IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල‘

ශ්‍රී  ලංකාවේ  විශ්ව  විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත.

විශ්ව විද්‍යාල  සඳහා  වාර්ෂිකව  ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන අදාල කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගෙන රඳවා තබාගෙන තිබෙන බවත් ඒ අනුව 2017.12.31 වන දිනට විශ්ව විද්‍යල විසින්  රඳවා තබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1,416 ක් බවත් කෝප් කමිටුව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිය සිව්වන වාර්තාවෙන් හෙළි වී තිබේ.

නිශ්චිත තක්සේරු කිරීමකින් තොරව ඇස්තමේන්තු පිළියෙල කිරීම, පර්යේෂණ ක්‍රියාත්මක කිරීමට පර්යේෂණ හා ප්‍රකාශන ජත්‍යන්තර හා දේශීය සමුළු සඳහා ඉදිරිපත් කිරීමට අධ්‍යන කාර්ය මණ්ඩලයේ නිසි අවධානය යොමු නොවීම යන කරුණු හේතුවෙන් මෙසේ භාණ්ඩාගාරය විසින් ලබා දී තිබූ ප්‍රාග්ධන ප්‍රදාන නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නොමැත.

විශ්ව විද්‍යාල විසින් මෙම බැංකු ගිණුම් වල මුදල් ආයෝජනය කිරීම වෙනුවට විශ්ව විද්‍යාල කටයුතු වෙනුවෙන් යෙදවූයේ නම් භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කරගැනීම තුළින් ඒක පුද්ගල ණය බර අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බව ද කෝප් කමිටු වාර්තාවෙන් අණාවරණය කර ඇත. 

මීට  අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි  වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන කරුණු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වර්තමා‍නයේ මතු වී ඇති ‍ගැටළු වලට හේතු වී තිබෙන බව වාර්තාවේ නිරීක්ෂණ වලින් දක්වා තිබේ.

මේ අතර විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව හා එයින් තෝරාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2013/14 වර්ෂයේ සිට 2017/18 දක්වා වර්ෂ 05 ක කාලයක් තුළ 45% සිට 38.7% දක්වා අඩු වී ඇතැයිද මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

මෙම තත්වය ඇති වීමට බලපා ඇති කරුණු අතර දේශීය හා විදේශීය  සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම, දේශීය රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම සහ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම නිසා අහිමි වන අවස්ථාවන් යන කරුණු ප්‍රධාන වේ.

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ කාර්ය සාධනය සලකා බැලීමේදී කාර්ය මණ්ඩල විසින් එළඹෙන බැඳුම්කර ගිවිසුම් කඩ කිරීම හා එම කඩකිරීම නිසා රජයට අය විය යුතු මුදල් අයකර ගැනිමට කටයුතු නොකිරීම නිසා එලෙස කඩකරන ලද ගිවිසුම් 519 ක් වෙනුවෙන් රජයට අය විය යුතු මුදල රුපියල් 836,133,700 කි.

තවද පර්යේෂණාධාර ලබා ගත් කථිකාචාර්යවරුන් පර්යේෂණ යෝජනා නියමිත දිනට ලබා නොදීම, පර්යේෂණ වාර්තා ඉදිරිපත් නොකිරීම ආදී හේතු නිසා සත්‍ය වශයෙන් පර්යේෂණ සිදු කර ඇත්ද යන්න සොයා බැලීම අපහසු වී ඇති බැවින් පර්යේෂණාධාර ලබා දීමේ අපේක්ෂිත අරමුණු ඉටුවී තිබේද යන්න ගැටළු සහගත බව මෙන්ම පර්යේෂණ අතහැර දමා තිබූ කථිකාචාර්යවරුන් සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමද කමිටු නිරීක්ෂ වල දැක්වේ. 

විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලබන ඉඩම් වල නිත්‍යනුකූල අයිතීන් පිළිබඳ ගැටළු පවතින බවත් එම ඉඩම් වල ඉදිකිරීම් සිදු කර තිබීම විශ්ව විද්‍යාල වලට අනාගත අවධානමක් ඇතිකරන බවද කමිටු නිරීක්ෂණය කර තිබේ. 

එමෙන්ම අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පැමිණිම සහ පිටවීම සනාථ කර ගැනීමෙන් තොරව වැටුප් හා දීමනා ගෙවා තිබීම ,  කාර්ය මණ්ඩල පුරප්පාඩු නිසිලෙස සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වන ආයතන සංග්‍රහය වසර 34 කින් සංශෝධනය නොකිරීමද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවෙන් දක්වා ඇත.

2017 වර්ෂයේ අවසන් දින වන විට එක් එක් විශ්ව විද්‍යාල වල, වැටුප් හා දීමනා සහිත සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන සිටි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙනත් විශ්ව විද්‍යාල වල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල තනතුරු වල සේවයේ යෙදී සිටිමින් එම තනතුරු වලට හිමි වැටුප් හා දීමනා ද සමග වැටුප් දෙකක් ලබා ගැනීමද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

පසුගිය කාල වකවානුවල සිදු කරණු ලැබූ විගණනයේදී විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් අනාවරණය වූ නිරීක්ෂණ පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එහිදී කාරක සභාවේ නිර්දේශ ලෙස විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිළිබඳ විවෘත සංවාදයක් පාර්ලිමේන්තුව ඇති කළ යුතු බවට යෝජනා වී ඇත.

  



අදහස් (42)

‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල‘

Asanka Sunday, 10 November 2019 09:25 AM

ලංකාවේ හොඳම බහිරවයෝ ටික ඉඳලා තියෙන්නේ විශ්වවිද්‍යාල වලනේ.. විශ්ව විද්‍යාල පාලකයින්ට ඕනේ වුවමනාවෙන්ම ප්‍රශ්න ඇති කරන්න. රටේ උසස් අධ්‍යාපනය බිඳ දමන්න. එමගින් උගත් දරුවන් බිහිවීම වළක්වා ඔවුන්ගේ පුටුවල වැජඹෙන්න. තම දරුවන්ට පවා හෙන වදිනවා මේ අහිංසක, දුප්පත් අනාගත පරපුරේ දරුවන්ට කරන අපරාධවලට...

:       32       175

NissankaSunday, 10 November 2019 10:36 AM

පහසුකම් ඉල්ලලා ළමයි හැමදාම මහපාරේ. වගකිව යුත්තෝ නිදි. හැමෝම බනින්නේ ශිෂ්‍යයින්ට... මේ සල්ලි වලින් අලුත් විශ්වවිද්‍යාලයක් හදන්න පුළුවන්...

:       205       208

sanjeewaMonday, 11 November 2019 03:32 AM

මෝඩ කතා කියන්න එපා. රජයෙන් දෙන මුදල්වලට අමතරව විශ්ව විද්‍යාලවලින් උපයන මුදලක් තියෙනවා. තාක්ෂණික කමිටු, ලැබ් ටෙස්ට්, උපදේශ සේවාවලට ගෙවන මුදල් ඔක්කොම බැරවෙන්නේ විශ්ව විද්‍යාලයට මිසක් ආචාර්යවරුන්ගේ පුද්ගලික ගිණුම් වලට නෙමේ. ඒ මුදල් වලින් කොච්චර වැඩ කරනවද? රජයෙන් නොදෙන කොම්පියුටර් ලැබ්, මිල අධික පරීක්ෂණ උපකරණ ගෙන්වන්නේ ඒ මුදලින්..., ආණ්ඩුවට සල්ලි නැති හින්දා හැමතැනම ඉතිරි කරලා තියෙන මුදල් හූරලා කන්න හදන්නේ...

:       72       96

NissankaMonday, 11 November 2019 04:20 AM

හරියට ප්‍රවෘත්තිය කියවලා ඉන්න සංජීව. මේවා රජයෙන් දීපු මුදල්. කවුද මෝඩ කතා කියන්නේ කියලා තේරෙයි...

:       11       70

soniyaMonday, 11 November 2019 05:00 AM

පරාජයේ සලකුණ පෙනේ. කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන 700ක් පමණ වූ පිරිසකගේ සේවය ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් අද ඉදිරිපත් කර තිබේ...

:       0       37

sunilMonday, 11 November 2019 05:14 AM

මොන ආයතනයටද රජයෙන් මුදල් දෙන්නේ? දෙන්නේ ප්‍රතිපාදන. ඒ කියන්නේ ලියුමක් විතරයි. එ්ක ගිහින් මුදල් කරන්න... බැංකුවේ දාන්න බැහැ. වියදම් කළොත් පියවා ගන්න පුළුවන්...

:       0       18

VajiraSunday, 10 November 2019 10:45 AM

ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා නිසා තමයි කෝප් කමිටුවක් කියලා දෙයක් තියෙනවා කියලා මිනිස්සු දැනගත්තේ... මේ වගේ සක්‍රීය මිනිසුන්ට රටේ පාලනය ලබා දීමට පසුබට වෙන්න එපා.

:       320       1032

MaheeMonday, 11 November 2019 06:47 AM

මමත් ඔබ සමග එකඟයි. මම ජ.වි.පෙ. ට අකමැත්තෙන් හිටපු කෙනෙක්... හැබැයි, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කෝප් කමිටු සභාපති හැටියට කරන විශිෂ්ට මෙහෙයට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි කියලා මමත් කියනවා. අර ෆුට් නෝට් කල්ලිය විගණකාධිපති ගෙන්නලා ඒ මනුස්සයාට කැත කතා කියලා අපහාස කළ වෙලාවෙත් හඳුන්නෙත්ති තමයි ඔහුව ඒ අපහාසයෙන් ගලවා ගත්තේ. යට ගැහෙන්න බොහෝදුරට ඉඩ තිබුණු හොර, මගඩි.., ඔහු නිසා එළිදරවු වුණා කියන එක ඕනෑම මධ්‍යස්ත කෙනෙක් පිළිගන්නවා.

:       0       22

lalithSunday, 10 November 2019 06:35 PM

හරියට හරි කථාව. හොඳම බහිරවයෝ ටික ඉන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල. නිකං ඉඳන් පඩි ගන්න ප්‍රමාණය 75%ක් පමණ. කිසිම පර්යේෂණ වල යෙදීමක් නෑ. උපකුලපතිලා හා වෙන්න ඉන්න අය දේශපාලකයෝ පස්සේ යනවා සර් සර් කියාගෙන. වාහනේට කෑදරකමේ අවුරුදු 10ක් 12ක් විතර පීඨාධිපතිකම්වල. පර්යේෂණ නොකරන ගණයට වැටෙන පුස්තකාල හා අනධ්‍යයන නිලධාරීන්ටත් මූලික වැටුපෙන් 100% කටත් වැඩි අධ්‍යයන දීමනා. සමහර නිලධාරීන් අට පාස්. උපකුලපති ට වාහන දෙකක්. ඉන්ධන දීමනාව අරගන්න ගමන් විශ්වවිද්‍යාල වාහන පාවිච්චි කරනවා. විගණනයෙන් බේරීම සඳහා රජයේ විගණකටත් අල්ලස් මෙන් කිසිදා නොවූ පරිදි වාහන දෙනවා. බාහිර විභාග සල්ලි සුළු පිරිසක් විසින් මංකොල්ල කනවා. මේවා සොයලා බලන් නැද්ද?

:       0       19

devidMonday, 11 November 2019 04:31 AM

ආණ්ඩුව හිඟමනට වැටිලා නිසයි හැමතැනම තියෙන අරමුදල් කොල්ල කන්න හදන්නේ...

:       53       124

karunathnaMonday, 11 November 2019 07:33 AM

විශ්වවිද්‍යාල පරිපාලනය හරිම ආසයි. විවිධ ව්‍යාපෘති හරහා ලැබෙන මුදල් භාවිතා කරන්න. එතන නීතිරීති අඩුවෙන් ඇති නිසා තමන්ට හැකි විදියට ගසා කන්න පුළුවන්. ඒවාත් රටේ මිනිස්සුන් ගේ සල්ලි බව මේ විශ්වවිද්‍යාල වල ඉන්න රොත්ත දන්නේ නෑ. බාහිර විභාගවලින් ලැබෙන සල්ලි හොඳම උදාහරණයක්... පසුගිය කාලේ විශ්වවිද්‍යාලවල හිටපු කම්කරුවන්, රියැදුරන් එහෙමත් පුහුණුවක් යැයි කියමින් මැලේසියාවේ ශොපින් යැව්වා. ඒ ලොකු එවුන්ගේ හොර වහගන්න...

:       0       10

amila Sunday, 10 November 2019 09:26 AM

කොහේ හරි ඉතුරු වෙලා තිබ්බ සල්ලි, දැන් ඉතින් එ්කටත් අබ සරණයි.

:       540       109

nayanaMonday, 11 November 2019 03:25 AM

මේ ආණ්ඩුව ලෝකෙට එක වූ අරුම පුදුම ආණ්ඩුවක්... අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරගෙදර... ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ අනිවාර්ය නිවාඩු යවලා විතරයි.

:       1       63

sarath Sunday, 10 November 2019 09:36 AM

කතා කරන්නෙම රට, ජාතිය ගැන... ඔන්න උගතුන්ගේ වැඩ... රටක් ගොඩ යයිද ඉතින්?

:       1       151

palithaMonday, 11 November 2019 03:36 AM

විශ්ව විද්‍යාලවලින් උපයන මුදල් එකතුකරලා තමයි රජය නොකරන වැඩ කරන්නේ.... ඒවා පරිපාලනයට තියෙන්නේ විශාල සභාවක්... ඒ ගුරුතුමන්ලා ඒවා ගෙදර ගෙනියන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි හූරලා දෙන්න පුදුම කඩේ යාමක්නේ තියෙන්නේ...

:       34       58

ලුම්බිණි Sunday, 10 November 2019 10:16 AM

ලංකාවේ විශ්ව විද්‍යාලවලට දේශපාලන භූතයන් අරක් අරගෙන ඉන්න කොට මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි...

:       103       456

De Zoysa Sunday, 10 November 2019 10:23 AM

හොඳ වෙලාවට රනිල් මාමයි, රවී මාමයි නොදැක්කේ...

:       30       206

RaveendraSunday, 10 November 2019 10:52 AM

ඇත්තටම මාමලා දෙන්නගේම නම් පටන්ගන්නේ ආර් වලින් නිසා හැමෝම දන්නවා. ඉතින් ඔක්කොම හංගලයි තිබුනේ... එව්වා කොහෙද මේ කෝප් අයියලාගෙන්..!!!

:       299       18

MRSunday, 10 November 2019 11:08 AM

ඉන්න මහින්ද මාමා එනකම්... එයාගේ පවුලේ අයට ඕවා හොඳට පේනවා.

:       155       364

Raveendra Sunday, 10 November 2019 10:24 AM

හිතාගන්නත් අමාරුයිනේ... මෙහෙම තකතීරු වැඩ... උගත් මිනිසුන් වැජඹෙන තැන්වලත් වෙනවා දකිනකොට.. අනේ මන්දා ආචාර්ය, මහාචාර්යවරුද වැඩ නොකරන ශරීර හොරුද? මහජන මුදලින් ඉහළට ඉගෙනගෙන තම වගකීම්, යුතුකම් ඉෂ්ඨ නොකර කොහොම ගෙවල් දොරවල්වලට යනවද මන්දා?

:       35       208

Mendis Boossa Uk Sunday, 10 November 2019 10:27 AM

අහිංසක ළමයින්ට පහසුකම් සපයන්න පුළුවන්නේ.. ඉරිසියාව තමයි.

:       39       238

de silva Sunday, 10 November 2019 10:45 AM

පහසුකම් මදි... අරක නැහැ.. මේක නැහැ.. කියකිය වර්ජන උද්ඝෝෂණ කරනවා. ඔය දීපු මහජන මුදලුත් වියදම් නොකර බැංකුවේ තිබෙනකොට ඕකට පලි ආණ්ඩුවද? මහජනතාවද? තව අපේ බදු සල්ලි දුන්නත් ලොක්කන් ඒවා බැංකුවේ තිබෙන්න හරීවි.. ශිෂ්‍යයෝ අපිට දියවු, අපට දියවු,.. කියමින් අපිට ගමනක් බිමනක් යන්න නොදී තබාගනීවි..

:       28       101

noyel Monday, 11 November 2019 03:42 AM

අන්තරේ කියන්නේ බොරුවක්. ඒකනේ කඩේ යන්නේ. ඔය පාරේ ගිහිල්ලා ගත්තු දෙයක් තියෙනවද?

:       0       45

Sriyal Sunday, 10 November 2019 11:18 AM

විශ්ව විද්‍යාලවලින් පර්යේෂණ සඳහා ලැබෙන අනුමැතිය පිටස්තර පුද්ගලයන් සඳහා ප්‍රමාද කිරීම මගින් පර්යේෂණ කිරීමට පුද්ගලයින්ට එපා වී ඇත. මීට මාස 5ක් බලා සිටීමට සිදුවුවත් තවම ලබා දී නැත.

:       0       10

Ruwan Sunday, 10 November 2019 11:25 AM

ශිෂ්‍යයන් තමුන්ට වඩා ඉහළට යනවට සමහරක් ආචාර්ය සහ මහාචාර්යවරු කැමැති නැහැ.

:       95       69

sunilSunday, 10 November 2019 01:34 PM

ඔය ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ තමුන් සියල්ල දත් කියායි. එමනිසා ඔක්කොටෝම කලින් තමන් තුළ තියෙන මානය නැති කරගන්න.

:       0       66

karunarathnaMonday, 11 November 2019 02:55 PM

වගකීමෙන් කියන්නේ ඔබ කියන කතාව හරියටම හරි. බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයේ දක්ෂ ළමුන්ට අධ්‍යාපනය එපා කරවනවා ආචාර්යවරු... විශ්ව විද්‍යාලයට එන දරුවා බොහෝ වෙලාවට දක්ෂ ළමයෙක් විදියට තමයි එන්නේ... නමුත් ඇතුළට ආවාම ආචාර්යවරු ඒ ළමයි ඔප මට්ටම් කරලා ගන්නේ නෑ. අන්තිමේදී ආචාර්ය මණ්ඩලයට හා ඉදිරියට හැකියාවන් අඩු පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒක හොඳටම පේනවා දැනට වසර කිහිපයකට පෙර හිටියා නමක් දිනාගත් දක්ෂ ආචාර්යවරු. දැන් ඒ වගේ කට්ටිය නෑ. මුදල් හම්බ කරන ව්‍යාපෘති කරකර ඉන්නවා. දැන් බලන්න කී දෙනෙකුට මහාචාර්යකම් දීලා තියෙනවද කියලා. ඒවා ඔක්කෝම උපකුලපතිගේ කැමැත්තට දීලා තියෙන්නේ. සමහර ආචාර්යවරුන් ගේ නෝනලාටත් මේ වෙනකොට තනතුරු දීලා තියෙනවා.

:       0       11

menna Sunday, 10 November 2019 11:51 AM

අපි ඉගෙන ගත්තු කාලේ හිතන් හිටියේ විශ්ව විද්‍යාල කියන්නේ හොඳම උගතුන්, බුද්ධිමතුන් ඉන්න තැනක් කියලයි. බලාගෙන ගියාම එතැන ප්‍රශ්න ගොඩක්නේ...

:       85       25

menna Sunday, 10 November 2019 12:48 PM

මෙහෙ සල්ලි හිරවෙලා. තව මිලේනියම් චැලේන්ජ් වලින් සල්ලි හම්බ වෙනවලු. කොච්චර හම්බ වුණත් ඔච්චර තමයි. අපිටත් පොඩි කාලේ ඉගැන්නුවේ ටිකින් ටික, සතෙන් සතේ එකතු කරන්න කියල‍ා. සතෙන් සතේත් එකතු කරලා, මහා පරිමානෙනුත් එකතු කරලා ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක්ද? විලි ලැජ්ජයි. අපේ අය රැකියාව පෞද්ගලිකව අරගෙන ආයතනවල ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිපාදනත් එකතුකරනවා වගේ. බැංකුවල දාලා පොලී අරගන්නවද? අපි පොඩිකාලේ ඉගෙන ගන්නවා බුද්ධි ගලනය කියලා. බුද්ධි ගලනය නොවෙයිද මේවගේ වැඩ වෙද්දී... පරිපාලකයන් මේවා එකතුකරගෙන ඉඳලා අමතක වුණු කාලෙට හොරාගන්නවත් බලන් ඉන්නවද? උතුරේ මිනිසුන්ට සංවර්ධනය සඳහා වෙන්කරන මුදල් හිර වෙනවා වගේ ඇති... එක්කෝ පරිපාලනයේ ඉන්නේ ලෝභයින් ටිකක්. එහෙම නැත්නම් හිතාමතාම ලංකාවේ සංවර්ධනය අඩාල කරන ද්‍රෝහියන් ටිකක්.

:       77       45

pakeer Sunday, 10 November 2019 12:50 PM

ගොඩක් ඉන්නේ අචාර්ය මහාචාර්ය. නමුත් කරන්නේ දුරාචාරය. හම ගහන්න ඕනේ...

:       55       35

Anura Sunday, 10 November 2019 04:04 PM

ඔය වගේම කෝටි ගණනක් තියනවා... අපේ ප්‍රසිද්ධ පන්සල්වලයි, දේවාලවලයි... ඒවත් රටේ සංවර්ධනයට යොදවන්න ඕනේ..

:       263       239

janahitha Monday, 11 November 2019 09:16 AM

ඇයි පල්ලිය නැතිද? දෙවියන්ට තියෙන බය තමයි..

:       2       0

de silva Sunday, 10 November 2019 06:01 PM

මොනවා නැති වුණත් අපේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය තිබෙනවනේ්‍?

:       40       17

chandima Sunday, 10 November 2019 07:06 PM

අධ්‍යාපන ඇමති අවුරුදු 4ක් පොල්ගෑවද... මෙව්වා හොයා බලන්නේ නැතිව?

:       0       9

ranjith Sunday, 10 November 2019 11:20 PM

ඇදීයන අනද්දීයන කියල මේ දෙගොල්ලෝ හැමදාම වර්ජන රටට වැඩක් නැති ගොන්නු ටිකක්

:       0       3

අනුර Monday, 11 November 2019 02:04 AM

පර්යේෂණ වාර්තා ඉදිරිපත් නොකිරීමට ප්‍රධාන හේතුව ඒවා ජාත්‍යන්තර මට්ටමේ නොතිබීමයි. බොහෝ පර්යේෂණ, යෝජනා කථිකාචාර්යවරුන් ඉදිරිපත් කරන්නේ පර්යේෂණ දීමනා, මාසික වැටුපට එකතු කරගැනීමේ අරමුණෙන් මිස පර්යේෂණ සම්පූර්ණ කිරීමේ අරමුණෙන් නොවීම කණගාටුවට කරුණකි.

:       0       3

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 11 November 2019 02:05 AM

හරිනේ..., උගන්වන්න සල්ලි වියදම් කරන්න ඕනේ නැහැනේ.. ඒ ගොල්ලෝ ගොඩක් දවසක් පාරේ පෙළපාලිනේ යන්නේ...

:       0       12

Sarath Monday, 11 November 2019 03:10 AM

අද විශ්ව විද්‍යාලවල ඉන්නේ මිනිස්සු නෙවේ. බොරු පණ්ඩිතකම් කියවන දේශපාලුවන්ට ගැති පිරිසක්... ඉතින් ඔයිට වඩා දෙයක් මිනිසුන්ට විශ්ව විද්‍යාල පරිපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       5

ගාමිණී Monday, 11 November 2019 03:41 AM

ඇතැම් අය මාසෙකට දෙසැරයක් එනවා.. දේශන සියල්ල රෑ වෙනකම් කරලා යනවා. සමහරු ටියුෂන් කරනවා. සමහරු වෙන ව්‍යාපාර කරනවා. ඇතැම් මහාචාර්යවරු අවුරුද්දකට එක දේශනයක්වත් නොකර පරිවාස කාලේ ඉන්න දේශකයන් මගින් ඒවා ආවරණය කරනවා. කිසිම පර්යේෂණයක් නොකර පර්යේෂණ දීමනා ගන්නවා. කිසිම පොතක් මිලදී නොගෙන පොත් දීමනාව ගන්නවා. විශ්වවිද්‍යාල වාහනම පාවිච්චි කරලා රු.50000ක ඉන්ධන දීමනාවත් ගන්නවා. තව ගොඩක් කියන්න පුළුවන්...

:       0       74

Hennayaka Monday, 11 November 2019 05:36 AM

ළමයින්ගේ පොදු අඩුපාඩු ගැන ළමයි පාරට බහින එක සාධාරණයි. සල්ලි තියාගෙන වැඩ කරන්නේ නෑ. ඒවා හොයලා බලන්න ආචාර්ය වරුන්ට වෙලාවක් නෑ. මේ දවස්වල උපකුලපතිකම් ගන්න පීඨාධිපතිකම් ගන්න දේශපාලකයින්ගේ පස්සේ වැටිලා. ලොකු තනතුරු ගන්න දුවනවා. ලැජ්ජාවේ බෑ. සමහර ආචාර්යවරු 8 පාස් නැති ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු පිටිපස්සේ පවා දුවනවා. ඔක්කොම නෙවෙයි. කොන්ද කෙලින් තියාගෙන ඉන්න අය ඉන්නවා. හැබැයි අඩු ප්‍රමාණයක්...

:       0       13

Herath Monday, 11 November 2019 05:52 AM

තීරු බදු සහිත වාහන බලපත්‍ර ගන්නවා. හොඳම වාහන ගෙන්වනවා. ඒක විකුනණවා. ආයේ ගේනවා. සමහරු බලපත්‍රය රු. ලක්ෂ 25 -30කට විකුණනවා. උගත්තු කිව්වාට මානව හිතවාදී අය අඩුයි. සමහරු දුප්පත් පවුල් වලින් ඇවිල්ලා මහජන මුදලින් ඉගෙනගෙන විශ්ව විද්‍යාල ඇතුලේ සමාජවාදය ගැන කතාකරලා ආචාර්ය වරයෙක් වුණාම පූර්ණ ධනවාදියි...

:       0       12

janahitha Monday, 11 November 2019 09:14 AM

මෙම මුදල යොදවා උපකරණ ගෙන්වා දැනට ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ඉංජිනේරු නිර්මාණ උපදේශක සමාගම් සම්බන්ධ කර මොරටු සරසවිය සමගින් ප්‍රධාන නගරයේ මාර්ග නවීකරණය කරන්න පටන් ගන්න පුළුවන්... ප්‍රධාන දුම්රිය නැවතුම්පළත් නිර්මාණය කරන්න පුළුවන්.. මේ සඳහා ළමයින්ට වැටුපක් ගෙවන්නත් පුළුවන්.. මේ වැඩේ කරමු.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 153 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1419 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 213 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 420 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site