IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මගේ කාලය වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටයි’

(ආරියරත්න රණබාහු)

ජාතික ප්‍රතිපත්තිවලට හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමට තමාට තිබෙන කාලය අද බොහෝ විට වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණවල ප්‍රශ්න විසඳීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ  අද (28) පැවති උත්සවයකදී පැවසීය.

එම නිසා උද්ඝෝෂණවල ප්‍රශ්න ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු බාරගෙන කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.

රජයේ මුල්‍ය පාලන නිතිරිති හා රෙගුලාසිවලට අනුගතව 2018 වසරේ ඉහළ මට්ටමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ රාජ්‍ය ආයතන 109 කට සම්මාන පිරිනැමීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු ශාලා 1 හි පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය.

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)



අදහස් (28)

‘මගේ කාලය වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටයි’

mihira Friday, 28 February 2020 02:06 PM

කියපු දේවල් වුණා නම් එහෙම වෙන එකක්නේ නේද?

:       1201       1132

lalSaturday, 29 February 2020 09:54 AM

සා/පෙළ සමත් වෙන්න බැරි ඔතන පිටිපස්සේ ඉන්න අයට ඇමතිකම් දීලා රටක ප්‍රශ්න විසඳන හැටි කතා කරනවා.

:       50       175

raviSaturday, 29 February 2020 02:45 PM

අනේ, එහෙම කියන්න එපා.. පසුගිය දින කීපය තුළදී ඒ ඔක්කෝටම හොර සුදුසුකම් සහතික හදා ගත්තනේ...

:       0       1

Champa Friday, 28 February 2020 02:28 PM

කාලය කළමනාකරණය කර ගන්න දන්නේ නැතුව කොහොමද රටක් පාලනය කරන්නේ? මේ රටේ තියෙන ප්‍රශ්න අවුරුදු 72ක් තිස්සේ ටික ටික ඇවිල්ල අද ඔඩු දුවන තත්වෙට පත් වෙලා තියෙන ප්‍රශ්න. ඒ හින්ද මිනිස්සු හිතුව මේ පාර ජනාධිපති වෙන්න ඕනේ ඒ සියලු ප්‍රශ්න වලට විසඳුම් අතේ තියෙන දේශපාලකයෙක් නොවෙන ජනාධිපතිවරයෙක් කියල. ඒකට ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ මහ පොළොවේත් හැපිල ජනතාවට ඉදිරිපත් කරපු පාලකයා තමයි මේ. නමුත් ජනාධිපතිතුමාගේ මේ අඩෝවැඩියාවෙන් තේරෙන්නේ ඔහු බලයට පත් වුනේ රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නෙමෙයි වෙන මොකක් හරි පෞද්ගලික හේතුවක් හින්ද කියල.

:       0       21

Champa Friday, 28 February 2020 02:40 PM

මේ කතාවෙන් පේන්නේ රටේ ප්‍රශ්න වලට විසදුම් කිසිවකුත් නැතිව ජනාධිපතිවරයා නන්නත්තාර වෙලා ඉන්න බවයි පහුගිය මාස 3 දිහා බලපුවහම පේන ප්‍රධානම දේ තමයි 2015 ඉඳන් එකමුතු වෙච්ච සිංහල ජාතිය අන්තිමට බලයට පත් කරගෙන තියෙන්නේ මුල මැද අග කිසිවක් නොතේරෙන පාලකයෙක් කියල. ලංකාවට අවුරුදු 72ක් තිස්සේ තිබ්බ ප්‍රශ්නේ තමයි රටේ පාලකයන් රටේ ප්‍රශ්න හඳුනා නොගැනීම, ඔවුන් ළඟ එම ප්‍රශ්න වලට විසඳුම් නැතිවීම සහ කල් ගැනීම. තව එක සතයක් ණය ගන්නේ නැතුව ලංකාවට ගොඩ එන්න පුළුවන් ක්‍රමයක් තියෙනව මේක හරියට කලොත් මගේ ඉලක්කය හැටියට නම් මාස 18ක් වගේ පොඩි කාලයක් ඇතුලත ලංකාවට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. බර බර වචන කතා කරන මහා පරිමාණ කමිටු දාගෙන හොයන්න දෙයක් නෙමෙයි. සරල අදහසක්. ජනාධිපතිවරයා ඒක කරන හැටි දන්නේ නැත්නම් කරන්න තියෙන්නේ ඉල්ලා අස් වෙලා ගෙදර යන එක.

:       0       39

සක්විති Friday, 28 February 2020 02:48 PM

ඇයි ලේකම්වරු ? ඇමති උතුමන්ලගෙන් ප්‍රයෝජනයක් නැතුවාවත්ද ?

:       0       1

ලලන්ත Friday, 28 February 2020 02:50 PM

උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමට පොලිසියට අවම බලය යොදන්න කියා උපදෙස් දෙන්න. ඔබ හමුදාවේ හිටපු නිසා උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමට ඉක්මණින්ම විසඳුමක් දෙන්න හැකිවේවි...!!! 

:       0       1

Wijebahu Friday, 28 February 2020 02:59 PM

ඕකට තමයි කියන්නේ සර් දිට්ඨධම්ම වේදනීය කර්මය කියලා. පසුගිය ආණ්ඩුවට ඔබ වැනි ඔබතුමන්ලාට පක්ෂ සංවිධානවලින් ඔයාට වඩා හුඟාක් කරදර කළා...

:       0       1

isuru Friday, 28 February 2020 03:21 PM

කල කල දේ පල පල දේ... වවපු ගස්වල ගෙඩි ඇවිල්ලා...

:       0       1

පිටිගල මිලානෝ Friday, 28 February 2020 04:43 PM

69ලක්ෂයේ නන්නත්තාර වෙලා කියන්නේ ඇත්තද? සමහරු කියනවලු හිටපු අයම හිටියා නම් වැඩි වෙනසක් නැහැ කියලා. පරණ හොරකම් දැන් දැන් පටන්ගන්නවලු නේද? අයි අර හම්බන්තොට මිනිස්සුන්ට එලවා එලවා ගැහුවේ? ඡන්දෙ දුන්නු නිසාද?

:       2008       1868

Pradeep Friday, 28 February 2020 05:00 PM

අමාත්‍යංශ ලේකම් වරුන්ට බලය ලබාදෙන්නේ නම් ඉතාමත් හොඳයි. හැබැයි අදාළ මැති ඇමතිවරුන්ට ඊට මැදිහත් නොවන ලෙස දන්වන්න.

:       2       210

Perera Friday, 28 February 2020 08:54 PM

මේ මොන උද්ඝෝෂණද? ඔක්කොම බුදි ඒ අයගේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා. යහපාලන ආණ්ඩුව කාලේ හේතුවක් නැති උද්ඝෝෂණ 3000කට වඩා තිබ්බා අවුරුදු 4 ට. ඒවා උද්ඝෝෂණ නෙවෙයි ජාතිවාදී පහරදීම්, හාමුදුරුවෝ, දොස්තරලා සෙට් එක, සංවිධානාත්මකව ආණ්ඩුවට මොනවත් කරන්න දුන්නෙම නැහැ. ඒ තිබියදීත් ඔවුන් මීට වඩා හොඳට රජය පවත්වාගෙන ගියා. මොහුගේ කට විතරයි වැඩ බෑ. උද්ඝෝෂණ ගණන ගැන වුණත් කියන්නේ බොරු...

:       0       116

Nadeeka Friday, 28 February 2020 11:58 PM

මෙයාගේ කයිය විතරයි. මගේ ලයිෂන් එක අලුත් කරන්න එවලා මාස 3ක්‌ තවම නෑ. RMV එක තමයි මෙයාගේ ලොකුම ප්‍රොජෙක්ට් එක, එ්කෙත් හැටි පේනවා නේද?

:       1101       1116

රමල් Saturday, 29 February 2020 12:38 AM

බලය සහ වරප්‍රසාද ඇමතිලාට.. රාජකාරි සහ වගකීම් ලේකම්ලාට...

:       37       157

kamal Saturday, 29 February 2020 02:30 AM

උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටත් හමුදාව යොදාගත්තොත් හොඳයි නේද?

:       156       36

ජානක Saturday, 29 February 2020 04:32 AM

ප්‍රශ්න උද්⁣ඝෝෂණ දක්වා පැමිණීමට පෙර විසඳන්න පුලුවන් වෙන්න ඕනෑ.. කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරයේ සිටිය හැකි ළමුන්ගෙන් 5% ඒකේ නැහැ ඉන්නේ රැකියාවලට යන අය ළමයි නෙවෙයි. නේවාසිකාගාර නැහැ කියලා කෑගහනවා.

:       4       223

athulaSaturday, 29 February 2020 05:44 PM

ඔයා මොන විශ්ව විද්‍යාලයටද ගියේ..? අපේ රටේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගතකිරීම් අනුව තියෙන තැනක් වත් සොයාගන්න බැහැ... නිකම් ළමයි සමග වයිරයෙන් ඉන්න නරුමයින් ඉන්නවා.

:       0       1

vidya Saturday, 29 February 2020 06:30 AM

පඩි නඩි ගන්නේ නැති මිනිසුන් අධ්‍යක්ෂකලා කරලා පත්කිරීම විනාශයට කරුණක්.... ඊට හේතුව ඒ ගොල්ලන්ට වගකීම් නැතිකම වැඩ අවුල් කරලා මාරුවෙලායයි. බැසිල් කලේ ඕකනේ 2015 මැතිවරණය පැරදුණාට පස්සේ... ගණන් හිලව් බේරෙන්නේ නැතිව පිටිපස්සේ දොරෙන් පැන්නා. පස්සේ ආයේ සාටකේ දාගෙන ආපසු ආවා.

:       203       125

ravi Saturday, 29 February 2020 09:41 AM

ඔය ඇසෙන්නේ කසකාරයින්ගේ.. කස හඬයි.. පෙරහැරද ඔබ සියලුදෙනාට ඉතා ඉක්මනින් දැකගන්න ලැබේවි.

:       151       105

kusal Saturday, 29 February 2020 09:44 AM

ඒ කාලේ.. පොහොට්ටුවෝ උද්ඝෝෂණ සංවිධානය කෙරුවා.. අද මොනවද වෙලා තියෙන්නේ..? ඒ උද්ඝෝෂකයින්ම තමයි අද පාරට බැහැලා ඉන්නේ..!

:       403       311

sampath Saturday, 29 February 2020 11:26 AM

උද්ඝෝෂණ බහුතරයක් කෘතිම දේශපාලන උද්ඝෝෂණ කෙසේවෙතත් ගමනක් යෑමට නම් ඉතා දක්ෂ බුද්ධිමතුන් අමාත්‍ය මණ්ඩලයත ආයතන ප්‍රධානීන් ලෙසත් පත්කර රාජ්‍ය සේවයේ තිබෙන පිරමීඩාකාර ව්‍යුහය වෙනස් කරන්න කැබිනට් එකට අවශ්‍ය බුද්ධිමතුන් කවදාවත් ජන්දෙන් හොයාගන්න බැහැ. ඒ නිසා එ්කට ජාතික ලැයිස්තුව යොදාගන්න මේ කියන බුද්ධිමතුන් කියන්නේ නිකම්ම සහතිකයක් තියෙන අය ගැන නෙවේ. ඒ වගේම තරුණ තරුණියන්ට නිදහසේ රජයේ සේවයේ වැඩ කරන්න මහලු බමුණන්ගෙන් ආරක්ෂාව සලසා දෙන්න රට බලන් ඉන්දෙද්දී ඉස්සරහට යනවා.. යුද්ධය දිනුවේත් ඒ වෙනස්කම් කරපු නිසා... මොකද අලුත් අය වැඩ කරන්න බය නැහැ අනතුර ගැන වැඩිය හිතන්නේ නැහැ...

:       0       7

කපුරු හාමි Saturday, 29 February 2020 11:52 AM

තමුන්ගේ අයම බලයේ ඉන්න කාලේ සුදු වෑන්, ඝාතන, අතුරුදහන් තිබුණේ නිකම්ද?

:       0       1

Bamunuarachchi Saturday, 29 February 2020 02:09 PM

මහා ඡන්දෙ ඉවර වෙනකම් ඔහොම යමු නේද? ඊට පස්සේ ජනතාව මේ උද්ගොෂකයින්ගෙන් බේරා ගන්න ස්ටාලින් න්‍යාය අනුගමනය කලාට කමක් නැත.

:       0       2

Rata Perata Saturday, 29 February 2020 02:33 PM

ඕවා තමුන්ගේ කට්ටිය විපක්ෂයේ ඉන්නකොට පටන් ගත්ත සෙල්ලම් තමයි. දැන් කනවෝ කනවෝ කියන්න එපා..

:       0       13

රවින්ද්‍ර Saturday, 29 February 2020 11:46 PM

ඔන්න ඔය වගේ පිළිවෙලක් ඇති ඇඳුමක් අඳින්නකෝ...!!!

:       0       1

සෑම් Sunday, 01 March 2020 01:20 AM

මෙයා 'සේන' වර්ගයේ කෙනක්. සේන -1: සිරිසේන . සේන -2: නන්දසේන. තමාගේ ජනප්‍රියත්වය පාවිච්චි කර තමාගේ සහ පවුලේ නඩු ටික බෙර ගැනීමේ පරම චේතනාවෙන් බලයට ආවා මිසක් රට ගොඩනැගීමේ ප්‍රයෝගික චින්තනයක් හෝ දර්ශනයක් අහලකවත් නෑ. ඒකනේ ඔය උද්ඝෝෂණ වල පැටලිලා ඉන්නේ.

:       303       317

Anuruddha Sunday, 01 March 2020 04:46 AM

රතු පස්වල කරා වගේ කරානම් ඕක ඉවරයි.

:       0       14

sena Sunday, 01 March 2020 06:55 AM

කෝ අර විද්වත්තු රංචුව? ඒ ගොල්ල ඉන්නේ කතා කරන්න විතරද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 368 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 167 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 209 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 207 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 305 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 380 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site