(කාංචන කුමාර ආරියදාස)
මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති.
බුද්ධ දේශනාවේ සඳහන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස මේ වන විට මෙසිරිලක ස්ථාපිත වී තිබියදීත් වර්තමානයේ භික්ෂුණීන් වහන්සේලා පිළි නොගන්නේ බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයින් කණ්ඩායමක් බවත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ළගදීම රජය භික්ෂුණීන් වහන්සේලා පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සුමංගල නා හිමියෝ පවසති.
මහ නාහිමියන් මේ බව අවධාරණය කර සිටියේ අද(10) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් භික්ෂුණී පර්ශදය සංවිධානය කළ ශ්‍රී සංඝමිත්තා ගුණ සැමරුම් ජාතික උත්සවය විශේෂ සමරු දේශනය පවත්වමිනි.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘භික්ෂුණී සසුන පිළිනොගන්නේ දේශපාලනඥයෝ‘ - ඉනාමළුවේ මහනාහිමි
sanath Sunday, 10 December 2017 05:33 PM
භික්ෂුණි ශාසනයක් ඇතිකරන්න උපසම්පදාව ලබාගත්තු භික්ෂුණි වහන්සේ කෙනෙක් ඉන්න ඕන. ලංකාවේ භික්ෂු ශාසනයත් වසර ගණනාවක් අභාවයට පත්වෙලයි තිබුනේ. එය නැවත ස්ථාපනය කෙරුවේ සියම් දේශයේ භික්ෂු ශාසනයේ අනුග්‍රාහකත්වයෙන්. එමනිසා භික්ෂුණි ශාසනයත් එයාකාරයෙන්ම කලහැකියි.
maaniMonday, 11 December 2017 12:48 AM
එ්කටත් දේශපාලනය ගාවගත්තද? භික්ෂු ශාසනය ඇති කලා වගේ ඒකත් කරගන්න පුළුවන්නේ...
chinMonday, 11 December 2017 05:51 AM
සියම් දේශයේත් (තායිලන්තයේ) මේ දිනවල මේ අරගලය තියෙනවා. භික්ෂුණි සසුන පිළිගන්න කියා ඉල්ලීම් තියෙනවා. රජය හා භික්ෂුන් වහන්සේලා එය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් තායි ධම්මදින්න භික්ෂුණිය ලංකාවට විත් සසුන් ගතවුණා කියා ඒ රටේ කියන්නේ...
rocky Monday, 11 December 2017 06:14 AM
දැනට තියන භික්ෂු ශාසනයත් නොයෙක් ආකාරයට භේදභින්න වෙලා. දේශපාලනෙන් කුණුවෙලා. ඔද්දල් වෙලා. දුසිල් මහණුන් නෙරපීම සඳහා සාසන සුද්ධියක් අත්‍යාවශ්‍ය මේ අවධියෙහි, භික්ෂුණී ශාසනයක් ගැන කතා කිරීමත් නිෂ්ඵලයි. සිවුර පොරවාගන ගණන්කාර කම් පෙන්නන, බේබදුකම්, කුපාඩිකම් කරන අය ශාසනයෙන් යවන එකයි පළමුවෙන්ම කල යුතු වන්නේ. මේ හදන්නේ කාන්තාවනුත් මහණ කරලා පන්සලේම නතර කර ගන්න වෙන්නැති !
GihanMonday, 11 December 2017 08:08 AM
මෙවැනි අදහස් ඇති මිනිසුන් මතු පහල වන බව දැනගෙනයි බුදුරජාණන් වහන්සේ තුන් වරක් භික්ෂුණි ශාසනයක් ඇතිකරන එක ප්‍රතික්ෂේප කලේ.
ravi Monday, 11 December 2017 07:48 AM
පන්සල්වල් ඉන්න ඇතැම් චීවරධාරින් තරම් පිරිසක් තවත් අපේ රටේ නැහැ. නොයෙකුත් දුරාචාර, මස්මාළු ආහාරයට ගැනීම, මත්ද්‍රව්‍ය පාවිච්චිකිරීම වැනි දේවල්... මේ තත්වයන් යටතේ භික්ෂුණී ශාසනය පටන් ගැනීමත් සුදුසු නොවේ.. අපි මේවා මෙතන ලියන්නේ අපිට මේ අයට විරුද්ධව හොඳ සාක්ෂි තියන නිසා. මේවා දැන්මම කතා බහ කරලා, අපි මේ අයගෙන් අපේ බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.
gaspe Monday, 11 December 2017 07:52 AM
ධර්ම සංගායනාවක් කරලා අනවශ්‍ය පුද්ගලයින් ශාසනයෙන් අයින් කරන්න ඕනේ. මෙතන මහායාන දේවල් කරන්නද ලෑස්තිවෙලා ඉන්නේ?
kamal Monday, 11 December 2017 08:30 AM
සිවුර ඇඳගෙන බුදුන් වහන්සේ දේශනා කලායයි කියමින් තමන්ට ඕන ඒන දේවල් කියන රටට පතුරුවන, දේශපාලනය කරන, පන්සල් වල දේපළ වලට රණ්ඩු වෙන, යන්තර මන්තර ගුරුකම් කරන හාමුදුරුවරුන් ගැන විනය පරීක්ෂණ කරන, දඬුවම් දෙන, ශාසනයට නුසුදුසු නම් ඉන් නෙරපන ක්‍රමයක් අදටත් නැහැ.
චන්දික Monday, 11 December 2017 09:31 AM
අතුරුදන් වු භික්ෂුණි සසුන නැවත අැති කල හැක්කේ උත්තම සම්මා සම්බුදුවරයෙකුටම පමණි. කරුණාකර විනය පිටකය හදාරන්න. දැන් ක්‍රියාවට නැංවෙනුයේ මාරයාට යටත් මහායාන සංකල්ප බව පැහැදිලිය. මේ කෝසල සිහින සැබෑ වන කාලයයි. සතියෙන් විමසා බලන්න.
MPMonday, 11 December 2017 12:14 PM
මෙතන පළකර ඇති අදහස් අතුරින් නිවැරදි සටහන තබා ඇත්තේ ඔබ පමණයි. මේ ගැන සෝමහාමුදුරුවන්ද ඒ දවස්වල නිවැරැදි විස්තර පළ කර සිටියා.
මලිති Monday, 11 December 2017 06:12 PM
අද භික් ෂුණීන් වහසේලා ධර්මය පිළිපැදීම අතින් බොහෝ භික්ෂුන්ට වඩා හොදයි... තවමත් පිරිමියා මූලිකයා යන යල් පැන ගිය අදහස සමාජයේ තියෙන බව තමයි ඉස්මතු වෙන්නෙ.