IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


‘මැතිසබේ නාඩගම් මඩුවකට සමානයි’

(අනීෂා මානගේ)
 
අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යානූකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. 

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (16) කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසූවේය.

     ‘‘අද පාර්ලිමෙන්තුව නාඩගම් මඩුවකට සමානයි. මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පල කලා මොකද මේ අවස්ථවේ එන්න ප්‍රශ්නයක් නැහැ, නමුත් මේ පිහි අරන් ආව අයට යම්කිසි පියවරක් ගන්න. නමුත් ඒක ගත්තේ නැහැ. තරුණ මන්ත්‍රීවරු අනිවාර්යෙන් ඒකට විරුද්ධව නැගී හිටියා. පාර්ලිමේන්ත්වේ මේ ඇතිවුණ අර්බුදකාරි තත්වයට හා මේ රටේ ඇති වුණු අර්බුදකාරී තත්වයට වගකියන්න ඕනෑ. 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මේ ප්‍රශ්නය විසදන්න බැරිනම් මේ ඉන්න ජනතාවට බලය දෙන්න ඕනෑ. ඡන්ද දායකයාට බලය දුන්නම කාටවත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඡන්දයක් දීම තුලින් කාගෙදෝ මූලික අයිතිවාසිකම් නැතවෙයි කියල මම දැක්ක තියෙනවා. මේ තියෙන වැඩපිළිවෙළ ඉතාමත් කණගාටුයි. අපි ආණ්ඩුව ගෙනියනවා. මේව දාලා දුවන්නේ නැහැ. 

නීත්‍යනූකූලව ඇවිත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට අපි මේක දීල යන්න සූදානම්. නමුත් බලහත්කාරයෙන්, මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට කලොත් මේක ලේසිවෙන්නේ නැහැ.

ජනාධිපතිවරයාට විතරයි මේක එහාට මෙහාට කරන්න පුළුවන්. අපි මේව දාලා යනවා. එළවනකල් ඉන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙන බලතල වෙන කෙනෙකුට ගන්න බැහැ. අධිකරණයට වුණත් ඒ බලය උදුරාගන්න පුළුවන්කමක් නැහැ. එකිනෙකාට ගෞරව වෙන විදියට ඒ ආයතන තුන වැඩකරන්න ඕනෑ.‘‘ 



අදහස් (59)

‘මැතිසබේ නාඩගම් මඩුවකට සමානයි’

මහින්ද සමග හෙළුවෙන් Friday, 16 November 2018 04:05 PM

මහින්දට කඩේ යන අයට මේවා පේන්නේ නැද්ද? අහිංසක පොලිස් කොල්ලෙක්ගේ කනට ගහනවා අර ප්‍රසන්න කියන කෙනා... මහින්දගේ රැළම යවන්න ඕනෑ. තව කල් හිටියොත් කවදා හරි ප්‍රභාකරන් හිටියා නම් මීට වඩා හොඳ බව කියන්න වෙන දවසක් එනවා. මේක තව උගන්ඩාවක් වෙනවා. බල ලෝභයෙන් පිරිලා... තව යනවාලු.

:       23371       43254

JanakaFriday, 16 November 2018 07:18 PM

මේ ආටිකල් එක මෙතෙක් කියවලා තියෙන්නේ 5155 දෙනයි . ඩිස්ලයික් 19,700. පුදුමයි .

:       3       0

Sapumal.Saturday, 17 November 2018 02:47 AM

මේ ලිව් අදහස හරියටම හරි.මෙතුමා වැඩේ පත්තුකරලා නොදන්නවා වගේ බලන් ඉන්නවා.පාර්ලිමේන්තුවේ බහුතරය විමසන්න දෙන්නේ නැත්තේ මෙයාගේ උදවිය බව පේනවා.

:       0       14

Saman Friday, 16 November 2018 04:06 PM

'ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට ' ඒ කාලේ මිනිස්සු අයිතීන් ඉල්ලනකොට මල්ලි දුන්නේ වෙඩි උණ්ඩ. 2015දී ජනතාව කාට වුනත් බලය දුන්නේ අවුරුදු 5කට, ඉතින් 2020 වෙනකම් ඉන්න ඡන්දය එනකම්, ඇයි කොට පාරවල් හොයන්නේ?

:       18331       21096

චමිල Friday, 16 November 2018 04:08 PM

කොහෙන් හිනා වෙන්නද මන්දා මේ කිරි සප්පයාගේ කතා වලට?

:       6382       7479

රජින්දFriday, 16 November 2018 10:09 PM

ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ තරම තමයි මේ. ප්‍රශ්නය අවුලවපු අය දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දොඩවමින් එක පැත්තක. ජනතා ඡන්දයක් තියලා ප්‍රශ්නය ලිහන්න හදන අය බැනුම් අහනවා. මේකෙන්ම පේනවනේ ඡන්දයක් තියනවට විරුද්ධ ඇයි කියන එක.

:       3       0

Kumara Friday, 16 November 2018 04:12 PM

කුජීතයිනේ වැඩේ...

:       0       225

indika Friday, 16 November 2018 04:13 PM

දැන් රටේ අගමැති කියන ඔබතුමාමනේ කියන්නේ පිහිය ගෙනාවට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඕක කියන්නේ කාටද දැන්...? කවුද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ඔබ අගමැති නේද?

:       10       367

ශාන් Friday, 16 November 2018 04:16 PM

ඔබතුමාට මෙතෙක් කල් ගරු කළා.. ඡන්දය දුන්නා, නමුත් ඒ මෝඩ වැඩේ ආයේ කරන්නේ නෑ. ඔබතුමාගේ ඔය බයිලා කතා අහන්න තරම් අපි නූගතුන් නොවෙයි. අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කලේ ඔබතුමාගේ අයයි, ඔබට ඔබේ අය පාලනය කරන්න බැරිනම් ඔබට මේ රට තවදුරටත් පාලනය කල නොහැකියි....

:       147       2176

rohanSaturday, 17 November 2018 07:45 AM

අපිත් ඔබ සමග

:       3       1

RNG Saturday, 17 November 2018 08:07 AM

අගමැති නෙවෙයි පාර්ලිමේන්තුව පාලනය කරන්න ඕන කථානායක. ඒකවත් දන්නෙ නැද්ද තවම

:       8       0

pmjSaturday, 17 November 2018 08:35 AM

මහින්දට තිබ්බ ගෞරවය නැති වුනා කියන අය කවදාවත් මහින්දට ගෞරව කරපු අයවත් ඡන්දේ දීපු අයවත් නෙවෙයි. රැවටෙන්න එපා..

:       8       0

Lakmal Friday, 16 November 2018 04:17 PM

ඇයි මෙච්චර බලතණ්හාව?

:       15       498

RNG Saturday, 17 November 2018 08:17 AM

කොහෙද එතුමට බල තණ්හාවක් තියෙන්නෙ. එතුමා කියලා තියෙනවා නීත්‍යනුකූල විදියට විශ්වාසභංගයක් ගෙනාවොත් ඕනම වෙලාවක තනතුරු අත් හරින්න සූදානම් කියලා. කොල පාට කණ්ණාඩිය ගලවලා බලන්න. එතකොට වැටහෙයි කාටද ඇත්තටම බල තණ්හාව තියෙන්නෙ කියලා

:       13       0

DarshanaSaturday, 17 November 2018 10:17 AM

රනිල්ගේ බල තණ්හාව ඔබට නොපෙනේද..?

:       460       411

sandy123Saturday, 17 November 2018 12:15 PM

රනිල්ගේ බල තණ්හාව නෙමෙයි. රනිල් කොපමණ වැරදි වුණත් මෙතැනදී හරි. හරි පාරෙන් එන්නේ නැතුව මැදමුලන කුස්සියෙන් අපු එක හරිද?...

:       3       404

kiwiyaSaturday, 17 November 2018 08:04 PM

බලතණ්හාවට වඩා මෙතන තියෙන්නේ කරපු හොරකම්, මැරකම්, මිනීමැරුම් ටිකෙන් ටික එළිවෙලා මෙයාලගේ බෙල්ල වටේ තොන්ඩුව තදවෙන එක කොහොම හරි වළක්වාගන්න. දුමියත් ඇතුළට ගියානේ අධිකරණයේ ස්වාධීනත්වයෙන්...

:       0       14

Saman Friday, 16 November 2018 04:17 PM

ඕක නෙවෙයිනෙ කතාව, අවංකවම ඔබට සරළ බහුතරය නැහැනෙ, ඉතින් අයිවෙලා 2020 වෙනකම් ඉන්නකො

:       0       2

Buddhi Friday, 16 November 2018 04:29 PM

ගරු හිටපු ජනාධිපති තුමා, කෝ ඔබගේ 113? නටන්න බැරි අය‍ට පොලොව ඇද වගේ!!!

:       0       2

බද්රානි Friday, 16 November 2018 04:32 PM

පොහොට්ටුව පිපෙන්නත් කලින් පරවුනා!

:       0       4

Nimal Friday, 16 November 2018 04:41 PM

එන්න ඉස්සෙල්ල මෙහෙම නම් ආවම කොහොම ඉඳීද.

:       0       3

Nimal Friday, 16 November 2018 04:49 PM

පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් නොකර ගෞරවාන්විතව හැසිරෙන්න කියාලා ඔබගේ කට්ටියට කියන්න බැරිද?

:       0       5

Nimal Friday, 16 November 2018 04:52 PM

නිත්‍යානුකුලව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය ඉදිරිපත් කරන්න, ඒ සම්බන්දයෙන් නීතියට අනුව කටයුතු කරන්න ඉඩ දෙන්න කියාලා ඔබ තුමාගේ කට්ටියට ඇයි කියන්න බැරි? මහජනතාවද මේ රවටන්න හදන්නේ?

:       0       0

Naushi Friday, 16 November 2018 05:02 PM

ඔස්කාර් සම්මානයක් දෙන්න වටිනවා.

:       0       0

asoka Friday, 16 November 2018 05:12 PM

පාර්ලිමේන්තුවේ බලේ තියෙන අයට ජනතා බලය නැත. ජනතා බලය ඇති අයට පාර්ලිමේන්තුවේ බලය නැත. මේක තමයි සත්‍යය

:       0       0

kalana Friday, 16 November 2018 05:17 PM

ගොඩක් රටවල වැදගත් සම්ප්‍රදායක් තියෙනවා ඡන්දයකින් පසුබැවොත් අගමැති අස්වෙලා තමන්ගේ පක්ෂයේම වෙන කෙනෙකුට තනතුර දෙනවා. බ්‍රිතානයේ ළඟදීත් එහෙම වුණා. ගිය ඡන්දෙන් 32% ක් ගත්ත වෙලාවේ අගමැතිකම සජිත්ට දුන්නනම් අද එජාපය අලුත් ආණ්ඩුවක් විදියට ඉදිරියට යනවා

:       0       0

Nimal Friday, 16 November 2018 05:26 PM

බල තණ්හාවෙන් මත්වෙලා. මම දීපු ඡන්දෙට මටම කණගාටුයි.

:       0       0

Manoj Friday, 16 November 2018 08:12 PM

කවුද එහෙම කලේ?

:       0       0

Jehaan Friday, 16 November 2018 09:27 PM

ලංකාව අන්තර්ජාතික විහිලුව බවට පත් වෙලා. පිටරට ඉන්න ලාංකිකයන් කියනවා පාරේ බැහැලා යන්න බැරිලු. මීට හොඳයි ආපහු මේ රට සුද්දටම භාර දුන්නා නම් .

:       0       0

Bimal Friday, 16 November 2018 09:47 PM

ලැජ්ජාවේ පණ යනවා අපේ රටේ දේශපාලනය ගැන! පොඩ්ඩක් සොයා බලන්න ලෝකයේ දියුණු රටවල් දේශපාලනය කරන්නේ කොහොමද කියලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරු තමයි රට කරවන්නේ.

:       0       0

suranga Friday, 16 November 2018 11:55 PM

අද අගමැති කෙනෙක් නැහැ රටේ ව්‍යවස්ථානුකූලව

:       0       0

[email protected] Saturday, 17 November 2018 01:01 AM

කළු වලාකුලකින් මතු වුන රිදී රේඛාවක් මෙන් ඔබ තුමා යලිත් නායකයා ලෙස පහළවීම සිංහල ජාතියේත්, බුද්ධ සාසනයේත් පෙර වාසනා මහිමයකි.

:       0       0

Hemapala Saturday, 17 November 2018 01:12 AM

කණගාටුයි. මෙවැනි ක්‍රියා වලින් ඔබතුමා හදාගෙන ආපු ජනප්‍රසාදය විනාස වෙන එකයි වෙන්නේ. නැවතත් ජයග්‍රහණය කරා යාමට තිබුණු ගමන විනාශ කරගැනීමක්. වහාම ඔය තනතුරෙන් ඉවත වියයුතුයි. මහා මැතිවරණයකට ඉකමනින් යායුතුයි දැන්නම්.

:       0       0

theshan Saturday, 17 November 2018 01:58 AM

අපිත් දැක්කා නාඩගම් මඩුවක් කලේ කව්ද කියලා.

:       0       0

lal Saturday, 17 November 2018 02:00 AM

නාඩගම නටවන්නෙ කවුද කියලත් දන්නවා ඇතිනෙ.

:       0       0

Darshana Saturday, 17 November 2018 02:01 AM

කලින් හිටපු පාලකයෝ යහපාලනය හරියට කලානම් මේ වගේ දෙයක් ඇති වෙන්නේ නැ. තමන්ට බලය නැති උනාම තමයි ජනතාවට සේවය කරන්න ඕන කියලා මතක් වෙන්නේ...

:       0       0

රුවන් Saturday, 17 November 2018 02:05 AM

අපි දන්නවා ඔය නූල් සූත්‍ර.

:       0       0

Sunil Saturday, 17 November 2018 02:23 AM

කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද ? 2011 ජුනි 21 වැනි අඟහරුවාදා හැන්සාඩ් එක බලන්න. කටහඬ අනුව එදා තොරතුරු දැනගැනීමේ පනත පරාද කලා. නිකම් තොත්ත බබා වගේ කතා කරනව දැන්.

:       0       0

disa Saturday, 17 November 2018 02:36 AM

මෙවන් තත්වයකට රට අදහා ගත නොහැකි අයුරෙන් අගාතයට ඇද දැමුවේ කවුද ?

:       0       0

rocky Saturday, 17 November 2018 03:23 AM

හරියටම හරි. බොහොම හොඳට නාඩගම නටපු හින්ද වේදිකාව පිටිපස්සෙන් ඉඳගෙන හිනා වෙවී ඒ අයව මෙහෙයවපු අයට බොහොම සන්තෝස ඇති නේද?

:       0       5

Chandana Saturday, 17 November 2018 03:25 AM

ඉතාම කණගාටුදායක තත්වයක්. මේක මේ සුන්දර රට දේශපාලකයෝ විනාශ කරනවා.මේකෙන් වෙන්නේ ඉගෙන ගත්ත සහ සල්ලි තියන සියලුම දෙනා මේ රට දාලා යනවා. රටට තියෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්ත එහෙන් පිටින් විනාශ වෙනවා.

:       0       8

Jaya Saturday, 17 November 2018 04:35 AM

ඇත්තටම ඇයි නියම විදියට විශ්වාස භංගයක් ගෙනල්ලා මේ කට්ටියව ගෙදර යවන්න බැරි? මේක හරියට පාතාලයේ නාටකයක් වගේනේ. ඕකට වැඩිම වුනොත් සති දෙකක් යයි.

:       6       1

Shyam Saturday, 17 November 2018 04:44 AM

හාස්‍යජනකයි.

:       0       1

Saturday, 17 November 2018 05:43 AM

ඉතින් අනේ හොරෙන් දිවුරුම් දෙන්නේ නැතුව ඡන්දෙකට යන්න තිබුණනේ. බහුතරේ නැති නිසානෙ ඡන්දෙ මතක් වුණේ. එතුමාට තියන ගෞරවය එතුමා විසින්ම නැති කරගන්නවා. එතුමා කියන එතුමාගේ යුද වීරයන්ට ඊයෙ සලකපු විදිය, හරිම කණගාටුයි. දේශපාලනය නිසා මේ රට ගැන කලකිරීමක් තියෙන්නේ.

:       0       8

S Rox Saturday, 17 November 2018 06:34 AM

අනේ මැතිතුමනි, ඔබ ඉල්ලා අස්වෙන්න... ඔබට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔබට මේ ලක්වාසීන්ගේ තිබෙන ගරුත්වය නැතිවන එක විතරයි.

:       4       305

sampath Saturday, 17 November 2018 07:10 AM

ඒ අයම කමෙන්ට් දාගෙන ඒ අයම ලයික් දාගන්න රටක් මේක... බලල තියෙන්නේ දහදාහයි ලයික් ඩිස්ලයික් එකතුව ගත්තම විසිදාහ පනිනවා...

:       350       823

Rata Perata Saturday, 17 November 2018 07:15 AM

අපි කන්නෙත් තණකොළ කියලා හිතාගෙන වෙන්නැති මේ කයිවාරු ගහන්නේ... මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ඔබම තමයි කියලා අපි දන්නවා. බැසිල්, ගෝඨා, නාමල්, යෝෂිත, ශිරන්ති සහ ඔබේ හොරකම් නඩුවලින් බේරෙන්න තමයි මේ අපේ රට අරාජික කරන්නේ... ලැජ්ජයි මහින්ද, ඔබ අපේ රටට පිළිලයක්...

:       54       1461

Nandalal DE SILVA - France Saturday, 17 November 2018 09:42 AM

නාඩගම් මඩුව ඇතුලේ ඉඳන් ඔබ බඩපිරෙන තරම් හිනා වුණු හැටි රටේ හැමෝම වගේම ලෝකය පුරාම රුපවාහිනී මහින් ජනතාව දුටුවා! මේ නාඩගමේ ගුරා ඔබ සමග ජනාධිපති බවත් හැමෝම දන්නවා. ඔබේ නාඩගම් කණ්ඩායමේ හෙන්චයියලා වශයෙන් ඔබේම හිටපු ගෝලයින් මහජන දේපල විනාශ කරමින් පොලිස් නිලධාරීන්ට පහරදෙමින් කළ මේ අපරාධයන්ට ඔබ ඇඟිල්ලක් උස්සා නැවත්වීමට උත්සාහ කළාද? උත්තරීතර පාර්ලිමේන්තුවේ සෙංකෝලය උදුරාගෙන එහි නීත්‍යානුකූල භාවය ශුන්‍ය කිරීමටත් කතානායක අසුන ඉවත්කිරීමටත් ඔබගේ අමනයින් "වීරයන්" වුනේ ඒ අය පාර්ලිමේන්තුවේ අගය නොදන්නා නිසා නොවේද? ඔබ වැනි කොන්දක් නැති නායකයෙක් අගමැති හැටියට පත්කරපු සිරිසේන හිනාවෙනවා ඇති! මේ නාඩගම් මඩුව නිසා රටේ තත්වය දිනෙන් දිනම නාය යනබව ඔබටවත්, ඔබේ ගුරා වන සිරිසේනටවත් නොපෙනීම ඇත්තෙන්ම රටේ අවාසනාවකි. ගරු කතානායකතුමාගේත්, නිහඬව ප්‍රේක්ෂකයන් ලෙස තුෂ්නිම්භූතව බලාසිටි.. එක්සත් ජාතික පෙරමුණේ සහ අනිකුත් මන්ත්‍රීන්ගේ ඉවසීමත් නොතිබෙන්නට අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අළු ගොඩක් වී හමාරයි. සිරිසේන රාජපක්ෂ හවුල මෙහි වගකීම 100%ක් බාරගත යුතුයි..

:       0       12

wasantha Saturday, 17 November 2018 10:35 AM

තව ටිකක් නටන්ඩ වැඩ තෙරයි . .....අසුචි නානවා.

:       308       534

Saranya Saturday, 17 November 2018 11:54 AM

අනේ මහත්තයෝ මිනිස්සු රවට්ටන්න එපා තව... මිනිස්සු බුද්ධිමත්. හැමෝම ඔය කියන හරක් කතා විශ්වාස කරන්නේ නෑ. ඔබව අදහන හරක් ටිකක් ඉන්නවා මේ රටේ. ඒ අයට ඇත්ත තේරුම් කරවන්න අමාරු වුණාට ඇස් පේන, කන් ඇහෙන උගත් මිනිස්සු ඕව පිළිගන්නේ නෑ. උත්තරීතර පාර්ලිමේන්තුව තුට්ටු දෙකට දාන රට විනාශ කරන්න හදන ඔබත් ඔබගේ සගයෝ ටිකත් කියන දේවල් කොහොම පිළිගන්නද ඕනෑ? පව් නොදී යන්න. තණ්හාවේ මැරෙනවා මෙච්චර දේවල් සූරගෙන කාලත්. සිරීපාදෙ ගන්න දෙයක් තියෙනවද? දැන් තාත්තයි පුතයි කාලා ඉවර කළා. රකින්න ඇවිල්ලා මෙතන ආදරේ මිනිස්සු. හිනාත් යනවා මේ අයගේ කතාවලට...

:       363       593

Ranaweera Saturday, 17 November 2018 12:39 PM

නාඩගම් මඩුවේ මහදැන මුත්තා ඔබ නේද?

:       317       471

sameera Saturday, 17 November 2018 02:36 PM

හොරෙක් පනිනවා මාලයක් කඩාගන්න. අයිතිකාරයා මාලේ අල්ලාගෙන ඉන්නවා. හොරා නීති කතාකරනවා මේ මිනිහ මට මාලේ ගන්න දෙන්නේ නැහැ කියලා...

:       0       20

mahroof Saturday, 17 November 2018 03:30 PM

අගමැතිතුමනි, ඉල්ලා අස්වෙන්න..

:       0       5

Appuhami Saturday, 17 November 2018 07:59 PM

මේ ඔක්කොම කියන්නේ රනිල්ට මේ රටේ ඉතුරු ටිකත් කාලා දාන්න දෙන්න කියලද? මහ බැංකුවෙන් පටන් අරන් ඔක්කොම ටික කීවා අපිට මතකයි.

:       7       0

lion Sunday, 18 November 2018 12:45 AM

ඒ නාඩගමේ හිමිකරුවා ඔබයි මහත්තයෝ. අපට බන කියන්න එපා අපි ඔබව හොඳට අඳුරනවා.

:       0       10

jaya Sunday, 18 November 2018 01:30 AM

නටන්නේ නාඩගම්ද කියල දැනෙන්නේ නැ.

:       0       0

Saththaya Sunday, 18 November 2018 02:49 AM

නාඩගම් අධ්‍යක්ෂක කව්ද දන්නේ නැහැනේ?

:       0       20

lasanthaMonday, 19 November 2018 01:24 AM

රූපවාහිණී දර්ශන වලින් අධ්‍යක්ෂක කවුද පෙන්නුවා. ඕවා කොණ්ඩේ බැඳපු චීන්නුනට කියන්න.

:       0       9

kumara Tuesday, 20 November 2018 03:51 PM

ඇයි එහෙනම් ඕවා නවත්වන්න බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1468 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 578 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 988 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 938 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 365 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 542 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site