IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මැතිසබේ මිරිස් කුඩු පහරදීම ගැන නඩු මඟට යනවා’

අංජුල මහික වීරරත්න
 
පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අධිකරණ ක්‍රියාවලියක් දක්වා ගෙන යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(19) පැවැසීය.


ප්‍රහාරය නිසා මිරිස් කුඩු තවමත් තම දෑස්වල පටලයක් සේ බැඳී තිබෙන බව කී ජයවික්‍රම පෙරේරා මහතා තමා වෙනුවෙන් නොව අනාගත ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාත් පාර්ලිමේන්තු විනය රැකීම සඳහාත් කළ හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසීය.


ජයවික්‍රම පෙරේරා මහතා මෙම අදහස් දැක්වූයේ අරලියගහ මන්දිරයේ අද (19) පැවැති මෙම මාධ්‍ය හමුවකදීය.

(356)



අදහස් (12)

‘මැතිසබේ මිරිස් කුඩු පහරදීම ගැන නඩු මඟට යනවා’

p.d goonawardena Monday, 19 November 2018 09:49 AM

දැන් නඩු මගට යන්න කාලයක් නැහැ ....වෙනත් මගකට යන්න .....

:       122       33

janis Monday, 19 November 2018 09:54 AM

දයාබර තාත්තා කෙනෙක් වගේ ඔබ තුමාට ආණ්ඩුවේ අගමැති ඇතුළු ඒ මන්ත්‍රී වරුන් කරපු මහා අපරාදය අපි විදේශ රටවල සිට සජීවීව දැක්කා. අපිට එය දරාගන්න බැහැ. ඒ නිසා ගරු අධිකරණය විසින් මේ අපරාදකරුවන්ට නිසි දඩුවම් දෙන තුරු අපිට හිත හදාගන්න බැහැ..... ඔබ තුමාට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.....

:       873       313

SAMAN WITHANAMonday, 19 November 2018 12:24 PM

නොදන්න මගුල් කියවන්න ගිහින් මෝඩකම පෙන්නන්න එපා. මේ බොරුවට අඬ අඬා අනුකම්පාව ගන්න දඟලන්නේ කවුද 88-89, රටට කරපු විනාශය මොකක්ද කියලා දන්න අය දන්නවා.

:       26       197

sanjeewaMonday, 19 November 2018 10:55 PM

සහතික ඇත්ත සමන්.

:       0       0

sam Monday, 19 November 2018 09:55 AM

89, 89 ඔබතුමා මහඇමති කාලේ අර කලේ මිරිස් ගෝනි ඇතුලේ බස්සලා ඔට්ටු සෙල්ලම් කරපු තරුණ තරුණියන්ට මොනවා හිතෙන්න ඇතිද නේද? අද කාලේ සමහර තරුණයෝ මේවා නොදන්නවා වුණාට මට තාම මතකයි මේවා... !!!

:       2103       613

දිමුත් Monday, 19 November 2018 09:55 AM

අනිවාර්යයෙන් කළ යුතු දෙයක්... සාක්ෂිත් ඇති තරම් තියෙනවනේ...

:       464       519

Bamunuarachchi Monday, 19 November 2018 10:24 AM

හොරුයි මිනිසුන්ට මිරිස්කුඩු ගහන්නේ මෙතැනදී මිනිස්සු හොරුන්ට මිරිස්කුඩු ගහලා. නඩුමගට යන්න කලින් පොලිස් මගට ගිහිල්ල ඉස්පිරිතාල මගෙත් යන්න එපාය. කෝ ඔබලා කිසිම තැනක හරිමග ගියේ නැහැනේ.

:       391       137

Bamunuarachchi Monday, 19 November 2018 10:29 AM

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න තමයි අපි කියන්නේ... මහජන ඡන්දෙකට ගිහිල්ලා මන්ත්‍රීවරු තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට දෙන්න කියලා... ඊට පස්සේ ඔබලා සුදුසු අගමැතියෙක් තෝරාගන්න.

:       205       731

naradha Monday, 19 November 2018 10:47 AM

ඔය කිසි නඩුවක් කෙරෙන්නේ නැහැ. මහජනයාට ඇහෙන්ට එළියේ බෙරිහන් දුන්නට, ඇතුළේදී ඔය දෙගොල්ලොම එකම කල්ලියේ. මේ අය කරන්නේ වචනෙන් හරි මහජනයා නොමග යවන එක.

:       7       165

සමන් විතාන Monday, 19 November 2018 12:21 PM

දැන් මෙහෙම අඬ අඬා අනුකම්පාව ගන්න දැඟලුවට එදා යාපනයේ පුස්තකාලය ගිනි තියන්න මූලිකත්වය දුන්න මිනිහෙක් මෙයා. කිඹුල් කඳුලු වලට රැවටෙන්න එපා. මේ අය කරන්නෙම අපිව රවට්ටන එකයි...

:       286       103

Chandima Tuesday, 20 November 2018 02:39 AM

මෙතන මිරිස් කුඩු විතරක් තිබුනා කියන්නේ කොහොමද? මටනම් හිතෙන්නේ තව උග්‍ර විෂ රසායනික ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා. මිරිස් කුඩු වලට කලවම් කරලා මොන මොන දේවල් ගහන්න පුලුවන්ද? රස පරීක්ෂක වෙත සාම්පල යැවිය යුතුයි. පරීක්ෂණ නිම වෙන තෙක් අදාල පුද්ගලයා රක්ෂිත බන්ධනාගත කල යුතුයි. මේ ගැනත් සමාජය දැනුවත් වෙන්න ඕනි.

:       0       0

siri-Oman Tuesday, 20 November 2018 07:56 AM

මිරිස්කුඩු ලංකාවේ නවීන අවිය කියලා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියක් තිබුණා. මේ අය අපේ රටේ ප්‍රතිරූපය විනාශ කළා පාර්ලිමේන්තුවේ බාල් නටලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 16 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 291 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1663 3

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 190 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 622 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 985 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site