියා නම් දිවි නහගන්නවා’

 “ලිච්ඡවී රජදරුවන්ගේ උපදෙස් අනුවයි වැඩ කරන්නේ කියලා ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශ කරල තිබුණා. ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නිසා ගන්නවා” යැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඟුරන්කෙතදී  ප්‍රකාශ කළේය.

ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපට ඉතාම හොඳ බව කී ජනාධිපතිවරයා ලෝකයේ කිසිම රටක ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් නැති බවද කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍යයේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ සහභාගි වෙමිනි.

 ජනාධිපතිවරයා මෙසේද කීවේය.

"මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා ඒ කියපු අය වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා.

ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නසා ගන්නවා. ලිච්ඡවී රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියලා කියනවා නම් මම හිතන්නේ ඒ ගැන ඔබ වහන්සේලා ඇතුළු මේ පින්වත් මවුපියන් උගත් දරුවන් දන්නවා ලිච්ඡවී රාජ්‍ය පාලනය සහ අද රාජ්‍ය පාලනය අතරේ තිබෙන වෙනස කොච්චර ද කියන එක. ඒ නිසා ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපිට ඉතාම හොඳයි. නමුත් අද ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් ලෝකේ කොහේවත් නැහැ. එහෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ක්‍රමයක් අපිටත් තියෙනවා නම් ඒක මේ රටේ විශාල වාසනාවක්. ඒ නිසා අද රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලදී සැමවිටම කටයුතු කරන්නට ඕනෑ. රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලයි මම විශ්වාස කරන්නේ" යැයිද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (24)

‘ලිච්ඡවී රජ දරුවන් අද සිටියා නම් දිවි නහගන්නවා’

saliya Wednesday, 19 June 2019 06:56 AM

ඔය හරියි කියන ප්‍රතිපත්තිය හදන්නකෝ..

:       0       0

mahinda Wednesday, 19 June 2019 07:59 AM

ලිච්ජවී රජදරුවන් අවශ්‍ය නෑ...... ගරු සොලමන් ඩයස් බණ්ඩාරණායක ශ්‍රී මතානන් ගරු සිරිමාවෝ බන්ඩාරණායක මැතිණිය යලි කිසිදිනක මේ දිවයිනේ ඉපදීම ප්‍රාර්තනා නොකරනු ඇත. ඒ ඔවුන් ඉතා මහන්සියෙන් තම පුද්ගලීක දේපල පවා උගසට තබා බිහිකල මේ මවුබිමට අසීමීත සම්පත් දායාද කල පක්ෂයට අවසන් සභාපති හා හිටපු සභාපති කල අපරාධක තරමට මොවුන් දෙදනාම ශ්‍රි:ල:නීප යෙන් බලයට පැමිණ පක්ෂය තම වාසියතකා විනාශකලා.

:       3       428

ධනුෂ්කWednesday, 19 June 2019 02:15 PM

ලෝකේ පහළ වුණු නිහීනතම ජනාධිපතිවරයෙක්...

:       1       0

Bamunuarachchi Wednesday, 19 June 2019 08:01 AM

එහම්මම කියන්න එපා අපට ලෙච්චමී රජ දරුවන් රාජ්‍ය කරන රටක් තිබෙනවා නේද?

:       107       48

ලුම්බිණි Wednesday, 19 June 2019 08:05 AM

ලිච්ඡවී රජදරුවන් මොකටද ඔබතුමා වගේ අය ඉන්න කොට?

:       0       134

චුටි පුතා Wednesday, 19 June 2019 08:13 AM

මේ උන්නැහේ.. අමතක කරන්න එපා ඔයාව 2015 මිනිස්සු ඔය පුටුවේ වාඩි කලේ ලිච්ඡවි ප්‍රතිපත්තිය වගේ වැදගත් දෙයක් ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වෙයි කියලා හිතලා නෙමෙයි වුණත් අඩු ගානේ රටට මොකක් හරි හොඳක් වෙයි කියලා හිතලා. ඔයා කියන ලොකු උන්නැහේව පත් කළෙත් ඔහෙත් එක්ක එකතු වෙලා රටට හොඳක් කරන්න. දැන් මෙතන දෙන්නා දෙපැත්තට කඹ අැද ගත්තට ආයි නං මේ සම්මජාතියට එන්න හිතන්න එපා. දෙන්නටම අබ සරණයි.

:       94       365

BamunuarachchiWednesday, 19 June 2019 10:37 AM

ඔව් ඔව් ඒ ලෙච්චමී රජ දරුවෝ ඉස්ඉස්සෙල්ලාම සමගියෙන් වාඩිවෙලා ප්ලෑන් කලේ මහා බැංකුව කොල්ල කන්න. ප්ලෑන් කර සතුටින් විසිර ගියා. මෙයාව ඒවාට සම්බන්ද කොරගන්න බැරිඋනා එකද ඔබට තිබෙන හිතේ අමාරුව?

:       215       116

චුටි පුතාWednesday, 19 June 2019 12:22 PM

කියපු දේ හොඳින් කියවලා තේරුම් අරන් උත්තර දුන්නා නං හොඳයි නේද ලොක්කා...? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නොදී....

:       0       54

BamunuarachchiThursday, 20 June 2019 12:23 AM

ලියන්න ඕනේ ලියන්නාට තේරෙන විදිහට නොවෙයි කියවන කෙනාට ත්රෙන විදිහට නේද.?

:       0       0

beau Wednesday, 19 June 2019 08:55 AM

හහ්...! එ්කද සිරා දිවි නසාගන්න හදන්නේ?

:       0       39

vipula Wednesday, 19 June 2019 09:00 AM

අනුන්ගේ කුණු හොදන්න කලින් තමන්ගේ කුණු හෝදා ගත්තා නම් හොඳයි නේද ජනාධිපතිතුමා...?

:       0       333

sonali Wednesday, 19 June 2019 09:08 AM

ඔබතුමා රාජ්‍ය නායකයෙක් නේද ? ඔබතුමාට ලජ්ජා නැද්ද අනෙක් අයගේ අඩුපාඩු හොයන්නේ. ඔබතුමාගේ අනේක වැරදි හා අඩුපාඩු හදා ගත්ත නම් හරි වටිනවා නේද?

:       0       219

Daham Wednesday, 19 June 2019 09:23 AM

කවුද මේ ආණ්ඩුවේ ලොකු මහත්මයා කියල දැනගන්න කැමතියි .

:       0       10

රවින් Wednesday, 19 June 2019 09:49 AM

කරන වැඩවලට නම් මෙරට සියලු දෙනාටම ඉතිරි වෙන්නේ දිවි නහගන්න එක තමයි.

:       0       105

Amila Wednesday, 19 June 2019 10:35 AM

අපේ එකෙක් රජවෙලා කියලා මානසික රෝහලේ පිස්සෝ සතුටුවෙනවා. අනේ අම්මපා මෙහෙමත් ජෝක්

:       0       178

Bamunuarachchi Wednesday, 19 June 2019 10:41 AM

එජාප කාරයින්ගේ කතාව ලිච්ඡවි... වැඩ ලෙච්චමී...

:       211       146

Prabha Wednesday, 19 June 2019 10:47 AM

සිරිසේන මහත්තයට අමතකවෙලා එයා මේ රටේ ජනාධිපති කියලා හරිනම් ඔය කතාව කියන්න ඕනෙ අපි..

:       0       165

Saman Wednesday, 19 June 2019 11:29 AM

මෙයාට මුල අමතක වුන වේගය.. අඩු තරමේ මතකද ඔක්තෝබර් විප්ලවයෙදි ඔබට සූත්‍ර පිටකයෙන් දීපු උත්තරය , ආක්‍රෝෂ පරිබ්‍රාජ බමුණ ගැන ?

:       0       27

ramani ponnamperuma Wednesday, 19 June 2019 12:25 PM

මේ මිනිහට මෙහි තේරුමවත් නොදන්නා නිසා පාඨකයෙනි අනුකම්පා කරන්න. නිදසුනක් වශයෙන් කියනවනේ මහත්මා ගාන්ධිගේ අවිහිංසාව අනුව කටයුතු කරන්න ඕනේ කියලා. ඇත්තටම මේකේ තේරුම ඒ විදියට ලඟින් කටයුතු කරමු කියන එක නේද? අගමැති තුමාගේත් අදහස වූනේ ලිච්ඡවි රජදරුවන්ගේ සාමකාමී පාලනයක් ලංකාවේ ගෙනියන්න ඕනේ කියන එකයි. එහි ඇත්ත තේරුම... මෙන්න මෙයා කියන කතාව. මේ මිනිහා හොඳ රටක් පාලනයකට නෙමෙයි. ඕපාදූප කියකියා ගම ගිනිතියන, රබන් ගහන ගැහැණු ඉන්න තුට්ටු දෙකේ සමාජයකටයි. මේකා තාත්තා එක්ක තරහ වෙලා වෙල්යාය ගිනි තිබ්බ එකයි. අම්ම එක්ක තරහ වෙලා මාළු හට්ටියම කාපු බලලා මෙයා තමයි.

:       0       50

BamunuarachchiThursday, 20 June 2019 12:36 AM

ඉතින් මෙයාව තොර ගත්ත අර 62 ගැනත් මේ විදිහටම හිතමු. සිංහල උපහැරණයක් කියනවා කණකොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී කීයල. හැබැයි මේනම් කණකොකෙක් නොවෙයි.

:       0       24

sirisena perera Wednesday, 19 June 2019 12:33 PM

"අල්ලස්ගත් සභාපතිට ජනාධිපති සමාව" මෙන්න මෙයාගේ උපදෙස් ආණ්ඩුව කරන්න.හොදයි නේද?

:       0       153

Chanak los angeles Wednesday, 19 June 2019 02:46 PM

මොලේ කලඳක් නැහැ... රටේ අවාසනාව.

:       0       6

BamunuarachchiThursday, 20 June 2019 12:26 AM

මේ දෑස මගේ පිං වන්තයි තේරුනේ දැන්තමයි.

:       0       0

de silva Thursday, 20 June 2019 09:09 AM

අපේ ලොකුමහත්මය හිතන් ඉන්නේ රට පාලනය කරන්නේ වෙන කෙනෙක් කියලා

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 57 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 159 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 763 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 88 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 258 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 246 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site