IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘මැතිසබේ දී ප්‍රජාත්‍රන්තවාදයට වු තුවාලය සුව කළ නොහැකියි’

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

 

පාර්ලිමේන්තුවේ දී අද සිදුවු මැර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ තුවාල සුව කළ හැකි නමුත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයට සිදුවු තුවාලය සුව කර ගැනීමට නොහැකි යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පැවසීය.

පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක 1 අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ බව පැවසු වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද සිදුවු මැර ප්‍රහාරය ගැන නීතිමය වශයෙන් ක්‍රියා කිරිමට කතානායකවරයාට දැනුම් දෙන බවයි.

අද දින සම්මත වු විශ්වාසභංග යෝජනාව අනුව ඔක්තෝබර් 26 වැනි දා සිට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අහෝසි වන බවත් අද සිට එවැනි ආණ්ඩුවක් ඉදිරියට නැති බවද එජාප නායකවරයා කීය.

කතානායකවරයා තීරණය කළ පසු පාර්ලිමේන්තුවට ඕනෑ තැනක රැස්විය හැකි යැයි ද කී වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එසේ තිබෙන බවද කීය.

ඒ අනුව ක්‍රියා කිරිම ගැන කතානායක කරු ජයසුරිය මහතාට ස්තූතිවන්ත වන බවද හෙතෙම පැවසීය.



අදහස් (11)

‘මැතිසබේ දී ප්‍රජාත්‍රන්තවාදයට වු තුවාලය සුව කළ නොහැකියි’

Bamunuarachchi Friday, 16 November 2018 01:16 PM

ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දක්වලා කතාව පටන් ගන්න. යහපාලකයින්ගෙන් රටේ ආර්ථිකයට වූ ජනතාවට වූ තුවාලය සදාකාලිකයි.

:       0       0

senarath Friday, 16 November 2018 02:02 PM

කතානායක හස්තමුද්‍රා මාර්ගයෙන් මෙහෙයවලා කරපු කැළල පොඩිද? එතකොට පෙරේදා පිහිඅරගෙන පාර්ලිමේන්තු ආපු එක පොඩි දෙයක්ද? මෙයට කලින් පාර්ලිමේන්තුවේ මෙහෙම වෙලාම නැහැ වගේ මෙයාගේ කතාව...

:       511       2210

Vishaka Friday, 16 November 2018 02:07 PM

එතකොට ජනතාවට තමන්ගේ නියෝජිතයා නම් කරන්න තිබෙන අයිතිය නැතිකරලා හෙන්චයියලා පරම්පරා ගණන් පාර්ලිමේන්තු ගෙනෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදලා අපේ ඇස් වහලා එ්කාධිපතියෙක් වෙන්න දඟලන එකෙන් වුණු තුවාලය...

:       135       2071

NuwanFriday, 16 November 2018 02:34 PM

නියෝජිතයින්ගේ හයිය දැක්කා අපි හොඳට.. ලැජ්ජවෙන්න ඕනෑ හැමෝම.. මී හරක් රැලක නායකයත් මී හරකෙක්මලුනේ..

:       428       239

Democratic Friday, 16 November 2018 02:17 PM

මේ අපේ උදාර වූ පාර්ලිමන්ට් එකයි. 225 හරක් ගාලයි. කෝටි එකාහමාරක ජන්ම භූමියයි.

:       94       22

V.warnakulasuriya Friday, 16 November 2018 02:30 PM

ප්‍රජාතන්ත්‍රවාදයට වූ තුවාලය සුවකළ නොහැකි වගේම මහබැංකු බැඳුම්කර වංචාවෙන් තුවාල වූ ජනතා හදවත්ද නැවත සුවකළ නොහැකියි.

:       169       622

Nandalal DE SILVA - FranceFriday, 16 November 2018 05:15 PM

ඔය කරුණු දෙක අතරේ තිබෙන සම්බන්ධය කුමක්ද?

:       0       0

td Friday, 16 November 2018 02:47 PM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදිනෙක සිදුනොවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියා සමුදායක් ශ්‍රී ලංකික ජනතාවට පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය මගින් සියලු ලෝකවාසී ජනතාවටම බලා ගැනීමට සලස්වන ලදී. එම සිදුවීම්වලින් වඩාත්ම නින්දිතම සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාව වන කතානායකවරයාගේ අසුනට වතුර බෝතල් කිහිපයක් වක්කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට හිරිහැර කරමින් කරන ලද දුෂ්ට ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව පක්ෂ, පාට නොබලා එක හෙලා ප්‍රතික්ෂේප කරනු ඇත. පාර්ලිමේන්තුවට තුළදී කරන ලද සියලු ක්‍රියාවලින් පෙනීයන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් බලය ලබාගැනීමට උත්සාහ කරන බවයි. තම දරුවන්ගේ අනාගතය රටේ අනාගතය මෙවැනි අප්පච්චිලාට බාර කර මුළුරටම නැතිකර ගන්නවද? එසේ නොමැති නම් දුරදිග කල්පනාකාර රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන්ට රට බාරදෙනවද? පාර්ලිමේන්තුව තුලදී උණුසුම් වැඩ විවාද සිදුවීම සාමාන්‍ය උවත් පහරදීම් සහ දුෂිතයන් විසින් කරනලද සියලුම දේපල හානිවලට නිතිය ක්‍රියාත්මක කර පක්ෂ පාට නොබලා දඬුවම් දීම නීතිගරුක නායකයන්ගේ පරම යුතුකමකි. පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මණින් ස්ථාපිත කළයුතුයි.

:       4451       4615

pushpa Friday, 16 November 2018 02:47 PM

225ම පන්නලා දාන්න ඕනෑ... කවුරුවත් හරියන්නේ නැහැ.. මුළු ලෝකෙටම අපි වනචාරීන් වගේ පෙනෙයි.. ඡන්දෙ ඉල්ලන්න ගෙවල් ගානේ ආවම ගහන්න ඕනේ...

:       113       96

rocky Saturday, 17 November 2018 03:47 AM

වර්ණකුලසුරිය මහත්තයෝ, ඔයාට පෙනෙන්නේ බැංකු කොල්ලය විතරද? ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් කොරපු අනේකවිධ හොර, වංචා, කොල්ල කෑම, අතුරුදන් කිරීම් ගැන පෙනුනේ නැද්ද?

:       0       0

Sinhalaya Saturday, 17 November 2018 12:16 PM

තියන ලොකුම තුවාලේ ඔබතුමා... කරුණාකරලා පැන්ෂන් යන්න. වද නොදී රටේ ජනතාවට... අනාගත පරපුරට රටක් ඕනේ..

:       1       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1294 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 386 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 351 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site