IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘රටට අයහපත් කරුණු ඇත්නම් ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්‘

(ඩයනා උදයංගනී)
          ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් එය සංශෝධනය කිරීමේ හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.


          අත්සන් කළ දින සිට වසරක් ඇතුළත ගිවිසුමට අවශ්‍ය සංශෝධන එකතු කළ හැකි බවට වන වගන්තියක් එම ගිවිසුමට ඇතුළත් කර තිබෙන බව  අමාත්‍යවරයා සඳහන් කළේය.


          ඒ අනුව ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර ස්වාධීන කමිටු වාර්තාව මගින් එහි සංශෝධනය කළ යුතු කරුණු ඇති බව දක්වා තිබුණහොත් එය සිදුකළ හැකි බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


          එම කමිටුවේ සිටින විශේෂඥයින් විසින් නිසි පදනමක් ඇතිව ලබාදෙන වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇතැයි කී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඒ අනුව සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට හැකි බව ද කියා සිටියේය.


          අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (4)

‘රටට අයහපත් කරුණු ඇත්නම් ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්‘

Cisco Thursday, 16 August 2018 09:18 AM

ඉතින් මේක අත්සන් කරන්න කලින්මනේ බලන්න තිබුණේ ඇමතිතුමෝ?

:       1       161

piyal Thursday, 16 August 2018 10:51 AM

ඔබතුමාට අයහපතක්වෙන බව පේන්නෙම නැද්ද?

:       0       60

Raveendra Thursday, 16 August 2018 11:26 AM

ඇයි "රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් " කියමන් දැන් කියන්නේ ? ඕනෑම මිනිසකු යමක් අත්සන් කරනකොට එය කියවා බලා නොවේද තමන්ගේ අත්සන තබන්නේ?

:       0       24

jayatissa Thursday, 16 August 2018 12:43 PM

ඔබතුමාලා ඔය අමාත්‍යංශේ ඉදන් අත්සන් කරලා යවන ලිපිත් පස්සෙන් ගිහින් සංශෝධනය කරනවද. හොඳට කියවලා බලලා නේද අත්සන් කරන්නේ.

:       0       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 110 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 701 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 579 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 532 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 271 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 714 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site