ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කියයි.
"මම ක්‍රීඩාවෙන් සමුගන්න ඉස්සරවෙලා 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මොකද ඒ වෙනකොට මම ලකුණු ලබාගනිමින් හිටපු ආකාරයයයි, මගේ තිබුණ ශාරීරික යෝග්‍යතාවයි එක්ක මට හිතුණා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා.....ඒත් පස්සේ ආපු ප්‍රශ්න කිහිපයක් නිසා මම තරුණයන්ට තැන දීලා අයින් වුණා” යයි ඩිල්ෂාන් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර ඩිල්ෂාන් එක්දින තරග 330 කදී ශතක 22 ක් ද සහිතව ලකුණු 10,290 ක් ලබා සිටියේය.
එක්දින තරගයකදී ඩිල්ෂාන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.27 ක් වූ අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව) 86.23 ක් විය.
සම්පූර්ණ වාර්තාව සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘මට ආපහු එන්න හිතෙනවා‘ - ඩිල්ෂාන්
janu Thursday, 20 September 2018 08:52 AM
ඔයත් ජයසූරිය වගේ වෙන්නද හදන්නේ ????
kasun Thursday, 20 September 2018 09:07 AM
අපොයි එපා...
රජින්ද Thursday, 20 September 2018 09:07 AM
ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙක් එකම කාල සීමාවකදී කණ්ඩායමෙන් ඉවත්වීමත්, තේරීම් කමිටුව සහ අදාළ අමාත්‍යවරයා විසින් අනවශ්‍ය ලෙස කණ්ඩායමේ ප්‍රවීනයින්ට බලපෑම් කිරීමත් යන මේ කරුණු නිසා එහෙන් මෙහෙන් තේරුණු ශාරීරික යෝග්‍යතාවය අතින් හුගක් අවුල් පිරිසක් සංචිතයට ඇතුලත් උනා මිසක් වෙනස්ම ආකාරයකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිරිසක් ගොඩ නැගුනේ නැහැ. එනිසා මම හිතනවා දිල්ශාන් නැවතත් පිටියට පැමිණිය යුතු බව සහ මාලිංගව තවදුරටත් රදවාගත යුතු බවත් ජාතික ලීග හරහා හැකියාවන් තිබුනද ඒවා පවත්වාගෙන යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුලත් කිරීමත් යෝග්‍යයි. තවද ව්‍යාපාරිකයින් කිසිවෙකුත් ක්‍රිකට් කවුන්සිලයේ කිසිදු තනතුරක නොතැබිය යුතු අතර එම කවුන්සිලය ස්වාධීන කවුන්සිලයක් විය යුතුය.
angelonugara Thursday, 20 September 2018 09:15 AM
නායකත්වයත් අරගෙනම එන්න රටටම ඔබව අවශයයි...
dasun Thursday, 20 September 2018 09:23 AM
ඩිල්ෂාන්, කරුණාකකර නැවත එන්න.... රටට ඔබව අවශ්‍යයි..... මෙය තීරණාත්මක සන්දිස්ථානයකි....
RANGA Thursday, 20 September 2018 10:00 AM
නැතිවට කමක් නෑ ...... පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න...
tommy Thursday, 20 September 2018 10:01 AM
අනේ එන්නකෝ!
saliya Thursday, 20 September 2018 10:04 AM
නායකත්වයේ වෙනසක් සමඟ, අසේල , දිනේෂ් සහ දනුෂ්ක නැවතත් මිස දිල්ෂාන් නොවෙයි අවශ්‍ය.
samank Thursday, 20 September 2018 10:47 AM
දිල්ෂාන්, අපි නැතිව අනිත් අයට ක්‍රීඩා කරන්න බැහැ කියන එක නෙවේ මෙතන සිදුවිය යුත්තේ. බැරි වීමට හේතුව හොයල එයට විසදුමක් ලබා දීමයි, ඔබ වැනි ප්‍රවීනයන් අතින් සිදුවිය යුත්තේ.
Gayan Thursday, 20 September 2018 11:55 AM
ආයේ එන්නෙපා. ඒකෙන් වෙන්නේ මේ කුණු ගොඩේ කුණු වෙන්න වෙන එක.
menna Thursday, 20 September 2018 02:24 PM
දිල්ෂාන්ව නැවත දකින්න මගේනම් අකමැත්තක් නැහැ. නමුත් අපේ කණ්ඩායම පොදුවේ එච්චර හොඳට සෙල්ලන් නොකර, මාලිංග අවුරුද්දකට පස්සේ ඇවිල්ලා හොඳට සෙල්ලම් කරපු හින්ද දිල්ෂානුත් එකම කලේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් හැටියට නැවත ක්‍රීඩා කරන්න හිතෙනවා ඇති. මට මතක හැටියට එංගලන්තෙත් එක කලෙක පහල මට්ටමක හිටියා. නමුත් දැන් එංගලන්තේ තරඟ වර්ග තුනෙන්ම (ටෙස්ට්, ODI, T20 ) ඉහල මට්ටමක ඉන්නේ. මට හිතෙන්නේ අපේ ක්‍රිකටුත් තියෙන්නේ පරිනත අවදියක. ඉවසීමෙන් ඉස්සරහට ගියොත් එංගලන්තේ වගේ ඉදිරියට ඒවි. දිනන්න තියෙන වුවමනාවට එන එන විදයට උළු වස්ස ගහන්න ගියොත් ඉදිරියේදී පහලටම වැටේවි. එම නිසා දැන් සිටින ක්‍රීඩකයන්ගෙන් උපරිමය ලබාගන්න පුහුණුකරුට අභියෝගයක් වුනත් යන විදියට ගියොත් හොඳයි කියල හිතෙනවා.