IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ලංකාව රටවල් 9කට බෙදා වෙන්කිරීමේ සැලසුමක් ඇතැයි ගෝලීය ලාංකික සංසදය කියයි‘

 ( තිළිණි ද සිල්වා )

 
වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය ශ්‍රී ලංකාව රටවල් නමයකට බෙදා වෙන් කිරීමේ සැලසුමක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියා සිටී.
 
මෙම යෝජනාවලිය මඟින් පැහැදිලිය ඔප්පු වී තිබෙන තිබෙන කරුණ වන්නේ සන්ධීය රාජ්‍යයක් නැතහොත් ෆෙඩර්ල් රාජ්‍යයක් බිහිකිරීම සඳහා පිඹුරුපත් සැකසීම බවත් , ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා පෙන්වා දේ.
 
එබැවින් ‘‘ ඒකීය ’’ යන සිංහල වචනය පමණක් භාවිතයට ගනිමින් ඉදිරිපත් කර ඇති කූට බෙදුම්වාදී ලියවිල්ල එකහෙළා ප‍්‍රතික්ෂේප කරමින් ඊනියා බෙදුම්වාදීන්ගේ උත්සාහය පරාජයට පත් කිරීමට ජාති , පක්ෂ පාට භේදයකින් තොරව එක්වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමස්ත ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටින බවද එහි සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා කියා සිටී.
 
ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන පරිච්ජේදයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ස්වභාවයෙහි ඒකීය තත්ත්වයක් නොමැති බව මැනවින් දක්වා ඇති බවත් සඳහන් කරන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පෙන්වා දෙන්නේ 
 
එය එම වාර්තාවෙහි ශ්‍රී ලංකා රාජ්‍යයෙහි ස්වභාවය විස්තර කරනු ලබන ‘‘ ශ්‍රී ලංකාව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ නිශ්චිත දක්වා ඇති බලතල ක‍්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් ( ඔරුමිත්ත නාඩු)  වන්නාවූ නිදහස් ස්වෛරී ,ස්වාධීන ජනරජයක් වේ ’’ යන වගන්තියෙන් පැහැදිලි වන බවද කියා සිටී.                                    



අදහස් (22)

‘ලංකාව රටවල් 9කට බෙදා වෙන්කිරීමේ සැලසුමක් ඇතැයි ගෝලීය ලාංකික සංසදය කියයි‘

ලුම්බිණි Thursday, 17 January 2019 07:49 AM

දෙයක් ප්‍රකාශ කරන්න පදනමක් තිබිය යුතුයි නේද?

:       0       0

appuhami Thursday, 17 January 2019 08:04 AM

ඔයාල ඔච්චර ලංකාවට ආදරේ නම් ඇයි වෙන රටවලට වෙලා දේශනා පවත්වන්නේ?

:       642       636

පිටිගල මිලානෝ Thursday, 17 January 2019 08:12 AM

ආණ්ඩුව කල යුත්තේ ව්‍යවස්ථාවක් අල්ලාගෙන කල් මැරීම නොව කඩා වැටී ඇති ආර්ථිකය වහාම ස්ථාපිත කිරීමයි.

:       1       215

Dilshan Thursday, 17 January 2019 08:40 AM

හොඳයි ඔහොමවත් දියුණු වුනොත්...

:       0       0

banda Thursday, 17 January 2019 08:47 AM

අනිවාර්යයෙන් රටවල් 9කට බෙදන්න ඕනෑ.. එවිට බල ගන්න පුළුවන් උතුරු පළාත ඉක්මනින් සංවර්ධිත රටක් වන ආකාරය...

:       0       0

sena Thursday, 17 January 2019 09:13 AM

මේ රට බෙදෙනවා කියන කට්ටිය මේ අහවල් වගන්න්තිය නිසා අනාගතේ මෙන්න මේ ආකාරයෙන් රට බෙදීමට ඉඩ තියෙනවා කියන්නේ නැති එක ලොකු අඩුවක්.

:       0       0

thissa Thursday, 17 January 2019 09:46 AM

රට අස්ථායි කිරීමේ දුරස්ථ වැඩ සටහනක්.පඹයෝ මෙහෙ වැඩ.ඩොලර්,ඩොලර්

:       46       132

ධනුෂ්කThursday, 17 January 2019 02:17 PM

මම දෙයක් අහන්නම් ඔබලා ලංකාවෙන් පිටවෙලා ඔය ජීවත් වෙන රටවලුත් සන්ධීය හෝ ෆෙඩරල් කියලා ඔබ දන්නවද. සන්ධීය හෝ ෆෙඩරල් යනු රටක් බෙදා වෙන් කිරීමට නොව වෙන් වීමට උත්සාහ කරන කොටසක් "විවිධත්වය තුල එ්කීයක්වය" යන සංකල්පය තුල එක්සේසත්ව පවත්වා ගැනීමට ගෙන අා දේශපාලන සංකල්පයක්. ඔබ කියන විදියට එහෙනම් අැමරිකාව,ඉන්දියාව,රටවල් කීයකට කැඩිලද මේ වෙනකොට. ඔබ තුමන්ලා එක්කෝ නොදැන මෝඩ කථා කියනවා නැත්නම් දැනගෙන මෝඩයො අන්දනවා.ෆෙඩරල් වෙනත් හේතු මත ලංකාවට නොගැලපෙනවා වෙන්න පුලුවන් නමුත් බොරු කියන්න එපා. ඔබලා ලංකාවේ නූල් සූත්තර කාරයන් අතින් නැටවෙන රෑකඩ ටිකක් පමනයි. එතනින් එහා දෙයක් නෑ.

:       2       0

siri Thursday, 17 January 2019 09:54 AM

ඔය සංසද වල ඉඳගෙන එක එක කාලෙට එක එක දේ කරන කට්ටිය ගැන ඒ ගොල්ලෝ ඉන්න රටවල අපේ තානාපති කාර්යාල වල "පරීක්ෂණ ලිපි ගොනු නඩත්තු කෙරෙන බවත් එල් ටී ටී ඊ සංවිධානය බලවත්ව සිටි වකවානුවේ ඔය කියන සමහරු එම සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට එම ලිපි ගොනුවල තොරතුරු ඇතුලත් වෙන බවත්" සඳහන් වාර්තාවක් අන්තර් ජාලයේ තියෙනවා අපි දුටුවා. රටට ජාතියට ආගමට ආදරේ බවට උජාරු කතා කියන මේ කාටවත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුඋන බවට දැන් නඩු පවා වැටි ඇති කිසිම දුෂණයක් හෝ භීෂණයක් හෝ ගැන කිසිම නරකක් නොපෙනෙන එකනේ පුදුමේ.

:       54       140

ටි ගාලේවත්ත Thursday, 17 January 2019 09:57 AM

වෙන්නේ නැති දේවල් ගැන ප්‍රචාරය ඉතාම බරපතයි, ඊටත් අපි එහෙම කවදාවත් වෙන්න දෙන්නේත් නෑ..සරල කාරණයක්,.අඩු ගානේ උතුරු නැගෙනහිර වෙන් කර ගන්නවා යැයි බොරුවට හරි කිව හැකිය..මේ වගේ ප්‍රකාශ ඉතා නින්දිකය.

:       49       57

HRThursday, 17 January 2019 11:43 AM

ඇත්ත කියන කොට මෙයාලට හරි කැක්කුමයි වගේ.. අපි එහෙම කවදාවත් වෙන්න දෙන්නෙ නෑ කියන්නේ මොක ද අල්ලල නවත්තන්නද

:       0       4

BamunuarachchiThursday, 17 January 2019 11:19 PM

මොකක්ද හලෝ ඒ කතාව උතුර නැගෙනහිර නැගෙනහිර වෙන්කර ගත්තේ සිංහලයෝ නඩු කියලා. දෙමළුන් 20 න් ඉල්ලන්නේ නැවත එකක් කරන්න්කියල. එතකොට රටින් 2/5 කොටසක් දෙමළුන්ට අයිතී කියා ලෝකෙට පෙන්වන්න පුළුවන් නිසා.

:       0       0

BamunuarachchiThursday, 17 January 2019 11:24 PM

"ඊටත් අපි එහෙම කරන්න දෙන්නේ නැහැල්ලු" එජාපයෝම තමයි උතුරු නැගෙනහිර එකක් කර දෙමළුන්ට පාවා දුන්නේ. දන්නා කෙන්ගෙඩියක් නැහැ ඔහේ ලියනවා

:       0       4

lanka Thursday, 17 January 2019 09:58 AM

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය කල හැකි ලියවිල්ලක් මිස, එය පැහැදිලිවම ව්‍යවස්ථාවක් නොවේ. මෙහි අන්තර්ගතය අනාගතයේදී ව්‍යවස්ථාවක් සඳහා යෝජනා වුවහොත්, එය සම්මත කරන්නට හෝ නොකරන්නට, ජනමත විචාරණයක් හරහා සියලු පුරවැසියන්ට අවස්ථාවක් ලැබේ. අද සමහර දේශපාලකයින් යයි කියා ගන්න අය පන්සල් ගානේ යමින් කොරහේ කිබුලන් මවමින් සිටී. එසේම තවත් සමහරෙක් පිට රට සිට "ලංකාව රටවල් 9කට බෙදා වෙන් කරන්නට යනවා" වැනි මෝඩ අදහස් ප්‍රකාශ කරමින් සිටී.

:       660       2023

Ruby Thursday, 17 January 2019 10:22 AM

අප්පුහාමි, පිට ඉන්න කට්ටිය එවන මුදල් වලින් තමා ඔයගොල්ලන්ට පඩි ගෙවන්නේ.

:       0       0

Buddika Thursday, 17 January 2019 10:38 AM

ස්ථීරවම ඒක කරන්න සැලසුම් කරල ඇත්තේ මේ අයම තමායි. පිටරට කහින සුද්දන්ගේ රෙදි හෝදන්න තමයි නැති දේවල් මවන්නේ.

:       0       0

rocky Thursday, 17 January 2019 11:00 AM

මේ එන්.ජී.ඔ්.නඩේ කිසිම පදනමක් නැතුව නිකම්ම රටට ගිනි තියන්න හදනවා. අපොයි, මේ අයගේ තියන දේශ ප්‍රේමය! අත් අඩංගුවට අරගන දෙක තුනක් හොම්බ හරහා අනින්න තියෙන්නේ, ගිලපු ඒ.ජී.ඔ. ඩොලර් පස්ස පැත්තෙන් විසිවෙන්න! මේක තමයිමේ අයගේ ස්වයං රැකියාව!

:       0       0

BamunuarachchiThursday, 17 January 2019 11:10 PM

සිංහල බෞද්ධයෝ රට වෙනුවෙන් ඉදිරිපත් වීම මේ සුලුජාතිකයාට බොහොම අමාරුයි වගේ. රට ජාතිය පාවා දෙන ඔහෙලාවගේ එවුන් කකුල් දෙකෙන් එල්ලා අඩු ගින්දරේ තෙල් හිඳින කාලයක් ළඟදීම සිංහලයාට එවී.

:       0       0

ප්‍රීති Thursday, 17 January 2019 11:02 AM

පිටරටක රැකියාවක් කරනවාට වඩා, මෝඩයින්ව රවටලා මඩිය තර කර ගැනීම වඩා පහසු බව මෙවැනි සංවිධානවල සංවිධායකයින් හොඳින් දන්නවා. කුඩැල්ලව මෙට්ටේ උඩ තියන්න බැහැ වගේ, ජීවිත කාලය පුරාම සංවර්ධිත විදේශ රටක ජීවත් උවත්, උපතින් ගෙනා මෝඩ තක්කඩි නම් නිමක් නැහැ. මේ වගේ අය තමයි පිටරටවලදී, සිංහලයන් වගේ ජීවත් වෙන්න හදනවා, ලංකාවේදී, සුද්දෝ වගේ හැසිරෙනවා. අනේ මන්දා?

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 17 January 2019 12:09 PM

මේ පිටරට ඉන්න සංසද කාරයන් මෙච්චර කල් කොහෙද හිටියේ? මේගොල්ලෝ සත පහකට විශ්වාස කරන්න එපා. ඔයගොල්ලෝ අරගොල්ලොත් එක්ක එකට පාටි දාගෙන ඒ අයගෙන් නිකන් කකා තමයි පිටරට වලට වෙලා ඉන්නේ.

:       0       0

Bamunuarachchi Friday, 18 January 2019 02:04 AM

ගෝලීය ලාංකික සංසදය, එජාප මැට්ටන්ට ඕවා කියා වැඩක් නැත. ඔවුන්ට කොළපාටටයි රනිල්ටයි එහා දෙයක් පෙනෙන්නේ නැත...

:       0       0

assanga Friday, 18 January 2019 04:07 AM

මමත් ඉන්නේ විදේශගතවෙලා. මේවන විට අපි ලංකාවේ අසරණ ළමයින් 300-400 කට උදව් කරලා තියෙනවා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 41 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 105 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 147 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 299 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 678 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 867 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site