IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මේ වසර අවසානයට පෙර තැන්පත් කරනවා’

(ඩයනා උදයංගනී)

අනුරාධපුර රුවන්වැලි මහා සෑ මුදුනේ දැනට තැන්පත් කර ඇති වසර 80ක් පැරණි චූඩා මාණික්‍යය සහ රන් ආලේපිත කොත් වහන්සේ මේ වන විට පළුදු හා දුර්වරණ වී ඇති බැවින් ඒ වෙනුවට නව චූඩා මාණික්‍යයක් සහිත රත‍්‍රන් කොත්වහන්සේ නමක් තැන්පත් කිරීම මෙම වසර අවසන්වීමට පෙර සිදුකරන බව නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පැවසූහ.

දෙස් විදෙස් විශේෂඥයින් කණ්ඩායමක් යොදවා මීට වසරකට පමණ ඉහතදී, විශ්ව පාරමී පදනම මගින් සිදුකළ තත්ත්ව පරීක්‍ෂාවකදී චූඩා මාණික්‍යයේ සහ පාදමේ වර්තමාන තත්වය, එයට සිදුවී ඇති හානිය සහ එ සඳහා ගත යුත ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කළ බව කී උන්වන්සේ ඒ අනුව මෙම කටයුතු සිදුකෙරන බව ද සඳහන් කළහ.

චූඩා මාණික්‍යය මේ වන විට බොහෝ සෙයින් පළුදු වී, ඉරි තැලී, දුර්වර්ණව ඇති බව මෙන්ම චූඩා මාණික්‍යය වැඩසිටින රන් කොත් වහන්සේගේ ද තඹ කොටස් සම්බන්ධ වන්නාවූ ස්ථාන ඈත්වී වෙන්වී ඇති බව සිදුකරන තත්ත්ව පරීක්ෂාකවේදී තහවුරු වූ බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ පැවසූහ.

පල්ලේගම හේමරතන නා හිමියෝ මේ බව පැවසුවේ කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නව චූඩා මාණික්‍යයක් සැකසීම දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක‍්‍රිස්ට්ල් නම් පලිඟු පාෂණය සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන  ඕස්ටේ‍්‍රලියානු  සමාගම හරහා ලබාගත් ඉතා වටින දුර්ලබ පලිගුවක් යොදාගෙන එම සමාගමෙහි සිදුවන බව කී උන්වහන්සේ චූඩා මාණික්‍යය සම්බන්ධ කෙරෙන පාදම නිර්මාණය ලෝක ප‍්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් වෙත පවරා තිබෙන බව ද පැවසූහ.

පිරිසිඳු රත්තරන් කිලෝ ග‍්‍රෑම් 28 කට වැඩි බරකින් යුතුව හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් ඔබ්බවමින් මෙම රන් පාදම නිර්මාණය කෙරෙන බව ද උන්වහන්සේ පැවසූහ.

මෙම රන් පාදමසහිත චූඩා මාණික්‍යය මෙරටට වැඩමවා මහසෑයේ තැන්පත් කිරීමට පෙර සියලූම බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන සේ නොවැම්බර් 18 සහ 19 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ”මිහිලක මැදුර” පරිශ‍්‍රයේ තැන්පත් කර තබා 20 වැනිදා පෙරවරුවේ අනුරාධපුරයට වඩමවනු ලබන බව ද පල්ලේගම හේමරතන හිමියෝ සඳහන් කළහ.

20 වැනිදා පස්වරුවේ සිට 22 වැනිදා පෙරවරුව තෙක් එය රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් තුල තැන්පත් කර එය මහජනතාවට වැඳ පුදාගැනීමට සළස්වන බව කී හේමරතන හිමියෝ රුවන්වැලි මහසෑයේ පැළඳවීමට සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇතැයි ද පැවසූහ.

රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩාමාණික්‍යය සහ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම මහ ජනතාවගේ වන්දනා මාන සඳහා තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බව ද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙය ශතවර්ෂ ගණනාවකට පසු මෙරට සිදුවන ඉහළම පිංකමක් වන අතර එයට කිසිඳු දේශපාලන මැදිහක්වීමක් නැතැයිද උන්වහන්සේ කීහ.

‘‘දුටුගැමුණු මහ රජු ඉදිකළ රුවන්වැලි මහාසෑය මේ දක්වා ආරක්‍ෂා වුණේ විවිධ රජවරුන්ගේ හා රජයන්ගේ මැදිහත්වීමෙන් සිදුකළ ප‍්‍රතිසංස්කරණ නිසයි. මෙය ඉදිකිරීමේදීත් මහ රහතන්වහන්සේලා සම්බන්ධ වූ බව ථූපවංශයේ දැක්වෙනවා. එමෙන්ම මෙම කටයුත්තේදීත් ආධ්‍යාත්මික ශක්තීන් ඇති උතුමන්ගේ දැවැන්ත සෙවණැල්ල ලැබී තිබෙනවා.

රුවන්වැලි සෑ මලූවේ ඉදිකළ විශාල පලංචිය ගැනත් විවිධ මත පළවුණා. මෙම චෛත්‍යයේ සියල්ල පිළිබඳව මමත් අටමස්ථානාධිපති හිමියෝත් ජාතියට වගකිව යුතුයි. අපි මෙම තීරණ ගන්නේ එය සියැසින් දැකබලාගෙනයි. දැන් අපි දෙදෙනාම වයස්ගත නිසා උණගස් දිගේ චෛත්‍ය මුදුනට නගින්න බැහැ. ඒ නිසා මෙම පලංචිය ඉදිකළා. එයත් ලබන ජනවාරියට පෙර මලූවෙන් ඉවත් වේවි. මෙහි සිළුමිණ පලූදු වී තිබියදී ගර්භය පමණක් සුන්දරව තබාගැනීම කළ නොහැකි බව සිරිනිවාස නා හිමියන් තීරණය කළේ එය සමීපයට ගොස් දැකබලාගෙනයි.

සියලූ සංස්කාර ධර්මයන් අනිත්‍ය බව බුද්ධ දේශනාවයි. වත්මන් චූඩා මාණික්‍යය වසර 80ක් ආරක්‍ෂා වුණා. අපි අලූතින් තැන්පත් කරන මාණික්‍යය වසර 100ක්වත් පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙම ඓතිහාසික කාර්යය අපේ ජීවිත කාලය තුළ ඉටුකිරීමට ලැබීමම වාසනාවක්. මේ ගැන නොදැන විවේචන කර පව් පුරවා ගන්නට එපා යැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.’’

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප‍්‍රධාන සංඝ නායක, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ  රුවන්වැලි මහ සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල උපදේශකත්වය දරන ගැමුණු සිල්වා මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

(ඡයාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නයක)


 



අදහස් (16)

‘රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මේ වසර අවසානයට පෙර තැන්පත් කරනවා’

Wasantha Thursday, 31 October 2019 03:07 PM

කොහොමද මේකට දායක වෙන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

:       411       474

AKSHAN THIWANKA EKANAYAKE Thursday, 31 October 2019 04:00 PM

සාදු!! සාදු!! සාදු!!

:       122       458

Kumar Thursday, 31 October 2019 05:44 PM

දැන් ලංකාව කෙලෙස් වලින් පිරිලා නිසා වෙන්න ඇති චුඩාමාණික්‍යය දුර්වර්ණ වෙන්න ඇත්තේ. දාගැබකට වන්දනාමාන කලාට එහි අරුත වැඩිදෙනා දන්නේ නැතිව ඇති.

:       2       4

nimal Thursday, 31 October 2019 05:48 PM

ඔබවහන්සේට යම් අදහසක් තියෙනවද එම අවස්ථාවට දේශපාලන මැදිහත්වීමකින් උත්සවය පවත්වන්න? මොකද මේ ශ්‍රි පාදස්ථානයේ ගාණ්ටාරය සවි කිරීමේදී ඇති වී ඇති අක්‍රමිකතා ඉදිරියේදී අවම කරගැනීම සුදුසු යැයි මම යෝජනා කරමි. කෙසේ වෙතත් මෙය විනිවිද භාවයෙන් සිදුවනවානම් වඩා හොදයි.

:       5       1

chandima Thursday, 31 October 2019 11:01 PM

ඒ කියන්නේ තිබුණු චූඩාමාණික්‍යයත් ගලවාගෙන ගිහින්ද පසුගිය අවුරුදු හතරේ?

:       1       31

Asantha Thursday, 31 October 2019 11:18 PM

දුප්පත් කෙනෙකුට ආධාරයක් කරන්න. නැත්තම් පොඩි පන්සලකට ආධාරයක් දානයක් දෙන්න.

:       2       26

Sadhi Bandara Pallemulle Friday, 01 November 2019 12:39 AM

මේ පින්කමට ආධාර කළ හැකි බැංකු ගිණුමක් ස්වර්ණමාලි විහාරස්ථානයේ මාර්ගයෙන් දන්වන්න. අපි ඇමරිකාවේ පදිංචි නිසා මෙම ඉල්ලීම කරන්නෙමු.

:       116       1

gunarathna Friday, 01 November 2019 01:42 AM

ඔය වැඩේ මොකටද පිට රටකට දුන්නේ? අපේ රටේ කොපමණ ඉන්නවද පාරම්පරික කැටයම් ශිල්පින්? අපේ රටේ තියෙනවද පිටරටකින් හදපු චූඩාමාණික්‍යය තැන්පත් කරපු විහාර? මම දන්නා විදියටනම් නැහැ. අනික අපේ රටේ ඉන්න කලාකරුවෙකුට දුන්නනම් ඔහු සතියක් පුරා පිරිත් කියල පේවෙලා තමා කරන්නේ. ඔය විදියට පරණ ඒවා ගලවලා අලුතින් දාන්න ගියොත් සිරිමා බෝධියත් ගලවලා අලුත් පැළයක් හිටවාවිද දන්නේ නැහැ මේ යන විදියට.

:       1       4

nadeeshaFriday, 01 November 2019 11:27 AM

දැනට තිබෙන්නේද බුරුම රජයෙන් ලබාදුන් චූඩා මාණික්‍යයකි..

:       1       1

Dilan Friday, 01 November 2019 03:05 AM

බුදු දහමේ රත්තරන් වලටයි මැණික් වලටයි වඳින්න කියල තියෙනවද?

:       11       135

වරකයා Friday, 01 November 2019 03:56 AM

මේ වාගේ දෙයකටවත් දේශීය මැණිකක් යොදා ගැනීමට බැරි වීමට තරම් තාක්ෂණය සහ නිර්මාණාත්මක බව ඇතින් අපි පහළ තැනක ඉන්නේ. වසර සිය දහස් ගණනක් ලොවට මැණික් සපයපු අපි.............

:       3       8

lalithm Friday, 01 November 2019 04:42 AM

සුරංගනා කතාවක් කියනවා. රුවන්වැලි සෑයත් ග්ලෝබලයිස් වෙලා. ඕස්ට්‍රේලියාවේ චුඩා මැණිකක් අරන් සිංගප්පුරුවේ සමාගමක් මගින් රන් කිලෝ 28 ක් දමලා කරන ව්‍යාපෘතියක්. හරියට ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ වැඩ වගේ. අපේ රටට ආගමට ගිය කලක්.

:       10       74

jayasekaraFriday, 01 November 2019 06:59 AM

හොදම විදියට අවුරුදු 100 ගානකට ඔරොත්තු දෙන විදියට නිර්මාණය කරන්න රටින් ගෙනපුවම මොකද වෙන්නේ? මතක තියාගන්න බුදුපියාණන් වහන්සේ ඉන්දියානුවකු බව. අනික ගර්භයෙහි වැඩවසන ධාතුන් වහන්සේලා ලැබුනෙත් ඉන්දියාවෙන් බව.

:       5       61

lalithmFriday, 01 November 2019 07:33 AM

එහෙම වෙන්නේ නෑ මේ ශ්‍රී ලංකාවේ.

:       3       3

chandrawansha Friday, 01 November 2019 07:50 AM

රජකාලේ කරපුව බාලද? අපේ දේට වඩා හාමුදුරුවන්ටත් පිටරට දේ ලොකුවෙලා.

:       24       2

ranjithFriday, 01 November 2019 08:57 AM

80 ට කලින් ලංකාවේ හිටපු රජතුමා කවුද?

:       1       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 121 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 681 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1057 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 927 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 155 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2606 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site