(විනීතා එම් ගමගේ)
කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියස නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් හෙට (20) ජනතා අයිතියට පත්වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද(19) ප්‍රකාශ කළේය.
මහල් 34 කින් යුත් නව කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල රජයට අයත් උසැතිම ගොඩනැගිල්ල ද වේ.
2009 වසරේ ඉදිකිරීම් ඇරඹු මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 8557 කි.
කම්කරු මහලේකම් කාර්යාල භූමියේ මුල් ගල් තබා වැඩ එම වසරේ දී වැඩ ඇරඹුවත් එවකට බලාපොරොත්තුව වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ මුදල්වලින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වේ.
එහෙත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා ගැනීමේ දී එම භූමියේ අයිතිය මහ බැංකුව සතුවිය යුතු බවට මහ බැංකුව ගෙන ආ නිර්දේශය මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම අතරමඟ නැවතී තිබු බව කම්කරු අමාත්‍යංශයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළේය.
මෙකී ප්රශ්නය මත අතරමඟ වැඩ නැවතී තිබු ගොඩනැගිල්ල යළි ඉදිකිරීම් ආරම්භ කිරීමට 2015 බලයට පැමිණි රජය තීන්දු කළ බවත් භාණ්ඩාගාර මුදල්වලින් එය ඉදිකළ බවත් කී අමාත්‍යවරයා බිලියන 8.5ක ප්‍රාග්ධනයක් වැයකර එය ඉදිකර අවසන් කළ බව ද කියා සිටියේය.
රටේ ශ්‍රම බළකාය සිඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බවත් කොළඹ සහ අවට බොහෝ තැන්වල සිට ඔවුන්ට සේවා ලබාදෙන බවත් ඒ සියලූ කාර්යාල එක වහලක් යටට පැමිණිය යුතු බවත් සිතා මෙම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කළ බව ද හෙතෙම සඳහන් කළේය.
විවිධ අවස්ථාවන්වල දී නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දුන්නත් සියලූ අදාළ අංශ සමඟ එක්ව ඒවා සමනය කර ගනිමින් මෙහි කටයුතු අවසන් කළ බවත් කී අමාත්‍යවරයා ගොඩනැගිල්ලේ බිම් මහල් දෙකක් හා ඉහළට මහල් දෙකක් වශයෙන් මහල් හතරක රථ ගාලකින් ද සමන්විත වන බව ද පැවසීය. මහල් තුනක් එක් කළ ශ්‍රවණාගාරයක් ද ඇතුළු නවීන පන්නයේ සියලූ අංගෝපාංගයන්ගෙන් සපිරි මෙම ගොඩනැගිල්ල රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් තමන් ලැබු ජයක් ලෙස තමන් සළකන බව ද ප්‍රකාශ කළේය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘මෙහෙවර පියස’ ජනපති - අගමැති සුරතින් හෙට ජනතා අයිතියට
saman Monday, 19 August 2019 02:34 PM
මොනතරම් ලොකු ගොඩනැගිලි හැදුවත් වැඩක් නෑ. එ්ක ඇතුලේ වැඩ කරන මිනිස්සුන්ගේ වැඩ හරි නැත්නම්. ඒක නිසා මේකෙන් වෙන සේවාවලුත් කව්රුහරි ප්‍රධානියෙක් හරියට අධීක්ෂණය කරන්න.
RaveendraMonday, 19 August 2019 06:03 PM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අප වැඩිදෙනෙකු අපේ ආකල්ප වෙනස් නොකරන්නේනම් අප තව තවත් අගාදයට යන ගමන සක්කරයටවත් වැලැක්විය නොහැක.
kolam boss Monday, 19 August 2019 07:02 PM
ඕකේ වැඩ කරන කට්ටිය ඇතුල කිළුටු වෙයි කියල කම්කරුවන්ට ඇතුලට එන්න එපා කියයිද දන්නේ නැහැ
Aris Monday, 19 August 2019 07:19 PM
ගොඩනැගිල්ලේ හැටියට නම නම් ගැලපෙන්නේ නැහැ. කම්කරු පියස කියුවනම් ටිකක් හරි ගැලපෙනවා.
vipula Tuesday, 20 August 2019 06:08 AM
මේ නම ගැලපෙන්නේ නැහැ
sam Tuesday, 20 August 2019 10:09 AM
පගා පියස. තමා හරි නම
කම්කරුවා Tuesday, 22 August 2023 12:41 PM
ඕකේ අවශ්‍යතාවයකට අදාල දුරකථන අංකයක් ගන්න බෑ. ගත්තත් කිසිම ප්‍රතිචාරයක් නෑ. රෙද්දෙ රාජ්‍ය ආයතන. රෙද්දෙ ජනතා ජයග්‍රහණ...