IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘බෝපේ - පෝද්දල මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසිය පියවර ගන්නේ නෑ’

(සිරංගිකා ලොකුකරවිට)
 
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පොලිසියට දැනුම් දුන් විට පොලිසිය තම තොරතුරු ජාවාරම්කරුවන්ට  දෙන බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී උදුල විශ්වජිත් ජයනෙත්ති මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම් අවස්ථාවේ දී අදහස් දක්වමිනි. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම එහි සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
 
''මත්කුඩු හා මත්පැන් ජාවාරම දැන් වසංගතයක් වෙලා. පාසැල් යන වයසේ දරුවකුවත් තියාගන්න බෑ. මේ කටයුතු ක්‍රියාත්මකවෙන්නේ දුරකථන අංක හරහා කෙරෙන ඊසි කෑෂ් ගනුදෙනුවලින්. පොලිසිය කියන්නේ මේවා පාලනය කරන්න බෑ කියලා. කරාපිටියේ ගොඩකන්ද වැනි ප්‍රදේශවල මෙය තදින්ම පැතිරිලා. ප්‍රාදේශීය සභාව හැටියට මේ කටයුතු පාලනය කරන්න අවශ්‍ය සියලු පියවර අප විසින් ගත යුතුයි"
 
මෙහි දී අදහස් දැක්වූ උප සභාපති  පොදු ජන පෙරමුණු මන්ත්‍රී ධම්මික සුමිත් ජයසේකර මහතා මෙසේ කීවේය.
 
''කුරුන්දකන්ද, තොටගොඩ, කපුහෙම්පල ප්‍රදේශවල කසිප්පු හා මත්කුඩු ජාවාරම බහුලව සිදුවෙනවා. කුරුන්ද කන්ද පාරේ හැන්දෑවට මනුස්සයෙකුට පාරෙ බැහැලා යන්න බැහැ. පොලිසියටත් මේ ජාවාරම්කාරයන් අල්ලන්න හෝ පාලනය කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරු දැනුම්වත් කරන්න කටයුතු කරන්න. කුරුන්ද කන්දේ සොහොන් පිටිය මැදින් තියෙන තාවකාලික පාර දැන් මේ ජාවාරම්කාරයට හොඳ මාර්ගයක් වෙලා. මේ මාර්ග වසා දැමීමට කටයුතු කළ යුතුයි."
 



අදහස් (2)

‘බෝපේ - පෝද්දල මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසිය පියවර ගන්නේ නෑ’

චාමර Tuesday, 19 February 2019 04:24 AM

මේ වගේම තමය් ඉංගිරිය සහ ඒ අවට ගම් ...විශේෂයෙන්ම නම්බපාන ..දන්නා කාලේ ඉඳලම බරපතල ලෙස මෙම ජාවාරම් කරගෙන යනවා...කවදාවත් පොලිසියෙන් උත්සාහ ගත්තේ නෑ මේවා නැති කරන්න....විකුණන්න සහ උසාවි යන්න වෙනම මිනිස්සු තියාගෙන....කරන ......විශාල ජාවාරම් .....මේවා නවත්තන්න පොලිසියට ඕන කමක් නැහැ....... හේතුව මෙතන කියන්න ඕන නෑ නේ...

:       0       38

Nawodhi Tuesday, 19 February 2019 04:55 AM

පිළියන්දල පොලිසිය වේද මාවත හරහා මත කුඩු ගෙන යයි. දැන් මේ මාර්ගය ජාවාරම්කාරයට හොඳ මාර්ගයක් වෙලා.

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 828 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 313 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 682 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 107 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 79 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 781 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site